Thursday, October 13, 2016

මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ සතයක්වත් නැතිව මියගිය අසරණයා


 කැලිෆෝනියාවේ ජෝන්. ඩබ්ලිව්. මාර්ෂල් නැමැති වඩු කාර්මිකයෙක් 1848 ජනවාරි 24 වන දින ' ඇමරිකා ' ගඟේ ඉවුර ආසන්නයේ ධාන්‍ය මෝලක් ඉදි කිරීමේ කටයුත්තක නියැලී සිටියේ ය. ඔහු කරමින් සිටි වැඩය මදකට නතර කර Sacramento නගරය පිහිටි පෙදෙසේ ඉහළ පෙදෙසෙන් කහ පැහැති ගලක් දැක එය අහුලා ගත්තේ ය. ඒ රත්තරන් දැයි ඔහුට සැක සිතුනේ ය.  ඔහු මෙම ගල් කැබැල්ල කම්කරු බිරිඳකට දුන්නේ ය. ඇය මෙම ගල් කැබැල්ල සබන් ලයි සහ මේදය තැම්බෙමින් තිබුනු කේතලයට දැම්මා ය.

ජෝන් සටර්


  මෙම ගල් කැබැල්ල නිසැකයෙන්ම රන් කැබැල්ලක් බව තහවුරු විය. ඔහු තම හාම්පුතා වූ ජෝන්. ඒ. සටර් වෙත දිවගෙන ගියේ ය. සටර් එය දුටු පමණින්ම ඒ රත්තරන් යැයි හදුනාගත්තේ ය.

 සටර් මෙම සොයාගැනීම රහසක් ලෙස තබාගන්නට ඉටා ගත්තේ ය. එහෙත් අවාසනාවකට එසේ කල නොහැකි විය. එක දවසක් ගෙවී යන්නට පෙර ගොවිපලේ සියලුම මිනිසුන් තම වැඩ අතහැර සටර්ගේ ගොවිපලට පැමින රත්තරන් සොයා පොලොව හාරන්නට විය.

  සතියක් ගතවන්නට මත්තෙන් සම්පූර්ණ ගමම සටර්ගේ ගොවිපලේ විය. ගමේ සියලුම මිනිසුන් තම සතුන් අතහැර , වගාවන් අතහැර  රත්තරන් කැනීමේ කටයුතු කලේ ය. මිනිසෙකුට දවසක් ඇතුලත පවුම් 200 සිට 1000 අතර මුදලක් උපයා ගැනීම අපහසු නොවීය. ඇමරිකා මහද්වීපය පුරා මෙම ආරංචිය සීග්‍රයෙන් පැතිර ගියේ ය. කම්කරුවන් තම රැකියාවන් අතහැරියේ ය. සොල්දාදුවන් තොග පිටින් රැකියාවෙන් ඉවත් විය. මේ සියලු දෙනා සටර්ගේ ගොවිපල වෙත පැමිණියේ. 1849 වසරේ නාවික යාත්‍රා හත්සීයකට අධික ප්‍රමාණයක් ෂැන් ෆ්‍රැන්සිස්කෝ මුහුදු බොක්කේ නැංගුරම් ලා තිබුනේ ය. එහි සිටි සියලු ජන සමූහයම ගියේ සටර්ගේ ගොවිපල වෙතය.

1850 සටර්ගේ මෝල


  මේ සියලුම දෙනා සටර්ගේ ගොවිපල සෑම අතකින්ම ආක්‍රමණය කර තිබුනේ ය. තුවක්කුවේ නීතියට වඩා එහා නීතියක් නැතැයි ඔවුන් සිතුවේ ය. ඔවුන් සටර්ගේ ධාන්‍ය ගබඩා සමතලා කර පැල්පත් අටවා ගත්තේ ය. කිරි ලබා ගැනීමට ඇති කල එළදෙන්නු මසට ගත්තේ ය.

 පුදුමයෙන් පුදුමයට කරුණක් නම්  මෙම මිනිසුන් සටර්ගේ පෞද්ගලික දේපල මත නගර ඉදි කිරීමට තරම් නිර්භීත වීමයි. සැබෑ අයිතිකරුවා ජීවත්ව සිටියදී එහි වගේ වගක් නොමැතිව තම දේපල විකුණන විට සහ යලිත් විකුණන විට  සටර් කෝපයෙන් පිපිරි පිපිරී අසරණව ඒ දෙස බලා සිටියේ ය.

  1850 දී කැලිෆෝනියාව ඒකාබද්ධ රාජ්‍යයට සම්බන්ධ විය. කෙසේ වෙතත් ඉන්පසු සටර් විසින් ඉතිහාසයේ විශාලතම නඩුව ආරම්භ කලේ ය. සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ක්රමෙන්ටෝ යන නගර තම පෞද්ගලික ඉඩම් මත ඉදි කර ඇති බව පවසා සිටියේ ය. එහි වාසය කරන පිටස්තරයින්ව වහාම එළවන ලෙස ඉහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

 කැලිෆෝනියා ප්‍රාදේශීය රජය මගින් තමා ගොඩ නැගූ පෞද්ගලික මං මාවත්, පාලම්, ඇළ මාර්ගයන් පොදු භාවිතයට යොදවා ගැනීම නිසා පවුම් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේ ය. එසේම තමන්ට සිදුවූ අනෙකුත් හානි වෙනුවෙන් පවුම් මිලියන 10ක  ( වර්තමානය වන විට ඩොලර් බිලියන එක හමාරක පමණ මුදලකි. ) වන්දියක් ගෙවන ලෙස ඉල්ලා සිටියේ ය.  එමෙන්ම තමන්ගේ දේපලෙන් ඉවත් කරගත් සෑම රන් අංශුවකින්ම ඉපැයූ සෑම පැන්සයෙන්ම තමන්ට හිමි උරුමය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

   සටර් මෙම සටන වසර හතරක කාලයක් සිදුකලේ ය. 1855 දී ඔහු ජය ගත්තේ ය. කැලිෆෝනියාවේ ඉහලම අධිකරණය විසින් තීන්දු කලේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ක්රමෙන්ටෝ යන නගරත් තවත් ගම්මාන රැසකුත් සටර්ගේ පෞද්ගලික ඉඩම් මත ගොඩනැංවූ බවයි.


 මෙම පුවත මෙම නගර දෙකේ ජනතාව ව කම්පනයට පත් කලේ ය. ඔවුන් තුවක්කු, කඩු ඔසවාගෙන පෙළපාලි ගියේ ය. ගිනි තැබුවේය. මංකොල්ල කෑවේ ය. ඔවුන් උසාවිය ගිනි තිබ්බේ ය. නඩු වාර්තා පිච්චුවේ ය. ඔවුන් නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරයාව එල්ලා මරා දැමීමට උත්සහ කලහ. සටර්ගේ නිවෙස් වලට ඩයිනමයිට් දමා පිපිරුවේ ය. සටර්ගේ ගොවිපල දිමින් පිරි පාළු පිටියක් බවට පත් කලේය.

 ඔවුන් සටර්ගේ එක් පුතෙකු ඝාතනය කලේ ය. තවත් පුත්‍රයෙකු සියදිවි නසාගන්නා තත්වය්ට පත් කලේ ය. තුන්වන පුත්‍රයා යුරෝපයට පැනයාමට උත්සහ කිරීමේදී මුහුදේ ගිලී මලේ ය. සටර්ගේ සිහිය විකල් විය.

  සටර් වසර විස්සක් පමණ වොෂින්ටන් නගරයේ සැරිසරමින් තමාට සාදාරණයක් ඉටු කරවා ගැනීමට කොන්ග්‍රස් මණ්ඩලය නම්මවා ගැනීමට උත්සහ කලේ ය. වැරහැලි ඇඳගෙන සිටි මෙම මිනිසා සෙනට් මණ්ඩල සභිකයන් පසුපස්සේ ගියේ ය.

 1880 වසන්ත සමයේදී ජෝන්. ඒ. සටර් වොෂින්ටනයේ කුඩා කාමරයක මිය ගියේ ය. මියයන විට මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ පැන්සයක්වත් නැතිව මොහු මිය ගියේ ය. මොහු මිය යන විට බාල වර්ගයේ මිනී පෙට්ටියක් ලබා ගැනීමට තරම්වත් මුදලක් ඉතිරිව තිබුනේ නැත.

වර්තමානයේ සටර්ගේ මිනී වල

42 comments:

  1. ඕං ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදය.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදය උගන්නන් එන ඈයොන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය තමා මේ...

      Delete
  2. මොකක්ද බං මේ තිරිසං වැඩේ

    ReplyDelete
    Replies
    1. මේ අකුරු තඩි සයිස් එකට පේන්නේ මට විතරද බං

      Delete
    2. අකුරු තවත් පොඩි කලා... එච්චරටම අකුරු ලොකුද...

      Delete
  3. පොඩි කරන්ට නෙවෙයි සෙටින්ග්ස් වල ප්‍රස්නයක් ඇත්තෙ...

    ReplyDelete
  4. අපිට පිස්සු හැදෙනව....

    ReplyDelete
  5. අටං අයියගෙ මග දිගේ ආවෙමි

    ReplyDelete
  6. බොහොම ස්තූතියි වැව් ලිපිය කියෙව්වට ...

    ReplyDelete
  7. අම්මටහුඩු , කොහොමද මානව හිමිකම් හොයන කට්ටියගේ ඉතිහාසේ

    ReplyDelete
    Replies
    1. මෙයාලගෙ ඉතිහාසෙ මේ වගේ ගොඩක් තැන් තියෙනවා... වැඩේ කියන්නෙ එයාලා කතා කරන්නෙ හරියට ඒ මුකුත් උනේ නැති ගානට...

      Delete
  8. අයියෝ අසරණ සටර් කාරයා. ඔය මිනිහාට පිස්සු හැදුනේ නැති එක පුදුමයි.

    බ්ලෝග් එකේ පසුබිම අදුරු වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. අතේ තියෙන දේ කටට දා ගන්න බැරි වෙනවා කියන්නේ මේවට තමා....

      Delete
  9. පුදුම කතාවක්. කවදාවත් කියවලා තිබ්බේ නෑ. මිථිල අකුරු හරි ලොකුයි. ඇස්වලට අමාරු ගතියක් දැනෙනවා.

    ReplyDelete
  10. මේක කොහෙන් හරි කියවල තියෙනවා, හැබැයි මේ තරම් විස්තර සහිතව කියවල නැහැ...
    ඇමරිකන් කාරයෝ මුළු ඇමරිකාවම රතු ඉන්දියානුවන්ගෙන් කොල්ලකාපු එකේ මේ තනි මිනිහගෙන් කොල්ලකාපු එක ගණන් ගන්නත් දෙයක්ද...

    අකුරු පොල් ගෙඩි වගේ, ඒක හදන්න...

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් කාරයෝ රතු ඉන්දියානුවන්ව නැත්තටම නැති කරා... හැම අංශයකින්ම... අන්තිමට ගෙදර නියම අයිතිකාරයා ඒ ගෙදරම කුලියට හිටියා වගේ උනා...

      Delete
  11. අපේ අටංට පිං සිද්ධ වෙන්න බ්ලොග් එකේ ෆොන්ට් ටෙම්ප්ලේට් සේරෝම හදාගත්තා... ස්තූතියි අටං...

    ReplyDelete
  12. අටම්තුමාගෙ මඟපෙන්වීමෙන් ආවෙමි. නියමයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කියෙව්වට .... බොහොම ස්තූතියි අටං...

      Delete
  13. මොකක්ද සබන් ලයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, එළු කිරි, ශාක යුෂ, තේ වලින් සැඳි මිශ්‍රණයක්...

      Delete
    2. සබන් ලයි පාවිච්චි කරන්නෙ මොනවටද

      Delete
    3. සබන් නිශ්පාදනයට යොදාගන්නවා, යම් යම් දේවල් පිරිසිදු කරන්න යොදාගන්නවා...

      Delete
  14. මොන තරම් අසාධාරණ වැඩක්ද

    ReplyDelete
  15. නියම ලිපියක්.

    ReplyDelete
  16. මෙයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට වැඩ කලානම් ඔහොම වෙන්නේ නෑ. අඩු ගානේ දුමින්ද සිල්වා මහත්තයටවත් වැඩ කරන්නයි තිබුණේ

    ReplyDelete
  17. අටම් පෙන්නපු පාරෙ ආවෙ මරු මරු

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...