Monday, December 25, 2017

සුදු මිනිසාගේ ගස

රොබට් නොක්ස් පිය පුතු දෙදෙනා ඇතුළු කණ්ඩායම බ්‍රිතාන්‍යය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ 1658 වසරේ ජනවාරි 21 වන දින 'Anne' නම් නැව මගින් පර්සියාව බලා යාත්‍රා කරන ලදි. කෙසේ නමුත් අවාසනාවන්ත අන්දමින් 1659 වසරේ නොවැම්බර් මස 19 වන දින නැව කුණාටුවකට හසුවී බොහෝ අබලන් විය. එසේ අබලන් වූ නැව ගසාගෙන ආවේ ත්‍රිකුණාමලයේ දකුණු පෙදෙසේ පිහිටි කොට්ටියාර් කලපුව දෙසටයි.

එකල නුවර රජකම් කලේ දෙවන රාජසිංහ [1629 - 1687] රජතුමාය. හේ මොවුන්ව පිලිගැනීම සදහා තෑගි බොග බොහොමයක් දිසාවේ කෙනෙකු අතින් නොක්ස් ඇතුලු පිරිසට යවන ලදි. එනමුත් වැඩි කල් යන්නට මත්තෙන් රොබට් නොක්ස් (පියා) සියඹලා ගසක් යට සිටිනා විටදී රාජපුර්ෂයන් විත් ඔහුව සිරබාරයට ගත් අතර නැවේ සිටි දහසය දෙනෙක් ද අල්ලා ගන්නා ලදි. නැව ද රාජ සන්තක කළේ ය.

මෙම පිරිසට දිවයිනෙන් පිටට යාම තහනම් වූ නමුත් ඔවුන්ට මෙහි සිටි මිනිසුන් හොදින් සැලකුවෝය. රොබට් නොක්ස් (පුත්‍රයා) ගොවියෙක්, මුදල් ණයට දෙන්නෙක් ලෙස  රැකියා කිරීමට සමත් විය.

පිය පුතු දෙදෙනාම මැලේරියා වසංගතයෙන් බොහෝ පීඩා විදි අතර පියා 1661 වසරේ පෙබරවාරි මස මිය ගියේය. දිවයිනේ වසර දහනමයක් ගතකල පසු රොබට් නොක්ස් , ස්ටෙෆන් නම් තවත් අයෙකු සමග රටින් පිටව යාමට සමත් විය.

අරිප්පු හි පිහිටි ලන්දේසි බලකොටුවක් වෙත යාමට මොවුන් දෙදෙනාට හැකියාව ලැබුණි. එහිදී ලන්දේසීන් විසින් මොවුන්ව 1680 වසරේ සැප්තැම්බර් මස දී තම නිවෙස් කරා යාමට අවස්ථාව සලසා දෙන ලදි.

මෙම ගමන අතරතුර දී ලංකාවේ ජීවත් වූ කාලයේදී තමන්ට වූ අත්දැකීම් අලලා "An Historical Relation of the Island Ceylon" නමින් කෘතියක් සම්පාදනය කලේය. එය 1681 වසරේ එළිදැක්විණි. 17 වන ශතවර්ෂයේ දී ලාංකික ජන ජීවිතය ගැන අධ්‍යනයට ඉතා වටිනා කෘතියක් එසේ ලියැවිණි.

පසු කාලයේදී රොබට් නොක්ස් (පියා) අල්ලා ගත් ස්ථානය සිහිවීම පිණිස ඵලකයක් සවි කලේය. එහි "This is the Whiteman’s tree under which Robert Knox, captain of the ship ‘Anne’ was captured" ලෙස සදහන්ව තිබේ. 1893 වසරේ දී මෙම ඵලකය ස්ථාපිත කල අතර එතැන් පටන් රජය විසින් එය රැකබලා ගත්තේය.

එනමුත් 1970 අවධියේ දී ත්‍රිකුණාමලය ප්‍රදේශයට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් නිසාවෙන් සියඹලා ගස බිම පතිත විය. ගසෙ හි අඩියේ තිබූ ඵලකය ආරක්ෂාව තකා කොලඹ කෞතුකාගාරය වෙත රැගෙන ගියේය.

3 comments:

  1. රාළහාමි ක්‍රිස්මස් නේද? නත්තල සැමරුවද? තෑගී හම්බෙයි නේද 28 වෙනිදා ප්‍රතිපල ආවම?

    ReplyDelete
  2. ඔන්න කියෙව්වා සර්.... ස්තූතියි පාඩමට
    සුභ නත්තලක්....

    ReplyDelete
  3. රොබට් නොක්ස් ගේ පොත කියවලා තිබුනත් මේ සිහිවටනය ගැන අහල තිබුනේ නැහැ...
    බොහොම ස්තුතියි විස්තරේට...

    මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ සියඹලා ගහමද...
    ගහේ හැඩරුව අනුව මට පේන්නේ පාරේමාර වර්ගයේ ගහක් වගේ...

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...