Wednesday, March 16, 2016

ලෝකයේ අමුතු මංගල චාරිත්‍ර

ලෝකේ තියන අමුතු මංගල චාරිත්‍ර




1.මනාලිය කලු කිරීම – ස්කොට්ලන්තය.

මනාලියගේ පවුලේ අයයි යාලුවොයි ඇයට කොච්චර ආදරේද කියල පෙන්නන්නේ අමුතුම විදිහකට. ඒ ලෝකේ තියන හැම කුණු දෙයම මනාලියගෙ ඇඟට වක් කරලා. පරණ වෙච්ච මාලු වල ඉඳන් නරක් වෙච්ච කිරි, තාර, සෝස්, සොසේජස්, මඩ,පිටි වල මිශ්‍රණයක් තමා මේකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ අසරණ මනාලියව ගහකට බැඳලා බොන්න ගෙනියනවා. ඒ අය විශ්වාස කරන්නේ මේක දරාගන්න පුලුවන් කෙනෙක්ට කසාද ජීවිතේ ඕන අභියෝගයක් ජයගන්න පුලුවන් කියලා.



2. ප්‍රැක්ටිස් කරලා ඇඬීම – චීනය.

චීනේ තුජිආ වංශයට අයත් කාන්තාවන් බඳින්න මාසෙකට කලින් අඬන්න ප්‍රැක්ටිස් කරනවා. මංගල දවසට හරියටම මාසෙකට කලින් මනාලිය දවසට පැයක් ගානේ අඬන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ.ඊට දවස් 10කට පස්සේ මනාලියගේ අම්මා මේ ඇඬීමට එකතු වෙනවා. ඊට දවස් 10කට පස්සේ අත්තම්මා එකතු වෙනවා. මේ විදිහට අඬන විදිහ හොඳට ප්‍රැක්ටිස් කරලා වෙඩින් එක දවසට වෙනස් ස්වර වලින් පවුලේ හැම කාන්තාවම අඬනවා. මේක සතුට ප්‍රකාශ කරන විදිහක් හැටියට තමා ඒ අය විශ්වාස කරන්නේ.



3. ගහක් කසාද බැඳීම – ඉන්දියාව.

ඉන්දියාවේ සමහර කොටස් වල විශ්වාස කරන දෙයක් තමා මන්ග්ලික් කුලයට ඉපදුන කාන්තාවන් ශාප ලත් අය කියලා. ඒ අය බඳින පිරිමි කෙනා ඉක්මනට මැරෙනවා කියලත් ඒ අය විශ්වාස කරනවා. ඒ නිසා මේ ශාපේ ඉවත් කරන්න මනාලිය ඉස්සල්ලම ගහක් කසාද බඳින්න ඕනේ. ඊට පස්සේ ඒ ගහ කපලා දානවා.



4. මනාලයාගේ කකුල් වලට ගැහීම – කොරියාව.

කොරියාවේ මංගල රාත්‍රියට කලින් යටි පතුල් වලට වේවැලකින් හරි මාලුවලින් හරි ගහනවා. මේක ගොඩක් රිදුනට ටික වෙලාවකටයි කරන්නේ. ඒ නිසා මනමාලයාගේ යාලුවන්ට මේක ගොඩක් විනෝද දෙයක්.



5. දවස් තුනක් ටොයිලට් යන්න බැහැ – ඉන්දුනීසියාව.

ඉන්දුනීසියාවේ යුවලක් කසාද බැන්දට පස්සේ දවස් තුනක් ටොයිලට් එකට යන්නේ නැතුව ඉන්න ඕනේ. මේ දෙන්නව ගෙදරක දාලා වැඩිය කන්න බොන්න දෙන්නේ නැතුව තමා තියාගෙන ඉන්නේ. ඒ රටේ වැඩිහිටියෝ විශ්වාස කරන්නේ මේ චාරිත්‍රයෙන් යුවලට හොඳ ළමයි හම්බවෙනවා කියලා.



6. සපත්තු හොරකම් කිරීම – ඉන්දියාව.

ඉන්දියාවේ කසාද බඳින දවසේ පෝරුවට නගින්න කලින් මනමාලයා එයාගේ සපත්තු දෙක ගලවලා තියන්න ඕනේ. එතකොට මනමාලියගේ පැත්තේ අය මේ සපත්තු දෙක හොරකම් කරන්න උත්සහා කරනවා. ඒත් මනමාලයාගේ පැත්තේ අය සපත්තු දෙක ආරක්ෂා කරන්න ඕනේ. මේ චාරිත්‍රය නිකන් පැත්තක ක්‍රීඩකයෝ 300 ගානේ ඉන්න රග්බි මැච් එකක් වගේ. මනාලියගේ පැත්තේ අය සපත්තු දෙක හොරකම් කරොත් ඒක ආපහු ගන්න මනාලයා කප්පමක් ගෙවන්න ඕනේ.



7. මනමාලියට කෙළ ගැසීම – කෙන්යාව.

කෙන්යාවේ මසායි ගෝත්‍රයට අයත් මනමාලියන්ට ඒ අයගේ තාත්තා ආශිර්වාද කරන්නේ කෙළ ගැසීමෙන්. ඊට පස්සේ මනමාලිය ඇයගේ සහකාරයත් එක්ක ගමෙන් පිටවෙන්නේ ආයිමත් හැරිලා බලන්නේවත් නැතුව. ඒ ගල් වීමේ බයට.



8. මනමාලියව පැහැර ගැනීම – රොමේනියාව

රෝමෙනියාවේ තමන්ට කසාද බඳින්න ඕනේ කාන්තාවව පැහැර ගන්න ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාව තමන් ලඟ දවස් 2-3 තියාගත්තම එයා තමන්ගේ බිරිඳ හැටියට හැමෝම පිළිගන්නවා. මනමාලියටත් ප්‍රශ්නයක් නැත්නම් දෙන්නා එකට පැනලා යනවා. කොහොමහරි දෙමාපියන්ගේ කැමැත්ත මේ අයට වැඩක් නැහැ.



9. මනමාලියට දුන්නෙන් විදීම – චීනය.

චීනේ යුග චාරිත්‍ර වලට අනුව මනමාලයා තමන්ගේ මනමාලියට තුන් වතාවක් දුන්නෙන් විදින්න ඕනේ. ඒත් මේ දුනු වල තියුණු හිසක් නැහැ. ඊට පස්සේ මේ දුනු දෙකට කඩන්න ඕනේ. මේ චාරිත්‍රයෙන් යුවල එකිනෙකාට හැමදාම ආදරය කරන බවට පොරොන්දු වෙනවා.



10. පිඟන් කැඩීම – ජර්මනිය.

පෝල්ටර්බෙන්ඩ් කියන මේ චාරිත්‍රයෙදී අලුත් යුවල තමන්ට තෑගි වශයෙන් ගෙනාපු ඔක්කොම පිඟන්, තැටි, හැඳි, ගෑරප්පු පොලවේ ගහලා කඩනවා. ඒ අය විශ්වාස කරන්නේ මේ සද්දෙට ඔක්කම දුශ්ට ආත්ම ඒ අයගෙන් දුරස් වෙනවා කියලා.

3 comments:

  1. හරිම වටිනා දුර්ලභ චාරිත්‍ර එකතුවක්

    ReplyDelete
  2. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...