Tuesday, April 19, 2016

කිඹුල් ඇම සඳහා ලමුන් ඕනෑකර තිබේ



‘‘කිඹුල් ඇම සදහා ලමුන් ඕනැකර තිබේ... පණපිටින් නැවත භාරදෙන්නෙමු...‘‘

මෙය 19 වැනි සියවසේ මෙරට පලවූ Ceylon Catholic Messenger වැනි පුවත්පත් වල බහුලව තිබු ශිර්ෂපාඨයකි.

යටත් විජිත සමයේ මෙරට පාලනය කල බ්‍රිතාන්‍ය ජාතිකයන් දඩයමට මහත් කැමැත්තක් දැක්වූ පිරිසකි. ඔවුන්ගේ දඩයමින් ගැලවීමට මෙරට සිටි කිබුලන්ටද නොහැකි විය. කිබුලන් දඩයමේදි මස් ගොඩකට වඩා සජිවි දරුවකු වඩා ගැලපෙන බව ඉංග්‍රිසි දඩයක්කරුවන් ට වැටහි ගොස් තිබිනි. ඒ නිසා දරුවන් යොදාගෙන කිබුලන් දඩයමට ඔවුන් යොමුවිය.

දරිද්‍රතාවයෙන් පෙලෙමින් සිටි එකල සිංහල පවුලකින් දරුවෙකු ඇම සදහා කුලියට ගැනිම අපහසු නොවු බව කියැවේ. එකල දෙමාපියන් දිනකට සිලින් දෙකක මුදලකට සතියට දින හතරක් දක්වා ඇම සදහා දරුවන් කුලියට දීම සිදුකර ඇත. කිබුල් දඩයක්කරුවන් ගේ ඉලක්කය ගැන එකල මෙම දෙමාපියන්ට හොද විස්වාසයක් තිබු බව සිතිය හැක. ඉලක්කය වැරදි ගියොත් තමන්ට දරැවාද නැතිවේ.

දරුවා රැගෙන යන දඩයක්කරු ගංඉවුරේ දරුවා ඇම ලෙස ගැටගසා සැගවී කිබුලා එනතුරු බලාසිටි. ඇම පසුපස එන කිබුලා ඇමට ලගාවෙත්ම ඉලක්කය ගෙන කිබුලා මරා දමා සම හා හිස කොටස වෙන්කරගන්නවා දඩයක්කරුවන්, කිබුලාගේ ඉතිරි කොටස් දරුවාට ලබාදුන් බව පැවසේ. සමහර දඩයක්කරුවන් එක දිනකදි එක් ලමා ඇමක් යොදාගෙන කිබුලන් සතර පස් දෙනෙක් දඩයම් කරගත් අවස්ථාද තිබේ.

ලමා ඇම යොදාගෙන දඩයම් කිරිම ලංකාවට අමතරව ඉන්දියාවේද බ්‍රිතාන්‍යයන් විසින් සිදුකර ඇත. ඉන්දියාවේදි නම් ලමයින් නැවත බාරදෙන ලෙස දඩයක්කරුවන්ගෙන් දෙමාපියන් තරයේ ඉල්ලා නොසිටි අවස්ථාද තිබෙන බව පොත පතෙහි සදහන් වේ.


කර්තෘ: රොෂින් ප්‍රනාන්දු

ලෝක විනාශය විව්ධ ආගම් හා වියතුන් දුටු ආකාරය



" par quarante ans I' Iris n' apparoistra
Par quarante ans tous les jours sera veu
La Terre aride en siccite croistra
Et grand deluge quand sera apparceu.( for 40 years the rainbow will not seen.
For 40 years it will seen every day.The dry earth will grow more parched, and there will be great floods when it is seen)
මෙහි පලමු පදයට අනුව වසර 40 ක් දේදුන්න නොපායයි. ඒ අනුව වසර 40 ක් වැස්ස නතර වේ. එවිට ඇතිවන මහ සාගතයේදි මහා විනාශයක් ඇතිවිය හැක. මිනිසා සාගර ජලය පවා බොන්නට ගනීවි. දෙවැනි පේලියෙන් කියන්නේ එය ගෙවුනු තැන එක
දිගට වසර 40 ක් මහා ධාරාණිපාත වැසි වසින බවයි, ඉන් ඇතිවන ජල ගැල්මෙන් පෘඵිවියම විනාශ විය හැක. එසේම ඔහු ලෝක විනාශය සිදුවන්නෙ කවදාද යන්නද මෙලෙස සටහන් කර ඇත.
"Vingt ans du regne de la lune passez
Sept mil ans autre tlendra Sa monarchie.
Quand le soleil Prendra ses jours laissez
Lors accomplit a fine ma prophecie "
( 20 years of the reign of the moon have passed
7 thousand years another will hold his monarchy
When the Sun will reach it's tired days
Then my prophecy is accomplished and finished)
ඉහත දැක්වූ විනාශයට මුල, අනිත් තරැ විනාශ වන්නාක් මෙන්ම සූර්යයාගේ බලශක්තියද විනාශ වී ග්රහලෝක පද්ධතිය තම ගුරැත්වාකර්ෂණයේ රදවා ගන්නට නොහැකි දින ඉන් පෘඵිවිය මිදෙයි, යන. මෙහි අරැතයි.මෙය සිදුවිය හැක්කෙ ක්රි:ව 7000 දි බව ඔහුගෙ විශ්වාසයයි.
මෙසේ ලෝක විනාශය ගැන වියතුන් විවිධ අර්ඵකඵන දී තිබේ.
" ක්රි: 2000දි ලෝකයේ ගැහැණුන්ගේ හිසකෙස් වර්ණය තැඹිලි හෝ දම් පැහැයක් ගනු ඇත"
ආචාර්ය ජෝසප් ෂුල්ට්ස්
😊 මේ වනවිට අද කාන්තාවන්ගේ හාස්‍යජනක හිස් වර්ණ ගැන්වීම් දෙස බලන විට එය සත්‍යයක් වන බව කාටවුවත් කිව හැක.
තවත් විවිධ වූ දාර්ශනික මත මේ ආකාරයට ඉදිරිපත්ව ඇත. ඒ අනුව මිනිසාද ක්රි:ව 6999 වන විට බුද්ධි හීනත්වයට පත්ව තිරිසන් සතුන් හා සම වන බවද, ඊට හේතු ලෙස අනාගතයේදි සිතීමේ ශක්තිය මෙහෙයවා වැඩ කළ හැකි කොම්පියුටර් හා රොබෝ යන්ත්ර නිපදවෙන බවත්, ඊට වහල් වන මිනිසා තම
චින්තන ශක්තිය දුර්වල කර ගැනීමයි.මෙසේම ලාංකාවේ වාසය කළ අග්රගන්‍ය ජ්‍යේතිෂ් ශාස්ත්රපති එස්. ඩබ් කස්තුරිරත්න මහතාද ලංකාව හා ලෝකය හෙට ගැන කරැණු රැසක් එතුමා රචිත පොත්වල දක්වා ඇත. එතුමාට අනුව බුද්ධ ශාසනය තුළ සංග පරපුරේ පිරිහීමද, එමෙන්ම බුදු සසුනේ උගතුන් මිස පිළිපදින්නන් අනාගතයේදි බිහිනොවන බවත් පවසා ඇත.


මුල් කොටසේදි විවිධ වියතුන්, මෙය සිදුවන ආකාරය පිළිබද කළ අනාවැකි පෙන්වා දුන් හෙයින්, මේ කොටසින් විවිධ ආගම් එය විග්රහ කරන ආකාරය බලමු. මෙහිදී , බුදු දහමෙහි විග්රහය ගෙන බලමු"
දික්සගියේ පාටිකා සූත්රයේදි, ගෞතමයන් වහන්සේ , භග්ගවගොත්ත නම් පිරිවැජියෙකුට ධර්මය දේශනා කරමින් මෙසේ වදාළේය " බොහෝ කාලයකින් පසු පෘඵිවිය විනාශ වන බවත්,එහිදී මියයන බොහෝ සත්ත්වයන් ආභස්සර ඹඹලොව ඉපදෙන ආකාරයත්" පෙන්වා දේ.
එසේම දීඝ නිකාය- අංගන්න ( සමාවන්න) සූත්රයේ පෘඵිවි ජීවය ඇතිවූ ආකාරයත් එම ජීවින් ක්රක්රමයෙන් විවිධ පරිවර්තනයන්ට ලක්වී නැවත විනාශ වන ආකාරයත් පෙන්වා දී ඇත.මහ යුගයක් අවසානයේ පෘඵිවිය ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුළගින් විනාශ වන
බවත් , ඊට පෙර මිනිසාගේ ආයුෂද පහල බසින බවත්, ගුණ නුවණ පිරිහෙන බවත් සදහන්ව ඇත. බුදුන් සමයේ විසු මනුෂ්‍යයන්ගේ ශරීර ප්රමාණ එදා දැක්වූ ලෙස මීට වඩා හාත්පසින්ම වෙනස් උස ශරීර ප්රමාණ බව අපට පොතපත කියවන විට පෙනී යයි. මෙසේ පරමායුෂ අඩුවන මිනිසා, ඔවුන්ගේ කෙටි ජීවිත කාලය තුල පංච කාම වස්තූන් ලබා ගැනීමට තරග වැද ජීවිත රැසක්ම විනාශ වන බව බුදු දහමේ පෙන්වා දෙයි.
එසේම කිතු දහමේද ලෝක විනාශය පිළිබද කතා කරයි. ක්රි:පූ 3000 දි පමණ මෙසපොතේමියානු ශිෂ්ඪාචාරය විශාල ජල ගැල්මකින් විනාශ වී තිබේ , මේ අවස්ඵාවේ දෙවියන් වහන්සේ නෝවා අමතා මෙසේ ප්රකාශ කළ බව බයිබලයේ සදහන් කරයි:-
" සියළු ජීවින්ගේ අවසානය එළඹ ඇත. ලෝකය අධර්මයෙන් හා පාපයෙන් පිරී ඇති නිසා මම ඔවුන් සමග ලෝකයම විනාශ කර දමමි.නුඹ විශාල යාත්රාවක් තනා ගන්න , මම දින 40 ක් නොකඩවා
වස්නා මහ මේඝයක් ඇති කර මා මැවූ සියල්ල සමග ලෝකයද විනාශ කරමි."
පුරාණ වේද ග්රන්ඵ රචනා කළ පඩිවරැද, මහ යුගයක් අවසානයේ ලෝක විනාශය සිදුවන බව මත පල කර ඇත. මෙම මහ යුගයක් යනු සූර්යග්රහ මණ්ඩලයේ ඇති සියළුම ග්රහයින් හට ක්ෂිරපඵයේ මධ්‍යය වටා පරිභ්රමණය වී වටයක් යාමට ගතවන කාලය යයි පෙන්වා දෙයි. එසේ යාමට ගතවන කාලය ඉතා දිගය. අප මේ ගත කරන මහ යුගය 28 වන මහ යුගය බවද, එම මහ යුගයද කොටස් 4 කට මෙසේ බෙදා ඇත:-
1. කෘත යුගය
2. ත්රිත යුගය
3.ද්වපර යුගය
4. කලි යුගය
ඒ අනුව අප මේ ගත කරන්නේ 28 වන මහ යුගයේ " කලියුගයේ "ආරම්භයෙයි.
නවීන විද්‍යාත්මක මතය අනුව පෘඵිවියේ ජීවයේ සම්බවය ඇතිවූයේ අවු. මිලියන 4.5 කට පෙරදී බව පවසයි.එයද අනාගතයේදි විද්‍යාත්මක දියුණුව අනුව වෙනස් විය හැක, ජීවය ඇතිවීම පිළිබද විවිධ මත අතර, විශ්වයේ වෙනත් ග්රහලොවකින් හෝ වල්ගා තරැවකින් ජීවය පැමිණි බව හෝ,පෘඵිවියේ ඇතිවූ රසායනික පරිණාමයක ප්රඵිපලයක් ලෙස ජීවය ඇතිවූ බවයි. මෙයද මුල හෝ අග නොවේ. විදුධරයන්ගේ මතය අනුව තව අවුරැදු ගනනාවකින් සූර්යයාද මල තාරකාවක් බවට පත්වන බවයි. අප අයත් ග්රහලොවට ශක්තිය සපයන සූර්යයා කෙදිනක හෝ නිවී ගියහොත්?එවිට අපට කුමක් වේද? සූර්යයා අපට ආලෝකය සපයන්නේ එහි තුල දැවෙන ශක්තිය නිපදවීමට අවශ්‍ය හයිඩ්රජන් හීලියම් බවට පත්කරවන තාක් පමණි. අමුද්රව්ය නිමාවන දිනක් පැමිණේවි, එදින සූර්යයාද සමග අපද විනාශ වනු ඇත. විශ්වයේ අවිනිශ්චිත ස්වභාවය මහා දාර්ශණිකයෙකු ගෞතමයාණන් වහන්සේ මෙසේ දක්වා ඇත:-
" වෙනස්වන විශ්වයේ වෙනස්නොවන එකම දේ වෙනස්වීමයි!"
ඒ අනුව ලෝක විනාශයද සමග සත්ව සන්නතියේ විනාශයද ස්ඵිරය. නමුත් එය අවසානය නොවේ, නැවත ජීවය බිහිවේවි.
කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා

Monday, April 18, 2016

අධෝ වාතයෙන් ලොව ජයගත් මිනිසා

 රූපයෙහි දැක්වෙන්නේ ''අධෝ-වාතයෙන්" ඉටි පහනක් නිවා-දමන පුද්ගලයෙකි. ල' පෙටමෙයින් යනු ප්‍රංශ ජාතික වෘත්තීය ''අධෝ-වාතය නිකුත් කරන්නකු" ද රංගන ශිල්පියකු ද වූ ජෝසෆ් පුජෝල් ගේ වේදිකා නාමය යි. තම උදර පේශි
පාලනය කිරීමෙහි ලා තිබුණු අද්විතීය හැකියාව සම්බන්ධයෙන් හෙතෙම ප්‍රකට වැ හිණි. ඒ හැකියාව නිසා ඔහුට සිතෙන ඕනෑ මැ වේලාවක අධෝ-වාතය පිට කළ හැකි විය. ඔහු ගේ වේදිකා නාමයෙහි අරුත වන්නේ "අධෝ-වාත-උම්මත්තකයා" වැනි දෙයකි. සිය වේදිකා රඞ්ගනයේ අඞ්ගයක් ලෙසින් ඇත්ත වසයෙන් මැ  අන්ත්‍රවලැ වූ වායුව පිට කිරීමට ඔහු සමත් යැයි එ කල පැතිරැ තිබූ වැරැදි අදහසකි. ඇත්තෙන් මැ, ඔහුට හැකියාවක් තිබුණේ සිය ගුදය තුළට වාතය ''ආශ්වාස කැරැ"
සිය වක්‍රපිධානය ම‍ඟින් එය පාලනය කොටැ අවශ්‍ය පරිදි පිට කිරීමට යි. මෙ සේ පිට වන වාතයෙන් නොයෙකුත් නාද රටාවන් මැවීමට ද හේ සමත් විණි.

ජෝසෆ් පුජෝල්ට අධෝ වාතය විතරක් නෙමෙයි, භාජනයක තියෙන වතුර වුනත් මේ විධියට ගුදය තුළට අරගෙන යාර ගණනක් ඈතට විදින්න පුලුවන්කම තිබුණා.අධෝ වාතය පාලනයකින් පිට කරන ගමන් සතුන්ගේ ශබ්ද මතුවෙන විධියට ඒක කරන්නත් මෙයා උත්සාහ කරලා තියෙනවා.
ජෝසෆ් පුජෝල්ට අධෝ වාතය විතරක් නෙමෙයි, භාජනයක තියෙන වතුර වුනත් මේ විධියට ගුදය තුළට අරගෙන යාර ගණනක් ඈතට විදින්න පුලුවන්කම තිබුණා.අධෝ වාතය පාලනයකින් පිට කරන ගමන් සතුන්ගේ ශබ්ද මතුවෙන විධියට ඒක කරන්නත් මෙයා උත්සාහ කරලා තියෙනවා. 
කර්තෘ: උපාලි කන්නංගර


David Ben Gurion

1886.ඔක්තෝම්බර් 16 වන දින ඉපදුණු මොහු poland ජාතිකයෙකි.ප්‍රභල යුදෙව් වාදි පුද්ගලයෙක් වන එතුමා නිදහස් ඊශ්‍රායලයෙ පලමුවන අගමැති තුමා වගෙම ආරක්ෂක අමාත්‍යවරයාද වෙනවා.
Israel Defense Forces
Mossd
Rafi
Nahal
Kiryath Brigade
Carmeli Brigade
යන සන්විධාන ප්‍රතිස්ථාපිත කරනලද්දෙ මෙතුමාගේ මුලිකත්වයෙන්.ජාතියෙ පියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ලද එතුමා අවුරුදු 87 ආයු වළදා 1973.දෙසැම්බර් මස පළමුවනදා ජිවිතයෙන් සමුගන්නෙ ඊශ්‍රායල් ජනතාවගෙ හදවත් තුල නොමැකෙන නායකයෙක් ලෙසිනුයි.ඔහුට ගරු කිරිමක් ලෙස ඊශ්‍රායලය ගුවන්තොටුපළ හදුන්වනු ලබන්නෙ Ben Gurion Airport ලෙසය.
කර්තෘ: අමිතා ශ්‍රීමතී

Sunday, April 17, 2016

ගොත් උප සංස්කෘතිය


. මේ සංස්කෘතිය වැළද ගත් තරැණ කණ්ඩායම් බොහෝ රටවල ඉන්නවා. තරමක් පැරණි වුවත් මොවුන් කරලියට පැමිණියේ 1980 දි පමණ එංගලන්තයේ රාත්රී සමාජ ශාලා ආශ්රිතව , විශේෂයෙන් " බැට්කේව්" සමාජශාලාව ආශ්රිතව , එවකට පැවති පන්ක් රැල්ලට පසුගාමීව බිහිවුන බව පවසයි. මේ අය මහ අමුතු ගතිගුණ ඇති අය, භයානක චිත්රපට නැරඹීම, ඒවායෙ රගපෑම, විශේෂවූ රොක් ශෛලියක් ( ගොත් රොක්) අනුගමනය කිරීම, වගේම විවිධවූ අපරාධ සදහාද මොවුන් සම්බන්ධයි.තද කළු ඇදුම් ප්රිය කරන මොවුන්, ඊට අමතරව විකාර රෑපි ලෙස මුහුණු පින්තාරැ කරගෙන පිරිමින්ද ගැහැණුන් සේ පෙනී සිටි.යුරෝපයේ, ප්රධාන වශයෙන් ජර්මනියේද, ජපානයේද මොවුන්ගේ දිනය වූ මැයි 24 විශේෂ උත්සව, පෙරහැර පවත්වයි. අදුරට ඉතා ප්රිය කරන මොවුන් අතර නොයෙක් උගතුන්, සංගීත ශිල්පීන් , නළුවන් වැනි ප්රසිද්ධ අයද සිටිති.මොවුන් 1994-96 තැනු Crow horror movies,The color remake of of Nosferatu the Vampire වැනි චිත්රපටවල රගපෑමද, එසේම මොවුන්ගෙන් සෑදුනු ජනප්රිය සංගීත කණ්ඩායම්( Bauhaus, Siouxsie and the banshees, the sisters of mercy, Dead can dance) ද ඇත.
කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා 

Saturday, April 16, 2016

එඩ්වඩ් ටීච් නොහොත් බ්ලැක්බියර්ඩ්

#එඩ්වඩ්_ටීච්_නොහොත්_බ්ලැක්බියර්ඩ්


 එඩ්වඩ් ටීච් නොහොත් බ්ලැක් බියර්ඩ් යනු බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ඇමරිකා ජනපදවල නැගෙනහිර වෙරළේ ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි මුහුදු මංකොල්ල කරුවෙකි. ඔහු උපන්නේ 1680 දී එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී බවයි සැලකෙන්නේ..
 
   මොහු 1716 දී පමණ බෙන්ජමින් හෝනිගෝල්ඩ්ගේ නාවික කණ්ඩායමට බැදුණි. පස්සෙ කාලෙකදී හෝනිගෝල්ඩ් අල්ලගත්ත නැවක අණදෙන නිලදාරියා වශයෙන් එඩ්වඩ් ටීච්ව පත් කලේය. කාලයාගේ ඇවෑමෙන් හෝනිගෝල්ඩ් කොල්ලකාර ජීවිතයට විශ්‍රාම දීමට තීරණය කලේය. මෙයින් ටීච්ගේ පාලනයට තව නැවක් ලැබුනේය.( හෝනිගෝල්ඩ් ඇණදුන් නැව) ටීච් විසින් ප්‍රංශ වෙළෙඳ වැවක් අල්ලා ගෙන එය ක්වීන් ඈන්ස් රිවෙන්ජ් ලෙසින් යළි-නම්කොට, එහි කුවක්කු 40 ක් සවි කළේය.

  ඔහු බොහෝ ප්‍රසිද්ධ මුහුදු කොල්ලකරුවෙක් වූ අතර, ඔහුගේ විරුදනාමය ව්‍යුත්පන්න වී තිබුණේ ඔහුගේ ඝනට වැඩී තිබුණු කඵ රැවුළ සහ බිය උපදවන පෙනුම නිසාය; ඔහුගේ සතුරන් බියගැන්වීම සඳහා දැල්වූ ‍සේව නූල් තම තොප්පියට ‍යටින් සවි කර ගෙන සිටි බව කියැවේ. මුහුදු කොල්ලකරුවන්ගේ සන්ධානයක් පිහිටවූ ඔහු චාර්ල්ස්ටන්, දකුණු කැරොලයිනා වරාය වටලා අවරෝධ පැනවීය. එහි වැසියන්ගෙන් සාර්ථක ලෙසින් කප්පම් ලබා ගැනීමෙන් පසුව, ඔවුන් වෙතින් ක්වීන් ඈන්ස් රිවෙන්ජ් නැව, උතරු කැරොලයිනාවේ බෙයිෆර්ට්හී වැලි කන්දක ඇමිණිනි.

බොනට් හා පැවති ව්‍යාපාරික සම්බන්ධතාවයෙන් මිදුණු ඔහු, බච් නගරයේ පදිංචිවූ අතර, එහිදී ඔහු රාජකීය සමාවක් බාර ගත්තේය. එහෙත් යළි මුහුදු කොල්ලයේ යෙදීම ඇරඹූ ඔහු පිළිබඳ අවධානය වර්ජීනියාවේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ස්පොට්ස්වුඩ් වෙත ඇති විය. මුහුදු කොල්ලකරු අත් අඩංගුවට ගැනීම සඳහා සොල්දාදුවන් හා නාවිකයන් කණ්ඩායමක් පිළියෙල කිරීමට ස්පොට්ස්වුඩ් යුහුසුළුවූ අතර, 22 නොවැම්බර් 1718 වන විට එසේ කිරීමට ඔවුහූ සමත් වූහ. දරුණු සටනක් තුලදී, ලුතිනන් රොබට් මේනර්ඩ් විසින් මෙහෙයවුනු නාවිකයන් කුඩා බලකායක් විසින් ටීච් සහ ඔහුගේ පිරිස මරා දැමිණි.

සූර සහ කපටි නායකයෙකු වූ ටීච්, බලය යෙදීම බැහැර කොට, ඒ වෙනුවට ඔහුගේ බියජනක පෙනුම භාවිතා කොට ඔහු විසින් සොරකමට පාත්‍රවූවන්ගෙන් බලාපොරොත්තු වූ දේ ලබා ගති. සාම්ප්‍රදායික ක්‍රෑර මුහුදු කොල්ලකරුවෙකු ලෙස ඔහු වර්තමානයේ දැක්වීමට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, ඔහුගේ යාත්‍රා වලට අණ දීමේදී ඔහුගේ කාර්ය මණ්ඩලයේ සහය ඇතිව එය සිදු කල අතර, ඔහුගේ අත් අඩංගුවට පත්වූවන්හට හිරිහැර කල බවක් හෝ මරා දැමූ බවක් හෝ වාර්තා නොමැත. ඔහුගේ මරණයෙන් පසුව බහුමනට පාත්‍රවූ අතර මුහුදු කොල්කෑම-තේමා කර ගත් ප්‍රභේද කිහිපයක ප්‍රබන්ධ කෘතීන් සඳහා පෙළඹවීම් ඇති කිරීමට සමත් විය.
https://m.facebook.com/story.php?story_fbid=233853360308699&substory_index=0&id=182544492106253

Friday, April 15, 2016

ඇස් දහසක් ඇති මිනිසා

ඇස් දහසක් ඇති මිනිසා.

සර්ව බලධාරි දෙවියෙකු නොවූවද, ඔහුගේ නම කියූ පමණින් කුඩා දරැවෙකු පවා දන්නා මේ මිනිසා , මුළු ලෝකය පුරාම සිදුවන දේ ගැන දන්නා, එසේම මියගියත්, අදටත් එසේම ලෝකයේම තොරතුරැ එක ලෙසම  බෙදාහරින,නම ඇසූ පමණින් බලවතුන් පවා තිගැස්සෙන අමරණීය නමක් ඇති මේ පොදු ජන හිතවතා, අප කව්රැත් දන්නා " රොයිටර්" වේ.
1816 ජුලි 21 ජර්මනියේ කාසෙල්( Kassel) නගරයේ යුදෙව් ජාතිකයෙකුව උපන් බියෙර් ජෝෂප් නම් ඔහු වයස 28 දි කිතුදහම වැළද ගැනීමෙන් පසු ප්රේහර් පෝල් ජූලියස් රොයිටර් (Paul Julius Freiherr Von Reuter) නම් විය.
මියගියත් අදටත් අවදියෙන්
සිටින රොයිටර් ලෝකය පුරා සිදුවන දේ එක එල්ලේ අපේ සවනට ගෙනෙන ලොව ප්රධානතම ප්රවෘති සේවය අයිතිකරැවායි.
බැංකු සේවකයෙකු ලෙස ජීවිතය ආරම්භ කළ මේ මිනිසා, පසුව බර්ලින් හි පිහිටි පොත් සමාගමකට බැදුණි.එයින් ලද අත්දැකීම් පන්නරයක් කරගත් කරගත් , ඔහුට පහල වූ අදහසක් අනුව
පැරිස් නගරයට ගොස් පුවත්පතක් ආරම්භ කළේය. නමුත් මෙය සිතූ තරම් සාර්ඵක නොවීය. මෙකළ කම්බි මාර්ගයෙන් විදුලි පණිවුඩ ක්රමය , පැතිරෙමින් තිබූ අවධියයි. රොයිටර්ට මෙයින් අපූරැ සිතුවිල්ලක් පහල විය. පැරීසිය හා බ්රසල්ස් නුවරත්,බර්ලින් හා ආචේන් නුවරත් දක්වා ඇද තිබුණු විදුලි කම්බි මාර්ගයට වඩා වෙනස් ඉක්මන් වූ මාර්ගයක් පරෙවියන් යොදා ගනිමින් , ආරම්භ කළේය. වෙළද පොලේ භාණ්ඩ මිල හා කොටස් මිල ඇතුලත් ලියකියවිලි ගැට ගැසු පරෙවියන් රොයිටර්ගේ මුල් උත්සහායේදි ඉගිල ගියත්, විදුලි කම්බි ක්රමය තව දුරටත් ව්‍යප්ත වීම නිසා එයද අසාර්ඵක විය.
ඇතැමුන්ට රොයිටර්ගෙ ක්රියාව සිනහවට කාරණයක් වූ නමුත්, නොපසුබටවූ ඔහු,ලන්ඩනයට යාමට තීරණය කලේ, ලන්ඩනයේ සිට යුරෝපා රටවලට කේබල් මාර්ගයක් ඉදිකරමින් තිබූ අවදියේය.එහි ප්රසිද්ධ ගොඩනැගිල්ලක කාමරයක් කුලියට ගත් ඔහු 1851 වසරේ සිය කාර්යාලය විවෘත කල අතර , කුඩා ළමයෙකුගේ සහයෝගය ඇතිව වෙළදපොල තොරතුරැ සැපයීමෙන් සිය කටයුතු අරඹමින්, කලක් ඇවෑමෙන් නිවැරදි හා අපක්ෂපාති , ප්රවෘත්තිද යැවීමටද පටන්ගත් ඔහු, ව්‍යාපාරිකයන් අතර මහත් ජනප්රිය විය.එකල ඔහුට බොහෝ විවේචන එල්ල විය. නමුත් පසුබට නොවූ ඔහු, මුල් කාලයේ සේවය කලේ නොමිලයේය.
ක්රමයෙන් ඉතා ජනප්රියට පත් ඔහු ,නොමිලයේ සේවය නිම කරමින්, ඔහුගෙන් සේවාව ලබාගන්නා පුවත්පත් ආයතන වලින් මුදලක් අය කරන්නට විය.වැදගත් පුවත් හා පාඨකයන් ග්රහණය කරගන්නා පුවත් තෝරා බේරාගන්නට සහජ ඉවක් තිබූ ඔහු, පැරීසිය දක්වා තිබූ ලන්ඩන්විදුලි පණිවුඩ මාර්ගය, දවසේ වැඩි කලක් කුලියට ගෙන පුවත් යැවීය.
3වන නැපෝලියන් ප්රංශ පාර්ලිමේන්තුවේදි කරන කතාවේ පිටපතක් කල්තියා ලබාගත් රොයිටර්, එම කතාව ඉදිරිපත් කිරීමට පෙර බෙදාහැරීම නිසා 1859 පුවත් සේවවෙ නවතම පෙරළියක් ඇති කළේය.
ඇමරිකානු සිවිල් යුධ සමයේ, රහසේ පෞද්ගලික විදුලි පණිවුඩ සේවාවක් ඇරඹු මොහු වඩා ඉක්මන් පුවත් සේවාවක් සපයමින් වඩා ජනප්රිය විය. 1865 ඇමරිකානු ජනාධිපති ඒබ්රහම් ලින්කන් ඝාතනය කළ පුවත්, අන් සියළුම පුවත් ආයතන වලට පෙර වාර්තා කිරීමට හැකිවීමත්, අයර්ලන්තය ඔස්සේ ඇමරිකාවට විදුලි පණිවුඩ මගක් තනා ගැනීමට හැකිවීමත් ,ඒ වන විට ලොව සතර දික් භාගයේම රටවල් හා සබදතා පැවැත්වීමට හැකි වීම හා රොයිටර් නාමය පතල වීමත් එවකට ඔහු ලද ජයග්රහණයන්ය.
අන්තර්ජාතික වශයෙන් විවිධ සබදතා ඇති ඇති දැවැන්ත රොයිටර් පුවත් සේවය ආරම්භ. කළ මේ අපූරැ මිනිසා, මියයන්නට අවුරැදු 28 කට පෙර සියළු වරප්රසාද හා පහසුකම් ඇති වංශාධිපති ගෞරව නාමයෙන්ද, පිදුම් ලබුවේය. ඒවන විට ඔහු සිය කළමණාකාර තනතුරින් විශ්රාම ලබා, ඔහුගේ පුත් හර්බට් හට එහි කටයුතු පවරා තිබිණි.
මෙසේ නොපසුබට උත්සහයෙන් ක්රියා කළ මේ මිනිසාගේ පුවත් සේවය,මේවන විටද බිදළිය නොහැකි වාර්තා රැසක් තබා ඇත.
1962 ටෙල්ස්ටාර් චන්ද්රිකාවෙන් පුවත් හුවමාරැ කරගැනීමෙන් චන්ද්රිකා තාක්ෂණයටද පිවිසි රොයිටර් පුවත් සේවයෙන් සහය ලබන්නෝ සුළුපටු නොවේ.ලෝකයේ ඕනෑම වැදගත් සිද්ධියක් එසැනෙන් අප වෙත ගෙන එන රොයිටර්, නූතන තාක්ෂණයෙන්ද ඉදිරියෙන් සිටින ආයතනයකි.පූර්ණ කාලීන සේම පරිබාහිර පුවත් කලා වේදීන් විශාල ප්රමාණයක් සතු මේ ආයතනය පොදුවේ ඉංගිරිසියෙන්ද, තවත් භාෂා රැසක්( ප්රංශ, ජර්මන්, ස්පැනිෂ්, අරාබි ආදි) මගින් සිය සේවාව සපයයි.
ලෝකය පුරාම දෑස් විහිදුවා සිටින රොයිටර්, සිය දෑතින් මුළු ලොවම හසුරැවන අවස්ඵාද වෙයි. එම හේතුව නිසාම ඇතැම් ලෝක බලවතුන් ඔහු කෙරෙහි විමසිල්ලෙන් අදටත් සිටින්නෝය.එතරම්ම මේ මිනිසා ලෝකයට අත්‍යාවශ්‍යයය.
1899 පෙබ 25 වැනිදා මිය ගිය මේ මිනිසාව තවමත් විශ්වාස කරන අය අනන්තය අපමණය. ඔහුගේ ජනප්රියත්වය කොපමණද යන්න හොදම උදාහරණයයි, අනුන්ගේ ඕපාදුප සොයන අයට අප ලාංකිකයන් යොදන හාස්‍යජනක ගෞරවනීය නාමය" ගමේ රොයිටර්"😊😊😊. ලංකාවේ සෑම ගමකම, පෙදෙසකම මෙවන් "රොයිටර්" කෙනෙක් සිටී. 😊😊. එසේ හෙයින් රොයිටර් තවම මියගොස් නැත.

ලිපියේ මුල් කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...