Friday, September 16, 2016

විවිධ ආගම් විසින් අනෙක් ඇදහිලි ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ග - 1 කොටස



  •  මොහොමඩ් නබි තුමා විසින් ක්‍රිස්තියානි දේශය ආරක්ෂා කිරීමට පොරොන්දු වෙයි.
        ශාන්ත කැතරින් තාපසාරාමයේ යම් විශේෂ ලියවිල්ලක් ඇත. එය නම් මොහොමඩ් නබි තුමා විසින් රචිත, ක්‍රිස්තියානි දේශය ආරක්ෂා කිරීමට ලියන ලද පොරොන්දු පත්‍රයකි. 

 මොහොමඩ් නබි තුමා ශාන්ත කැතරින් තාපසාරාමයේ සිටි පූජකයන් සමඟ ඉතා හොද සම්බන්ධකමක් පැවැත්වූයේ ය. ක්‍රි.ව. 626 දී ලියවිල්ලකින් තමන්ගේ අනුගාමිකයන්ගේ ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට පොරොන්දු වූයේ ය. 

 එම ලියවිල්ලට අනුව මුස්ලිම් උදවිය ක්‍රිස්තියානි උදවියගෙන් බදු අය නොකල යුතු අතර ආහාර ආදිය පමණට වඩා ඇති විට ඒවා ක්‍රිස්තියානි අයත් සමඟ බෙදාගත යුතු විය. 

 මෙම ලියවිල්ලේ ඇති පරිදි නබි තුමා එක් දේවස්ථානයක් පමණක් නොව ක්‍රිස්තියානි දේශයම ආරක්ෂා කිරීමට පොරොන්දු වූයේ ය. මෙම පොරොන්දුව කඩ කරන අය දෙවියන්ගේ උදහසට ලක් වන බවද එතුමා අවධාරණය කරන ලදි. 


ලියවිල්ල

ශාන්ත කැතරින් දේවස්ථානය


  •  14 වන දලයි ලාමා තුමා මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීමට උපදෙස් දෙයි
  මියන්මාරය බෞද්ධ රටකි. 2014 වන විට මියන්මාරයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව කැරලි ඇති විය. මේ හේතුවෙන් මුස්ලිම්වරුන් 250කට ආසන්න පිරිසක් මියගිය අතර 14000 කට අධික පිරිසක් තම නිවෙස් වලින් පලවා හරින ලදි.

  දලයි ලාමා තුමා බෞද්ධයන්ගේ මෙම ක්‍රියාවට එක හෙලා විරුද්ධ වෙමින් , තමුන් මෙසේ කිරීමට පෙර බුදුරජාණන්වහන්සේගේ චරිතය මතක් කර ගන්න, උන්වහන්සේ මෙසේ ක්‍රියා කිරීමට අපට ඉගැන්වූයේ නැත යැයි කීවේ ය. 

  බෞද්ධයන්ගෙන් සහෝදර මුස්ලිම්වරු ආරක්ෂා කරන්නැයි උන්වහන්සේ පැවසුවේය. එමෙන්ම බුදුරජාණන්වහන්සේ දැන් සිටියොත් කරන්නෙත් ඒ දේමයි යැයිද උන්වහන්සේ අවධාරණය කලේය.
14 වන දලයි ලාමා තුමා



 ඊළඟ කොටහින් හමුවෙමු....

4 comments:

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...