Thursday, June 10, 2021

ජේසුස්, ජින් සහ තවත් කතා


පරිවර්තනයක් සිදු කිරීමේ දී හරි ආකාරව සිදු නොකලහොත් ගැටලුකාරී තත්ත්වයන් මතු විය හැකියි. වසර සිය ගණනකට පෙර සිදු වූ පරිවර්තනයක ගැටලුවක් පසුකාලීනව සමාජයේ මුල් බැසගත් සම්මතයක් වුවද විය හැකියි. ක්‍රිස්තියානි ආගමේ ශාස්තෘවරයා ලෙසින් ‘ජේසුස්’ ට ඇත්තේ ඉමහත් ජනප්‍රියත්වයක්. ආගම් බේදයකින් තොරව ලොව පුරා ඕනෑම අයෙක් ජේසුස් යැයි කී විට කතා කරන්නේ කවුරුන් ගැනදැයි හොදින් අඳුනයි. එතරම් ම ජේසුස් යන නාමය ප්‍රකට යි.

නමුත් බයිබලයේ මුල් පිටපත් එනම් හෙබ්‍රෙව් පිටපත් පරීක්ෂා කිරීමේ දී ජේසුස් (Jesus) යන නාමය හදුන්වා ඇත්තේ ‘යෙෂුවා’ ලෙසයි. ඉංග්‍රීසියට මෙම වචනය පරිවර්තනය කල විට ආ යුත්තේ ජොෂුවා (Josua) ලෙසිනුයි. නමුත් ඇයි අපි අද ඉංග්‍රීසියෙන් ජීසස් ලෙසින් ආමන්ත්‍රණය කරන්නේ? 

බයිබලයේ පරණ ගිවිසුම ලියැවෙන්නේ හෙබ්‍රෙව් හා ඇරමෙයික් භාෂා වලින්. ඇරමෙයික් යනු ජේසුස් තම දේශනා සිදුකල භාෂාව යි. බයිබලයේ අලුත් ගිවිසුම ලියැවෙන්නේ ග්‍රීක් භාෂාවෙන්. හෙබ්‍රෙව් වලින් ‘යෙෂුවා’ (Yeshua) ලෙසින් තිබූ වචනය ග්‍රීක් වලට පරිවර්තනයේ දී ඔවුන්ට එක් ගැටලුවකට මුහුණ පෑමට සිදුවුනා. ග්‍රීක භාෂාවේ ‘ෂ්’ (sh) යනුවෙන් ශබ්දයක් නැහැ. මේ නිසා යෙෂුවා (Yeshuwa) වචනයේ Sh වෙනුවට ඔවුන් S ලෙසින් යොදා Iesus (ඉඒසුස්) ලෙසින් ග්‍රීක පිටපත් වලට පරිවර්තනය කරා.

Iesus (ඉඒසුස්) Jesus (ජීසස්) ලෙසින් පරිවර්තනය වුනේ 16 වන සියවසේ දී භාවිතා වුනු ඉංග්‍රීසි බයිබල් වලදී. කෙසේ වුවත් බයිබලයේ හෙබ්‍රෙව් වලින් ලියැවුනු පරණ ගිවිසුම පරිවර්තනය වීමේ දී ‘යෙෂුවා’ යන වදන ‘ජොෂුවා’ ලෙසින් පරිවර්තනය වූ අතර පරණ ගිවිසුමේ ජොෂුවා නමින් වෙනම ම පොතක් ද තිබෙනු දැකගත හැකියි.

ආගමික පොතපත තුල වචන පරිවර්තන ගැන අධ්‍යයනය ඉතාමත් කුතුහලය දනවන දෙයක්. ක්‍රිස්තියානි ආගමේ යක්ෂයා නොහොත් සාතන් නම් කෙනෙක් ගැන කියැවේ. සාතන් (Satan) නම් වචනය බිඳී එන්නේ ඉස්ලාම් ආගමේ එන ෂේතාන් නම් වදනින්. අලුත් ගිවිසුමේ සාතන්ව හැදින්වීමට යොදාගන්නේ ඩියාබොලොස් නම් ග්‍රීක වචනයක්. ඉංග්‍රීසියෙන් Devil යන වචනය සෑදෙන්නේ එමගින්. මෙම ග්‍රීක වචනයේ තේරුම බෙදීමක් ඇතිකරන්නා වන අතර එහි දී අමුතුම ආකාරයේ සතෙක් හෝ කෲර ප්‍රාණියෙක් ලෙසින් අදහසක් ඇතිවන්නේ නැහැ. නමුත් අද අපි යක්ෂයාව හැදින්වීමට එවැනි රූප යොදාගනු ලබනවා. 

මෙම ඩියාබොලොස් නම් වචනය පූර්ව ඉස්ලාමික හා ඉස්ලාමික අවධි තුල ඇතිවූ ජනකතා වල සිටින ‘ජින්’ නම් සත්වයෙක් හා බැඳී පවතියි. මෙම ජනකතා තුල සිටින ජින් විවිධ වර්ග සිටින අතර සමහරෙක් හොද ය. සමහරු නරක ය. සමහර ජනකතා වල මෙම ජින් මිනිසුන් මෙන් විවාහ වී ළමුන් සාදා ජීවත් වූ බවත් කියයි. සමහරු විශාල ගොඩනැගිලි හා විවිධ වස්තූන් ආරක්ෂා කරමින් ඒවාට ආරූඩ වී සිටිති. මෙම ජින්ව සිතුවම්ගත කර තිබෙන්නේ අමුතුම අකාරයේ සත්වයෙක් ලෙසිනුයි. මේ හේතූන් නිසයි ඩියාබොලොස් වදනින් එන Devil , Satan හෙවත් සාතන්ව මිනිසුන් අමුතුම සත්වයෙක් මෙන් නිරූපණය කිරීමට ගත්තේ. 

මා උක්ත කොටසෙහි කතා කල ජීන් වෙන අයෙක් නොව ඩිස්නි සමාගම විසින් නිශ්පාදනය කල ඇලඩින් සහ පුදුම පහනෙහි සිටි ජිනී ය.



5 comments:

  1. ඩිලන්ත ලියනගේ සභා පාලක තුමා එයාගේ දේශනා වලදී හැමදාම සිංහල බයිබලයේ වැරැද්දක් හොයා ගන්නවා.

    ReplyDelete
  2. මම නම්
    නොහිතාපු දෙයක්
    කියවා උගතිමිය
    යමක්!

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/channel/UCVkplsoMIwFff930gVT-9Ng
      ලංකා ගොස්පල් කියලා යූ ටියුබ් නාලිකාවක් තියෙනවා. එයාලාගෙන් තමයි මම ඔය යොෂුවා වහන්සේ කියන වචනේ ඉගෙන ගත්තේ.

      සුරේෂ් රාම චන්ද්‍රන් කියලා පාස්ටර් හීබ්රූ දන්න කෙනෙක්. එයා හීබ්රූ බයිබලය යොදාගෙන පාඩම් කියලා දෙනවා.

      මම කැමතිම පාස්ටර් තමයි විකටර් රත්නායක සනීප කරපු කෙනා මේ එයාගේ දේශණයක්.
      https://www.youtube.com/watch?v=LOFvMuUD5vE&t=6949s

      Delete
  3. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බැහැ මල්ලි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...