Thursday, September 15, 2016

ඊජිප්තුව සිත්තරෙකුගේ ඇසින්

ඩේවිඩ් රොබර්ට්ස් උපන්නේ 1796 ඔක්තෝම්බර් මස 24 වන දින ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදීය. කුඩා කල පටන්ම ඔහු චිත්‍ර ඇදීමට ඇති හැකියාව මනාව පිළිබිඹු කලේ ය. ඔහු කුඩා කාලයේ ඇන්දේ ස්කොට්ලන්තයේ ඇති බලකොටු හා ස්මාරක ය. ඔහුගේ දෙමව්පියන් ඔහුගේ හැකියාව දියුණු කිරීමට අතහිත දුන්නේ ය. ඔහුව නිවාස අලංකරණ ශිල්පියෙක් වීමට ඉගෙනගත්තේ ය. ඔහු වසර හතක කාලයක් එය ඉගෙනගත්තේ ය.
අබු සිම්බල් දෙව්මැදුර ඇතුලත

   ඩේවිඩ් ඔහුගේ ඊජිප්තු සංචාරය පටන් ගත්තේ 1838 දීය. ඔහු 1833 සිට 1838 තමන් විසින් අදින ලද දිය සායම් චිත්‍ර, තෙල් සායම් චිත්‍ර ආදිය විකුණමින් ඔහුගේ ඊජිප්තු සංචාරය සදහා මුදල් සොයා ගත්තේ ය.

කයුරෝ වෙළඳසැලක්

ඉංග්‍රීසි ජාතිකයන් අතුරින් ඊජිප්තුවේ ස්මාරක චිත්‍රයට නැගූ පලමුවැන්නා මොහුය. මොහු 1838 දී ලන්ඩන් සිට ඔහුගේ ගමන ආරම්භ කලේය. ඔහු ප්‍රංශය , මෝල්ටාව හා ග්‍රීසිය පසුකර ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත සැප්තැම්බර් මාසය වන විට ලඟා විය. එහිදී ඔහු කණ්ඩායමක් සමඟ බෝට්ටුවක් කුලියට ගෙන තවත් පෞද්ගලික සේවකයෙක් සමඟ කයිරෝ බලා පිටත් විය. ඔහු පිරමීඩ සහ sphinx නරඹා නයිල් ගඟේ සංචාරයේ යෙදුනේ ය. නයිල් ගඟේ සංචාරයේ යෙදෙන විට ඔහුට බොහෝ දේවස්ථාන හා ස්මාරක දැකබලා ගැනීමට හැකිවිය.


ඩේවිඩ් රොබර්ට්ස්

කයිරෝ හි වහලුන් විකුණන වෙළඳසැලක්

ඔහු නයිල් ගඟේ උඩට පල්ලෙහාට යන අතරතුර ස්මාරකවල කටු සටහන් ඇන්දේය. ඔහුගේ ඊජිප්තු චිත්‍රවල බොහෝ විට දක්නට ඇත්තේ එම ස්මාරක ආදිය ප්‍රථිසංස්කරණයට පෙර පැවති අයුරු යි.
මොහු ඊජිප්තුවේ දෙවන සංචාරය ආරම්භ කලේ 1939 දීය. ඔහු යහලුවන් දෙදෙනෙකු සමඟ කයිරෝ අතහැර ශුද්ධවූ දේශය කරා ගියේ ය. ඩෙවිඩ් මෙම ස්ථාන වලට ගිය විට කලේ චිත්‍රවල කටුසටහන් ඇදීම පමණි. ඔහු චිත්‍රය ඇදීම සම්පූර්ණ කලේ ඊට ටික කාලයකට පසුය. ඔහු ඉන් පසු මාස එකොලහක් ගතවූ පසු එංගලන්තා බලා පිටත් විය.

කයිරෝ හි ලියුම් ලියන්නෙක්


ඇලෙක්සැන්ඩ්‍රියාව
 
සීනායි කන්ද




මෝසෙස් මිසරයේ වහල් කමින් මුදවාගෙන ආ ජනතාවට ජලය ලබාදුන්නා යැයි සැලකෙන ගල

Isis දේවස්ථානය
කයිරෝ වෙළඳසැලක්
ගීසා හි පිරමීඩ

11 comments:

  1. ලස්සන පින්තූර ටිකක්. ඒ වගේම සටහනත් අපූරුයි මලිත් සහෝ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔබ අපව දුර්ලභ තොරතුරු සොයා යමින් දැනුවත් කරන්නට හැමවිටම වෙහෙසෙන බව පෙනෙනවා ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .... ඔයාලා හැමෝගෙම අදහස් මට විශාල ශක්තියක් ...

      Delete
  3. අගනා සටහනක් පුතේ.. අප්‍රකට මුත් ඉතිහාසයට වටිනා තොරතුරු .. උපන්දිනේ 1796 වෙන්න ඕන නේද? ඒක වෙනස් කරන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .... 1796 තමා එන්න ඕනෙ... මම ඒක edit කරා...

      Delete
  4. අපිව දැනුම / තොරතුරු ඛෙදාදුන්නාට ස්තූතියි. සිත්තරාගේ අනෙක් නිර්මාණ ගැනත් පොඩ්ඩක් ලියවුනා නම් අගය බොහෝමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .... එම තොරතුරුත් ඇතුලත් කරන්නම්...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...