Saturday, October 22, 2016

දෛවයේ සරදම් - ලින්කන් සහ කෙනඩි


 ලින්කන් ගැන කතා කිහිපයක්ම කිව්ව එකේ මේකත් කිව්වෙ නැත්තන් ලොකු අඩුවක් වෙනවා. ඒ තමා ඇමරිකාවේ තවත් ජනාධිපති කෙනෙක් වුන ජෝන්. එෆ්. කෙනඩි සහ ඒබ්‍රහම් ලින්කන් අතර තිබෙන පුදුම සහගත සමානකම්. මේ ලිපිය ඒ සමානකම් ගැනයි.




ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846
කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946

ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1860
කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1960

ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩි
කෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්

දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.

ලින්කන්ට පසු ජනපති : Andrew Johnson
කෙනඩිට පසු ජනපති : Lyndon Johnson

ලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808
කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908

ලින්කන් Marfan's Syndrome නම් ජානමය රෝගයකින් පෙළුනේ ය.
කෙනඩි Addison's Disease නම් ජානමය රෝගයකින් පෙළුනේ ය. 

ලින්කන් ඝාතකයා උපන්නේ : 1839
කෙනඩි ඝාතකයා උපන්නේ : 1939

ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු විය
කෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු විය

ලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදී
කෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදී

ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාටම ප්‍රතිකාර කර වෛද්‍යවරුන්ගේ නම් වල සමානකමක් ඇත. ලින්කන්ට ප්‍රතිකාර කලේ Charles Leale විසින් වන අතර කෙනඩිට ප්‍රතිකාර කලේ Charles Crenshaw ය. 

ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාම මියගියේ "P.H." යන මුලකුරු ඇති ස්ථානවල ය. ලින්කන් මියගියේ Petersen House හි වන අතර කෙනඩි මියගියේ Parkland Hospital හිදී ය.



Lincoln යන නමේ අකුරු ගණන 7
Kennedy යන නමේ අකුරු ගණන 7

ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාටම දරුවන් හතර දෙනෙක් සිටි අතර දෙදෙනාගෙම එක් පිරිමි දරුවෙක් තමන් ජනපති වී සිටි කාලයේදීම මිය ගියේ ය. 

ලින්කන් සහ කෙනඩි ගේ දරුවන් අතරින් ඊළඟ ශතවර්ෂය තෙක් ජීවත් වූයේ දෙදෙනාගෙන්ම එක් දරුවෙක් පමණි.


දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.
දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකය

දෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.

ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය, දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.

ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.


25 comments:

  1. Kennedy was appointed in 1960 not 1950

    ReplyDelete
  2. අරුම පුදුම ගැලපීම්. අපූරු ලිපියක් සහෝ..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද සහෝ... ඔබටත් ජයවේවා....

      Delete
  3. මම මේ විස්තරය කියෙව්වා රිඩර්ස් ඩයිජස්ට් එකේද කොහෙද ගොඩක් කාලෙකට කලින්.

    ReplyDelete
    Replies
    1. මම නන් මේ විස්තර නෙට් එකෙන් තමා ගත්තෙ... ඩ්‍රැකී තමා කිවේ මේ දෙන්නගේ සමානකම් තියෙනවා කියලා... ඉතින් හොයලා ලිව්වා...
      ස්තූතියි කියෙව්වට ....

      Delete
  4. Replies
    1. ම්ම්ම්ම්ම්.... මාරයි තමා... ස්තූතියි Ano කියෙව්වට ....

      Delete
  5. පුදුම ලෝකයක් මේක

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ කියන්නේ අභිරහස් ,පුදුම දේවල් වලින් පිරිච්ච තැනක්...

      Delete
  6. තව තව මේ වගේ දේවල් ලියන්න, ආසාවෙන් කියෙව්වා මේක

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ලියන්නම්... ස්තූතියි කියෙව්වට ....

      Delete
  7. තව තව මේ වගේ දේවල් ලියන්න, ආසාවෙන් කියෙව්වා මේක

    ReplyDelete
  8. පුදුම ලෝකයක් මේක

    ReplyDelete
  9. ඝාතකයන්ගේ නම් වලත් සමානකමක් තියේනවා කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ලින්කන්ට වෙඩි තිබ්බෙ John Wilkes Booth... කෙනඩිට තිබ්බෙ Lee Harvey Oswald... මේ නම් වල අකුරු ගනන සමානයි...

      Delete
  10. ලින්කන් රැවුල වැව්වා, කෙනඩි කැපුවා.
    ;-)

    ReplyDelete
    Replies
    1. ලින්කන් රැවුල වැව්වෙ පොඩි ගෑනු ලමයෙක්ගෙ කීමටනේ...

      Delete
  11. /* ලින්කන්ට පෙර ජනපති : Andrew Johnson
    කෙනඩිට පෙර ජනපති : Lyndon Johnson */

    ඒවා වැරදියි. පෙර නොවෙයි පසු.

    ReplyDelete
  12. /* ලින්කන්ට පෙර ජනපති : Andrew Johnson
    කෙනඩිට පෙර ජනපති : Lyndon Johnson */

    ඒවා වැරදියි. පෙර නොවෙයි පසු.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...