Tuesday, March 28, 2017

යුද්ධයටම උපන් ස්පාර්ටා


මවිසින් අවසාන වරට දැමූ බ්ලොග් පෝස්ටුවට අදහස් දැක්වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තූතුවන්ත වන අතර මා සමඟ කතා කර මා අස්වැසූ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙමි. එම ලිපිය මවිසින් ඉවත් කලේ නැවත මා ලිවීමට ඉටාගත් නිසාවෙනි.

හොදයි. දැන් එමු මාතෘකාවට. ග්‍රීක පුර රාජ්‍යවල (City State) අධ්‍යාපනයේ පරමාර්ථය වූයේ දරුවන්ව රටේ පුරවැසියෙකු වීමට අවශ්‍ය වැඩිහිටි ක්‍රියාකාරකම් පුහුණු කිරීමයි. බොහෝ ග්‍රීක පුර රාජ්‍යවල කුඩා පිරිමි ලමයින් නිවසට වී වගාකටයුතු වලට සහය වී හා මාළු ඇල්ලීමේ කටයුතු වල නිරත වී සිටියහ. වයස අවු. 6 හෝ 7 පමණ වන විට ඔවුන් පාසැල් යාම ආරම්භ කලේය. ඇතැන්ස් හෝ වෙනත් පුරරාජ්‍යවල මෙන් නොව ස්පාර්ටා හි එදිනෙදා ජීවිතය හා අධ්‍යාපනය බොහෝ සෙයින් වෙනස් විය.


හමුදාමය පුර රාජ්‍යයක් වන ස්පාර්ටාහි අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වූයේ ඉතා දක්ෂ, හොද හැදියාවකින් යුත් හමුදා පුරවැසියන් බිහි කිරීමයි. ස්පාර්ටන් පිරිමි රාජ්‍ය වෙත ඉතා ලැදියාවකින් යුක්ත විය. ස්පාර්ටාහි පිරිමි ලමයින් වයස අවු. හත වන විට නිවස අතහැර විවිධ නිලධාරීන් විසින් පවත්වාගෙන යන කණ්ඩායමකට එක්විය යුතුය. එහිදී ඔවුන් අවු. 7 සිට 18 තෙක් තමන්ගේ පුහුණුවීමේ පාඨමාලාව සිදු කරයි.

  එහිදී එම ලමුන් පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් , බැරැක්ක තුල නිදියමින් තමන්ගේ සහෝදර සඟයක් සමඟ ජීවත් වෙයි. පාසලේදී ඔවුන්ට ජීවිත ආරක්ෂාවට අවශ්‍ය කුසලතා හා වීර සොල්දාදුවෙකු වීමර අවශ්‍ය සමහර කුසලතා ලබා දීම සිදු කරයි. පාසලේ ඇති පාඨමාලා ඉතා අමාරු හා වේදනාකාරී ඒවා විය. ශිෂ්‍යයන්ට ලිවීමට හා කියවීමට උගන්වනු ලැබුවත් පුරාණ ස්පාර්ටන්වරු එම කුසලතාවලින් එතරම් ඵලක් නොවන බව විශ්වාස කලේ ය.


පිරිමි ලමුන්ට ඇති තරම් ආහාරපාන ලැබුනේ නැත. එමනිසා අසුනිවන ලෙස ආහරපාන සොරකම් කිරීමට ඔවුන්ට උගන්වන ලදි. එසේ වුවද සොරකම් කර අසුවුවහොත් ඔවුන්ට පහර දෙන ලදි. ඔවුන් ඇවිද්දේ පාදයේ කිසිවක් නොමැතිවය, නිදාගත්තේ ඉතා තද ඇඳන්වලය, එමෙන්ම ජිම්නාස්ටික්, හෙල්ල විසිකිරීම්, කවපෙත්ත විසිකිරීම්, පිහිනීම් හා දඩයම් කිරීමෙහි ඔවුන් නිරත වූහ. ඔවුන්ව පුහුණු කලේ ඉතා තද විනයකට අනුව මෙන්ම ඔවුන්ගේ දඩුවම් ශාරීරිකව ඉතා පීඩාකාරී විය. වැඩිම වේදනාවක් ඉවසා සිටිය හැකි පුද්ගලයාට යම් ගෞරවයක් හිමි විය.

   වයස අවු. 18 දී ස්පාර්ටන් පිරිමි ලමුන් හමුදා කැඩෙට් නිලදාරියෙකු ලෙආ පත්වී යුධ කලාව ඉගෙනීම අරඹයි. වයස අවු. 20 දී ඔවුන් රාජ්‍ය හමුදාවට බැඳෙයි. එහිදී ඔවුන්ව යොදා ගන්නේ හදිසි අවස්ථාවකදී පමණි. එහි ඔවුන් වයස අවු. 60 ක් පමණ වනතුරු සේවය කරයි.
සාමාන්‍යයෙන් ස්පාර්ටන්වරු කියවීමෙන් එතරම් ඵලක් නිවන බව විශ්වාස කලේ ය. කියවීම, ලිවීම , සාහිත්‍ය හා එවැනි කලා විෂයයන් සොල්දාදුවෙකුට එතරම් ගැලපෙන්නේ නැතිබ්බව ඔවුන් විශ්වාස කලේ ය. එම නිසා එම විෂයයන් ඔවුන්ගේ අධ්‍යාපනයේ අන්තර්ගත නොවීය. එනමුත් සංගීතය හා නර්ථනය ඔවුන්ගේ අධ්‍යාපනයේ කොටසක් විය.


වයස අවු. 18 - 20 අතරතුර කාලයකදී සෑම ස්පාර්ටන් පිරිමි කෙනෙකුම ඉතාම අපහසු ශාරීරික යෝග්‍යතා, හමුදාමය කිසලතා හා නායකත්ව කුසලතා පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ. එම පරීක්ෂණය සමත් වීමට නොහැකි සියලු ස්පාර්ටන් පිරිමින් Perioikos බවට පත්වෙයි. ( Perioikos හෝ මධ්‍යම පාන්තිකයන්ට තමන්ගේ දේපලක් තබා ගැනීමේ අවසරයක් හා වෙළදාම් කිරීමට අවසර ඇත.එනමුත් ඔවුන්ට දේශපාලන අයිතිවාසිකමක් නොවූ අතර රටේ පුරවැසියන්ද නොවීය)
ඔවුන් එම පරීක්ෂණයෙන් සමත් වුවහොත් ඔවුන්ට පූර්ණන්පුරවැසිභාවය හීවන අතර ස්පාර්ටන් සෙබළෙක් බවටද පත්වේ. ස්පාර්ටන් පුරවැසියන්ට මුදල් අතපත ගෑමට අවසර නොවීය. මුදල් පිලිබද වැඩකටයුතු අයත් වූයේ මධ්‍යම පාන්තිකයන්ටය. ස්පාර්ටන් සෙබළු තම ජීවිත කාලයේ වැඩිහරියක් ගත කරන්නේ තම සහෝදර සෙබළුන් සමඟය.

ඔවුන් විවාහ ගිවිසගත්තද ඔවුන් බිරිද හා දරුවන් සමඟ සිටියේ නැත. ඔවුන් ජීවත් වූයේ බැරැක්ක තුලමය. ස්පාර්ටන්  පිරිමියෙකු වයස අවු. 60ක් වනතුරු හමුදා සේවයේ නිරත විය යුතුය. වයස අවු. 60 දී ස්පාර්ටන් සෙබලෙකුට විස්‍රාම ගොස් තම පවුල සමඟ ජීවත් විය හැකිය.


අනෙක් ග්‍රීක පුර රාජ්‍යයන් මෙන් නොව ස්පාර්ටාහි කාන්තාවන්ට සුපුරුදු කලා දැනුමට අමතරව යුධ පුහුණුවක්ද ලබා දේ. කාන්තාවන්ට නිවසින් පිට වීමට බලනොකරන ලදි. එනමුත් කාන්තාවන්ටත් පුහුණුවීම් සිදුකලේ පිරිමින්ට මෙනි. කාන්තාවනුත් දිවීම, පැනීම, හෙල්ලය විසි කිරීම, කවපෙත්ත විසිබ්කිරීම හා මල්ලවපොර වැනි ක්‍රීඩා සිදු කලහ. කාන්තාවනුත් වයස අවු. 6 හො 7 පමණ වන විට පාසල් යාම ආරම්භ කරයි. ඔවුන් නිදාගත්තේ, පුහුණුවීම් කලේ හා ජීවත් වූයේ ඔවුන්ගේ සහෝදරියන් සමඟ බැරැක්ක තුලය. කාන්තාවන්ටත් පාසල් වලදී යුධ හරඹ පුහුණුව ලබා දෙන ලදි.

සමහර ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ පරිදි එකල ස්පාර්ටාහි කාන්තා හා පිරිමි පාසල්වල එක හා සමානව උගන්වන ලද බවයි. මන්ද කාන්තාවන්ටත් පිරිමි ලමයින්ටව්මෙන් දැඩිව උගන්වන ලදි. ස්පාර්ටන්වරු විශ්වාස කලේ තරුණ ශක්තිමත් කාන්හාවන් ශක්තමත් දරුවන් බිහි කරන බවයි.


වයස අවු. 18 දී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කාන්තාවන් අසමත් වුවහොත් ඔවුන් ද Perioikos බවට පත්වේ. බොහෝ ග්‍රීක පුර රාජ්‍යවල කාන්තාවන් නිවස තුලට වී කාලය ගතකල යුතු විය. එනමුත් ස්පාර්ටාහි කාන්තාවන්ටඑසේ නොවුණි. ඔවුන්ට තමන්කැමති තැනකට යා හැකි වූ අතර තම නිදහස උපරිම ලෙස භුක්ති විදිය හැකි විය.

මූලාශ්‍ර :

Ancient Greece ( paragon book)

British Museum වෙබ් අඩවිය

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

ප.ලි. 
ස්පාර්ටා පිලිබඳ තවත් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

ඉහත ලිපිය ගැන ඔබගේ කුඩා හෝ අදහසක් ඉතා අගේකොට සලකමි...

අද ඉදන් මේ ලිපිත් එක්ක පොඩි විශේෂාංගයක් කරන්න හිතුනා. මේ ප්‍රශ්න වලට උත්තර දන්නවනම් කියමු බලන්න...

1) මේ ස්ථානය හදුනාගන්න.


2) ගුවන් ගමන් බලපත්‍රයකට ( පාස්පෝට් එකකට) හිමිකම් කියූ පාරාවෝ රජු කව් ද?

3) මේ පින්තූරෙ ඉන්න අයව හඳුනගන්න.








Friday, March 24, 2017

ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 2 කොටස

   ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 1 කොටස

ඉතා සංයමයෙන් ඉවසා සිටි පර්සියන්වරු අවසානයේ පහර දීම ආරම්භ කලේ ය. ග්‍රීකවරු මාර්ගය අවහිර කරමින් තිබූ තාප්පය පිටුපස සිට පර්සියන්වරුන්ට පහර දෙමින් තම ස්ථානය සුරක්ෂිත කලේ ය. මෙම මාර්ගය තරමක් පටු විය. මේ හේතුවෙන් පර්සියන්වරු අති විශාල ප්‍රමාණයක් සිටියද ඔවුන්ට එකවර ග්‍රීකයන්ට පහර දීමට නොහැකි විය. මෙය ග්‍රීකයන්ට ඉතා වාසිදායක විය. ග්‍රීකයන්ගේ හිස් ආවරණ , යුධ ඇඳුම් ආදිය ඉතාමත් ශක්තිමත් ද්‍රව්‍ය වලින් තනා තිබූ අතර පර්සියන්වරුන්ගේ එසේ නොවිනි. ග්‍රීකයන්ගේ යුධ ඇදුම් පමණක් නොව අවි ආයුධ ද පර්සියන්වරුන්ට වඩා දියුණු විය. ග්‍රීකයන්ගේ හෙල්ලවල් ඉතා දිගු වූයෙන් පර්සියන්වරු ලඟට පැමිණීමට පෙරම ඔවුන්ට පහර දී මරා දැමීමට ග්‍රීකයන්ට හැකිවිය.


ස්පාර්ටන්වරු මේ අතරතුර යුධ උපක්‍රම බොහොමයක් භාවිතා කලේ ය. එයින් එකක් නම් පර්සියන්වරුන්ට භියවී පලා යනවා යැයි පෙන්වා පර්සියන්වරු රවටා එකවර හැරී පහර දීමයි. මෙම උපක්‍රමයෙන් ස්පාර්ටන්වරුන්ට පර්සියන්වරු ඉතා විශාල ප්‍රමාණයක් මරණයට පත් කිරීමට හැකිවිය.


මෙසේ දින දෙකක් ගතවිය. පර්සියන්වරුන්ට ඉතා කුඩා ග්‍රීක හමුදාව පරාජය කිරීමට නොහැකි විය. එපමණක් නොව මේ වන විට අති විශාල පර්සියන්වරු ප්‍රමාණයක් ඉතා කුඩා ග්‍රීක හමුදාව විසින් මරණයට පත් කරන ලදි. මේ අතරතුර ග්‍රීකයන්ගේ වාසනාව කනපිට හැරීමේ සිද්ධියක් සිදු වුනි. එනම් ග්‍රීකයෙක් පර්සියානු රජුට ග්‍රීක හමුදාවේ රහස් පවසා තම ජාතිය පාවාදීමයි.


තර්මෝපයිලේ හි මාර්ගයට උඩින් කදු අතරින් අප්‍රකට මාර්ගයක් පැවතිණි. මෙම මාර්ගය දැන සිටියේ සාමාන්‍ය ග්‍රීක ජනතාව පමණි. මෙම මාර්ගයෙන් ගොස් ග්‍රීක හමුදාව පහරදෙන ස්ථානයට වටින් ගොස් ඔවුන්ගේ පිටුපසට පැමිණීමට හැකිවේ. එසේ කල විට ග්‍රීක හමුදාව ඉදිරියෙන් හා පසුපසින් කොටු වනු නියතයි.


අඳුර වැටුනු පසු පර්සියන් රජු තව හොදම සොල්දාදුවන් පිරිසක් රහස් මාර්ගයෙන් ග්‍රීකයන්ව කොටු කිරීමට යැව්වේ ය. තුන්වෙනි දින හිමිදිරිය වන විට තමන් පාවාදීමකට ලක්ව ඇති බව ග්‍රීකයන්ට අවබෝධ විය. තත්වය කෙසේ වුවත් අවසානය තෙක් සටන් කිරීමට ග්‍රීක හමුදාවේ නායකයා වූ ලියෝනයිඩස් තීරණය කලේ ය. ඒ මෙම සටන තමන් පරාජය වන බව හොදාකාරව දැන දැනය. තත්වය මෙසේ වන විට තම සඟයන්ට ඔහු පැවසුවේ හැකි අයුරින් පලා යන ලෙසයි. එසේ නමුත් ස්පාර්ටන්වරු පවසා සිටියේ ඔවුන් අවසානය තෙක් ලියෝනයිඩස් සමඟ සටන් කරන බවයි.


ඉන්පසු ස්පාර්ටන්වරු පලා යාම ප්‍රතික්ෂේප කල අනෙක් සුලු ග්‍රීක පිරිසත් සමඟ මාර්ග බාධකය වෙත ගියේ ය. මෙම ග්‍රීකයන් තම උපරිමයෙන් යුධ වැදුනු අතර පර්සියන්වරු අති විශාල ප්‍රමාණයක් මරණයට පත් විය. ග්‍රීකයන්ගේ අවි ආයුධ කැඩුණු විට ඔවුන් අතින් හා දත්වලින් පහර දුන් බව හෙරඩෝටස් පවසයි. මුහුණට මුහුණලා සටන් කර ජයග්‍රහණය ලබා ගත නොහැකි බව දැනගත් පර්සියන්වරු හී මගින් ඈත සිට පහර දී ග්‍රීකයන්ව සමූලා ඝාතනය කරන ලදි.



ලියෝනයිඩස් රජු මියගියේ හී වැදීමෙන් බව සදහන් වේ. යුද්ධයකින් පරාජය වන සතුරාට ගෞරවාන්විතව සැලකීම පර්සියන්වරුන්ගේ සිරිත විය. එනමුත් මෙම පරාජයෙන් ඉතා කෝප වූ Xerxes ලියෝනයිඩස් ගේ හිස කඳෙන් වෙන්කර කඳ කුරුසිපත් කරන ලෙස අණ කලේ ය.


ස්පාර්ටන්වරු සහ අනෙක් ග්‍රීක සෙබලු මියයන තෙක් සටන් කලේ ය. තර්මෝපයිලේ හි සටන පර්සියන්වරු ජයග්‍රහණය කලද ඔවුන්ට ග්‍රීසිය අල්ලා ගැනීමට නොහැකි විය. ස්පාර්ටන්වරුන්ගේ මෙම අප්‍රතිහත ධෛර්යය අනෙක් ග්‍රීක හමුදා උත්තේජනය කලේ ය.


පර්සියන්වරුන්ට විරුද්ධව ග්‍රීකයන්ගේ මූලික ආරක්ෂිත වීමට සැලැස්ම සකස් කරන ලද්දේ ඇතීනියානු දේශපාලනඥයෙක් හා හමුදාපති කෙනෙකු වූ Themistocles විසිනි. තර්මෝපයිලේ හි සටන් වැඳිය යුතු ස්ථානය තීරණය කලේද ඔහුය. සමස්ථයක් ගත් කල තර්මෝපයිලේ හි සටනේ සුවිශේෂීම තීරණයක් වන්නේ මෙයයි.
Themistocles 



ග්‍රීකයන්ව Ephialtes නම් පුද්ගලයෙක් පාවාදුන් බව ඉහත සදහන් කරන ලදි. මොහු තම මව්බිම පාවාදුන්නේ මුදල් හා දීමනා බලාපොරොත්තුවෙනි. කඳු අතරින් දිවෙන මාර්ගය පිලිබඳ ලියෝනයිඩස් දැන සිටි අතර ඔහු ෆොසියන්වරු 1000ක් එම මාර්ගය රැකවල් කිරීමට මුල සිට යොදා තිබිණි. එනමුත් ඔවුන් එතනින් ගියේ තම මව්බිම වූ ෆොසිස් පහර දීමට ලක්ව ඇති බව යන සාවද්‍ය තොරතුර නිසාවෙනි.


තමන් යුද්ධයෙන් පරාජය වන බව දැනගත් ලියෝනයිඩස් ග්‍රීකභමුදාවට හැකි අයුරින් පැන යාමට අවසර දෙන ලදි. තත්වය එසේ වුවත් අවසානය තෙක් සටන් කිරීමට ස්පාර්ටන්වරු 300ක්, තෙස්පියවරු 700ක්, තීබන්වරු 400ක් තීරණය කලේ ය. තර්මෝපයිලේ හි සටනේ අවසානය තෙක් සටන් කිරීමට රැදුනේ 300 දෙනෙක් පමණක් නොව 1400කට ආසන්න පිරිසකි.


ස්පාර්ටන්වරු යුධ ශිල්පයට මෙතරම් දක්ෂ වූයේ කෙසේදැයි සොයා බැලීම වටී. ස්පාර්ටන්වරුන්ගේ එදිනෙදා ජීවිතය හා මිලිටරි අධ්‍යාපනය ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය
British Museum වෙබ් අඩවිය
Ancient Greece ( paragon book)
The Histories ( John M. Marincola )

Tuesday, March 21, 2017

ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 1 කොටස

Zack Snyder විසින් 2007 දී නිපදවන ලද 300 චිත්‍රපටය ඔබ නරඹා ඇතැයි සිතමි. එම චිත්‍රපටයට පාදක වන්නේ පුරාතනයේ සිදුවූ තර්මෝපයිලේ හි සටනයි. චිත්‍රපටයේ ඉතිහාසයේ සඳහන් දෑට වඩා යම් යම් කොටස් එකතු වී ඇති බව මතක් කර සිටිමි. එනමුත් සාමාන්‍යයෙන් බොහෝ ඓතිහාසික සිද්ධි මුල්කරගත් චිත්‍රපට වල සිදුවන්නේ එයයි. මෙම සටනේ ග්‍රීකවරුන්ගේ නායකයා වන්නේ ස්පාර්ටා හි ලියෝනයිඩස් ය. ලියෝනයිඩස් රජු යනු කව්ද? තර්මෝපයිලේ හි සටනේ සිදුවූයේ කුමක්ද? යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ.


  ග්‍රීක ඉතිහාසඥයෙක් වූ හෙරඩෝටස්ට අනුව ලියෝනයිඩස් යනු ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජුගේ පලමු බිරිඳට දාව දරුවෙකි. බිරිඳගේ නම සදහන් නොවුවද ඇය රජුගේ ඥාතියෙකි. ලියෝනයිඩස් පලමු දරුවා නොවන අතර රජුගේ දෙවන බිරිඳ ක්ලියෝමෙනස් නම් දරුවාව වැදුවා ය. ඉන්පසු රජුගේ පලමු බිරිඳට ඩෝරියස් නම් දරුවා වැදුවාය. ඔහු ලියෝනයිඩස්ගේ වැඩිමහල් සොයුරා ය. ඩෝරියස් ඉපදී වැඩිකල් නොගොස් පලමු බිරිඳ ලියෝනයිඩස් ව ගැබ් ගත්තාය. ඒත් සමඟම ඇයට ක්ලියොම්බ්‍රොටස් ලැබුනාය. හෙරඩෝටස් පවසන අන්දමට ලියෝනයිඩස් සහ ක්ලියොම්බ්‍රොටස් නිමුන්නු යැයිද මත පවතී.


ලියෝනයිඩස්ට ස්පාර්ටා හි කිරුළ හිමි වූයේ ක්‍රි.පූ. 489 දී ය. රජුගේ තුන්වෙනි පුත්‍රයා වූ නිසා ලියෝනයිඩස්ට රජකම පිලිබඳ අදහසක් ඇති කර ගැනීමට නොහැකි විය. ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජු මියගිය පසු වැඩිමහල් පුත්‍රයා වූ ක්ලියෝමෙනස් ස්පාර්ටා හි රජකමට පත් විය. එනමුත් රජතුමා පිරිමි දරුවෙකු නොලබා මිය ගියේ ය. ඉන්පසු වැඩිමහල් පුත්‍රයා වූ ඩෝරියස් සිසිලිහි සටනකදී මියගියේ ය. එමනිසා ජීවත්ව සිටින දරුවන් අතරින් වැඩිමහල් පුත්‍රයා ලෙස ලියෝනයිඩස්ට රජකම හිමි විය. ලියෝනයිඩස් තම වැඩිමහල් සොයුරා වූ ක්ලියෝමෙනස්ගේ දියණිය වූ ගෝර්ගෝ විවාහ කර ගත්තේ ය.


ලියෝනයිඩස්ට ඉදිරියෙන් තිබුනේ පහසු කටයුත්තක් නොවේ. වසර කිහිපයකට පෙර පලමුවන ඩේරියස් රජු යටතේ පර්සියන්වරු ග්‍රීසිය ආක්‍රමණය කලේ ය. ඒ අයෝනියාහි පර්සියන් පාලනය පැවති කාලයේ පර්සියානු පාලනයට විරුද්ධව කැරලි ගැසීමට ඇතැන්ස් හා ඉරේට්‍රියා යන පුර රාජ්‍ය සහය දුන් බැවින් එම රාජ්‍යයන්ට පාඩමක් ඉගැන්වීමටය. ක්‍රි.පූ. 490 දී මැරතන් හි මෙම සටනෙන් ඇතැන්ස් පුර රාජ්‍යයට ජයග්‍රහණය අත් විය. එනමුත් වැඩිකල් නොගොස් ඩේරියස් රජු තම සියලු බලය යොදා නැවත පහර දීමට තැත් කලේ ය. එහෙත් ඩේරියස් රජු ග්‍රීසියට පහර දීමට ඉක්මන් වූයේ නැත. මන්ද ඒ වන විට පර්සියානු අධිරාජ්‍යයේ යම් යම් කොටස් වල කැරලි කෝලහාල ඇතිවූ බැවිනි. ඒත් සමඟම ක්‍රි.පූ. 486 පමණ වන විට ඩේරියස් රජු යුද්ධයක් අතරතුර මියයන ලදි. එමනිසා ඔහුගේ පුත්‍රයා වූ Xerxes රජකමට පත් විය. තම පියාගේ පරාජයට පලිය ගැනීමට ඉටා සිටි මේ පුත්‍රයා තම හමුදාව දිනෙන් දින ශක්තිමත් කිරීමට වග බලාගත්තේ ය. ක්‍රි.පු. 480 පමණ වන විට ඔහු සුවිශාල හමුදාවක් සාදා ගත්තේය. එහි එකසිය පනස් දහසක් ( 150000) මිනිසුන් හා නැව් 600 ක් අඩංගු විය. ක්‍රි.පූ. 480 අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල මොහු ග්‍රීසියට විරුද්ධව යුධ ප්‍රකාශ කලේ ය. තර්මෝපයිලේ හි සටන ලෙස හදුන්වන්නේ මෙයයි.


තර්මෝපයිලේ හි සටන යනු ග්‍රීසිය වෙත පර්සියන්වරුන්ගේ දෙවන ආක්‍රමණයේදී සිදුවූ සුප්‍රකටම සටන වූ අතර පුරාතන යුරෝපා ඉතිහාසයේ සිදුවූ සුප්‍රකටම සටන් වලින් එකකි. අන් සටන් මෙන් නොව මෙහිදී ග්‍රීකයන්ට අත් වූයේ පරාජයකි. මෙහිදී ග්‍රීක පුර රාජ්‍යයන්ගේ ඉතා කුඩා හමුදාව මෙහෙයවූ ස්පාර්ටාහි ලියෝනයිඩස් ගේ ක්‍රියාකලාපය කැපී පෙනුනි.


මෙම සටන සිදුවූයේ මධ්‍යම ග්‍රීසියේ කඳු අතර හා මුහුද අතර පටු පෙදෙසක් වූ තර්මෝපයිලේ හිදීය. ග්‍රීකයන්ගේ පැත්තේ සිටි ස්පාර්ටන් වරු 300 දෙනා ඉතා ප්‍රසිද්ධ වුවද ග්‍රීකයන්ගේ පැත්තේ සිටි එකම ග්‍රීකයන් ඔවුන් පමණක් නොවේ. ග්‍රීකයන්ගේ පැත්තේ අනෙක් ග්‍රීක පුර රාජ්‍ය වල යුධ භටයන්ද සිටියේ ය. හෙරඩෝටස් පවසන අන්දමට ග්‍රීකවරු 5000 ක් පමණ සිටියේ ය. වර්තමාන සොයා ගැනීම් අනුව සම්පූර්ණ ග්‍රීක බලඇණිය මිනිසුන් 20000 කින් පමණ සමන්විත විය.


ලියෝනයිඩස් යුද්ධයට යාමට පෙර ඔරකල් පැවසුවේ ඔහු යුද්ධයේදී මියයන බවයි. එමනිසා ස්පාර්ටන්වරුන් අතරින් දරුවන් සිටින පිරිමින් කිහිපදෙනෙක් ඔහු තෝරාගත්තේ ය. ඒ යුද්ධයෙන් පසු ඔවුන් මියගියහොත් පවුල ඉදිරියට ගෙන යාමට දරුවන්ට හැකි වන නිසා ය. පර්සියානුවන්ට එරෙහිව යුද්ධයේදී මූලිකත්වය ස්පාර්ටා පුර රාජ්‍යයට හිමිවූයේ පෙරදී ඔවුන් යුද්ධ වලදී දැක්වූ දක්ෂතාව හේතුකොටගෙනය.


  ග්‍රීකයන් ග්‍රීසියේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පටු පෙදෙසක් ආරක්ෂා කිරීම සඳහා යොදාගත්තේය. මෙම පෙදෙස තර්මෝපයිලේ ලෙස හැදින්වේ. මෙය ග්‍රීසියට උතුරින් පැමිණෙන මාර්ග වලින් එකකි.



පර්සියන්වරු පැමිණ කඳවුරු ගසා යුද්ධයෙන් තොරව දින කිහිපයක් සිටියේ ය. මේ අතරතුර් පර්සියන්වරුන්ගේ රජු වූ Xerxes පුද්ගලයෙක්ව රහසිගතව පිටත් කරේ ග්‍රීකයන්ගේ යුද්ධයට සූදානම්ව සිටින ස්ථානය දැනගැනීම සඳහාය. ඔහු නැවත රජු වෙත පැමිණ පැවසූ  දෙයින් රජු පුදුමයට පත් විය. එනම් ඉදිරියේ මාර්ගය හරස් කොට බැඳි තාප්පය ඉදිරිපිට ස්පාර්ටන්වරු 300 දෙනෙක් ව්‍යායාම් කරමින් යුද්ධයට සූදානම්ව සිටින බවයි. එම ස්පාර්ටන්වරු ඉතාමත් නිර්භීත බවත් ඔවුන් මියයන තෙක් සටනට සූදානම් බවද පැවසුවේ ය.



ඊළඟ කොටසින් හමුවෙමු.... ඊළඟ කොටසින් යුද්ධයේ ඉතිරි කොටස හා මෙම යුද්ධය පිලිබඳ සුප්‍රකට කරුණු වල ඇත්ත නැත්ත සාකච්ඡා කෙරේ...

අදහස් යෝජනා චෝදනා ඉතාමත් අගේකොට සලකමි.

ලිපිය සඳහා මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

British Museum වෙබ් අඩවිය 

Ancient Greece ( paragon book)

The Histories ( John M. Marincola )

Monday, March 13, 2017

ආදිකාලෙ ෆොටෝෂොප්

වර්තමානය වන විට සුප්‍රකට හා කුප්‍රකට පුද්ගලයන්ගේ ඔලු හා කඳවල් මාරු වී තිබෙන ඡායාරූප දැකගැනීමට ලැබීම සාමාන්‍ය දෙයකි. මේවාට තරමක දිගු ඉතිහාසයක් ඇත. මෙසේ සංස්කරණය වූ අතීත ඡායාරූප කිහිපයක් ගැන තොරතුරු දැක්වීම මෙම ලිපියේ අරමුණයි.


මුල්ම ඡායාරූප සංස්කරණය ලෙස සැලකෙන්නේ 1860 අවධියේදී ගන්නා ලද ඉහත ඡායාරූපයයි. මෙහි ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් වූ ඒබ්‍රහම් ලින්කන්ගේ මුහුණ සම්බන්ධ කර ඇත්තේ ඇමරිකාවේ හත්වෙනි උප ජනාධිපති වූ John C. Calhoun ගේ සිරුරටයි.


ඡායාරූප සංස්කරණ ඉතිහාසයේ මුල්ම අවධියේ ඡායාරූප අතරින් හොදම ඡායාරූප සංස්කරණය තෝරන්නට කිවහොත් ඉහත සංස්කරණය මුල් තැන ලබා ගන්නා බව නිසැකයි. උක්ත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමරිකාවේ 18 වෙනි ජනාධිපති වූ General Ulysses S. Grant  ඇමරිකානු සිවිල් යුද්ධය අවධියේ දී වර්ජීනියා හි දී ගන්නා ලද ඡායාරූපයකි (1864). පසු කාලීනව මෙය ඡායාරූප තුනක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් බව සොයා ගන්නා ලදි. ජෙනරල් ග්‍රාන්ට් ගේ ඡායාරූපයකින් හිස කොටස ලබා ගත් අතර අශ්වයා සහිත මිනිස් ශරීර කොටස ලබාගන්නා ලද්දේ මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් එම්. කුක් ගේ ඡායාරූපයක් ඇසුරෙනි. එසේම පසුබිම සපයා ගන්නා ලද්දේ වර්ජීනියාවේ Fisher's Hill හි සටනේදී අල්ලාගත් සිරකරුවන්ගේ ඡායාරූපයක් ඇසුරෙනි.


ඉතිහාසය මකා දැමීමටද ඡායාරූප සංස්කරණය භාවිතා කොට ඇත. උක්ත ඡායාරූපය එයට එක් උදාහරණයකි. ඉහත ඡායාරූපයේ ජෝසප් ස්ටාර්ලින් සමඟ සිටින පුද්ගලයාව 1930 වන විට එම ඡායාරූපයෙන් ඉවත් කර ඇත. එසේ ඉවත් කර ඇත්තේ ස්ටාර්ලින්ට ඔහු සමඟ විරසකයක් ඇති වූ නිසාවෙනි.


කලක් ගතවෙද්දි තමුන්ට අනවශ්‍ය පුද්ගලයන්ව ඡායාරූපවලින් පවා ඉවත් කල පාලකයන් සිට ඇත. මේ තවත් උදාහරණයකි. ඉහත ඡායාරූපයේ මාඕ සේ තුං සමඟ සිටින පෝ -කු ව 1936 දී ඡායාරූපයෙන් ඉවත් කරන ලදි. මොහු පෙරදී මාඕට ඉතා හිතවත් පුද්ගලයෙක් විය.



1937 දී ගන්නා ලද හිට්ලර් සිටින ඡායාරූපයක Joseph Goebbels ඉවත් කර ඇත. Goebbels යනු හිට්ලර්ට ඉතාමත් හිතවත් පුද්ගලයෙක් වූ අතර දෙවන ලෝක යුද්ධය අවසානයේ දී මේ දෙදෙනාම සිය දිවි නසා ගන්නා ලදි. කෙසේවෙතත් Goebbels ව උක්ත ඡායාරූපයෙන් ඉවත් කිරීමට හේතුව සිතා ගැනීමට අපහසු ය.


උක්ත ඡායාරූපයේ දැක්වෙන්නේ කැනේඩියානු අගමැති කෙනෙක් වූ William Lyon Mackenzie සමඟ  එලිසබෙත් රැජිණ හා හයවන ජෝර්ජ් රජ්ජුරුවන් ය. ඉහත කැනේඩියානු අගමැති තම ඡන්ද ව්‍යාපාර උදෙසා හයවන ජෝර්ජ් රජුව ඡායාරූපයෙන් ඉවත් කර එලිසබෙත් රැජිණ හා තමුන් පමණක් සිටින ඡායාරූපය යොදාගන්නා ලදි.




අභ්‍යවකාශයට ගිය පලමු කණ්ඩායම වූ රුසියානු ගගනගාමී කණ්ඩායමේ ඡායාරූපයක් ඉහත දැක්වේ. මෙය ඡායාරූපයට නංවන ලද්දේ 1961 වසරේදී ය. සත්‍ය වශයෙන්ම මෙම කණ්ඩායමේ සාමාජිකයන් 9 දෙනෙක් සිටියේ ය. එනමුත් Grigoriy Nelyubov ව කණ්ඩායමෙන් ඉවත් කරන ලද්දේ ඔහුගේ හැසිරීම හොද නැති බැවිනි. ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරනවාත් සමඟ ඡායාරූපයෙනුත් ඔහුව ඉවත් කරන ලදි.


බෙනිටෝ මුසොලිනි යනු ලොවක් හදුනන පාලකයෙකි. ඔහුට අශ්වයෙක්ව හරිහැටි පාලනය කරගත නොහැකි යැයි ජනතාව සිතාවි යැයි සිතා ඔහුගේ අශ්වයාව පාලනය කරන පුද්ගලයාව ඡායාරූපයෙන් ඉවත් කරන ලදි. මෙය 1942 ඡායාරූපයකි.



බටහිර ජර්මනියේ චාන්ස්ලර් වූ Willy Brandt , Leonid Brezhnew , කොමියුනිස්ට් පක්ෂයේ පලමු ලේකම් සමඟ මදුවිත බොමින් සුරුට්ටු උරමින් සිටින ඡායාරූපයක් ඉහත දැක්වේ. එනමුත් මෙය පත්තරේ පලවන විට මදුවිත බෝතල් හා සුරුට්ටු අතුරුදහන් කර ඇත.




1920 මැයි 5 වන දින ලෙනින් විසින් සෝවියට් හමුදාවට ප්‍රසිද්ධ දේශනයක් මොස්කව් හිදී ලබා දුන්නේ ය. මෙම ඡායාරූපයේ සිටින ලියොන් ට්‍රොස්කි සහ ලෙව් කාමෙනෙව් පසුකාලීනව ඡායාරූපයෙන් ඉවත් කර ඇත.


සෝවියට් හමුදා බර්ලීනයට පැමිණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල උඩ තම ධජය සවි කරන සුප්‍රකට ඡායාරූපය ඉහත දැක්වේ. එහි සිටින සෙබලුන් දෙදෙනාගේ අත් දෙකෙහිම ඔරලෝසු තිබී ඇත. එනමුත් ඔවුන් ජර්මනියට පැමිණෙම විට අතෙහි ඔරලෝසු තිබී නැත. Ogoniok සඟරාවේ මෙම ඡායාරූපය පලවන විට මේ කරුණ යම් ගැටලුවකට බලපාවි යැයි සිතා ඔරලෝසු අත් දෙකෙන් ගලවන ලදි.




1976 ඔක්තෝම්බර් මාසයේ ගන්නා ලද ඡායාරූපයක් ඉහත දැක්වේ. මෙහි දැක්වෙන්නේ මාඕ සේතුං මියගිය පසු ඔහුව සිහිකිරීමේ උත්සවයකදී ගන්නා ලද ඡායාරූපයකි. මෙහි මාඕට කෲර සංස්කෘතික විප්ලවයට සහය දුන් හතරදෙනා ( හතරදෙනාගේ කල්ලිය ලෙස හැදින්වේ) ඡායාරූපයෙන් ඉවත් කර ඇත.

මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

Daily News වෙබ් අඩවිය

https://www.google.lk/url?sa=t&source=web&rct=j&url=http://pth.izitru.com/&ved=0ahUKEwiM1rmVyNLSAhVFJpQKHbWJBa8QFgh2MA4&usg=AFQjCNGkQB1y8DPzm_grWGOk4fKq2n6ghQ&sig2=eOxBzbRNX7MZja4r584mZA

Saturday, February 25, 2017

බයිබලයෙන් එහා - 3 ( කුරුසිපත් කිරීමේ ඉතිහාසය )


කුරුසිපත් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෲර දඬුවම් ක්‍රමයකි. මෙම ක්‍රමය ලොව පුරා වඩාත් ප්‍රචලිත වූයේ ජේසුස්වහන්සේවත් මෙසේ කුරුසිපත් කිරීම නිසාවෙනි.

 1 Darius ( ක්‍රි.පූ. 522 - ක්‍රි.පූ. 486 ) රජුගේ කාලයේදී බැබිලෝනියාවේ නගරයක් පර්සියානු ආධිපත්‍යට පිටුපා ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුවේ ය. මෙය සිදු වූයේ ක්‍රි.පූ 522 - ක්‍රි.පූ. 521 අතර කාලයේදී ය.  Darius රජු මෙම නගරය නැවත අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කලේ ය. ඒ අනුව පර්සියන් වරු එම නගරයට පහර දුන්නේ ය. නගරයේ අයවලුන් නගරයේ දොරටු මාස 19ක් පුරාවට රැකගෙන සිටියත් පර්සියන්වරු අවසානයේ නගරයේ දොරටු හා බිත්ති බිඳ දැමුවේ ය. හෙරඩෝටස්ගේ ( ඉතිහාසයේ පියා ලෙස හැදින්වේ) වාර්තා අනුව Darius රජු මෙම නගරයේ ඉහල තනතුරු වල සිටි 3000 පමණ පිරිසක් කුරුසිපත් කරන ලදි. මන්ද මෙවැනි කැරලි කෝලහාල වලට දඩුවම එය බව දැන්වීමටය.



 ක්‍රි.පූ. 332 දී මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් Tyre ආක්‍රමණය කලේ ය. ඒ වන විට පර්සියන්වරු මෙම නගරය නාවික කටයුතු සඳහා මූලස්ථානයක් ලෙස යොදාගත්තේ ය. ඇලෙක්සැන්ඩර් රජුගේ හමුදාවට ජනවාරි සිට ජූලි දක්වා කාලයක් මෙම නගරය අල්ලා ගැනීමට ගියේ ය. පර්සියන්වරු මෙම නගරය අල්ලා ගත් පසු 6000 පමණ මිනිසුන් එදින ඝාතනය කල බව සදහන් වේ. මෙයින් 2000 පමණ මිනිසුන් මුහුදු වෙරලේ කුරුසිපත් කල බව සදහන්.

 පුරාණ රෝමයේ දඬුවම් ක්‍රම අතරින් කුරුසිපත් කිරීම යනු ප්‍රධාන දඬුවම් ක්‍රමය නොවේ. විශේෂ අවස්ථාවලදී පමණක් මෙම ක්‍රමය භාවිතා විය. සොරකම් කිරීම් හා කැරලි ගැසීම් වලදී වහලුන්ව කුරුසිපත් කරන ලදි. රෝමානු පුරවැසියෙක්ව කුරුසිපත් කලේ ඉතාමත් බරපතල චෝදනාවක් ඔහු වෙත එල්ල වුවහොත් පමණි. එනමුත් පසු කාලීනව මෙය වෙනස් වී කුඩා වරදක් කල අයවලුන්වත් කුරුසිපත් කරන ලදි.

 ස්පාර්ටකස් නම් රෝමානු වහලෙක් Capua හි පිහිටි ග්ලැඩියේටර් පුහුණු කඳවුරකින් තවත් වහලුන් 78 දෙනෙක් සමඟ පැන ගියේ ය. මොහු පැනගොස් තවත් වහලුන් එකතුකරගෙන විශාල හමුදාවක් සාදාගෙන රෝමානු රජයට විරුද්ධව කැරලි ගැසුවේ ය. කෙසේවෙතත් අවසානයේ රෝමානු ජෙනරාල්වරයෙක් වූ Crassus විසින් මෙම කැරැල්ල මර්ධනය කලේ ය. ස්පාර්ටකස්ව ඝාතනය කලේ ය. එමෙන්ම රෝමානු ඉතිහාසයේ විශාලතම කුරුසිපත් කිරීමේ සංහාරය සිදුවිය. රෝමයේ සිට Capua දක්වා මාර්ගයේ එක දිගට මිනිසුන් 6000 කට අධික ප්‍රමාණයක් කුරුසිපත් කරන ලදි.


 කුරුසිපත් කිරීම ජුදෙව් ජාතීන් දඩුවම් දුන් ක්‍රමයක් බව බයිබලයේ සදහන් නොවේ. එනමුත් ජුදෙව් වාචික සම්ප්‍රදායට (මිෂ්නා) අනුව එල්ලා මැරීම් සිදු කර ඇත. ක්‍රි.පූ. 126 - 76 දක්වා කාලයේ සිටි Alexander  Jannaeus විසින් ජුදෙව් දේශපාලනික සතුරන් 800 පමණ කුරුසිපත් කල බව සදහන් වේ.

 කුරුසිපත් කිරීමේදී අතට ඇණ ගසා ඇත. බයිබලයේ සදහන් වන ආකාරයට ජේසුස්වහන්සේගේ අල්ලට මෙම ඇණ ගසන ලදි. එනමුත් අල්ලට ඇණ ගැසුවානම් ශරීරයේ බර එයට දරා සිටිය නොහැකියි. එමනිසා ඇණ ගැසුවේ අතෙහි වළලුකරට බව පොදු පිලිගැනීමයි. ඒත් සමඟ අත ලණු වලින් ගැට ගසා ඇත. බයිබලයේ උක්ත සදහන් කල කරුණ පරිවර්තන දෝෂයක් බව බයිබල් විශාරදයන්ගේ මතයයි. එමෙන්ම අලුත් ගිවිසුමේ ශුභාරංචි පොත් අතරින් මුලින්ම ලියැවුනු කෘතිය වූයේ මාක් තුමාගේ ශුභාරංචියයි. මෙය ලියැවුනේ ක්‍රි.ව. 60 - 70 අතර කාලයේදී ය. මේ වන විට ජේසුස්වහන්සේ මියගොස් වසර 30 ක් පමණ වේ. එමනිසා නිසැකවම ඇණ ගැසුවේ අල්ලටද යන වග ඔවුන්ට පැවසීමට නොහැකි වීම සාමාන්‍ය කාරණාවකි. ජේසුස්වහන්සේ කුරුසිපත් කරන විට උන්වහන්සේගේ ගෝලයෝ එකා මෙන් නොව බියෙන් විසිරී සිටියේ ය. එනමුත් පසුකාලීනව මොවුන් එක්වී ධර්මය ප්‍රචාරය කරන ලදි. එමනිසා ජේසුස්වහන්සේගේ අල්ලටම ඇණ ගැසූ බව පැවසිය නොහැක. මෙම ඇණයක් 11.5 cm පමණ විය.



 කුරුසිපත් කිරීමට එකල සම්මත ක්‍රමයක් නොවීය. කුරුසිපත් වන පුද්ගලයා විසින් කුරුසිය තමන් කුරුසිපත් කරන ස්ථානය වෙත රැගෙන යා යුතු විය. එනමුත් සමහර ඉතිහාසඥයන් පවසන පරිදි සම්පූර්ණ කුරුසියම උසුලාගෙන යා යුතු නොවීය.

  කුරුසිපත් කිරීම සඳහා බොහෝවිට යොදාගත්තේ දැවවලින් තමන ලද කුරුසියකි. මෙහිදී ලණු වලින් අත් හා පය ගැටගසා අතට ඇණ ගැසුවේ ය. විටෙක කකුල්වලටත් ඇණ ගැසුවේ ය. මරණය වේගවත් කිරීමට සමහර අවස්ථාවලදී මොවුන් එල්ලන පුද්ගලයාගේ කකුල් කඩන ලදි. මෙම ක්‍රමයේදී ක්ෂ්ණික මරණයක් අත් නොවේ. ක්‍රම ක්‍රමයෙන් විදවමින් මැරෙයි. පුද්ගලයා කුරුසිය මත සිටිනා විට මියගියේද නැද්ද යන්න දැන ගැනීමට සිරුරට ඇන බලයි. ජේසුස්වහන්සේ ද මියගියේද නැද්ද යන වග දැන ගැනීනට රෝමානු සොල්දාදුවෝ හෙල්ලයෙන් බඩට ඇන බැලූ බව දැක්වේ. කුරුසිපත් කිරීමේදී කකුලට ඇන ගසන ලද්දේ කකුල දෙපැත්තට සිටින ලෙසටයි.



 මෙම දඬුවම් ක්‍රමයේදී විටෙක තනි කනුවක් පමණක් යොදාගෙන ඇත. තවත් විටෙක X හෝ Y හැඩය ආකාරයටද T ආකාරයටද කනු සකස් කර ඇත. ටයිටස් විසින් ජෙරුසලම යටත් කරගත් පසු ඔහු කැරලි ගැසූ පුද්ගලයින්ව කුරුසිපත් කර ඇත. ඔහුගේ වාර්තා වල සදහන් වන ආකාරයට කුරුසි විවිධ හැඩයන්ගෙන් යුක්ත වූ අතර විටෙක මිනිසුන්ව මුනින් අතට තබා කුරුසිපත් කර ඇත. බයිබලයේ නව ගිවිසුමෙහි ජේසුස්වහන්සේව කුරුසිපත් කල කුරුසියේ හැඩය ගැන නිශ්චිතව සඳහන් නොවේ. එනමුත් ක්‍රි.ව. 100 පමණ වන විට ලියැවුනි ලියවිලි වල මෙහි හැඩය T (ග්‍රීක් අකුර Tau) බව සදහන් කර ඇත.



හඳවතේ ක්‍රියාකාරීත්වය නතර වීම, අධික රුධිර වහනය නිසා ඇතිවන කම්පන, හෘද ස්පන්දනයේ රිද්මයනොමැති වීම, පෙනහළු වල රුධිර නාල අවහිර වීම හා ආම්ලිකතාව නිසා පුද්ගලයෙක් මියයයි. මියයාම වේගවත් කිරීමට බොහෝ විට කකුල් කඩයි.


 ජුදෙව් ඉතිහාසඥයෙක් වූ ජෙසෙෆස් හා අනෙකුත් මූලාශ්‍ර වල රෝමානුවන් සිදු කල දහස් ගනන් කුරුසිපත් කිරීම් ගැන සදහන් කරයි. එනමුත් පුරාවිද්‍යාත්මකව ඒ පිලිබඳ සොයාගැනීම් ඇත්තේ අල්ප වශයෙනි. එනමුත් එය පුදුම විය යුතු කරුණක් නොවේ.මන්ද එකල පුද්ගලයෙක්ව කුරුසිපත් කල විට ඔහුගේ ශරීරය දිරන තෙක් කුරුසිය මත තබයි. විශේෂ අවසරයකින් පමණක් එල්ලන ලද පුද්ගලයාගේ පවුලට සිරුර රැගෙන ආගමික වතාවත් සිදුකොට භූමිදාන කිරීමට ඉඩ ලබා දෙන ලදි.


ජපානයට කුරුසිපත්කිරීම් හදුන්වා දී තිබෙන්නේ සෙන්ගොකු අවධියේදී ය. එනම් ක්‍රි.ව. 1467 - 1573 අතර කාලයේදී ය. මීට සමාන හරිත්සුකේ නම් නම් ක්‍රමයක් කමකුරා අවධියේදී ජපානයේ භාවිතා වී ඇත. 1597 දී ජපානයේ නාගසාකි වලදී ක්‍රිස්තියානි පුද්ගලයන් 26 දෙනෙක් කුරුසිපත් කර ඇත. ඒ අතර සාන්තුවරයන් කිහිපදෙනෙක් සිට ඇත.

 පලමු ලෝක යුද්ධ අවධියේදී ජර්මානු සෙබලින් විසින් කැනේඩියානු පුද්ගලයින්ව කුරුසිපත් කර ඇත.

 සෞදි අරාබියේදී කුරුසිපත් කිරීම නීත්‍යානුකූලය. එසේ කුරුසිපත් කල අවස්ථා ගනනාවක් ඇත. එනමුත් අතීතයේ භාවිතා කල ක්‍රමයටම කුරුසිපත් කරන්නේ නැත. කුරුසිපත් කර දින තුනක් යනතෙක් ජීවත් වුවහොත් ඔහුට ජීවිත දානය ලැබේ.

රෝමයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යාගේ කාලයේදී ( ක්‍රි.ව. 272 - 337 ) ක්‍රිස්තියානු ආගම නීත්‍යානුකූල ආගමක් බවට පත්විය. මේත් සමඟම කුරුසිපත් කිරීමද තහනම් කෙරුණි

මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය, liatverse වෙබ් අඩවිය,  ශුභාරංචි හතර පිලිබඳ අධ්‍යනයක් ( ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ප්‍රකාශනයක් )

වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතාට බොහොමත්ම ස්තූතියි .

Thursday, February 23, 2017

සාර් පවුලේ දුක්ඛිත අවසානය

යුරෝපයේ මෙතෙක් සිටි පොහොසතුන්ගෙන් කෙනෙක් වන මොහු මියයන විට භූමියෙන් පවුම් කෝටියක් ( වර්තමාන මුදලින් ඩොලර් මි.600 ඉක්මවයි) , දියමන්ති හා මුතුමැණික් වලින් පවුම් 16000 (වර්තමාන මුදලින් ඩොලර් මිලියනයක් පමණ) ක වත්කම් වූ අතර මසකට පවුල් දෙලක්ෂයක් ( ඩොලර් මි.12 අධික) පමණ උපයමින් සිටියේ ය.  මොහුගේ හා මොහුගේ පවුලේ උදවියගේ මරණය ඛේදවාචකයකින් අවසන් විය. මොහු නමින් රුසියාවේ අවසන් සාර් රජු වූ දෙවන නිකලස් සාර් ය. 1905 රුසියානු විප්ලවය කෲර ලෙස මර්ධනය කිරීමත්, රුසියානු ජපන් යුද්ධයට මඟ පෑදීමත්, ඔහුගේ සමයේදී රුසියානු අධිරාජ්‍ය බිඳ වැටීමත් නිසා අවසානයේ ඔහු අපකීර්තියට පත් විය.


  1917 දී මොහුගේ හමුදාවන් යුද්ධ කිරීම ප්‍රථික්ෂේප කලේ ය. 1917 මධ්‍යම රාත්‍රියට පෙර රුසියානු රජුගේ පෞද්ගලික දුම්රියේ අමුත්තන්ගේ කාමරයේ ජෙනරාල්වරුන්ගේ රැස්වීමක් විය. මෙහිදී රජු රජකම අත්හැරිය යුතු බව දැනුම් දෙන ලදි.
මේ පුවත ඇසූ සාර් රජු මහත් කම්පනයකට පත් විය. තමන් කල යුත්තේ කුමක් දැයි සිත සිතා රාත්‍රියේ නිදාගන්නට ගියද නින්ද ගියේ නැත. ශේක්ස්පියර්ගේ කෘති කියවීමට බෙහෙවින් ලැදි කමක් දැක්වූ හෙතෙම ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍ය කියවමින් මුළු රැයම ගත කලේ ය.

පසුදින උදෑසන ඔහු තම කිරුළ අත්හැරීමේ ලිපිය ලිව්වේය. ඒ සාමාන්‍ය මිනිරන් පැන්සලකිනි. ඔහුගේ ලිපියේ ඔහු මෙසේ සදහන් කලේ ය.

"...දෙවියන්ට ස්තූති වේවා. මට හැමදාම කරන්න වුවමනාව තිබුණු දේ දැන් මට කරන්න පුලුවන්. මට ක්‍රිමියාවේ මගේ ගෙදරට ගිහින් මල් වවන්න පුලුවන්... "

කෙසේවෙතත් සාර් රජුගේ මෙම සිහිනය සිහිනයක්ම විය.

විප්ලවාදීන් විසින් සාර් රජු හා ඔහුගේ පවුලේ උදවියව අවසාන කාලයේ රඳවා තැබුවේ උරාල් කඳු වැටිය පාමුල තිබූ කාමර දෙකකින් යුත් කුඩා නිවෙසකය. ඔවුන්ට ලබා දුන්නේ කුලීකරුවන්ට ලබා දෙන ආහාර ය. සීනි, කෝපි, ලුණු හෝ බටර් ආහාරයට ගැනීම තහනම් විය. ඔවුන්ට ආහාර ගැනීමට සිදු වූයේ දිනකට දෙවරක් ලබා දෙන පාන් කැබලි හා උකු එළවළු සුප් පමණි.


නිවසේ කවුළු විවෘත කිරීම තහනම් විය. එමනිසා ඔවුන්ට පිටත බැලීමට නොහැකි විය. එක් දිනක් බාලම කුමරිය වන ඇනස්ටේසියා විසින් පිරිසිදු වාතය ටිකක් ලබා ගැනීම උදෙසා කවුළුව ඇරියේ ය. එහි ප්‍රථිපලය වූයේ සොල්දාදුවෙක් විසින් ඇයට වෙඩි තැබීමයි. ඔවුන්ට උද්‍යානයේ දිනකට විනාඩි පහක් ඇවිඳීමට අවසර ලබා දුනි. අනාගත උරුමකරු වූ ඇලෙක්සේයි නිකොලොව්ච් අසනීප වී සිටි බැවින් මොහුට ඇවිදීමට නොහැකි විය. මේ වන විට මොහුගේ වයස අවු. 13 කි.


මුර සෙබළු අඩ නිරුවතින් සැරසී සාර් පවුලේ දියණියන් ඉදිරියේ අශ්ශීල ලෙස හැසිරුණේ ය. මොවුන් සාර් අධිරාජිණියගේ සාක්කු සටහන් පොතක් උදුරා ගෙන එහි තිබූ මුදල් ලබා ගත්තේය.
සාර් රජු නිහතමානී , කරුණාවන්ත පුද්ගලයෙකු වූ අතර මේ ගැන කිසිවෙකුට පැමිණිලි කලේ නැත. එනමුත් ඔහුගේ බිරිද මේ ගැන නිතරම දොස් නැගුවාය.

1918 ජූලි 16 වන දින මැදියම් රැයෙන් පසු සෙබලුන් විසින් සාර් රජු ඇතුලු පවුල නින්දෙන් අවධි කලේ නගරයේ කැරලි කෝලහාල පටන්ගෙන ඇති බවයි. එමනිසා වහා සූදානම් වී පහල බිම් ගෙය වෙත යා යුතු බව පැවසුවේ ය.


මොවුන් බිම්ගෙය වෙත ගිය පසු සෙබලුන් කිහිප දෙනෙක් කෑ ගසාගෙන ආවෙව් ය. ඔවුන් පැවසුවේ සාර් රජුගේ හිතවතුන් කිහිප දෙනෙක් ඔහුව බේරාගැනීමට උත්සහ කල බවත් එය අසාර්ථක වූ බවත් ය. එමනිසා මෙම සුබලු සාර් රජුව හා පවුලව මරණ බවද පැවසුවේ ය.

ක්ෂණිකව සෙබළෙක් සාර් රජුගේ හදවත පසාරු කරගෙන යන පරිදි වෙඩි තැබුවේ ය. ඒත් සමඟම කාන්තාවන්ට වෙඩි තැබීමට පටන් ගත්තේය. තම ඇඳුම් අස්සේ දියමන්ති තිබූ බැවුන් සමහර වෙඩි උණ්ඩ වලින් ඔවුන් බේරුණේ ය. කෙසේවෙතත් අවසානයේ සෙබලුන් සාර් පවුලේ සියලුම දෙනාට පහර දී ඝාතනය කලේ ය. මේත් සමඟම මල සිරුරු අසලට පැමිණි බල්ලන්ටද සෙබලුන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි. මොවුන් රාජකීය සිරුරු කපා පෙට්‍රල් දමා ගිනි තැබූහ. ඉතිරි කොටස් පැරණි පතලකට දැමුවේ ය.


දින කිහිපයකට පසු සිරුරු පිලිස්සූ තැන් වල අළු අවුස්සා බැලූ සෙබලුන්ට ගල් කැට කිහිපයක් හමුවිය. ඒවා දියමන්ති හා රතු මැණික් කැටය. සාර් අධිරාජිණිය ඒවා තම ඇඳුමේ වාටියේ සඟවා ගෙන සිට ඇත.


මෙම සමූල ඝාතනය අලුතෙන් පිහිටවූ රුසියානු රජයේ නිල කාර්යයක් නොවේ. සෝවියට් රජය සාර් පවුල ඝාතනයට සම්බන්ධ විප්ලවාදීන් රාශියක් අත් අඩංගුවට ගත් අතර ඉන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදි. මෙම ඝාතන හුදෙක් ලේ පිපාසිත දිප්ලවාදීන් කිහිපදෙනෙක්ගේ ක්‍රියාවක් විය. 

මූලාශ්‍ර : Wikipidia , little known facts about well known people( Dale Carnegie) , dailymail 

Monday, February 20, 2017

ඔපරේෂන් බේබි ලිෆ්ට්


 ඔපරේෂන් බේබි ලිෆ්ට් යනු වියට්නාම් යුද්ධය අවසාන කාලයේ දකුණු වියට්නාමයෙන් ඇමරිකාව හා වෙනත් රවල්වලට ( ඔස්ට්‍රේලියාව, ප්‍රංශය හා කැනඩාව ඇතුලු ) වියට්නාමයේ මව් පියන් අහිමි වූ අනාථ දරුවන් ඉවත් කර ගැනීමට කරන ලද මෙහෙයුමකි. වියට්නාමයේ අනාථ දරුවන් කීවද මෙහි ඇමරිකානු පුරවැසියන්ගේ දරුවනුත් සිටියේ ය.



 මෙය සිදුවූයේ 1975 වසරේ අප්‍රේල් 3 සිට 26 වනදා දක්වා අතර කාලයේදී ය. කෙසේ හෝ අවසන් ගුවන්යානය දකුණු වියට්නාමයෙන් පිටත් වන විට දරුවන් 10,300 ක ප්‍රමාණයක් මුදාගෙන අවසන් වී තිබුණි. (මෙම අගය විවිධ වාර්ථා වල විවිධ වන බැවින් සුළු වශයෙන් මෙම අගය වෙනස් විය හැකි බව සලකන්න)



 Operation Babylift සමඟම ගිය මෙහෙයුමක් වූ Operation New Life මගින් වියට්නාමයේ සරණාගතයින් 110,000 පමණ වියට්නාමයෙන් ඉවත් කරගන්නා ලදි. රටෙන් ඉවත් කරගත් දරුවන් ලොව පුරා වෙසෙන විවිධ පුද්ගලයින්ට හදාවඩා ගැනීමට ලබා දෙන ලදි.


 වියට්නාමයේ සයිගොන් නගරයට 1975 අප්‍රේල් මස 3 වන දින ප්‍රහාර එල්ල වූ විට එවකට ඇමරිකානු ජනාධිපති වූ ජෙරල්ඩ් ෆෝඩ් පැවසුවේ සයිගොන් හි සිටින අනාථ දරුවන්ව ගුවන්යානා 30කින් වියට්නාමයෙන් ඉවත් කරගන්නා බවයි. මේ සදහා යොදාගත්තේ C-5A galaxy සහ C-141 Starlifter වර්ගයේ බඩු ප්‍රවාහනය කරන ගුවන්යානා ය.


 මෙම ක්‍රියාදාමය සදහා ඇමරිකානු රජයට සහය වූ විවිධ සංවිධාන වන්නේ:


  • Holt International Children's Services
  • Friends of Children of Viet Nam (FCVN)
  • Catholic Relief Service
  • International Orphans
  • Pearl S Buck Foundation
 මෙම මෙහෙයුමේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් වූයේ මෙහෙයුමට අනුව පිටත් වූ පලමු ගුවන්යානය අනතුරට ලක් වීම යි. මෙම අනතුරෙන් 153 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ඒ අය අතුරින් 76 දෙනෙක් ලදරුවන් ය.  

 ඇමරිකානු ව්‍යාපාරිකයෙක් වූ Robert Macauley විසින් Boeing 747 සහ Pan Am  ගුවන් සේවය මෙම මෙහෙයුමට ලබා දුන්නේ සතියකට වඩා මෙම මෙහෙයුමට කාලය ගත වන බව දැනගත් බැවිනි. මන්ද එවිට අවශ්‍ය ප්‍රමාණයට මිලිටරි ගුවන්යානා නොතිබූ බැවිනි.
























 මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය . පින්තූර සියල්ල අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදි. 

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...