Thursday, January 14, 2016

කඩදොර විහාරය


කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමාව
ජලාශයේ ජලය සිඳුනු අවස්ථාවකදී (2010)
කඩදොර විහාරය කොත්මලේ ජලාශයඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ.
වර්ෂාව අධික සමයේදී කොත්මලා ඔයේ ජල කඳ පිටාර යාම නිසා, කඩදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අතීතයේදී ගංවතුරෙන් යටවූ බව පැවසෙයි. මෙම ගංවතුර හටගැනීම වලක්වා ගැනීමේ පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹිමහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී.[1]කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් ඊට යටව ගිය බව සඳහන් වෙයි.[2]
කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.
කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායකමහතා විසින් අරඹන ලදී.

1 comment:

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...