Friday, December 16, 2016

පාවෙන පැලෑටියක් වැනි මුහුදු මකරා

බැලූ බැල්මට පාවෙන මුහුදු පැලෑටියක් මෙන් පෙනුණද, මේ සිටින්නේ මත්ස්‍යයෙකි. විද්‍යාත්මක නාමය Phycodurus eques මෙයා හැදින්වෙන්නේ මුහුදු මකරා යනුවෙනි. මුහුදු අශ්වයාත් මුහුදු මකරාත් එකම පවුලකට අයත් වේ.


මුහුදු මකරා පෙනෙන්නේ කොළ අතු රැසල් එල්ලාගත් මුහුදු අශ්වයෙකු වැනියි. මේ අපූරු පෙනුම මකර මාලුවාට වේශාන්තරණයක්; එනම් සැඟවී සිටීමේ ක්‍රමයක් ලෙස ක්‍රියා කරනවා. එමගින් විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සලසගන්නවා. 
අවට පරිසරයට මුසුවී සිටින නිසා මුහුදු මකරා හඳුනාගැනීමට අපහසුයි.


 එසේම මේ කොළ අතු වැනි කොටස් නිසා මකර මාලුවාට පහසුවෙන් පීනා යා හැකියි. ප්ලවාංග සහ කවචයන් ( ඉස්සන් කකුළුවන් වැනි) මකර මාලුවාට ආහාර වෙයි. එනමුත් ඌට දත් හෝ උදරයක් නොමැත. කහ, දුඹුරු වැනි වර්ණයකින් මුහුදු මකරාව දකින්නට පුලුවනි. ඌ වෙසෙන්නේ සීතල හා නිසල මුහුදු ප්‍රදේශවලය.


මුහුදු මකරා ඔස්ට්‍රේලියාවේ දකුණු හා නැගෙනහිර පෙදෙස්වලට ආවේණිකයි. දකුනු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංකේතයක් වශයෙන්ද මුහුදු මකරා යොදා ගන්නවා. එමෙන්ම 1982 සිට ආරක්ෂිත සත්ව විශේෂයක් ලෙස නම් කර තිබේ. වඳවී යාමේ තර්ජනයටලක්ව සිටින මත්ස්‍ය විශේෂයක් ලෙසත් මොවුන් සැලකිය හැකියි.


9 comments:

  1. ලස්සන පින්තූර ටිකක්. හොඳ ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. A good article with a collection of very rare photographs.

    ReplyDelete
  3. මේ මුහුදු අස්සයා නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. මුහුදු අශ්වයා වෙන කෙනෙක්... මෙයා මුහුදු අශ්වයාට නෑකම් කියනවා...

      Delete
  4. මෙයා කොලඅතු මුහුදු මකරා (Leafy sea dragon) නේද? සාමාන්‍ය මුහුදු මකරාගේ සිරුරේ කොල අතු වගේ කොටස් බොහෝම අඩුයි නේද? මුහුදු මකරා ගැන හොයලා බලන්න මිතිලගේ ලිපිය බොහෝම උපකාරි වුනා. ඔබට ජය.

    ReplyDelete
  5. අදමයි දන්නෙ මෙහෙම සතෙක් ඉන්නවා කියලා..
    ජයවේවා..!!

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...