Sunday, July 3, 2016

ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසය - 2 කොටස

පලමු කොටස කියවන්න මෙතනින්.

තැපැල් සේවයේ පුනරුදය

 ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් වූයෙව් 1857 අප්‍රේල් 01 වන දිනය. 1858 ජනවාරි මාසයේදී මෝස් සංඥා ක්‍රමය මගින් විදුලි පණිවිඩ සේවයක් ආරම්භ වී පසුව කොළඹ සහ මහනුවර දක්වා ව්‍යාප්ත විය. 1867 දී මෙරට තුල පාර්සල් මගින් භාණ්ඩ යැවීම සදහා පාර්සල් සේවය ඇරඹිණි. මනිඕඩර් ක්‍රමය 1877 දී ආරම්භ වූ අතර ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් වැසි රාජ්‍යයක් වශයෙන් විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේද එම වසරේ අප්‍රේල් 01 වන දිනය.

ලංකාවේ තැපැල් කාර්යාල වල ප්‍රයෝජනය සදහා ර්හැපැල් කනු එංගලන්තයෙන් ආනයනය කිරීමට සිදුවිය. මෙසේ රැගෙන ආ ප්‍රථම තැපැල් කනු ප්‍රථමයෙන් කොළඹ , ගාල්ල, මහනුවර, නුවරඑළිය යන නගරවල ස්ථාපිත කරන ලදි. වික්ටෝරියා රැජිනගේ කාලයේ ගෙන්වන ලද කනුවල VR අක්ෂරද , ජෝර්ජ් රජුගේ පාලන සමයේදී GR අක්ෂරද එළිසබෙත් රැජිණගේ පාලන සමයේදී ER අක්ෂරද තැපැල් කනු වල සටහන් විය.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේදී 1994 දී තැපැල් කෞතුකාගාරය ස්ථාපනය කරන ලදි.


මුද්දර ලෝකය

විනෝදාංශයේ රජ මෙන්ම රජවරුන්ගේ විනෝදාංශය යන පිරුළ මුද්දර විනෝදාංශය සදහා යොදාගනියි. සෑම වසරකම ඔක්තෝම්බර් මාසය මුද්දර එකතු කරන්නන්ගේ මාසය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත.

 මුල් කාලයේදී තැපෑල ධනවතුන්ට , ප්‍රභූවරුන්ට, ආගමික නායකයන්ට සහ රාජකීයන්ට පමණක් සීමා විය. මෙය වෙනස් කිරීමේ පුරොඉගාමියා වූයේ ශ්‍රීමත් රෝලන්ඩ් හිල් මහතාය. 1840 මැයි මස 06 දින සිට තැපැල් කිරීමේදී ගාස්තුව අයකිරීම වෙනුවට එම වටිනාකමට සමාන ලේබලයක් ඇලවීම සිදුවිය. එය ලොව ප්‍රථම මුද්දරය විය. එවකට එංගලන්ත කිරුළ හිමි වික්ටෝරියා රැජිණගේ පැති රූපය නිරූපණය වූ මෙම මුද්දරයේ වටිනාකම පැන්ස 01 කි. එය පෙනී බ්ලැක් නම් විය. මුද්දරය මත රටේ නම සදහන් නොවීය. එතැන් පටන් එංගලන්තයෙන් නිකුත් වන කිසිදු මුද්දරයක රටේ නම සදහන් නොකරයි.


 ශ්‍රීමත් රෝලන්ඩ් හිල් ශත සංවත්සරය ( 1879 - 1979) වෙනුවෙන් වසර 1979 අගෝස්තු 27 වන දින රු.3.00 ක වටිනාකමකින් යුත් නව මුද්දරයක් ඔහුට උපහාර වශයෙන් මුද්දර කාර්‍යංශය මගින් නිකුත් කරන ලදි.

ෆිලටලි ( Philately ) යන්න ග්‍රීක වදනකි. ආදරය ( philos) අයකිරීමකින් තොර ( Atelia ) යන දෙපදය මුසු කොට ෆිලටලි යන වදන නිර්මාණය කරන ලද්දේ ප්‍රංශ ජාතික ජෝර්ජ් හර්පන් විසින් 1864 දීය. මුද්දර එක්රැක් කිරීම විනෝදාංශයක් වශයෙන් හදුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ එංගලන්තයේ කෞතුකාගාර සේවකයෙකු වූ ජොඉර්ජ් එඩ්වඩ් ග්‍රේ මහතාටය. එකල ඉතා ජනප්‍රිය වූ කුරුළු පිහාටු එකතු කිරීමේ විනෝදාංශය අභිබවා මුද්දර එකතු කිරීම ඉතා කෙටි කලකින් ජනප්‍රිය විය. ලොව ප්‍රථම මුද්දර ඇල්බමය 1852 දී එංගලන්තයේ ඔපෙන්ස් සමාගම මගින් නිකුත් කරන ලදි. 1856 දී ලොව ප්‍රකට ස්ටැන්ලි ගිබන්ස් සමාගමේ සමාරම්භය සිදුවිය. ලංකාවේ මුද්දර රජ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නේ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමාය.

ඔබේ අදහස් පවසන්න.. ඊළඟ කොටහින් හමුවෙමු...

- මිතිල ප්‍රනාන්දු

2 comments:

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...