Wednesday, July 5, 2017

මාතෘ දේවතාවිය


 මාතෘ දේවතාවිය වන්දනාමාන කිරීම පුරාතන ඉන්දියාවේ හා වර්තමාන ඉන්දියාවේ ප්‍රචලිතව පවතියි. බිසෝවරුන් වශයෙන් දේවතාවන් හා ඒ සම්බන්ධ දේවතාවන් වන්දනාමාන කිරීම මධ්‍ය යුගයේ උසස් යැයි සම්මත පන්ති සිදු කරන ලදි. මේ හේතුවෙන් එකල කොන් වී තිබුණු මෙයට සමාජයේ සැලකිය යුතු තැනක් ලැබුණි.

 පෙර යුගවල සිටි දෙවිවරුන්ට බිසෝවරුන් සිටි බව පිලිගැණිනි. ඔවුන් තම ස්වාමිපුර්ෂයාගේ පිටුපසින් සිටින ඡායා මාතාව විය. ගුප්ත යුගය වන විට මේ දේවතාවියන් වන්දනය සඳහා දේවාල තනා තිබුණි.
යක්ෂණියකගේ ස්වරූපය ගත් කාලි අත්තාලම් ගසයි. චෝල යුගයේ ලෝකඩ ප්‍රතිමාවක්. මෙය වර්තමාන්‍ය වන විට වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයේ දක්නට ලැබේ.

පස්වන ශතවර්ෂයේ මුල් භාගයට අයත් බටහිර ඉන්දියාවේ තිබී හමුවූ සෙල්ලිපියක මයුරාක්ෂක නැමැත්තෙකු පිලිබඳව සඳහන් වේ.

"මන්තරයෙන් නැගුණු එසැඩ සුළඟින් සියපත් ලෙලදෙ    න
ගනදුරු මහ හඬ දෙන මාතාවන්හට පිවිතුරු ව   න
රුදුරු මේ බියකරු වූ දේවාලය යකිණියන් ගහ  න
කරැ වූ රජ ඇමතියා ය පින් ලැබ ගන්නා විලසි   න"

 මෙම කාලය වන විට මාතෘ දෙවඟන වන්දනය තරමක් ව්‍යාප්තව පැවතුණි. මෙම ව්‍යාප්තිය නැවතුනේ මුස්ලිම් යුගයෙ මුල් භාගයේදී වෛෂ්ණව භක්තිය උතුරු ඉන්දියාව පුරා පැතිරීමත් සමගය.

මාතෘ දේවතාවියගේ ප්‍රධානතම ස්වරූපය ශිව පතිනියයි. "පාර්වතී" [පර්වතයේ දුවණිය] "මහාදේවි", "සති" [ගුණධර්ම ඇත්තී], "ගෞරි" [ධවල දේවිය] , "අන්නපූර්ණා" [බොහෝ ආහාර දෙන්නී] හෝ "මාතා" [දෙමළ- අම්මයි] ආදී නම්වලින් ඇගේ යහපත් ස්වරූපය හැදින්වේ.

 ඇගේ බියකරු ස්වරූපය අනුව "දුර්ගා" [නොපැමිණිය හැකි තැනැත්තිය], "කාලි" [කලු] , "චණ්ඩි" [චණ්ඩ] යන නම් ඈ සඳහා භාවිතා විය. රණ බිමේදී මැරී වැටෙන අය අතර නටමින් ඔවුන්ගේ මස් මාංශ අනුභව කරමින් යුද්ධයට අධිගෘහිත "කොට්රාවයි" නම් භයානක දෙමළ දේවතාවියගේ සංකල්පය වෙනත් මූලයකින් පටන් ගත්තද වැඩි කල් නොගොස් ඇයද ශිව දේවිය හා සංකලනය විය.

 ඇගේ බියකරු ස්වරූපය මූර්තිමත් කෙරෙන්නේ නොයෙක් ආයුධ ගත් අත් සමූහයක් ඇති, මස් බිඳීමට සුදුසු නෙරාගිය නපුරු දළ සහිත, කටින් එල්ලෙන ලේ පැහැති දිවක් හා හිස් කබලින් තැනූ මාලයක් සහිත බියකරු මැහැල්ලක වශයෙනි. ඇගේ වාහනය සිංහයාය. විටෙක ඈ මහිස හිසක් ඇති යක්ෂයෙකු ජීවිතක්ෂයට පත් කරවන රූමත් වූ හැදිදැඩි කාන්තාවක් ලෙසද මූර්තිමත් වන්නීය.

 ඇයගේ සොදුරු රූපය නිතර නිරූපනය වන්නේ ඇගේ ස්වාමිපුර්ෂයා වන ශිව සමඟ සිටිනා විටය. අර්ධනාරීෂ්වර හෙවත් ශිවගේ අඩක් හා පාර්වතීගේ අඩක් සහිත ප්‍රතිමාවකින් ප්‍රතිමා කලාවේ සංධිස්ථානයක් පෙන්නුම් කරයි. ඒ ප්‍රතිමාවෙන් දැක්වෙනුයේ ශිව දෙවියා හා ඔහුගේ ශක්තියේ සම්බන්ධයයි.

 ශිව දෙවියාට ලිංග ස්වරූපයෙන් නමස්කාර කෙරෙනවා මෙන්ම දුර්ගා දේවියට යෝනි මාර්ග ස්වරූපයෙන් නමස්කර කරයි. ජන කතා අනුව පාර්වතිය ශිව දෙවියාගේ පතිනිය වූ ආත්මයට ඉහත ආත්මයේදී දක්ෂ නම් ඍෂිවරයාගේ සතී නම් දියණිය ලෙස උපත ලබා ඇත. ඇය එම ආත්මයේදී මෙහෙසුරා ගේ බිරිඳ විය. එකල ඇගේ ස්වාමියා හා පියා කලහ කරගත් විය ඈ ඔහුගේ හෝමාග්නියට පැන්නාය. ඇගේ යෝනියේ අළු ඉන්දියාවේ නොයෙක් තැන් වල පතිත වූයෙන් ඒ ඒ තැන්වල ඇයට වන්දනාමාන කරන ශුද්ධ ස්ථාන බවට පත්විය.

මූලාශ්‍ර:

1)අසිරිමත් ඉන්දියාව - ඒ. එල්. බෂාම්

2) https://en.m.wikipedia.org/wiki/Kali

46 comments:

  1. මහත්මයා ක්‍රිස්තියානි භක්තිකයෙක් වශයෙන් ඔබතුමාගේ බ්ලොග් අඩවිය භාවිතා කරන්න දේව ධර්මය බෙදා හරින්න. මෙවැනි මිත්‍යා දෘෂ්ටික ආගම් ගැන ලියන්නේ ඇයි? ඔබතුමා මෙහි ලියන්නේ මිත්‍යාදෘෂ්ටික හින්දු ආගම, බුදු ආගම වගේ දේවල් ගැන. ඒවායේ තියෙන මිත්‍යාදෘෂ්ටික භාවය පෙන්වූවාට කමක් නෑ. ඒත් වැඩි වශයෙන් ක්‍රිස්තියානි දර්මයට පිරිස් ඒකරාශී කෙරෙනා අන්දමට ලිපි ලියන්න මහත්මයා.

    ReplyDelete
    Replies
    1. බුරුවෝ මේක තියෙන්නේ ආගම් ප‍්‍රචාරයකරන්න නොවෙයි දැනුම බෙදාහදාගන්න. උඹට ආගම ප‍්‍රචාරයකරන්න ඔනේ නම් බ්ලොග් එකක් අටවාගනිං මීහරකා.

      Delete
    2. මෙහෙමයි මහත්තයෝ... මම වැඩිමනක් ලියන්නේ ඉතිහාසය සම්බන්ධ ලිපි... ඒවා මොන ජාතියකටද ආගමකටද අයිති කියලා බල බල ලියන්නෙ නෑ... අනික මම මේ ඉතිහාස ලිපි ලියද්දි මගේ මතයන් ගාවගන්නෙත් නෑ... හැම වෙලාවෙම මධ්‍යස්ථව ලියන්නයි උපරිම උත්සහ ගන්නෙ... මම මේ ලිපියෙන් හින්දු ආගම ප්‍රවර්ධනය කරන්නවත් නිශේධනය කරන්නවත් උත්සහ කරන්නෙ නෑ... මේවා ඉස්සර මිනිස්සුන්ගෙ ඇදහිලි[දැනටත් තියෙනවා]... මේවා ඉතිහාසයේ තියෙන දේවල්...

      Delete
    3. AnonymousJuly 5, 2017 at 11:38 AM

      මෙන්න යක්ෂයා ඇවිත්. ආගම දහම ගැන කියා දෙන්න කියනකොට යක්ෂයාට රිදෙන්නේ.

      ඇත්තටම මහත්මයා ඉතිහාසයේ තිබුනා කියලා වත්, මිනිසුන්ගේ ඇදහිලි උනත් මිත්‍යා දෘෂ්ටික නම් ඔවුන් යන්නේ යක්ෂයා ලගට. අපට හැකියාව තිබෙනවා නම් ක්‍රිස්තියානි දහම ප්‍රචාරය කිරීමට ඉඩ ලැබෙන සෑම විටම එය සිදු කිරීම යහපත් නොවේද මහත්මයා? සුභාරංචි පණිවිඩය බෙදා හැර යක්ෂයා කෙරෙන් ජනතාව ගලවා ගැනීමට අදිටන් කර ගන්න මහත්මයා. අදහස් දැක්වීමට ඉඩ ප්‍රස්තා ලබා දීම ගැන බෙහෙවින් ස්තුතියි මහත්මයා.

      Delete
    4. AnonymousJuly 5, 2017 at 1:00 PM ට ගම්බාර දෙවියන්ගේ පිහිටයි.

      Delete
    5. මේකෙ කලු පාට පසුබිමෙන් පෙන්නුම් කරන්නේ සාතන්ගේ බියකරු සෙවනැල්ලයි. සුදු පාට අකුරෙන් පෙන්නුම් කරන්නේ ආර්කේන්ජල් ගේබ්‍රියල් සාතන්ගේ කලු සේනාව යටපත් කරන ලෙසයි. (අප්පටසිරි apartheidද මංදා )

      පැත්තකින් තියන කහපාට අකුරුවලින් ජාතියේ සෙකුරිටි දේවතාවන් වන සංගාරත්නය හා හීනෙන් එන නාත දෙය්යන්ගේ පිහිට දැක්වේ.

      මිතිලගේ නිල් ටීෂර්ට් එකෙන් හා නිල් අකුරෙන් ඇති follow වචනයෙන් විෂ්ණු දේවතාවුන් වහන්සේ මේ බ්ලොගය ෆලෝ කරන බව පෙන්නුම් කෙරේ

      කොල පාටින් මොකක් හරි දාගත්තොත් අයිඑස් අයිඑස් බැල්මත් ලැබෙනවා සිකුරුය

      තවදුරටත් ශක්තිය බලය ලැබීමට මිරිස් හා දෙහි බෙල්ලේ එල්ලාගෙන වාලම්පූරියක් පිඹිනු මැනවි

      Delete
    6. @Pra: හි හි හි..... All in one

      Delete
    7. @ලිඛිතා
      Oh, yeah. I'm full to bursting with faith.
      Looking forward to Nirvana in Paradise with 77 virgins. (That's only from three faiths ! Imagine what I will get from poojas, suras, horescopes, wishwa shakthi, lime cutting and Ravana!! Shall I share my blessings with you? om shanthi.....)

      Delete
    8. කොලපාටිනුත් මොනවම හරි දාන්න ඕනෙ... isisලගේ පිහිට ආරක්ෂාවත් අරගන්න... බැලින්නන් මගෙ බ්ලොග් එකට සියලු දෙවිදේවතාවුන්ගෙ බැල්ම තියෙනවා...

      Delete
  2. ශිව පතිනියගේ නමින් හිමාලයේ කන්දක්ද ඉන්දියන් නැවක්ද තියේනවා. ලොව දහවෙනියට උසම කන්ද වන්නේ හිමාලයේ තියෙන අන්නාපුර්ණා කන්ද ඒවාගේම ඉන්දියන් තෙල් නැවක් ද (Tanker) ඒ නමින් තියේනවා. අනගි ලිපියක්

    ReplyDelete
  3. http://computerpituwa.blogspot.com ....

    කියවන්න බලන්න

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට ගියා මල්ලි... ගොඩක් හොද බ්ලොග් එකක්... කලින් එකට මොකෝ උනේ... ඒකත් කරගෙන යනවනේ...

      Delete
  4. Great!
    Digatama liyanna ape denuma sharp kranawata godak sthuthi mithila

    ReplyDelete
  5. Replies
    1. රෝමානු කතෝලික රස්තියාදුකාරයා ඇවිත්. බොහොම හොදයි. ආගම ප්‍රචාරය කරන්න මහත්මයා

      Delete
    2. මං නම් ඇත්තටම මේ පොලයිට් මිෂනරි මහත්මයාට කැමතියි.
      මේ comment-evangelism ක්‍රමය revelation ලෙස ආ අපූරු දෙයක් වගේ පේනවා

      Delete
    3. ඇත්තටම ඔව් ප්‍රා.ජේ... හරිම විනීතව සංයමයෙන් ආගමට කට්ටියව එකතු කරගන්නෙ... මේ මහත්තයම වෙන්න ඕනෙ මගෙ හූනා ගැන ලිව්ව එකට මහා පතරංග ජාතකේ වගේ කමෙන්ට් එකක් දැම්මෙ...

      Delete
  6. අගෙයි මිතිල වටිනවා මේ ලිපිය නොදන්න බොහෝ දේ දැන ගත්තා

    ReplyDelete
  7. මිථිල, මවු දෙවඟන ඇදහීම හිංදු ආගම ඇතිවීමටත් පෙර ඉඳලම තිබුන සංකල්පයක් . පුරාණ ඉංදු නිම්න ශිෂ්ඨාචාරයේ ප්‍රධානතම ඇදහීම තමයි මවු දෙවඟන වන්දනාව. මවු දෙවඟන කියන්නේ සස්‍රීකත්වයේ අයිකන් එක.පස්සේ කාලෙක හිංදු ආගම ඇතිවුනහම මවුදෙවඟන වෙනුවට ඔවුන්ගේ දේවතාවියන් ආදේශකරගන්න ඇති.
    අදටත් මහායානය තුලවු මවුදෙවඟන ඇදහීම තියනවා. පුරාණ ලංකාවේත් මුහුදුබඩ ප්‍රදේශ අස්‍රිතව මහායානය පැතිරිලා තිබුනා. අද අපි වන්දනාමාන කරන කොච්චිකඩේ පල්ලිය, මුන්නේස්වරම, පත්තිනී දේවාල, මඩු පල්ලිය වගේ බොහෝ තැන්වල ඉතිහාසය විමසද්දී ඒවා පුරානයේ මවුදෙවඟන උදෙසා ඇතිකරපු දේවාල බවට සාක්ශි තියනවා. පස්සේ කාලෙක සිද්දවුන සංස්කෘතික ආක්‍රමන, මහායානයට රාජ්‍ය අනුග්‍රහය නොලබීම වගේ දේවල්නිසා ඒවා වෙනත් ආගමික මධ්‍යස්තාන බවට පරිවර්තනය වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් කටුසු... ඔයා කියන එක හරි මව් දෙවඟන වන්දනාමාන කිරීමේ මූලය හින්දු ආගමේ එකක් නෙමේ... මම ලිපියෙන් කියන්න උත්සහ කලේ ඉන්දියාව තුල මව් දෙවඟන වන්දනය... හරියටම ගත්තොතින් ඕක ඉන්දු නිම්න ශිෂ්ටාචාරයටත් එහා යනවා... මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ඉෂ්තාර් කියලා මව් දෙවඟනක් වන්දනාමාන කරලා තියෙනවා... මේ දෙවඟන හින්දු ආගමේ එන මව් දෙවඟනගේ එක ස්වරූපයකටත් , පත්තිනි මෑණියන්ගේ ස්වරූපයකටත් ගොඩක් සමාන වෙනවා... මම දන්න විදිහට මව් දෙවඟන වන්දනයේ මූලය එන්නෙ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන්...

      Delete
    2. තුර්කියේ සිට නයිල් නදී නිම්නයේ සිට ඉන්දු නදිය දක්වා මහා භූමි ප්‍රදේශයේත් ඇතැම් විට මුළු අප්‍රිකාවත් උතුරු ආසියාව හා යුරෝපයේත් ප්‍රධානම ඇදහිල්ල ලෙස පැවතියා. කාලයත් සමග විනාශ වී ඉන්දියාවේ ඉතිරි වී තිබෙන ඇදහිල්ල පුරුෂ දේවතාවන් බහුල බහු දේව වාදී දේව මන්ඩලයක කුඩාකොටසක්. එහි ධාර්මික ප්‍රමුඛත්වයක් නෑ. නමුත් ආදි කාලෙ ඔය කියන මාතෘ දේව වන්දනාව එම ධර්මයේ ප්‍රධානම අංශය. පුරුෂ දෙවියෙකුගෙ භාර්යාවක් නෙමෙයි. සියල්ල මවා පාලනය කරන මැවිල්ලෙන් වියුක්ත සර්වබලධාරී සදාකාලික ස්ත්‍රීත්වය. මැවිල්ලෙන් වියුක්ත යුදෙව් පුරුශ දෙවිය හා බැබිලෝනියාවෙ මර්ඩුක් කට් කොපි පේස්ට්.

      Delete
    3. @Ano... ඒ වෛදික යුගයේ තිබ්බ මාතෘ දෙවඟන වන්දනයට ලිඛිත සාක්ෂි නෑ... හැබැයි තිබිලා තියෙනවා...

      Delete
    4. කටුස්ස එක්ක මාත්...

      ඉන්දු ඉරානීය සංස්කෘතියෙ “ඉෂ්තාර්“ ... ඉන්දු නිම්නයෙ “ජගන්මාතා“ ... ග්‍රීක මුල් අවදියෙ “ගායා“ ... ගොතික් පේගන් ආගමෙත් මවු දෙවඟනක් ඉන්නව මට නම මතක නෑ... ඔය ටික එක ස්ටේජ් එකක්.

      පස්සෙ ආක්‍රමණ සංක්‍රමණ එක්ක ආගම් වෙනස් වෙනකොට, ඉන්දියාවෙ කාලි - සති - පාර්වතී පස්සෙ ලක්ෂ්මි (ශෛවම් වලින් වෛෂ්ණව ට හැරෙනව), ලංකාවට පත්තිනි , රෝමයට මුල්කාලෙ ඩයනා, පස්සෙ කතෝලික රෝමයට දේවමාතාව...

      කොහොම කොහොම හරි මුල්ම කාලීන සමාජයේ ස්වභාව ධර්මය දේවත්වයෙන් සළකනව. මුල්ම කෘෂිකාර්මික සමාජයෙ වටිනාම දේ තමයි පොළොව සශ්‍රීක වෙන එක. ඒක මව් දෙවඟන හෙවත් පොළොව, දිව්‍යමය සම්භෝගයකින් (අකුණු සහ වැස්ස එක්ක) සරුසාර වෙලා අස්වනු ලබා දෙන එක උදෙසා පූජා පැවැත්වීම ප්‍රධාන වෙනව. සමාජය සංකීර්ණ වීමත් එක්ක ඒකට මුල්ම කාලෙ තිබුණු ප්‍රධාන තැන නැති වුනාට, එක එක මුහුණුවරින් දිගටම මේ දක්වාම පැවතෙනව...

      ස්තූතියි මිථිල මේ සංවාදය ගොඩනැඟුවට...!

      Delete
  8. ස්තුතියි මිතිල වෙනදා වගේම නොදන්නා කරුණු රාශියක් දැනගත්තා . මාතෘ දේවතාවියව "මාතෘ දේවතාවිය" නමින් හඳුන්වන්නට හේතුවක් තියෙනවාද ?

    ReplyDelete
    Replies
    1. මව් දෙවඟන කියන්නෙ පොදු නමක්... එක එක ශිෂ්ටාචාරවල මෙයාට එක එක නම් කිව්වා... කාලි, දුර්ගා, ඉෂ්තාර්, ඉනන්නා[සුමේරියන්], ඇස්ටාර්ටේ[සෙමිටික් දේවතාවියක්] ඇස්ට්ගික්[ආර්මේනියන් දේවතාවියක්] නම්... ග්‍රීක ශිෂ්ටාචාරය පැත්තට යද්දි ඇෆ්‍රොඩයිට්ටත් සමාන කරන්න පුලුවනි...

      Delete
  9. ග්‍රීක පීතෘ මූලික ඔලිම්පියානු දෙවියන් උඩට පැමිනීම ඊට ඉස්සර තිබුනු මාතෘ දෙවගන ඇදහීම යටපත් කිරීම යයි සඳහන් වෙනවා. මෙතන ලියන්න වෙලා මදි. අනිත් එක මිතිල රිසර්ච් කරලා මට වඩා හොඳයි. Robert Graves ගේ Golden Fleece පොතේ පෙරවදනේ විස්තරයක් තියනවා.
    වෙන එකක් තියා පර්සි ජැක්සන් පොත්වල ඒ ගැන hints තියනවා :-D ( see Gaia )

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රා.ජේ... මුල් කාලෙ ග්‍රීක ශිෂ්ටාචාරයෙත් තිබ්බෙ මව් දෙවඟන වන්දනයක්... Gaia කියලා කෙනෙක්... මෙයාගෙන් යුරේනස්, ටයිටන්, සයික්ලොපස්, පයිතන්ලා වගේ අය ඉපදුනා කියන්නේ...

      Delete
    2. පර්සි ජැක්සන් කතාවලනන් ඕනතරම් තියෙනවා මේවා ගැන... :D

      Delete
  10. හොඳ ලිපියක් මල්ලි. වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  11. ලිපිය දුටු කෙනෙහිම කොමෙන්ටුවක් දමන්න සිතුනත් එයින් ලිපියට අගතියක් වේය සිතා දැම්මෙ නෑ. ඇත්තෙන්ම ලිපිය හොදයි නමුත් එතරම් විමසිලිමත් නොවන පාඨකයෙකු නොමග යනවා. ලිංග වන්දනාව සහ යෝනි වන්දනාවක් ලෙසින් මෙය පැවති ඇදහිල්ලක කොටසක් බවත් පෙනෙනවා. එසේම ඉන්දියාවට සීමාවූ බවකුත් හැගෙනවා. මිථිල ම මේ ගැන කොමෙන්ටුවක අදහස් දක්වා ඇති නිසා මාත් යමක් කියන්නම්.

    මෙය පුරාතනයේ පැවති ඉතාම සංස්ථාපිත ආගමක්. මුළු ශිෂ්ට ලෝකය පුරාම පොදු වන්දනයක් ලෙසින් පැවතියා. ගල් යුගයෙන් පසු මිනිසා ශිෂ්ටාචාරගත වීමත් සමග මේ ආගම ඇතිවුනා. ඇත්තටම අද තිබෙන සියළුම ආගම්වල පදනම මෙම ආගමයි. මාතෲ දේවතාවිය පුරුෂ දෙවියෙක් බවට පත්කලා. මෙම මංකොල්ලය සම්පූර්නයෙන්ම කට් කොපි පේස්ට් එකක්.

    මෙම ඇදහිල්ල පැවති රටින් රටට නම් වෙනස් වෙන්න ඇති. මිථිල උදාහරන ලෙස දුන් නම් ලැයිස්තුවේ ප්‍රධානම නම නෑ. ඒ තමා සයිබීලී. මේ නම කයිබීලි කියාත් කියනවා. මෙහි මූලස්ථානය තිබුනෙ සුළු ආසියාවෙ වර්තමාන තුර්කියෙ. සර්වබලධාරී කයිබීලි දේවතාවිය අපට හමුවන ආදිකාලීනම බිහිසුනු මාතාවයි. ඇය නිර්මානයේ මෙන්ම විනාශයේද නියෝජිතවරිය වුනා. ඉපදී වැඩි මැරී යලි උපදින පුරුෂ දෙවියෙකු ඇය සමග සිටියා. කයිබීලිට ඇට්ටිස් ,ඊජිප්තුවෙ අයිසිස් ට ඔසිරිස් ආදී වශයෙන්. සදාකාලික මාතාව මෙන්ම මේ ඉපදී වැඩී මැරී යළි උත්ථනාය ලබන පුරුශ දෙවියාගේ ජීවන චක්‍රය මැදපෙරදිග වැසියන් විසින් සැමරුවා. මේ ගැන බොහෝ කතා කල හැකි වුනත් මෙම සබැදිය තුලින් වැඩිමනත් දැනගන්න.
    https://en.wikipedia.org/wiki/Cybele

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් කිව්වා වගේ මේ ලිපියෙන් කියන්න උත්සහ කලේ ඉන්දියාව තුල මාතෘ දෙවඟන වන්දනය... අනික් ශිෂ්ටාචාරවල මාතෘ දෙවඟන වන්දනය මුලින් තිබිලා පසුකාලීනව පුර්ෂයන් එතනට ඈඳුනු කතාව හරි... ඉන්දියාවෙත් එහෙම තමා... වෛදික යුගයේ ඉදන්ම මාතෘ දේවතා වන්දනය තිබිලා තියෙනවා... ඒ උනත් ඒවට ලිඛිත සාක්ෂි නෑ... ලිඛිත ඒවයින් තමා මම ලිපිය ලිව්වේ... අදහස් දැක්වුවාට ස්තූතියි ඔබතුමාට...

      Delete
  12. මම මේ දවස් වල එක දිගට එක දිගට යූ ටියුබ් සර්ච් කරන්නේ "කාලි", "පාර්වතී", " ශිව" ගැන... ඒ කතා කාලෙකට කලින් ලියපු ලස්සන කතා... ඒ වගේම අපිට පේන්නේ නැති කොච්චර දේවල් ඒ කතා වලින් කියලා දෙනවද...

    මේ සටහන මරු.. පුළුවන් නම් "කාලි" සම්බන්ධ පුරාවෘත ගැනත් ලිපියක් ලියන්න.. මූලාශ්‍ර ටිකත් පහළින් දැම්මාට තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. කාලි ගැනත් ලියන්නම්... ස්තූතියි බ්ලොග් අඩවියට ගොඩ වුනාට...

      Delete
  13. මිතිල ගොඩක් හොඳ ලිපියක් , වැදගත් කරුණු ගොඩක් දැනගත්ත...

    ReplyDelete
  14. ඔයා මේ කරන දේ ගොඩක් වටිනව මිතිල , ඒවගේම ලිපි වලට ඔයාගෙ පුද්ගලික ආගමික මතවාද යොදා නොගන්න එක නම් ගොඩක් හොඳයි , එත් මම ඇත්තම කියනව නම් , මම බුද්ධාගමේ , ඒත් ඔයාගෙ ලිපි නිසා මම අනිත් ආගම් ගැනත් හදාරන්න පුරුදු වුන.. මම මේ දවස් ටිකේ බයිබලය කියවනව.. ඒ වගේම හින්දු දර්ශනයෙ පොත් පත් ගැනත් හොයනව.. ⁣හැම දෙයක් ගැනම කරුණු හොයන එක ඡීවිතේට වටිනවනෙ

    ReplyDelete
    Replies
    1. හැම දේකින්ම ගත යුතු දේ ගත යුතුයි...

      Delete
  15. නොදත් යමක් දැන ගත්තා වටින ලිපියක්

    ReplyDelete
  16. මාතෘ දේව සංකල්පය ගැන විස්තර ටිකක් හොයමින් ඉද්දි. බ්ලොග් එකට ආවෙ. හයියෝ කියන්නත් ලැජ්ජයි මට වාසිතය බ්ලොග් එක මිස්වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ... දැන් ආවනේ... සාදරයෙන් පිලිගන්නවා බ්ලොහ් එකට... මට කියන්න අමතක උනා... මම අක්කගෙ පොත කියෙව්වා...

      Delete

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...