Sunday, July 31, 2016

දමිල සිනමාවේ සුපිරි තරුව වූ බස් කොන්දොස්තරවරයා


 ලෝකයේ එතෙක් මෙතෙක් සාර්ථක වූ මිනිසුන්ගේ අතීතය එතරම් මිහිරි නැත. නමුත් ඔවුන්ගේ නොපසුබට උත්සහය හා ධෛර්යය හේතුවෙන් ඔවුන් දියුණුවෙන් දියුණුවට පත් වූයේය. රැජිනිකාන්ත් නොහොත් ශිවාජි රාඕ ගේක්වාද් එවන්ම පුද්ගලයෙක්. බොලිවුඩ්, කොලිවුඩ් මෙන්ම හොලිවුඩ් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ මොහු දමිල සිනමාවේ සුපිරි තරුව ලෙස ජනාදරයට පාත්‍ර වී ඇත. මේ ඔහුගේ කතාවයි.
රැජිනිකාන්ත් නොහොත් ශිවාජි රාඕ ගේක්වාද්


 මොහු උපන්නේ 1950 දෙසැම්බර් 12 වනදා කර්නාටක ප්‍රාන්තයේ. පවුලේ ලමයින් හතර දෙනෙක් සිටි අතර ශිවාජි පවුලේ බාලයාය. ඔහුගේ කුඩා කාලයේදීම අවාසනාවන්ත ලෙස ඔහුගේ මව මියයයි. මොහු අධ්‍යාපනය ලබන්නේ බැංගලෝරයේ ආචාර්ය පාඨශාලාවේදී. මොහුගේ මව් භාව මරාති වුවද ඔහු එම භාෂාවෙන් එකදු චිත්‍රපටයක රඟපා නොමැති වීම පුදුමයට කරුණකි.

සැබෑ ජීවිතයේ ස්වරූපය

 නළුවෙක් වීමට ප්‍රථම ඔහු බස් කොන්දොස්තරවරයෙක්, වඩුවෙක්, කුලී කරුවෙක් හා ත්‍රීරෝද රථ රියැදුරෙක් ලෙස රැකියාවේ නියැලී ඇත. 1972 මදුරාසියට පැමිණ එහි පිහිටි සිනමා පාසලට ඇතුලත් වී ඔහු සිනමාව හැදෑරීය. මොහු චිත්‍රපට නළුවෙක් වීමට ප්‍රථම වේදිකා නළුවෙක් ය. රැජිනිකාන්ත් යනු මොහු වේදිකාවේදී භාවිතා කල නමයි.
ඔහුගේ පලමු චිත්‍රපටයේ රඟපාමින්


ශිවාජ්ගේ ප්‍රියතම ක්‍රීඩා වූයේ ක්‍රිකට්, පාපන්දු, පැසිපන්දු යන ක්‍රීඩා ය. මොහු පලමුව රඟපෑවේ දමිළ අධ්‍යක්ෂවරයෙක් වූ බාලචන්ද්‍රන් මහතා විසින් අධ්‍යක්ෂණය කල අපූර්ව රාගන්ගල් චිත්‍රපටයේ ය. මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වූ බැවින් ශිවාජිට දමිළ ඉගෙනගැනීමට විය. මන්ද ඒ වන විට ඔහු දැන සිටියේ මරාති භාශාව පමණක් වන නිසාය. මෙම චිත්‍රපටයේදී ශිවාජිට ලැබුනේ කුඩා චරිතයක් වුවත් ඔහුගේ දක්ෂතා ඔහු මෙම කුඩා චරිතය තුලින් මොනවට පැහැදිලි කලේය. බොහෝ දෙනාගේ ආකර්ෂණය හා පැහැදීම මෙම පලමු චිත්‍රපටයෙන්ම මොහුට ලැබුනේය.
ඔහුගේ නවතම චිත්‍රපටය වන කබලි චිත්‍රපටයේ දර්ශණයක්



 මොහු හින්දි සිනමාවට පැමිනියේ 1983 දී ය. ඒ අන්ධා කනුන් චිත්‍රපටයෙන් ය.  2007 දී ශිවාජි චිත්‍රපටයට මොහු අයකල මුදල වූයේ කෝටි 26කි. මොහුගේ අතිවිශිෂ්ඨ සේවයට 2000 දී පද්ම විභූෂන සම්මානයද 2016 දී පද්ම භූෂන් සම්මානයද හිමිවිය.

මොහුගේ බිරිඳ වන්නේ ලතා රංගචාරී වන අත මෙම දෙදෙනා විවාහ වූයේ 1981 වර්ෂයේ දී ය. මොවුනට දියණියන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් නමින් අයිශ්චර්යා රැජිනිකාන්ත් හා සෞන්දර්යා රැජිනිකාන්ත් වේ.
පවුලේ උදවිය සමඟ


 ලොව ධනවත්ම පුද්ගලයෙක් වන බිල් ගේට්ස් මහතාගේ එක් ප්‍රකාශයක් කියා ලිපිය අවසන් කිරීමට සිතමි.

 ඔබ දුප්පත් වී ඉපදීම ඔබගේ වරඳක් නොවේ. නමුත් ඔබ දුප්පත් වී මියයාම ඔබේ වරඳකි.

- මිතිල ප්‍රනාන්දු



17 comments:

  1. ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
  2. හොද ලිපියක්. තව තවත් හොද ලිපි ලියන්න ලැබේවා.

    ReplyDelete
  3. බොහොම රසවත් ලිපියක්

    ReplyDelete
  4. නියමයි

    ReplyDelete
  5. බොහොම රසවත් ලිපියක්....

    ReplyDelete
  6. හොද පෝස්ට් එකක්..

    ReplyDelete
  7. එයාගේ බෑනත් පහලින් ආ කෙනෙක් නේද

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...