Thursday, January 14, 2016

ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් දේ 16

 

01.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.

02 ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.

03 නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.

04අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.

05 අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.

06ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.

7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.

08.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි 

9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.

  10).ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.

11).ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.

12).ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.

13).දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.

14). ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.

15).ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.

16).ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය. 

2 comments:

  1. මේ කරුණු මමත් දුටුවා කිසියම් ලිපියකින් - කෙතරම් සත්‍යද නස් දන්නේ නැහැ

    ReplyDelete
  2. 01 ලංකාවේ විදුලිය සමග බදු බිල්
    02 අපිට නම් ගිණි පොළියට ණය දෙයි
    03 ගහගත්ත මුදල් වලින් මැති ඇමතිවරැ විසින් තමුන් හටසුපිරි නිවාස සහ හෝටල් ඉදි කර ඇත
    04 බඳින්නත් ලංකාවේ බද්දක් අය කෙරේ
    05 මේක නම් ලංකාවේ ටිකක් වැඩියි වගේ ඈ
    06 රට වට තනි වෙල් යායයි බැලුවම හරි සිරියාවයි නැවෙන් ගෙනත් හාල් බානවා ඔයි
    07 මෙය ලංකාවේ නම් මැති ඇමතිවරැන්ට සහ ඔවුන්ගේ පැටවුන්ට හිමි දීමනාවකි
    08 ගහන්න පුලුවන් ඔක්කොම බදු ගහයි මැති ඇමතිවරැන්ට හැර වාහනයක් ගන්න ගියොත් ඉදිරියේ දී මෙය ගොං කරත්ත වලටද අදාල වේ
    09 දැනට රැපියල්ම 117 වන අතර ඉදිරියේ දී තවත් මිල වැඩිවේ
    10 අපේ රටේ නම් නූපන් ළමයින් වත් ණය කාරයෝ කර ඇත
    11 ලංකාවේ නම් උපාදිය අරං ගෙදර තමයි ඉන්නේ වැඩිපුර අම්මලා තාත්තලා තමයි කන්ඩ දෙන්නේ රස්සාවක් ලැබුනත් ලැබෙන්නේ කොරපු උපාදියට සරිලන එකක් නෙමේ කූණු පඩියකට තමා කබුරන්න වෙන්නේ නොදෝමකින්
    12 ලංකාවේ ආණ්ඩුව නම් වැසියන්ට ගහන්නේ බදුම තමා මේ කාලේ වෙනකොට කටු ටික තමා සූප්පු කොරන්නේ ආණ්ඩුව වැසියන්ගේ තව පිං කැට ටිකටත් වැඩේ දෙයි වගේ ලගදිම ඔං
    13 දීමනාවක් තියා ආණ්ඩුව ත්රිේපොශ පැකට් එකෙනුත් ගසා කනකොට ළමයි හදන්ඩත් එපා වෙනවා අපොයි සිංහල ජාතිය
    14 අපිට නං ලංකාවේ කන්ඩ වෙලා තියෙන්නේ දැන් පානුයි ලුකයි තමා
    15ලංකාවේ ඔය කොළ කෑල්ල තිබ්බත් වැඩක් නෑ නේ රස්සාවක් නැතිව
    16 වාරි කොහොම වුනත් ඔං ආපහු නැවෙන් හාල් ගෙනත් බානවලු දැන්

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...