Saturday, September 3, 2016

චාලි චැප්ලින් චිත්‍රපටයක සෙලියුලර් දුරකථනයක් ?


 1928 වසරේදී නිර්මාණය කල චාලි චැප්ලින් කළු සුදු , නිහඬ චිත්‍රපටයක දසුන් පෙළක් කාගේත් අවදානයට ලක් විය. කවුරුත් ඒ ගැන පුදුම වුනා. ඒ ගැන තවමත් නිසි පැහැදිලිකිරීමක් ලැබී නැහැ. ' ද සර්කස් ' නැමැති එම චාලි චැප්ලින් චිත්‍රපට රූප රාමු කිහිපයක දැක්වෙනවා එක් කාන්තාවක් ජංගම දුරකථනයක් කණේ තබාගෙන කතා කරමින් ඇවිදිනවා.

 රූප රාමු පෙළ මුල් චිත්‍රපටයට අයත් වුනේ නැහැ. ඒ දසුන් පෙළ නොමැතිවයි චිත්‍රපටය තිරගතවී තිබෙන්නේ. ඒ ගැන කාගේත් උනන්දුවක් ඇතිවුනේ එම සම්පූර්ණ චිත්‍රපටය හොලිවුඩ් නුවර මෑන්ස් රඟහලේදී එළිදැක්වූ අවස්ථාවේදී ය.


 රූපරාමුවලින් පෙනෙන අන්දමට ඇය මැදිවියේ කාන්තාවක්. මේ ගැන විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරනවා. සමහරු කියනවා ඇය අතීතයේ සිට අනාගතයට ගිය කාන්තාවක් අහඹු ලෙස රූගත කරන තැනින් යන්න ඇතැයි කියලා.

 අද අප භාවිතයට ගන්නා සෙලියුලර් දුරකථනවලට ටිකක් හෝ සමාන වූයේ 1940 දශකයේ නිර්මාණය කල ' වෝකිටෝකි ' යන්ත්‍රයයි. ඒවා නිර්මාණය කලේ මෝටරෝලා සමාගමයි. මේ යන්ත්‍රය ගඩොලක් තරම් විශාලයි.



4 comments:

  1. බ්ලොග් එක හදලා තියනවා නියමෙට... මගෙන් සුබපැතුම්. හැබැයි තව ටිකක් ලිව්වනං හොඳයි කියලා ආයෙත් කියනවා. (මේ ඕක කියන අන්තිම වතාව) :)

    ReplyDelete
  2. ටයිම් ට්‍රැවල් විතරක් නොවෙයි, අතීතයේ සිට අනාගතයට කතා කරන්නත් පුළුවන් වගෙයි. නැතිනම් දෙදෙනෙකු ම අතීතයට ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් කතා කරනවනම් තව කෙනෙක් ඉන්නත් එපැයි නේ...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...