"උඹනම් හෙට්ටියෙක්ම තමා" යැයි ලෝබ තැනැත්තන්ට කියනවා අපි නිතර අසා ඇත්තෙමු. කොළඹ 'හෙට්ටි වීදිය' ගැනත් අපි අසා ඇත්තෙමු. මේ හෙට්ටියා කියන්නේ කව්ද? මේ ලිපිය ඒ සදහායි.
චෙට්ටියාර්වරුන්, සෙට්ටි, චෙට්ටි හා සේති ආදී නම් වලින් මොවුන් හදුන්වති. එහෙත් ලංකාවේ අපට මොවුන් හෙට්ටි ය. මොවුන් පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ මදුරෙයි වලට ආසන්නව පිහිටි චෙට්ටිනාද් ප්‍රදේශයෙනි. එහි ගම් 75ක් තිබේ. චෙට්ටියාර්වරුන් වාණිජ ජන කොටසක් ලෙස සාර්ථක වූයේ දහය හා එකොළහ යන සියවස් වල බලයට පැමිණි චෝල අධිරාජ්‍යයේ දී හා දහතුන් වන සියවසේ දී බලයට පැමිණි පාණ්ඩයන් යටතේ දීය. මුදල් පොලියට දෙන්නන් ලෙස මොවුන් ඉතා ප්‍රකටව සිටියේය. එබැවින් වෙළෙන්දා යන අර්ථය ඇති වනික්කාර් යන නමින් මොවුන් හදුන්වා ඇත. මොවුන් වාණිජ ජන කොටසක් බැවින් නගරබදව ජීවත් වීමට ප්‍රියතාවයක් දක්වයි. එමනිසා නගරබදව වාසය කිරීමට ප්‍රිය කරන යන අරුත ඇති නගරාතර් යන නමින්ද මොවුන්ව හදුන්වා තිබේ.
මෙම චෙට්ටියාර්වරුන් ව පසු කලෙක 'දකුණු ඉන්දියාවේ යුදෙව්වන්' ලෙස හදුන්වා ඇත. එසේ හදුන්වා ඇත්තේ මුදල් පොලියට දීම පාරම්පරික වෘත්තියක් කරගත් සමහර යුදෙව් ජන කොටස් නිසාවෙනි. මෙම හෙට්ටීන්ගේ ලංකාගමනය ගැන පැහැදිලිව සටහන් වන්නේ ලන්දේසි යුගයේ දීය. එනම් ක්‍රි.ව. 1656 සිට ක්‍රි.ව. 1796 දක්වා කාලයන් වලදීය. එහෙත් ලන්දේසීන් තම වෙළද අධිකාරිය කිසිවෙකුටවත් පැවරුවේ නැත. එය ඔවුන් විසින්ම තබා ගත්තේය. මේ හේතුවෙන් ලන්දේසි යුගයේදී හෙට්ටීන්ට ලංකාවේදී සාර්ථක වීමට හැකියාව ලැබුනේ නැත. එහෙත් ඉංග්‍රීසීන්ගේ කාලයේ දී ඔවුන් වෙළද ඒකාධිකාරිය තමන් සතුවම තබා නොගෙන නිදහස් වෙළදාමට ඉඩ ලබා දුන්නේය. මෙයින් හෙට්ටීන් ප්‍රයෝජන ගත්තේ ය. ඔවුන් ලංකාවට අමතරව බුරුමය, සිංගප්පූරුව, සුමාත්‍රා, වියට්නාමය, මුරුසිය හා දකුණු අප්‍රිකාව ආදී රටවල් වලට වෙළදාම උදෙසා සංක්‍රමණය විය.
හෙට්ටීන් ලංකාවට පැමිණීමට මූලික හේතුව වූයේ මුදල් ඉපයීමයි. ඒ සදහා ඔවුන් මුදල් පොලියට දීම, රන් භාණ්ඩ උකස් ගැනීම, සහල් රෙදිපිලි හා මුතු ආදිය මිලට ගැනීම සිදු කළේය. ලංකාවේ ප්‍රථම වාණිජ බැංකුව වූයේ ලංකා බැංකුව යි. එය 1841 වසරේදී ආරම්භ විය. එය ආරම්භ වීමට ප්‍රථම බැංකුවෙන් සිදුවිය යුතු ණය දෙන කටයුතු සිදු කලේ හෙට්ටීන් විසිනි. මේ නිසා ඔවුන්ව 'බැංකු වෙළෙන්දෝ' යන නමින් ද හැදින්වීමට පටන් ගත්තේය. බැංකු ආරම්භය නිසා හෙට්ටීන්ගේ ව්‍යාපාර වල පසුබැස්මක් දක්නට ලැබුනේ නැත. ඔවුන් ලාභ ඉපයීමේ අරමුණින් ඈත ගම් වලට ද ගියේය. බැංකු කටයුතු නොදන්නා අයට අඩු පොලියට බැංකුවෙන් මුදල් රැගෙන වැඩි පොලියට ලබා දුන්නේ ය.
හෙට්ටීන් මුදල් ණයට දුන්නේ රණ් භාණ්ඩ, ඉඩම් හෝ වටිනා යමක් ඇපයට තබාගෙන යි. ණය ලබා ගත් පුද්ගලයාට තම ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට එම ඇපය හෙට්ටීන් ට හිමිවේ. එහෙයින් මෙසේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ බොහෝ දෙනාගේ දේපළ හෙට්ටීන් ට හිමි විය. හෙට්ටීන් ගේ ණය ලබාගෙන තම ව්‍යාපාර දියුණු කරගත් අයද බොහෝ වෙති. බැංකුව හා ජනතාව අතර අතරමැදියා ලෙස කටයුතු කරමින් අවධානමකට මුහුණ දී ණය ලබා දී ලංකාවේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම නිසා 1934 වසරේ දී හෙට්ටීන් ට ලංකා බැංකු කොමිසම විසින් අගය කිරීමක් කර තිබේ.
"මා කුඩා කල නිතර ඇසූ පැරණි කියමනක් නම් හෙට්ටියාගේ වචනය ඔහුග්වෙ පොරොන්දු පත්‍රය තරමටම විශ්වාසදායී බවයි" ලෙස ආර්.එල්. බ්‍රාහියර් විසින් තම කෘතියෙ හි සටහන් කරයි. එනම් හෙට්ටීන් වෙළදාම කරන්නේ විශ්වාසය මතයි. කවුරුන් හෝ තමන්ට රුපියල් වංචා කලහොත් ලක්ෂයක් වුවද වියදම් කර නඩු කියා තමන්ට සාධාරණය ඉටු කරගැනීමට හෙට්ටීන් පෙළඹේ. මෙවැනි නඩු බොහොමයක් ලංකාවේ තිබුණු අතර එම නඩු ලංකාවේ වාණිජ නීති සංවර්ධනයට බොහෝ රුකුලක් විය.
හෙට්ටීන් තම දරුවන්ට මෙම ව්‍යාපාරය උගන්වන්නේ දාහතර හා පහළොව යන වයස් වලදීය. කිසිම විටෙක පියා විසින් පුතාට ව්‍යාපාර කටයුතු උගන්වන්නේ නැත. ඒ සදහා පුතාව වෙනත් අයෙකු වෙත යොමු කරවයි. අවුරුදු තුනක හතරක වැනි පලපුරුද්දක් ලැබුණු පසු ඔහුට පියාගේ ව්‍යාපාරයේ තනතුරක් හිමිවේ. එයත් ලොකු තනතුරක් නොවේ. පියාගෙම ව්‍යාපාරයේ සේවකයෙකු යටතේ ඇති තනතුරකි. මේ නිසා පුතාට තම පියාගේ ව්‍යාපාර නිසා උද්ධච්ඡ කමක් ඇති වන්නේ නැත. ටික කලක් ගත වූ පසු පියා විසින් පුතාට මුදල් ලබා දේ. ඒ ඔහුටම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. මුල් කාලයේ දී පියා තම පුතුගේ ව්‍යාපාර කටයුතු ගැන සොයා බැලුවත් එය ක්‍රමක්‍රමයෙන් අඩු කරයි.
හෙට්ටීන් හට කෙතරම් මුදල් තිබුනත් ඔවුන්ගේ අනවශ්‍ය වියදම් කිසිවක් නැත. ඔවුන් අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කරයි. මේ නිසයි අද සමාජයේ ද ලෝබ තැනැත්තන්ට හෙට්ටියා යන වදන ව්‍යවහාර වන්නේ. හෙට්ටීන් අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කලද ආගමික කටයුතු සදහා කිසිදු පැකිලීමකින් තොරව මුදල් වියදම් කරයි. මොවුන් කෝවිල් බොහොමයක් ඉදිකර තිබේ. කොළඹ හෙට්ටි වීදියේ පරණ කදිරේෂන් කෝවිල, නව කදිරේෂන් කෝවිල හා බම්බලපිටිය කෝවිල උදාහරණ කිහිපයකි. බටහිර ජාතීන් ලංකාව යටත් කරගත් පසු මෙහි මිනිසුන් ආගම් වෙනස් කළද හෙට්ටීන් තම ආගම වෙනස් කලේ නැති බව කියවේ. ඔවුන් දැඩි ශිව භක්තිකයන් වේ. හෙට්ටීන් කොළඹට පැමිණ වරාය ආසන්නයේ වාසස්ථාන ලබා ගත්තේ ය. මෙම පෙදෙස් හෙට්ටි වීදිය ලෙස හැදින්වේ. හෙට්ටි වීදියේ තිබූ බොහෝ ගොඩනැගිලි හා ඉඩම අයත්ව තිබුනේ හෙට්ටීන් හටයි. වර්තමානයේ දී මෙයින් බොහොමයක් වෙනත් අය හට අයිතිව තිබුනද අදත් සමහර ගොඩනැගිලි වල අයිතිය හෙට්ටීන් විසින් ඉදිකල කෝවිල් සතුව පවතියි.
1948 අංක 18 දරණ ඉන්දු පකිස්තාන පුරවැසි පනත යටතේ ලංකාවේ රැදී සිටි බොහෝ විදේශිකයින් ලංකාවේ පුරවැසිකම ලබා ගත්තද හෙට්ටීන් ඒ සදහා උනන්දු වූයේ නැත. මේ නිසා එක්දාස් නමසිය පනහ දශකයෙන් පසු ඔවුන් තම මව්බිම කරා යන්නට විය. වර්තමානයේ දී හෙට්ටීන් ගේ ව්‍යාපාර යැයි පවසන විට 'මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස්' මතක් වේ. එහෙත් මෙය චෙට්ටි නොහොත් හෙට්ටි වන්නේ නමට පමණි. මන්ද මෙහි වර්තමාන අයිතිකරු හෙට්ටියෙක් නොවන බැවිනි.
පන්දහසකට අධික හෙට්ටීන් පිරිසක් සිටි ලංකාවේ වර්තමානය වන විට සිටින්නේ පවුල් පහක් පමණි. ලංකාවේ ව්‍යාපාර නීති සංවර්ධනයට හා එකල ආර්ථික සංවර්ධනයට කල සේවය නිසා අප ඔවුන්ට ස්තූතිවන්ත වන අතර ඔවුන් ලංකාවෙන් පිටවන විට ඔවුන් සතුව ඇති අති විශාල වස්තු සම්භාරය ද ලංකාවෙන් පිටවූ බව අමතක නොකල යුතුයි.
Tuesday, May 22, 2018
Wednesday, May 16, 2018
සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු.
“සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු. රජයත් පණ්ඩිතයනුත් එකතු වී ඔහු අමු අමුවේ මරා දැමූහ. ඔහු මලවුන් අතරය. අප මරුවන් අතරය.” ලෙස පියල් වික්‍රමසිංහ විසින් රිවිදින පත්‍රයට ලියූ ලිපියක් අවසන් කරයි. ආනන්ද සමරකෝන් යන නම කියූ පමණින් ඔහුව නොදන්නා අයෙක් නැත. මන්ද පාසල් යන කාලයේ පටන් ම ඔහු ජාතික ගීයේ නිර්මාතෘ ලෙස අපට ඉගැන්වූ බැවිනි. අද තිබෙන ජාතික ගීය අපගේ ජාතික ගීය ලෙස තේරී පත් වුනේ කෙසේ ද? එහි කතාව කුමක් ද? ආනන්ද සමරකෝන් හට ජාතික ගීය ලිවීම නිසා අවසානයේ අත්වුනේ කිනම් ඉරණමක් ද? යන වග සොයා බලමු.
අප රට විවිධ කාල වලදී විවිධ ජාතීන්ගේ ග්‍රහණයට නතුව තිබුණි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස අප සිටි කාලයේ දී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍යයේ ජාතික ගීය වන "ගෝඩ් සේව් ද කිං" (God save the king) ය. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වීම උදෙසා නිදහස් සටන් ගෙන ගිය කාලයේ දී සිංහලයන් විසින් 'දින දින දිනෙ දිනෙ සිරිලක ජාතික ආලේ' නම් වූ එස්. මහින්ද හිමියන් විසින් රචනා වූ ගීයක් ජාතික ගීය ලෙස භාවිතා විය. ඉන්පසු ඇම්.ජී. පෙරේරා හා සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර විසින් රචිත ගීත දෙකක් ද ජාතික ගී ලෙස භාවිතා විය. එනම් එකල ජාතික ගීය ලෙස නිශ්චිතව සැවොම පිලිගත් එකක් නොවීය.
මේ නිසා 1948 වසරේ ජනවාරි මාසයේ දී ලංකා ගාන්ධර්ව සභාව විසින් ජාතික ගීය තේරීමේ තරඟයක් පැවැත්වුණි. මෙහි තේරීම් කමිටුව සදහා ද්‍රවිඩ විනිසුරුවන් ද ඇතුලත් විය. එස්.එල්.බී. කපුකොටුව, එල්.එල්.කේ. ගුණතුංග, ලයනල් එදිරිසිංහ, පී.බී. ඉලංගසිංහ, ආචාර්ය ඕ.එම්.ඩී.ඒ විජයසේකර, මුදලිඳු ඊ.ඒ. අබේසේකර යන අය එහි වු සිංහල විනිසුරුවන් ය.
තරඟය සදහා බොහෝ ගීත ඉදිරිපත් වුවද සෑහීමකට පත් විය හැකි ගීයක් ඒ තුලින් ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා වෙනත් අයෙකු ලවා ජාතික ගීයක් නිර්මාණය කරවා ගැනීම කමිටුවේ අදහස විය. විනිසුරු මඩුල්ලේ ආරාධනාව යොමු වූයේ විනිසුරු මඩුල්ලේ ම සාමාජිකයෙක් ව සිටි පී.බී. ඉලංගසිංහ වෙතයි. ඒ අනුව ඔහු විනිසුරු මඩුල්ලෙන් ඉවත්ව ජාතික ගීයක් රචනා කළේය. පලමු නිදහස් උළෙලේ දී ගායනා කල මෙම ගීය "ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා" වූ අතර ලයනල් එදිරිසිංහ විසින් එය සංගීතවත් කළේය. මෙයට එකල රුපියල් දෙදහසක ත්‍යාග මුදලක් හිමි විය.
ජාතික ගීයේ සංගීතඥයා හා පද රචකයා යන දෙදෙනාම විනිසුරු මඩුල්ලේ සිටි සාමාජිකයන් වූ නිසා එයට ජනතා විරෝධයක් එල්ල විය. ඒ හේතුවෙන් ජාතික ගීය සදහා වෙනත් ගීතයක් සෙවීමට වෙහෙසවූ විනිසුරු මඩුල්ල ඒ වන විට දේශාභිමාන ගීයක් ලෙසින් තිබූ ආනන්ද සමරකෝන්ගේ "නමෝ නමෝ මාතා" ගීතය තෝරාගත්තේය.
ආනන්ද සමරකෝන් විසින් මෙම ගීය ලියන්නේ ඔහු චන්ද්‍රා සෙනෙවිරත්න නම් තම පලමු බිරිය සමග ඉන්දියාවට ගොස් තාගෝර්ගේ සංගීතය හදාරා නැවත ලංකාවට පැමිණි පසුයි. සංගීතය හදාරා යැයි කීවද ඔහුට අහවර කරගත හැකි වූයේ එම අධ්‍යාපනයෙන් අඩක් පමණි. ඔහු ලංකාවට ආ පසු උපතින් ලැබූ ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් යන නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර එතෙක් අදහමින් සිටි කතෝලික දහමෙන් බුදු දහමට පරිවර්තනය විය.
ඔහු මෙම ගීය 1940 වසරේ ඔක්තෝබර් විසි වෙනි දින ලිවීම ආරම්භ කරයි. එසේ එය ලියා අවසන් කර එකල ඔහු උගන්වමින් සිටි මහින්ද විද්‍යාලයේ ළමයින්ට ද මෙම ගීතය ඉගැන්වීය. මාර්ටින් වික්‍රමසිංහ හට මෙහි ගුණ දොස් බැලීමට දුන් විට එහි කිසිදු දොසක් ඔහු පැවසුවේ නැති බව සමරකෝන් කියයි. මෙම ගීතය තරමක් ජනතාව අතරට යන්නේ ඔහු විසින් රචිත 'කුමුදුනී' නම් කෘතියට මෙම ගීතයත් ඇතුලත් කිරීම හරහා ය. එයින් ලද ප්‍රසිද්ධිය නිසා එච්.එම්.වී. ගීත තැටි සමාගමේ ගීත තැටියක් සදහා ද මෙම ගීතය ඔහු විසින් දෙන ලදි.
ජාතික ගීය ලෙස සමරකෝන්ගේ ගීය තෝරාගත් කාලයේ ඔහු සිටියේ ඉන්දියාවේ ප්‍රදර්ශන පවත්වමිනි. ඔහුගේ ගීතය ජාතික ගීය ලෙස තේරීපත් වුන බව ඔහුට දැන්වුවත් ඔහු ලංකාවට පැමිණියේ නැත. එමනිසා 1949 දෙවන නිදහස් උළෙලේ අමාත්‍ය කමිටුවේ ප්‍රධානත්වය දැරූ එවකට මුදල් අමාත්‍ය වූ ජේ.ආර්. ජයවර්ධන හට මෙම ගීතය කා ලවා පුහුණු කරවන්නේ දැයි ප්‍රශ්නයක් හට ගත්තේ ය. ඔහු ඒ සදහා මර්සලින් ජයකොඩි පියතුමාව තෝරා ගත්හ.
මර්සලින් ජයකොඩි පියතුමාව හමුවට ගිය ජේ.ආර්. ජයවර්ධන මෙම යෝජනාව පියතුමා හට ඉදිරිපත් කල විට ඔහු එයට බොහෝ සෙයින් කැමති විය. එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන මෙම ගීතය මියුසියස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් ලවා පුහුණු කරවීමට යෝජනා කල අතර මර්සලින් පියතුමා එයටද කැමැත්තෙන් එකඟ විය. 1949 වසරේ ජාතික නිදහස් දින උත්සවයේ දී මෙම ගීතය ගැයුව ද එයට නිළ පිලිගැනීම ලැබුනේ 1951 වසරේ දී ය. එහි නිල ප්‍රකාශය නිකුත් කලේ 1952 වසරේ මාර්තු මස 12 වෙනි දින ය. මුලදී ජාතික ගීයට නිශ්චිත තනුවක් තිබුනේ නැත. ඒ අනුව 1953 වසරෙන් පසුව මෙයට නිශ්චිත තනුවක් නිර්මාණය කර ඒ තනුව අනුව පලමු වරට ගායනා කිරීමට සීදුව අන්ධ විද්‍යාලය, ගුවන් විදුලි පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා යුධ හමුදා අපරදිග තූර්ය වාදන කණ්ඩායම සහභාගි විය. අලුත් තනුව අනුව ජාතික ගීය පලමු වරට තැටිගත වූයේ 1954 වසරේ දි යි.
ජාතික ගීය නිර්මාණය වෙනුවෙන් ආනන්ද සමරකෝන් හට රුපියල් එක්දහස් දෙසිය පනහක මුදලක් දීමට රජය සූදානමින් සිටියේ ය. එහෙත් මෙම ගීතය 'කුමුදුනී' නම් ගීත සංග්‍රහයේ එන ගීයක් වූයෙන් එහි ප්‍රකාශක වූ මරදානේ ටී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා විසින් එම මුදල හීමි විය යුත්තේ තමාට බව පවසමින් උසාවියෙන් ඉල්ලීමක් කළේය. අවසානයේ දී විනිසුරු විසින් පොත් ප්‍රකාශකයාට පක්ෂව තීන්දුව ලබා දී "නීතියට අනුව කරුණු මෙහෙම් වුනත් මේක ජාතික නිර්මාණයක් නිසා මුදලින් භාගයක්වත් සමරකෝන් මහතාට දුන්නොත් හොදයි නේද?" යැයි පැවසීය. ඉන්පසු පොත් ප්‍රකාශක පවසා සිටියේ මුල සිටම ඔහු මුදලින් අඩක් සමරකෝන් හට ලබා දීමට කැමැත්තෙන් සිටි බවයි.
පලමු බිරියගෙන් දරුවන් නොලද සමරකෝන් හට දෙවෙනි බිරියගෙන් ලැබුණු පලමු පුත්‍රයා ද වසර කිහිපයකින් පසු රෝගාතුරව මියයයි. "නිවී පහන නිවී ගියා" ගීතය ඔහු රචනා කරන්නේ එම ශෝකය නිසාවෙනි. 1956 දී බලයට පත් බණ්ඩාරණායකගේ අදහසකට අනුව 'සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍යංශය' පිහිටවූ අතර එහි අරක්ගෙන සිටි නිලධාරීන් විසින් සමරකෝන් හට ලබා දුන්නේ ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර ධූරය කි. එයත් වසර දෙකකට පසු එහි පත් වූ නව සභාපතිනිය විසින් අහේතුකව ඔහුව සේවයෙන් නෙරපයි. ඉන්පසු ගුවන් විදුලියේ දොර ඔහු වෙනුවෙන් විවෘත වුවද එයත් 1959 දී වැසී ඔහුව දොට්ට දමන්නේ ගෙවන්න මුදල් නැති බව පවසමිනි. තමන්ට ජීවත් වන්නට ආදායමක් නැති බවත් තමන්ට කුමක් හෝ රස්සාවක් ලබා දෙන ලෙසත් සංස්කෘතික අමාත්‍යංශයට ඔහු ලිපි ලීවද එයින් ඔහු ලද ප්‍රථිචාරයක් නැත.
රටක ජාතික ගීයේ නිර්මාතෘ යැයි කී විට ඔහුට හෝ ඇයට හිමි වන්නෙ ඉහළ ගෞරවයකි. එහෙත් සමරකෝන් ජීවත්ව සිටි කාලයේ දී ඔහුට එම ගෞරවය හිමි වූයේ නැත. මෙම සියලුම දේ නිසා ඔහු බොහෝ කලකිරීමෙන් සිටියේය. ඔහුගේ කලකිරීම දෙගුණ තෙගුණ කලේ තමන් ලියූ ජාතික ගීය තමන්ගේ අවසරයෙන් තොරව වෙනස් කිරීමයි. එනම් ඔහු ලියූ ජාතික ගීය ආරම්භ වන්නේ 'න' අක්ෂරයෙනි. 'න' අක්ෂරය අපාය අක්ෂරයක් යැයි පවසමින් ආරම්භයට 'ශ්‍රී ලංකා මාතා' යැයි යොදා සංශෝධනය කලේය.
මෙසේ තමන්ගේ නිර්මාණ තමුන්ට නොදන්වා වෙනස් කිරීම් නිසාද බොහෝ සිත් තැවුලට පත් වී සිටි සමරකෝන් 1962 වසරේ මාර්තු මස දෙවෙනි දින තම මවගේ උපන්දින සාදයට සහභාගි වී තම නිවසට පැමිණ ලබාගත්තේ නැවත අවදි නොවන නින්දකි. අසල කාමරයේ සිටි තම බිරිඳ සමරකෝන් සිටි කාමරයේ දොර කඩා බලන විට ඔහු නිද්‍රාසන්නව සිටි අතර ඔහු අසල අරක්කු බෝතලයක්, සිගරට් කොටයක් හා නිදි පෙති කුප්පියක් ද විය.
අවසානයේ නිදිපෙති 25ටත් 30ටත් අතර ප්‍රමාණයක් ගැනීම මරණයට හේතුව යැයි දොස්තර ඇම්. මනෝදරන් විසින් පෙන්වා දෙන ලද නමුත් මෙය සියදිවි නසාගැනීමක් නොව අත්වැරැද්දකින් සිදුවූ මරණයකැයි හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.පී. කිරුචෙල්වම් මහතා තීරණය කරන ලදි. ඔවුන් එසේ කලේ මෙම ජාතික වීරයාගේ මරණය හෑල්ලු නොකිරීමටයි.
මිය යාමට ටික කලකට පෙර සමරකෝන් විසින්, ජාතික ගීයේ පද වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙසේ සටහන් කළේය. “මෙයින් මගේ සිත තුළ හටගෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදාමුත් කෙලවර වන්නේ මගේ මරණයෙන් පමණක් බව මම දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත්පිත් නැති රජයක් යටතේ තවදුරටත් දිවි ගෙවනවාට වඩා මෙම මොහොතේම මියයෑම සැපතකි”

Wednesday, May 9, 2018
කෙනඩි ඝාතනයෙන් පසු (කෙටි කතාව)
"ජැක් අද දවසෙ ඔයා මොනාහරි විශේෂ වැඩක් දාගෙන තියෙනව ද?" යැයි ඔහුගේ බාල සොහොයුරු වූ ජේම්ස් අසයි.
"අදනම් ටිකක් වැඩ වැඩියි ජේම්ස්. අහන්න ඇතිනේ ප්‍රවෘත්ති වල. අද කෙනඩි මෙහාට එනවා. ඇයි එකපාරටම එහෙම ඇහුවේ?"
"අද ටෙක්සාස් ෆිල්ම් හෝල් එකේ මම ආසාවෙන් හිටපු චිත්‍රපටයක් පෙන්නනවා. ඔයත් එක්ක ඒක බලන්න යන්න කියලා හිටියේ. කමක් නෑ මම තනියෙන් යන්නම්."
"ඕක තමා මම හැමතිස්සෙම කියන්නේ කෙල්ලෙක්ව හොයාගන්න කියලා. බඳින වයසත් දැන් හරිනේ." යැයි සිනාමුසු මුහුණින් ජැක් පවසා පාර දිගේ ඉදිරියට ඇදුනේය.
ජැක් රූබි සමාජ ශාලාවක හිමිකරුවෙක් වන අතර ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සිටියි. එම දෙදෙනාම නිවුන්නු වූ අතර එක් නිවුන් සහෝදරයෙක් සමග සම්බන්ධතාව ඔහු අත්හැර මේ වන විට වසර ගණනාවක් ගත වී ඇත. ඒ වසර අටකට පමණ පෙර වූ සිද්ධියකි නි. මොවුන්ගේ පියා ඉතා දරදඬු පුද්ගලයෙකි. බීමත් වූ විට එය දස ගුණයකින් වැඩිවේ. තම බිරිඳ සමග බීමත් වූ විට හා එසේ නොවන විට ද රණ්ඩු කිරීම පුරුද්දයි. එසේ රණ්ඩු කරමින් සිටින අවස්ථාවක දී බීමතින් නිවස වෙත පැමිණි සහෝදරයෙක් පියා සමග දබර කර වැරදීමකින් පියාට පිහියෙන් ඇණ මරා දමයි. මේ නිසා ජැක් මොහුත් සමග එදින රණ්ඩු කර නිවසින් පිටවී යයි. ඔහු නැවත නිවස වෙත පැමිණියේ නැත.
මවගේ වැඩි ආදරය දිනූ මෙම නිවුන් සොයුරාට මව පවසා සිටියේ මෙයින් බේරීමට නිවසින් පලා යන ලෙසයි. එදා නිවසින් ගිය ඔහු නැවත නිවස කරා පැමිණියේ දෙතුන් වතාවක් පමණි. මේ වන විට අනෙක් නිවුන් සොයුරා වූ ජේම්ස් සිටියේ නගරයේ පාසලේ ය. ඔහු නේවාසිකාගාරයේ නවාතැන් ගත් අතර නිවස වෙත පැමිණියේ සති අන්තයේ පමණි. මොහු කාටත් වඩා තම සහෝදරයාට ඇලුම් කරයි. එම සහෝදරයා නමින් ලී හාවී ඔස්වල්ඩ් වේ. මොහු නිවසින් ගිය පසු තම නිවුන් සොයුරු ජේම්ස්ව නිරන්තරයෙන් හමු වේ. එහෙත් එය ජැක් දැන සිටියේ නැත.
...........................................................................................
"මරිනා, ඔයා දන්නවනේ මට ඔයායි ළමයි දෙන්නයි ඇර වෙන ලෝකයක් නෑ කියලා. ඒත් ඒ ලෝකෙ විනාශ කරන්න කවුරුහරි උත්සහ කරනවනම් මම එයාව හොදින් හෝ නරකින් නවත්වනවා."
"ඔස්වල්ඩ් ඔයා ආයෙත් ඕවට පැටලෙන්න යන්න එපා. අද අපිට ඉතාලියට යන්න තියෙනවා. එහෙ අපිට ආරක්ෂාව තියෙනවා."
"ඔයා බයවෙන්න එපා. මම ගිහින් ඉක්මනින් එනවා. මම එනකන් මෙහාටම වෙලා ඉන්න. කොහෙවත් යන්න එපා." එසේ කියූ ඔස්වල්ඩ් මරිනාට හාද්දක් දී කළු මල්ලක් ද රැගෙන නිවසින් පිට වේ.
.....................................................................................
අවට අධික නොසන්සුන් තත්ත්වයකි. පාර දිගේ මිනිසුන් සී සී කඩ දිව යති. ඒ අතරින් එක් අයෙක් "කෙනඩිට වෙඩිතිබ්බා" යැයි කෑ මොර දෙමින් දුවයි.
ඔස්වල්ඩ් තමන්ගෙ බෑගයට අවිය දමාගෙන යන්නට තැත් කරන විට පොලිස් නිලදාරියෙක් එතනට විත් ඔහුට යටත් වෙන්න යැයි කියයි. සැනෙකින් තම සාක්කුවේ තිබූ රිවෝල්වරය අතට ගත් ඔස්වල්ඩ් පොලිස් නිලදාරියාට එයින් වෙඩි තමා හිස් පතරොම් කොපු විසි කර අලුතින් පතරොම් පුරවා ගනියි. එසේ පුරවාගෙන පාර දිගේ වේගයෙන් ඇවිද යයි.
මොහුගේ මෙම නොසන්සුන් බව දුටු එක් ආපන ශාලා හිමිකරුවෙක් ඔහු පසුපස ලුහු බැඳගෙන එයි. එහෙත් එය නුදුටු ඔස්වල්ඩ් කෙලින්ම පිය මැන්නේ ටෙක්සාස් රඟහල වෙතයි. එය වෙත ගොස් ටිකට්පත් ලබා දෙන්නා වෙත සාක්කුවෙන් ටිකට්පතක් ලබා දී ඇතුල් වෙයි. ආපන ශාලා හිමිකරු මේ ගැන ටිකට්පත් ලබාගන්නා පුද්ගලයාට පවසා පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මෙම සිද්ධිය කීවේය.
"ඔස්වල්ඩ් ඔයා මොකද පරක්කු? මම ඔයා එනකම් කොච්චර බලාගෙන හිටිය ද?"
"ජේමස් මේ හැමදේම ඉවරයක් වෙන්න ඕනෙ. මටයි මගෙ පවුලටයි සතුටින් ඉන්න නම්. මම අද ඉතාලි යනවා. ඒත්...."
කලබලයෙන් හති දමමින් වචන ගලපා සිටි ඔස්වල්ඩ්ට තමන් කල දේ ගැන කීමට පෙර සයිරන් නලා හඬක් රඟහල පිටතින් ඇසෙන්නට විය.
"ඔස්වල්ඩ් ඔයා මොනා ද කරේ..." යැයි ජේම්ස් අනුකම්පා සහිතව පැවසුවේ ඔස්වල්ඩ්ගේ අතක් අල්ලගනිමිනි.
"මම කෙනඩිට වෙඩි තිබ්බා"
"මොනවා... මොනාද ඔයා මේ කරගත්තේ...අන්න පොලීසියෙන් මේ පැත්තට එනවා. මට ඔයාගෙ අයිඩෙන්ටිය දෙන්න. මගේ එක අරගන්න. තුවක්කුවත් දෙන්න. ඔයා ඉක්මනට ගිහින් වේදිකාව පිටිපස්සෙ හැංගෙන්න." මෙසේ කියා ජේම්ස් අසලම තිබූ පුටුවක වාඩි වී සිටියේ ය. ආපන ශාලා හිමිකරුගේ මගපෙන්වීම යටතේ පොලීසිය විසින් ජේම්ස්ව අත්අඩංගුවට ගනියි.
ජේම්ස්ව ඩලස් පොලිස් මූලස්ථානය වෙත යන අතරතුරේදී ඔවුන් නම කුමක්දැයි? ඇසූ විට “එය තමුන්විහින්ම සොයා ගන්න එකයි ඇත්තේ!“ යනුවෙන් ඔහු පැවසූ අතර එක් පොලිස් නිලධාරියෙකු ඔහුගේ මුදල් පසුම්බිය ගෙන නම පරීක්‍ෂාකළ විට එහි ලී හාවි ඔස්වල්ඩ් නමින් හැදුනුම්පතක් සම්බවිය.
මේ වන විට පොලිස් ස්ථානයේ දී ජේම්ස්ගෙන් දැඩිව ප්‍රශ්න කරමින් සිටි අතර ඔහු එම ඝාතනය තමන් සිදු නොකල බවට දිගින් දිගටම කියා සිටියේය. එහෙත් ඔහු මේ වන විට තමන් ලී හාවි ඔස්වල්ඩ් බව පිලිගෙන හමාරය.
ජේම්ස් නොදැන සිටියද ඇමරිකානු මාධ්‍ය ආයතන විසින් ඔහුව කෙනඩි ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට පත්කර තිබුණි. රූපවාහිනියේ නිරතුරුවම මේ ගැන ප්‍රවෘත්ති පල වූ නිසා එය දුටු මෙම සොයුරන්ගේ මව තම පුත්‍රයා මුහුණපා සිටින තත්වය දුටුවාය.
"මගේ පුතා CIA එකේ නියෝජිතයෙක්. එයාව මෙහෙම තියාගෙන ඉන්න එක කොහෙත්ම පිලිගන්න බැහැ" යැයි මව එකෙනෙහිම ඩලස් පොලිස් ස්ථානය වෙත කුලී රථයකින් ගොස් කියා සිටියාය. මව ඔස්වල්ඩ් ව බැහැ දැකීමට කැමැත්තෙන් සිටියද ඔස්වල්ඩ් වෙනුවට එහි සිටි ජේම්ස් එයට කැමැත්ත දුන්නේ නැත.
දින දෙකක් මුළුල්ලේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහුව ප්‍රාන්ත සිරගෙය සදහා ගෙන යා යුතු විය. ජේම්ස්ගේ අතෙ හි මාංචු දමා ඔහුව බිම්මහළ වෙත රැගෙන යයි. එහිදී දැඩි කෝපය මුසු මුහුණින් සිටින ජැක් රූබි ව ජේම්ස් දකියි. රථය අසලට පැමිණි විටම ක්‍රියාත්මක වූ රූබි "අද තාත්තගේ පලිය ගන්නවා" යැයි පවසා තම සාක්කුවෙහි වූ තුවක්කුවෙන් ජේම්ස් ට වෙඩි තබයි.
ජැක් රූබිව බිම පෙරලා අල්ලා ගත් විටම පොලිස් නිළදාරියෙක් ජේම්ස් වෙත පැමිණ "මොනවා හරි කියන්න තියෙනවනම් කියන්න" යැයි ඉල්ලා සිටියි. මෙය හොදින් වැටහුන නමුත් ජේම්ස් වදනක්වත් නොපවසා අවසන් හුස්ම හෙලයි.

Sunday, May 6, 2018
අහුබුදු වත
1920 වසරේ මාර්තු මස 20 වන දින ආර්යසේන ආශුබෝධ උපන්නේ දේවමනිමේන්ද්‍ර හෙරෝනියස් ද සිල්වා සහ වතුගෙදර ලැයිසොහාමිගේ දරුවා ලෙසයි. මොහු කතළුව රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලබයි. ආර්යසේන ලේඛන කලාවට අත්පොත් තබන්නේ 16 වෙනි වියේදියි.
1934 වසරේ එක්තරා දවසක ඔහු එවිට ඉගෙනගනිමින් තිබුනු පාසලේ මුල් ගුරුතුමා ඔහුට තහනමක් පැනවීය. "ඔය පත්තරය තවත් මේ පාසල හරියට ගෙනාවොත් බලාගත හැකි" යි අර්යසේනට කීවේ තරවටු කරමිනි. එම පුවත්පත කුමාරතුංග මුනිදාසයන්ගේ ලක්මිණි පහණ පුවත්පතයි. එහෙත් එම තරවටුවෙන් එම පුවත්පත කියවීම මුල් ගුරුතුමාට නැවැත්විය නොහැකි විය.
මෙම පුවත්පත කියවා එහි භාෂා ශෛලිය හා භාෂා මත අනුගමනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස වෙනත් පාසලකදී 1936 වසරේ ඔහු දැඩි දඬුවමක් වින්දේය. ඒ වේවැලෙන් පිට හරහට පහර හත අටකුත් පාසලෙන් නෙරපාහැරීමෙන් ය. මේ කිසිවකින් අර්යසේනව නැවැත්විය නොහැකි විය. ඔහු තමන් ගමන් ගත් මාර්ගයේම ගමන් කලේය.
මොහු ගුරු වෘත්තියට පිවිසියේ වයස අවු. 17 දී අහංගම පියදිගම සාරිපුත්ත විදිහලෙනි. මේ අවධියේ දී අර්යසේනට කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුර ලැබුණි. කුමාරතුංගයන් විසින් 'සුබස් පතින් කිවිති' යන ගෞරව නාමය ද ලබා දුන්නේය. ඔහුගේම අනුමැතිය මගින් ආර්යසේන ආශුබෝධ සිය නම අරිසෙන් අහුබුදු ලෙස වෙනස් කර ගනියි.
1937 දී අහංගම සාරිපුත්ත විදුහලෙන් ඇරඹි අහුබුදුවන්ගේ ගුරු දිවිය කීඹිය රජයේ පාසල, කටුගස්තොට දීගල පාසල, වැල්ලතොට බෞද්ධ විද්‍යාලය, නුවරඑළිය ත්‍රිත්ව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල තෙක් වසර 42 ක් පුරාවට විහිදුණි. මෙයින් වැඩිම කාලයක් ගුරු සේවයේ යෙදුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙනි. ඒ වසර විසි නමයක කාලයක් ය.
ශාන්ත තෝමස් විද්‍යාලයේ උගන්වමින් සිටි කාලයේ පාසල නිම වී මුහුදු වෙරළ ඔස්සේ තම නිවහන වෙත යමින් සිටින විට පාසලේ ළමුන් කණ්ඩායමක් තම අලුත් ගුරුතුමාගේ ජාතික ඇඳුම හා හෙළ බස සමච්චලයට ලක් කලේය. ඒ බව ඇසුනු අහුබුදුවන් ළමුන් වෙත පැමිණ, "ඒ කියමන හරි, කියාපු විදිහ තමා වැරදි" යැයි කීයා කෙටි ඔවදන් කිහිපයක් ද දුන්නේය. මෙසේ කෑකෝ ගැසූ නඩයේ මූලිකයා වැඩි දිනක් යාමට පෙර කවි පබදා අහුබුදුවන් වෙත ගෙන ආවේය. ඔහු නමින් ගාමිණී ෆොන්සේකා විය.
වසර මෙම පාසලේ දීම ළමයෙක් "ඔය ඇ කාරය නැතුව සිංහල ලියන්න පුලුවන්" යැයි පැවසීය. එකල චිත්‍ර ගුරුතුමාද වූ අහුබුදුවෝ කළු ලෑල්ල වෙත ගොස් වෙරළක් හා එහි වාඩි වී සිටින ළමයෙක් ඇන්දේය. ඉන්පසු එහි "ළමයා වැල්ල අතගායි" යැයි ලීවේය. පසුව වැල්ල වදනෙහි ඇදය මකා දැම්මේය. පන්තියේ ළමුන් කොක් හඬලා සිනාසෙන්නට විය. ඉන්පසු ඔහු නැවත වරක් කළු ලෑල්ල වෙත ගොස් තැඹිලි වල්ලක්ද ළමයා අසල ඇන්දේය.
මොහු ගුරු සේවයේ යෙදෙමින් සිටින අතරතුර දී 1947 වසරේ දරුවන් වෙනුවෙන් 'එඩිය' නමින් සඟරාවක් ආරම්භ කලේය. එහි ශීර්ෂපාඨය ලෙස ඔහු යොදා තැබුවේ 'එඩිය වැඩියේ පොඩියන්ගේ එඩි වැඩීම සදහාය' ලෙසයි.
අහුබුදුවන් ගීත රචනයට පිවිසෙන්නේ 1949 වසරේ නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රසංගයකට ගීත රචනා කිරීමෙනි. සුනිල් ශාන්තයන් විසින් ගායනා කරනු ලැබූ 'ලංකා ලංකා පෙම්බර ලංකා' නම් ප්‍රකට දේශාභිමානී ගීය රචනා වූයේ මොහු අතිනි. චිත්‍රපට වලට ගී ලිවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සන්දේශය චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ය. 'කටේ කිරි සුවද', 'රෑන ගිරා රෑන අඹේ', 'පුර්තුගීසිකාරයා', 'පුන්සඳ එළියයි', 'සුදට සුදේ වළාකුළයි', හා 'රැජිණ් මමයි' ගීත බෙහෙවින් ජනප්‍රිය විය.
අහුබුදුවෝ නාට්‍ය රචනයට පිවිසෙන්නේ 1946 වසරේදී ය. 'වනරාජ කුමරිය', 'හෙළ හැතිරිය', 'සක්විති රාවණ' හා 'ලෝකාන්තය' එම නාට්‍ය අතර වෙයි. අහුබුදුවන් විසින් අපගේ බසට අලුතින් වචන සාදා දුන්හ. තිබෙන වචන වලට අලුත් නිරුක්ති දුන්හ. ඔහු ලියූ ග්‍රන්ථ අතර 'බුද්ධවංශය', 'කඳ දෙව් උපත', 'පරෙවිය', 'කුමරතුඟු ඇසුර', 'උදාර ළමා කතා සිංහලයේ පද බෙදුම' ආදී ග්‍රන්ථ විශේෂ වේ.
1979 වසරේ දී ගුරු සේවයෙන් ඉවත් වූ පසු සිංහල ශබ්ද කෝෂ කාර්යාලයේ ශබ්දකෝෂ සංස්කාරකවරයෙකු ලෙස ද ජනාධිපති භාෂා උපදේශක ලෙස ද බංගලාදේශයේ පැවති ආසියානු කවි සමුළුවේ ශ්‍රී ලංකා නියෝජනය යන විවිධ තනතුරු හොබවනු ලැබුණි.
1962 දී පරෙවිය සාම අස්න සදහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද, 1969 දී රස දහර කෘතිය වසරේ හොදම පද්‍ය කෘතිය ලෙස ද, 1980 දී හඳයා ළමා චිත්‍රපටයේ කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ ගීතය සදහා සරසවි සම්මානයද, 1984 වසරේ දී කලාසූරී සම්මානය ද, 1985 දී හෙළ උරුමය සංවිධානයෙන් ලද කිවිසුරු සම්මානය ද, 1988 දී පලමු පෙළ කලාසූරී සම්මානය සහ 1990 දී හෙළ බස් මිණි සම්මානයෙන් ද අරිසෙන් අහුබුදුවෝ පිදුම් ලැබූහ.
තම දිවියේ වැඩිම කාලයක් දෙස, බස, රැස වෙනුවෙන් ගත කල ඒ වෙනුවෙන් කැපවූ අරිසෙන් අහුබුදු සූරීන් 2011 වසරේ දී මැයි මස 26 වන දින අප අතරින් සමුගත්තේ ය.

Wednesday, May 2, 2018
බිල් ගේට්ස් ගැන කරුණු 10ක්
1)පාසල් යන අවධියේ දී බ්ල් ගේට්ස් විසින් පාසලේ ලමුන් දිනපතා ඉඳගත යුතු ස්ථානය දැන ගැනීමට පරිගණක ක්‍රමලේඛනයක් පාසලට සාදා දුන්නේය. පසුව මොහු මෙය වැඩිදියුණු කලේ පන්තියේ දැකුම්කළු ගැහැණු ලමුන් අසල තමන්ට නිතර වාඩිවී සිටිය හැකි ලෙසටයි.
2)1994 වසරේදී මොහු ඩාවින්චිගේ කෘතියක් (Codex Hammer) ඩොලර් මිලියන තිහකට අධික මුදලක් ගෙවා මිලට ගනියි. පසුව එහි ඩිජිටල් කෘතියක් සාදා තැටිගත කොට ලොව පුරා බෙදාහරියි.
3)ගුවන් ගමන් අතරතුරදී පොරෝනය හිස දක්වාම වසාගෙන නිදාගන්නට කැමැත්තක් දැක්වූ බිල් තමන්ට යම් රටකට යාමට අවශ්‍ය මොහොතවල් වලදී එය ගුවන් ගමන් කාලසටහන් වලට නොපෑහුන නිසා 1997 වසරේදී පෞද්ගලික ජෙට් යානයක් මිලට ගනියි.
4)2005 වසරේදී දෙවන එළිසබෙත් රැජිණ අතින් බිල් ගේට්ස් හට ගෞරවාන්විත නයිට් නාමයක් පිරිනැමුණි. එහෙත් ඔහු ඇමරිකානු වැසියෙක් වන බැවින් තම නම අගට Sir යන ගෞරව නාමය භාවිතා කල නොහැකියි.
5)2007 වසර වන විට බිල් ගේට්ස් ඩොලර් බිලියන 28ක මුදලක් සමාජ සේවා වෙනුවෙන් ආධාර කර ඇති අතර ඉදිරියේ දී තම ධනයෙන් 95%ක් ම ආධාර කිරීමට බලාපොරොත්තු වන බවද පවසයි.
6)2009 වසරේදී කැලිෆෝනියා හිදී මැලේරියා රෝගය ගැන දේශනාවක් අතරතුර ඔහු මදුරුවන් පැමිණ සිටින අය වෙත මුදා හරියි. "දුප්පත් අය විතරක් මේ අත්දැකීම ලබන්න කිසිම හේතුවක් නෑ" යැයි පවසමින් මොහු මෙසේ කරයි. පසුව අනාවරණය වුනේ මෙම මදුරුවන්ගෙන් මැලේරියා බෝ නොවෙන බවයි.
7)කලක් ලොව අංක එකේ ධනවතා ලෙස සිටි බිල් ගේට්ස් පවසන්නේ ඔහු තම දරුවන් උදෙසා වෙන් කරන්නේ එක් එක් අයෙක් සදහා ඩොලර් මිලියන 10ක පමණ මුදලක් බවයි. දරුවන් තමන්ගේ ඉදිරි ගමන ඔවුන් විසින්ම සැලසුම් කරගත යුතු බව ඔහුගේ අදහසයි. ඔහුගේ වත්කම දෙස බලන විට නෙය ඉතා සුළු මුදලකි.
8)ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පිලිකා රෝගයෙන් පෙලෙමින් සිටි අවධියේ දී බිල් ගේට්ස් ඔහු හමුවට ගොස් ඉදිරි ගමන් ගැන කතා කලේය. එහිදී ස්ටීව් ජොබ්ස් වෙත ලිපියක් ලියන බිල් ගේට්ස් පවසන්නේ ඔහු ආරම්භ කල සමාගම ගැනත් ඔහු කල කී දෑ ගැනත් ඔහු ආඩම්බර විය යුතු බවයි. ස්ටීව් ජොබ්ස් මියගිය පසු ඔහුගේ බිරිද කියා සිටියේ බිල් ගේට්ස් ලබා දුන් එම ලියුම තම සැමියා ඔහුගේ ඇඳ අසලම තබාගෙන සිටි බවයි.
9)මිනිසුන්ගේ මලපහ මගින් විදුලිය හා පානීය ජලය නිපදවීමේ යන්ත්‍රයකට මොහු මුදල් යොදවා ඇති අතර එය සාර්ථක වී තිබේ. මිනිසුන් 100,000 දෙනෙකුගේ දිනපතා මලපහ මගින් ජලය ලීටර් 86,000ක් ද විදුලිය කිලෝවොට් 250ක් ද නිපදවිය හැකියි.
10)බිල් ගේට්ස් හට මැක්ඩොනල්ඩ් ආයතනය මගින් රන් කාඩ්පතක් පිරිනමා ඇති අතර එමගින් ඔහුගේ ජීවිතය පුරාවට ලොව පුරා මෙම අවන්හලෙන් නොමිලයේ ආහාර පාන ලබාගත හැකියි.

Monday, April 30, 2018
ලාංකීය සිනමාවේ උල්පත ලෙස්ටර්
ස්කොට්ලන්තයේ බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමට හා ලාංකාවේ එස්.එස්.ඩී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල ලෙස්ටර්ගේ පියාට අවශ්‍ය වූයේ ඔහුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු කිරීමටයි. ලෙස්ටර් අධ්‍යාපනය ලද බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ප්‍රධානී පීටර් පිල්ලේ පියතුමාට අවශ්‍ය වූයේ ඔහුව රෝමානු කතෝලික පූජකයෙකු කිරීමටයි. එහෙත් ලෙස්ටර් ඊට එකඟ නොවීය. මුලදී කේසරී නම් ඉංග්‍රීසි පත්‍රයට ඇමරිකානු චිට්‍රපට ගැන ද එක්සත් ජාතික පක්ෂයේ UNP Journal නම් ඉංග්‍රීසි පත්‍රයට ද හේ ලිපි ලිවීය. එකල වයලීන වාදනය ඉගෙන ගන්නා කාලයේ විශාල වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්නෙක් වීමට ලෙස්ටර් සිහින මැව්වේ ය.
ඉංග්‍රීසීන් රට පාලනය කරමින් සිටි අවධියේ ලංකාවේ පලමු කතානාද චිත්‍රපටය ඉන්දියාවේ දී සෑදෙමින් තිබෙන විට ලෙස්ටර් එංගලන්තය බලා පිටත් වෙයි. එහිදී මොහු තම පලමු අධ්‍යක්ෂණ කටයුත්ත සිදු කරයි. මෙය නමින් සොලිලොකියු වන අතර ඒ සදහා බ්‍රිතාන්‍යයේ හොදම කෙටි චිත්‍රපටය සදහා වූ සම්මානය හිමිවුණි. ලෙස්ටර් මෙම චිත්‍රපටය හා සම්මානය රැගෙන ලංකාවට එන විට රේගුව විසින් මේවා රාජසන්තක කලේය. සම්මානයට සරිලන මුදලක් තැන්පත් කල පසු නැවත සම්මානය ලබාගත් බව පැවසේ. ඉන්පසු නැවත එංගලන්තයට ගිය ලෙස්ටර්ව ලංකාවට ගෙන්වා ගන්නේ ලෙස්ටර්ගේ සොලිලොකියු නරඹා තිබූ රැල්ෆ් කීන් ය. ඔහු ඒ වන විට රජයේ චිත්‍රපට ආයතනයේ සභාපති විය.
ලෙස්ටර් රැල්ෆ් කීන්ගේ සහයකයා ලෙස හිඳ 'හෙරිටේජ් ඔෆ් ලංකා' හා 'නෙළුන්ගම' වැනි චිත්‍රපට සම්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ පලමුවැනි ශ්‍රී ලාංකික චිත්‍රපටය ලෙස පිලිගැනෙන 'රේඛාව' සහ රැල්ෆ් කීන්ගේ වාර්තා චිත්‍රපට අතර ඇත්තේ සමීප සමානකම් ය. රැල්ෆ් කීන් තම සේවා කාලය අවසන් කර ලන්ඩන් වලට යයි. එහිදී ඔහු රේඛාව නරඹා ඒ පිලිබඳව ලෙස්ටර්ට ලියුමක මෙසේ ලියයි;
"මම ඔබේ රේඛාව බලනකොටයි මට හිතුනේ අපේ නෙළුන්ගම කොච්චර ආධුනික වැඩක් ද කියලා"
රේඛාවෙන් පසු ලෙස්ටර්ගේ දෙවෙනි චිත්‍රපට කටයුත්ත වූයේ සංදේශය (1960) චිත්‍රපටයයි. එකල ලක්ෂ එකහමාරකින් පමණ චිත්‍රපටයක් මනා ආකාරයෙන් නිමැවිය හැකි කාලයක සංදේශය සදහා ලක්ෂ පහක පමණ මුදලක් වැයවේ. මෙය එකල දැවැන්ත චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය කැරලි නායකයාගේ චරිතා සදහා ආනන්ද ජයරත්න රඟපෑ අතර ඔහුගේ සහයක ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑහ.
සාමාන්‍ය මිනිසුන් භික්ෂූන් වහන්සේලාගේ චරිතය රඟපෑම හේතුකොටගෙන එකල ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සංදේශය තහනම් කලේය. මේ පිලිබඳව ගාමිණී ෆොන්සේකා පූජ්‍ය මාපලගම විපුලසාර හිමිට සැල කර අතර උන්වහන්සේ ඇතුලු විසිපස් නමක් සංදේශය චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නරඹා සියලු දෙනාගේ අත්සන් ඇතිව තහනම ඉවත් කරන ලෙස පවසා සංස්කෘතිය ඇමතිවරයා වෙත පෙත්සමක් යැවීය. එයින් සංදේශයේ තහනම අහෝසි විය.
සංදේශය අන්තර්ජාතික චිත්‍රපට උත්සව කිහිපයකදී ලංකාව නියෝජනය කලේය. එයින් එක් උත්සවයක් වූ චෙකොස්ලොවැකියාවේ කාලෝවිවේරි චිත්‍රපට උලෙලේ දී සංදේශයේ දර්ශන, අධ්‍යක්ෂකගෙන් හෝ නිශ්පාදකගෙන් අවසරය නොගෙන කප්පාදු කර චිත්‍රපටයේ අර්ථයට හානි වෙන අයුරින් ප්‍රදර්ශනය කෙරූ නිසා ලෙස්ටර් එම උලෙලෙන් ඉවත් විය.
ලෙස්ටර්ගේ 12 වෙනි චිත්‍රපටය වූයේ අහසින් පොළොවට චිත්‍රපටයයි. මෙය අයිලීන් සිරිවර්ධනගේ පලමු නවකතාව වන අතර එය චිත්‍රපටයකට සුදුසු යැයි ලෙස්ටර්ට යෝජනා කරන්නේ සරච්චන්ද්‍රයන් විසිනි. රුක්මණී දේවිය ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපෑ පලමු හා අවසන් අවස්ථාව මෙම චිත්‍රපටය වන අතර ඇයට මෙම චිත්‍රපටය නැරඹීමට ද නොහැකි විය. මෙම චිත්‍රපටය තුන්වන ලෝකයේ හොදම චිත්‍රපටය ලෙස ඊජිප්තුවේ කයිරෝ හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ දී සම්මාන ලැබීය. මෙම සම්මානය පිලිගැනීමට එහි යන්නේ අහසින් පොලොවට චිත්‍රපටයෙහි සරත් දොස්තර මහතාගේ චරිතයට පණ පෙවූ ටෝනි රණසිංහයි.
ලෙස්ටර් විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට ගන්නට වෑයම් කල විට වික්‍රමසිංහයන් පැවසුවේ ඒ සදහා රෝහිණී නවකතාව වඩා උචිත බවයි. එහෙත් ලෙස්ටර් ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට ගැනීම ගැන දැඩිව සිටි අතර රෝහිණී නවකතාව චිත්‍රපටයකට නැගුවේ නැත. මාර්ටින් වික්‍රමසිංහගේ තවත් නවකතාවන් කිහිපයක් (මඩොල් දූව, කලියුගය හා යුගාන්තය) ලෙස්ටර් අතින් චිත්‍රපට ගත කෙරුවත් රෝහිණී එසේ නොවුණි. ඉතා සාර්ථක වූ ගම්පෙරළිය චිත්‍රපටය 1965 වසරේ ජනවාරි මස ඉන්දියාවේ නවදිල්ලි හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකදී සම්මාන දෙකකට පාත්‍ර විය.
ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයක් වූ බැද්දේගම චිත්‍රපටයේ රඟපෑම සදහා එකල ප්‍රකට විද්‍යාඥයෙකු වූ ආතර් සී ක්ලාක් එක් විය. ඒ ඉංග්‍රීසියෙන් අසන බැද්දේගම නඩුවේ සුදු ඒජන්තවරයාගේ චරිතයට පණ පෙවීමටයි.
එක්සත් ජාතික පක්ෂයේ රජයේ මන්ත්‍රීවරයෙක් ව සිටි ටිරෝන් ප්‍රනාන්දු ට පුරන් අප්පු චරිතය අළලා චිත්‍රපටයක් කිරීමට උවමනාව තිබුණි. මීට හේතු වූයේ පුරන් අප්පු ටිරෝන්ගේ මව් පාර්ෂවයෙන් පැවත එන ලේ ඥාතියෙකු වීමයි. මුලදී මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයේ ඇරයුම යන්නේ මණික් සන්ද්‍රාසාගරට ය. ඔහු එය ප්‍රතික්ෂේප කරයි. එයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ "ටිරෝන්ගේ අභිප්‍රාය පුරන් අප්පුව මොරටු වීරයෙක් කරන්නයි" යනුයි. අවසානයේ ලෙස්ටර් ටිරෝන්ගේ මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස්ටර් භාර ගනියි.
1937 වසරේදී දහ අට හැවිරිදි ලෙස්ටර් කවි පොතක් ලියා මුද්‍රණය කරවයි. මෙය නමින් 'The Cathedral and a Star' වේ. පිටු 18 කින් යුත් මෙම කෘතියේ ලෙස්ටර් විසින් ලියූ කවි 25ක් අඩංගු වේ. පසුව ඔහු විසින්ම මෙම කෘතිය ගිනි තබා විනාශ කරයි. වරක් ඒ මන්දැයි ඇසූ විට ලෙස්ටර් සිනහමුසු මුහුණින් පවසා සිටියේ "සේරම එළිවෙනවනේ" කියාය.
මෙම යෞවන කවියා හට තම කවි පොතෙහි පිටපතක් ජවහර්ලාල් නේරුතුමාට පිලිගන්වන්නට අවස්ථාව උදා විය. ඒ තම පියා මාර්ගයෙනි. නේරු ලංකාවට පැමිණ නැවතී සිටියේ බම්බලපිටියේ පිහිටි දමිළ ප්‍රභූ නිවසකය. මෙම ප්‍රභූවරයා ලෙස්ටර්ගේ පියාගේ මිතුරෙකි. නේරුද සාහිත්‍යයට ලැදි අයෙක් බව දන්නා නිසා පුතුගේ කවි පොත පිලිගැන්වීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. එය සථල විය.
ලෙස්ටර් විසින් වෘත්තාන්ත චිට්ග්‍රපට විස්සක් තනා ඇති අතර එක් ඉංග්‍රීසි භාෂිත වෘත්තාන්ත චිත්‍රපටයජ් තනා ඇත. එය 1976 දී එළිදැක්වුණු 'The God King' චිත්‍රපටයයි.
බොහෝ සිනමාවේදීන් එක් තේමාවක් හෝ තේමාවන් කිහිපයකට සීමා වී තම නිර්මාණකරණයේ යෙදුනත් ලෙස්ටර් තම හැකියා ප්‍රයෝජනයට ගනිමින් නොයෙක් තේමාවන් ඔස්සේ නිර්මාණකරණයෙහි යෙදුනේ ය.
ප්‍රංශ රජය විසින් මෙම මහා සිනමාවේදියාට ' Comander of Arts and Lester' සම්මානයෙන් ද කෑන්ස් චිත්‍රපට උළෙලේ දී 'ෆෙඩ්‍රිකෝ ප්ලිනි' ගෞරව සම්මානයෙන් ද ඉන්දීය රජය විසින් 'යාවජීව කර්තව්‍ය' සම්මානයෙන් ද 1966 දී මෙක්සිකෝවේ අකපුල්කෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී 'Golden head perlank' සම්මානයෙන් ද පිදුම් ලැබීය. පේරාදෙණිය හා කැලණිය විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලෙස්ටර් හිමි කරගෙන තිබෙන අතර ඔහු ලංකාවේදී ලැබූ සම්මාන අති විශාලයි. ඒ අතර ලාංකිකයෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන 'ශ්‍රී ලංකාභිමාන' සම්මානය ද වීම විශේෂයි.
2007 දී 'අම්මාවරුනේ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර මොහු සිනමා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගනියි. පසුගිය අප්‍රේල් 29 වන දින ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා කලාකරුවා ලොව සිටි වයස්ගතම සිනමාවේදියා වෙමින් 99 වසරක් ආයු වැද මෙලොවෙන් සමු ගනියි. ඔබට සුබ ගමන්!

Sunday, April 15, 2018
ටයිටැනික් මුහුදුබත් වී වසර 106 යි
1911 වසරේ මාර්තු මස 31 වන දින අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හිදී මිනිසුන් 100,000ක් පමණ එක්රැස් වූයේ එකල වන විට වඩාත් විශාලතම හා වඩාත් සුඛෝපභෝගී වූ නැව වූ නෞකාව වූ ටයිටැනික් නැවේ මංගල ගමන දැක බලා ගැනීමටයි. මෙම නෞකාව අඩි 882ක දිගකින් ද අඩි 175ක උසකින් හා ටොන් 46,000ක බරකින් ද යුක්ත විය. මෙම නෞකාව එකලට සාපේක්ෂව දියුණු තාක්ෂණයකට හිමිකම් කියූ අතර රැහැන් රහිත මෝස් කෝඩ් සන්නිවේදන තාක්ෂණයක් ද තිබුණි.
ටයිටැනික් හි මංගල ගමනෙහි වූ දේශනයේ දී කපිතාන්වරයා කියා සිටියේ මෙම නෞකාව 'කිසිදා ගිල්විය නොහැකියි' යන්නයි. එහෙත් අවාසනාවකට නිව් යෝර්ක් බලා පිටත් වූ මෙම මංගල ගමනේ දින හතරකට පසු එනම් අප්‍රේල් මස 14 වන දින විශාල අයිස් පරයක ගැටී ටයිටැනික් නැව මුහුදුබත් විය. නෞකාව මුහුදුබත් වී ශතවර්ෂයකට අධික වුවත් මිනිසුන් 1,500කගේ පමණ ජීවිත අරගත් මෙම ඛේදවාචකයට හේතු තවමත් සොයයි.
මුල සිටම නැවේ කපිතාන්වරයා වූ ඊ.ජේ. ස්මිත් හට චෝදනා එල්ල වූයේ ඔහු නෞකාව අධික වේගයෙන් (නොට් 22) අයිස්පර ඇති උතුරු අත්ලාන්තික් සාගරයේ ගමන් කෙරවූ බවයි. ටයිටැනික් නැව අයිස්පරයේ හැපෙන්නට පැයකට පමණ පෙර ඒ අසලින් ගමන් කල කැලිෆෝනියන් නෞකාව ටයිටැනික් වෙත දැනුම් දුන්නේ ජලය පමණට වඩා මිදී ඇති බැවින් තමන් ටික වේලාවකට ගමන් කිරීම නවත්වන බවයි. එහෙත් ටයිටැනික් හි රේඩියෝ පරිපාලකයා වූ ජැක් ෆිලිප්ස් මෙම අනතුරු ඇඟවීම එතරම් තැකිය යුත්තක් නොවන බව සිතා එය කපිතාන්වරයාට දැන්වූයේ නැත.
2010 වසරේදී මෙම ඛේදවාචකයට තවත් හේතුවක් අනාවරණය විය. ලුවිස් පැටන් (ටයිටැනික් හි සේවය කල ජේෂ්ඨයෙක් වූ චාල්ස් ලයිටොලර් ගේ මිණිබිරිය) පවසා සිටියේ අයිස් පරයේ හැපෙන්නට යන මොහොතේ නෞකාව හරවන්නට යැයි කී විට කාර්යමණ්ලයේ සාමාජිකයෙක් තැති ගැනීමකට ලක්ව නෞකාව හරවා ඇත්තේ අයිස් පරය දෙසටයි.
1985 දී ඇමරිකානු-ප්‍රංශ ගවේෂකයන් ටයිටැනික් නැවේ සුන්බුන් තිබෙනා තැන සොයා ගත් පසු ඔවුන්ට අනාවරණය වූයේ නෞකාව අයිස්පරයේ ගැටුණු මොහොතේ මුහුද මතදී නෞකාව පලමුව දෙකට කැඩී ඉන්පසු මුහුදුබත් වූ බවය. මෙයට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ටයිටැනික් හි නිමැවුම්කරුවන් වාසිය තකා එකලට අනුරූප තත්වයෙන් බාල රිවට් ඇණ යොදාගත් බවයි. මෙම කරුණ ටයිටැනික් නැවෙන් ගෙනා මිලියන තුනකට අධික රිවට් ඇණ සාක්ෂි දරයි.
ටයිටැනික් ඛේදවාචකයට වසර සියය සපිරූ එනම් 2012 වසරේ සාකච්චා වූ මාතෘකාවක් වූයේ මෙම ඛේදවාචකයට අවට පරිසරයද වැදගත් තැනක් ඉසිලූ බවයි. එම වසරේ හිරු හා චන්ද්‍රයා පෘතුවියට ඉතා ආසන්නයෙන් පිහිටා තිබූ වසරක් නිසාවෙන් ගුරුත්වාකර්ෂණ බලය හේතුකොටගෙන බොහෝ අයිස්පර උතුරු අත්ලාන්තික් සාගරයේ මතුපිට පාවෙමින් තිබූ බව පලමුව විවාදයට ලක්විය.
දෙවෙනුවට සාකච්ඡා වූයේ එදින රැයේ තිබුනු වායුගෝලයේ සංයුතිය නිසාවෙන් අයිස්පරය පැහැදිලිව නොපෙනුණු බවයි. එමෙන්ම ඒ අසල තිබූ කැලිෆෝනියන් නෞකාවට ටයිටැනික් නැව පෙනී ඇත්තේ ළගින් පිහිටි කුඩා නැවක් ලෙසයි. කැලිෆෝනියන් නැව යැවූ රේඩියෝ සංඥා වලට පිලිතුරක් නොතිබූ බැවින්ද ඒ ටයිටැනික් නැව යැයි ඔවුන් නොසිතූ බවද සාකච්ඡා විය.
ටයිටැනික් නැවේ කාර්යමණ්ඩලයේ සිටි ඩේවිඩ් බ්ලෙයර් සතුව බයිනොකියුලර (දෙනෙති) අඩංගු කාමරයේ යතුර තිබුනි. එහෙත් ඔහු ගමනේ අතරමගදී නැවෙන් සමුගත් විට ඔහු වෙනුවට පත් වූ තැනැත්තාට එම යතුර බාර දීමට ඔහුට අමතක විය. එමනිසා දුර තිබෙන අයිස්පර පැහැදිලිව දැක බලා ගැනීමට කාර්යමණ්ඩලයට අපහසු විය. කෙසේ හෝ 2007 වසරේ දී මෙම යතුර යූරෝ 90,000ක මුදලකට වෙන්දේසි විය.
නැවේ මගීන්ට මෙන්ම කාර්යමණ්ඩලයට ඇති තරම් ජීවිතාරක්ෂක බෝට්ටු තිබුනා නම් මෙතරම් ජීවිත හානියක් වලක්වා ගන්නට හැකියාව තිබුනි. ටයිටැනික් නැව පිටත් වී ඇත්තේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් ඇතිවයි. මෙය නීතියට අනුව ගෙන යා යුතු අවම ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයයි. ටයිටැනික් නැව පරීක්ෂා කල ක්ලාක් නම් සිවිල් සේවකයා පවසා සිටියේ තවත් 50%ක් අමතර ජීවිතාරක්ෂක බෝට්ටු රැගෙන යන ලෙසයි. එහෙත් මෙම සුප්‍රකට නෞකාවේ ගමනට බාධා කිරීම තම රැකියාවට තර්ජනයක් බව සිතූ ඔහු නෞකාව දියත් කිරීමට අවසර දුන්නේ ය. මෙය ඔහුගේ අත් අකුරින් ලියැවුණු ලියුමක සදහන් වේ. තවත් වැදගත් කාරණයක් නම් ටයිටැනික් නෞකාව ගැටුනු පසු මිනිසුන් 1500කට ආසන්න ප්‍රමාණයක් මුහුදට බිලි දී ජීවිතාරක්ෂක බෝට්ටු 20 මිනිසුන් රැගෙන ගියේ හිස් ආසන 400කට ආසන්න ප්‍රමාණයක් සහිතවයි.

Subscribe to:
Posts (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...