Monday, April 17, 2017

මකුළුවන්ට මිනිස්සුන්ව කන්න හිතුනොත්

මිනිසුන් බිය සතුන් අතර මකුළුවාද වෙයි. මොවුන් ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවද , මයිල් සහිත කකුල් ඇති සහ ඇස් කිහිපයක් ඇති මෙම සතුන් පෘතුවිය තුල සිටින  සතුන් ගොදුරු කර අල්ලාගන්නා ජිවී විශේෂයන්ගෙන් එකකි. එමෙන්ම ඔවුන්ට අනෙක් සතුන් මෙන් දුව පැන කය වෙහෙසා සතුන් දඩයම් කිරිමට අවශ්‍යතාවයක් නොමැත. ඔවුන් වියනා දැල් මගින් ගොදුරු අල්ලාගැනීමට ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රමයක් ඇත. මකුළුවන්ට සාපේක්ෂව විශාල ශරීර ප්‍රමාණයකට උරුමකම් කියන අපි මකුලුවන්ගෙන් ගොදුරක් වීම ගැන බිය විය යුතු නැත. එනමුත් මකුළුවන් මිනිසුන්ව තම ගොදුරු ලෙස භාවිතා කළහොත් කුමක් සිදුවේද යන්න පිලිබදව යුරෝපියානු විද්‍යාඥයන් දෙදෙනෙක් පරීක්ෂණ කළේය. ඔවුන් සොයාගත් දෑ මෙසේය.



  ජීව විද්‍යාඥයන් දෙදෙනෙක් වන Martin Nyffeler සහ Klaus Birkhofer ට අනුව සමස්ත මකුළු ජනගහනය වසරක් ඇතුලත ටොන් මිලියන 400 සිට ටොන් මිලියන 800 දක්වා ආහාර ප්‍රමාණයක් අනුභව කරයි. එනමුත් සමස්ත මකුළු ජනගහනයේ ස්කන්ධය ටොන් මිලියන 25 කි. මකුළුවන් සෑම තැනකම දක්නට ලැබේ. ඔබ ලෝකේ කොයි කෙරවලක සිටියත් ඔවුන් නිදන කාමරයේ,  නාන කාමරයේ, කුස්සියේ, ගෙවත්තේ සහ එයිට වඩා විශාල ප්‍රමාණයෙන් වනගත පෙදෙස්වල අදී ස්ථාන වල දක්නට ලැබේ. ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව උතුරු කැරෝලිනාහි මකුළුවන් සිටින නිවෙස් ප්‍රතිශතය 100% කි. ඒ අතර 68% ක්  නාන කාමර වලද 75% ක් නිදන කාමර වලද මකුළුවන් සිටියි.


ටයිටැනික් නැවේ ස්කන්ධය ආසන්න වශයෙන් ටොන් 52000 ක් පමණ වේ. පෘතුවිය තුල සිටින සමස්ත මකුළු ජනගහනයේ ස්කන්ධය ටයිටැනික් නැව් 474 කට සමාන වේ. මකුළු ජන ඝනත්වය සාමාන්‍යයෙන් වර්ග මීටරයට 131ක් වන තර එය සමහර තත්ත්ව යටතේ වර්ග මීටරයට මකුළුවන් 1000 දක්වා වර්ධනය විය හැක.

  දැනට මකුළුවන් විශේෂ 45700 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. ඔවුන් ඇන්ටාක්ටිකාවේ සහ ජලයේ හැරැ ගොඩබිමේ ඕනෑම තැනක දක්නට ලැබේ. කාන්තාර වල හා තුන්ද්‍රා පෙදෙස්වල පවා මකුළුවන් දක්නට ලැබේ. මකුළුවන් තම ශරීර ස්කන්ධය මෙන් 10% ක ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගනියි. ඒ අනුව 200 Pound මිනිසෙකු අහාරයට ගැනීමට 2000 Pound මකුළුවන් ප්‍රමාණයක් අවශ්‍ය වේ. [ 1 pound = 0.454 Kg ]


  පෘතුවිය තුල බිලියන හතකට අධික මිනිසුන් ප්‍රමාණයක් සිටින අතර ඔවුන් ටොන් මිලියන ගණනින් ආහාර පරිභෝජනය කරයි. 2005 දී සිදුකරන ලද පරීක්ෂණයකට අනුව පෘතුවිය තුල සිටින වැඩිහිටි මිනිසුන්ගේ සමස්ත ස්කන්ධය ආසන්න වශයෙන් ටොන් මිලියන 287 කි. එනම් කිලෝග්‍රෑම් බිලියන 260 ක් හෝ 574 billion pounds වේ. මේ සියල්ල එක්ව ගත කල අපට පෙනී යන්නේ මකුළුවන්ට මිනිසුන් ආහාරයට ගැනීමට උවමනා වුවහොත් වසර අවසානයේ මිහිපිට සිටින ටොන් මිලියන 287 ක වැඩිහිටි ජනතාව මොලොව හැරයන බවයි.


 මෙයට ළමුන්ගේ ස්කන්ධයද එක්කල විට මෙම අගයන්ට එකතු වන්නේ ටොන් මිලියන 70 ක පමණ ප්‍රමාණයකි. එනමුත් මෙයත් ප්‍රමාණවත් නොවේ. කෙසේවුවත් මකුළුවන්ට මිනිසුන්ව ආහාරයට ගැනීමට සිතක් පහල නොවීම හා ස්වභාවධර්මය විසින් මකුළුවන්ට ආහාරයට ලබා දෙන කුඩා කුඩා කෘමින්ගෙන් මකුළුවන් සෑහීමකට පත් වීම නිසා මිනිසුන් ලෙස අපි වාසනාවන්ත වන්නෙමු.

මූලාශ්‍ර :

1) https://peerj.com/articles/1582/

2) https://www.ncbi.nlm.nih.gov/pubmed/22709383

3) https://en.m.wikipedia.org/wiki/Spider

4) http://www.nationalpost.com/m/wp/news/blog.html?b=news.nationalpost.com/news/spiders-could-theoretically-eat-every-human-on-earth-in-one-year&campaign_id=A100

22 comments:

  1. හරි අගෙයි වාසිතය. ජයවේව !!!

    ReplyDelete
  2. ඉදිරියටත් මකුළුවන්ට මිනිස් මස්වලට පෙරේත කමක් ඇති නොවේවා කියළා ප්‍රාර්ථනා කරමු. සටහන හොඳයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අපේ ගෙදර ලස්සන කරන්න අපි මකුලුවාගේ ගෙදර කඩා දාන්න එපා. මේක කිව්වේ පේ‍්‍රමකිර්තිද අල්විස් එයාගේ දුවට .

    ReplyDelete
  4. කුතුහලය දනවන ලිපියක්....

    ReplyDelete
  5. https://www.goodreads.com/series/62815-spider-world

    ReplyDelete
  6. නොදන්න කරුණ දැන ගන්න ගොඩ වෙන්න පුළුවන් තැනක් මේ
    මේ ලිපිය වටිනවා.
    මම නම් ඔන්න ප්‍රාර්තනා කරනව කියපු විදිහට මකුළුවන්ට මිනිසුන්ව කෑමට ගැනීමට අවශය නොවේවා කියා.

    ReplyDelete
  7. අම්මෝ ...

    ReplyDelete
  8. උබටත් හිතෙන දේවල් හැබෑට

    ReplyDelete
  9. https://www.washingtonpost.com/news/wonk/wp/2017/03/28/spiders-could-theoretically-eat-every-human-on-earth-in-one-year/?utm_term=.3e0039aa67ea

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...