Saturday, September 10, 2016

වසර 300ක් පැරණි ජේසුස්ගේ පිලිමයක සැබෑ මිනිස් දත්


 මෙක්සිකෝවේ කුඩා නගරයක පිහිටි වසර 300ක් පැරණි ජේසුස් වහන්සේගේ පිළිමයකට සැබෑ දත් සවි කර ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ X ray පරීක්ෂණයක් මඟිනි. මේ දත් කෙසේ සවි කලාදැයි කිසිවෙකුත් නොදනියි. අතීතයේ දී මිනිසෙකුගේ මරණයෙන් පසු තම ශරීර කොටස් දේවස්ථානයට දන් දීම චාරිත්‍රයක්ව පැවතුනි. පිළිම සදහා මිනිස් හිසකෙස් හා සත්ව ඇටකටු ආදිය යොදාගැනීම සාමාන්‍යයෙන් සිදුවිය. එසේ නමුත් පිලිමයක් සදහා මිනිසෙකුගේ දත් යොදාගැනීමක් ගැන පෙරදී අසා තිබුනේ නැත.

පිලිමයේ X Ray චායරූපය


 17 ශතවර්ෂයේ හෝ 18 වන ශතවර්ෂයේ සාදන ලද පිලිමයක් වන මෙහි දත් ඉතාමත් නිවැරදිව සකස් කර ඇති බව X Ray පරීක්ෂණ මගින් ඔප්පු විය. මෙසේ යොදාගෙන ඇති දත් රැගෙන ඇත්තේ මිනිසා ජීවත්ව සිටියදී ද ,  මිනිසා මැරුණ විටදී ද යන්නත් මේ දත් රැගෙන ඇත්තේ එක් මිනිසෙක්ගෙන් ද හෝ මිනිසුන් කිහිප දෙනෙක්ගෙන් ද යන්නත් තවම සොයාගෙන නැත.



 මේ පිලිබද තවත් පුදුමයට කරුණක් නම් මෙම ප්‍රථිමාවේ මුඛයේ විවර වී ඇත්තේ ඉතා කුඩා කොටසක් වීමයි. මේ දත් කෙනෙක්ට දැකබලා ගැනීමට අවශ්‍යනම් පිලිමය ලඟටම ගොස් සූක්ෂමව බැලිය යුතුයි. එසේ නම් මේ දත් මෙසේ නිවැරදිව සූක්ෂමව සකස් කරේ ඇයි? අතීතයේදී පිලිම වල දත් සදහා භාවිතා කර ඇත්තේ ලී කොටස් හා සත්ව ඇටකටු ය.


 මේ පිලිමයේ දත් 8ක් ඇති අතර මේ දත් වල මුල් පවා දැකගත හැක. මේ සොයාගැනීම සොයාගෙන ඇත්තේ අහම්බයකිනි. මෙක්සිකෝවේ ඉතිහාස පරීක්ෂණ කණ්ඩායමක් ( INAH ) විසින් පිලිම කිහිපයක් පරීක්ෂණයකට ලක් කලේය. මේ පරීක්ෂණයේ කොටසක් ලෙස X Ray පරීක්ෂණද ඇතුලත් විය. එහිදී ඔවුන්ට සොයා ගත හැකි වූයේ අනෙක් පිලිම මෙන් නොව මේ පිලිමයේ දත් මිනිසෙකුගේ දත් වීමයි.


6 comments:

  1. දත් හයිකරන්න ඇත්තේ ස්භාවික පෙනුමක් ගෙන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන්ට ඇති... ඒත් ඒ උනත් ඔය දත් ලඟට ගිහිල්ලා හොදින් බැලුවොත් මිසක් පේන්නෙ නෑ...

      Delete
  2. මේ වැදගත් ලිපිය මට මග හැරී ගිහින් තිබුණා මිථිල ඔබේ වෑයම ඉතාම ප්‍රශංසනීයයි

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...