Thursday, January 14, 2016

උඩරට නැටුම් වර්ග

උඩරට නැටුම් වර්ගසංස්කරණය

වෙස් නැටුම්සංස්කරණය

උඩරට වෙස් නර්තනය ශ්‍රි ලංකාවේ ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංකේතවත් කරන ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. වෙස් නර්තන කලාවේ එන ඉතාමත් වැදගත් නර්තන අංගයකි කොහොඹ කංකාරිය. මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් මෙම වෙස් නර්තනය මුලින්ම නර්තනය කල බව පතපොතේ සඳහන් වේ.
වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු විසිහතර දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් වලින් සකස් වුවක් බව නර්තන කලාවේ සඳහන් වේ. එම නිසා නර්තන ශිල්පින් ඉමහත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිතා කරයි. නුවර ඇසල පෙරහැරේ ඉතාමත් විචිත්‍රවත් නර්තන අංගයක් ලෙස ද මෙම වෙස් නර්තන අංගයන් හැඳින්විය හැක. එය ඇසල පෙරහැරේ අනිවාර්ය අංගයකි.
වෙස් නැට්ටුවන් හට දලදා පෙරහැරෙහි කංකාරි දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කිරීමට අවශ්ථාව ලැබුණේ 19 වන සියවසෙහි අග භාගයේ සිටය. විචිත්‍ර වෙස් ඇදුමෙන් සැරසුණු වත්මන් වෙස් නැ‍ට්ටුවා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියක් බදුය.

නෛඅඩි නැටුමසංස්කරණය

නෛඅඩි නර්තනය රග දක්වනු ලබන්නේ කොහොඹා කංකාරි‍ය සදහා සූදානම් වන අතරතුර එනම් පහන් දැල්වීමේදී හා යකුන්, පිශාචයන් උදෙසා පිදේනි පුදන අතරතුරදීය. නැට්ටුවා තම ඇදුම් කට්ටලය වශයෙන් සුදු රෙද්දක්, අත් පළදනා, ජඨාව, ජඨා පටිය, ශිඛා බන්දනය, දෙවුර මාලා, ශිලම්බු (පා සළඹ) සහ ගෙජ්ජි යනාදියෙන් සැරසෙයි. මෙය මහා විශ්නු සහ කතරගම දේවාල භූමියන්හි විශේෂ උත්සව අවශ්තාවන් සදහා ද ඉදිරිපත් කෙරෙන ඉතා සුන්දර නර්තනාංගයකි.

උඩැක්කි නැටුමසංස්කරණය

උඩැක්කි නර්තනය යනු ඉතා ප්‍රසිදධ නර්තන විශේෂයකි. දෙවියන් විසින් දෙන ලදැයි සැලකෙන මෙම උඩැක්කිය අගල් 7 1/2 පමන දිගින් යුතු ඔප දැමූ බෙරයක හැඩැති වාදව භාණ්ඩයකි. පුරාණ විශ්වාසයන්ට අනුව මෙහි බෙර සම් ඊශ්වර දෙවියන්ගේද, නාදය විශ්නු දෙවියන්ගේද දායාදයන් වන අතර එය වාදනය කළ යුත්තේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස් වලට අනුකූලව දෙවියන්ගේ දේව සභාවේදීය. මෙය වාදනය කිරීමට අසීරු වාද්‍ය භාණ්ඩයකි.නැට්ටුවා විසින්ම ගායනයද සිදු කෙරෙන අතර බෙර පටි තද කරමින් හඩෙහි උස් පහත් වීම් වලට අනුව උඩැක්කිය වාදනය කළ යුතුය.

පන්තේරු නැටුමසංස්කරණය

පන්තේරුව පත්තිනි දේව මෑණියන් හට වෙන් කෙරුණු වාද්‍ය භාණ්ඩයකි. එය හැඩයෙන් බෙර සම් රහිත රබානකට සමාන වන අතර පරිධිය වටා කුඩා අත්තාලම් සවි කර ඇත. දෙවියන් මෙය යුධ ජයග්‍රහණ සැමරීමේදී වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර පැරණි සිංහල රජවරුන් යුද්ධ භූමියන්හි ජයග්‍රහණ සැමරීම සදහා පන්තේරු නැට්ටුවන් යොදා ගෙන ඇත. පන්තේරු නැට්ටුවාගේ ඇදුම් කට්ටලය උඩැක්කි නැට්ටුවාගේ ඇදුම් කට්ටලයට බොහෝ සෙයින් සමාන වන නමුත් පබළු උරමාලයක් ඊට අඩංගු නොවේ.

වන්නම්සංස්කරණය

ආරම්භයේදී වන්නම් යනු ගායනා විශේෂයකි. බොහෝ විට වන්නම් වලින් විස්තර කෙරෙන්නේ ඇතා, වදුරා, සාවා, මොණරා, කුකුළා, සර්පයා වැනි සත්ව විශේෂයන්හි හැසිරීම් රටාවයි. පසු කාලීනව නැට්ටුවන් විසින් වන්නම් සිය නර්තනයන්හි පසුබිම් ගායනා ලෙස යොදා ගන්නා ලදී. උඩරට නැටුම් ක්‍රමයෙහි වන්නම් 18ක් පමණ ඇත. සාම්ප්‍රදායානුකූලව වෙස් නැටුම් කට්ටලය පැළැදීමට පෙර උඩරට නැටටුවකු විසින් මේ සියලුම වන්නම් ප්‍රගුණ කළ යුතුය. මේවා අතුරින් වඩාත් ප්‍රසිදධ වන්නම් ලෙස හනුමා වන්නම (වදුරා), උකුසා වන්නම (උකුස්සා), ගජභා වන්නම (ඇතා) ගත හැක.
වන්නම් යන වචනය සෑදී ඇත්තේ වර්ණනා (සවිස්තරාත්මක වර්ණනාව) යන සිංහල වචනයෙනි. පුරාණ සිංහල ග්‍රන්ථයන්හි සැලකියයුතු වන්නම් ප්‍රමාණයක් දැකිය හැකි වුවද, පසු‍ව ඒවා යම් නිශ්චිත අදහසක් ප්‍රකාශ කෙරෙක ඒකල නර්තනයන් සදහා සුදුසු ගායනා ලෙස අනුවර්තනය විය. ඉතිහාසයේ දැක්වෙන පරිදි ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු විසින් නර්තනයට හා සංගීතයට විශාල අනුබලයක් ලබා දී ඇත.
මෙ‍ම වන්නම් 18 පුරාණ ඉසිවරයෙකු වූ ගනිතාලංකාර විසින් මහනුවර පන්සලක විසූ බෞද්ධ හිමි නමකගේ සහය ඇතිව රචනා කරන ලදැයි සැලකේ. ස්වභාවධර්මය, ඉතිහාසය, පුරාවෘත්ත, ගැමි ආගම් ඇදහිලි ක්‍රම, ජන කලා පදනම් කරගෙන රචිත මෙම වන්නම් සෑම එකකින්ම කියම් වූ මනෝ භාවයක් ඉදිරිපත් කෙරේ. උඩරට නැටුම් ක්‍රමයේ එන වන්නම් 18 වන්නේ ගජභා, තුරගා, මයුරා, ගාහක, උරගා, මුසලඩි, උකුසා, වෛරඩි, හනුමා, සැවුලා, සිංහරාජ, නාග, කිරලා, ඊරඩි, සුරපති, ගණපති, උදාර (රජුගේ තේජස් භාවය හා ශ්‍රී විභූතිය) සහ අසදෘස වන්නම්ය. වර්ථමානයේදී මේවාට සමනළ, මහ බෝ සහ හංසා යන වන්නම් ඇතුලත් වී ඇත. වන්නම් එක් නර්තනාංගයක් කොටස් 7කින් සමන්විත වේ.

No comments:

Post a Comment

Catacombs නොහොත් උමං සොහොන්

  මමී ගැන ලිපි කිහිපයක්ම බ්ලොග් අඩවියේ ලියලා තියෙන නිසා Catacombs ගැනත් ලිව්වොත් හොදයි කියලා හිතුනා. මමී වලට ඒ හැටි සම්බන්ධයක් නැති වුනත් මෙ...