Friday, December 2, 2016

පැරණි සිංහල දේශපාලන නවකතා

පලමුවන සිංහල දේශපාලන නවකතාව ලෙස අපට සැලකිය හැක්කේ 1964 දී බිහිවූ කේ. ජයතිලකගේ "දෙලොවට නැති අය" නවකතාවයි. දෙලොවට නැති අය රචනා කිරීමට පෙර ටෙනිසන් පෙරේරාගේ "විප්ලවය" නැමැති නවකතාවක් බිහි වුවද, එය එකල විචාරකයන්ගේ සැලකිල්ලට පාත්‍ර නොවීය.


එසේ ජනප්‍රිය වූ සිංහල දේශපාලන නවකතාව , 1960 දශකයේ දී සිදුවූ නව ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය. දේශපාලන නවකතා රැල්ල ආරම්භ වී,  දශක හයකට ආසන්න කාලයක් ගතවී ඇත.
1971 කැරැල්ල පසුබිම් කරගෙනද, දේශපාලන නවකතා රාශියක් බිහිවී ඇත. 

ප්‍රවීණ නවකතාකරුවන් දෙදෙනෙකු වන එදිරිවීර සරච්චන්ද්‍ර හා ගුණසේන විතාන නවකතාකරුවන් දෙදෙනාද "හෙට එච්චර කළුවර නෑ" (1975) , සහ "විප්ලවයෝ කැරලිකාරයෝ" (1979) යනුවෙන් ලියා ඇති දේශපාලන නවකතා දෙකද , පාඨකයන්ට කිසිදිනක අමතක නොවෙයි. එමෙන්ම සුගතපාල ද සිල්වා "ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත්වූහ" (1970) සහ "බල්ලෝ බත් කති" (1970) යනුවෙන් දේශපාලන නවකතා දෙකක් ලියා ඇත.


1974 දී කේ. ජයතිලක "මායා මාළිගා" නමින් යලිත් දේශපාලන නවකතාවක් රචනා කළේය. 1960 දශකයේ දේශපාලන නවකතාව කෙරෙහි සිත් යොමු කළ ලේඛකයෙකි සුගතමුනි ඤාණසිරි. මොහුගේ දේශපාලන නවකතා අතර "පිපාසය" (1965) , "සිහින ලොවින් ඇද වැටුනෙමි" (1967) , "සිර මැදිරියක සිට ලියූ කතාව" (1970) විචාරකයන්ගේ සැලකිල්ලට යොමු විය යුතු කෘතීන් ලෙස සැලකිය හැකිය. 

ගුණසේන විතානගේ "පමා නොවී වැහැපන් වැහි වලාවේ" (1974), "විප්ලවයේ කැරලිකාරයෝ" (1979) , "දෙලොවක වෙනස" (1969) , යන දේශපාලන නවකථා පාඨකයන් අතර ජනප්‍රිය විය. ඔරුවල බන්දුගේ "පස් අවුරුද්ද" (1969) , "වානේ" (1970), "ගිනිකඳු" (1971) වැනි නවකතාද දේශපාලන නවකතා අතරට එක්වෙයි.

7 comments:

  1. ලංකාවේ තහනම් කළ නවකතාවක් තියනවා. එය නවකතාවක්ද විචාර පොතක්ද කියා හරියට කියන්න අමාරුයි. ලිව්වේ ටෙනිසන් පෙරේරා කියා මගේ හිතේ සැකයක් තියනවා. අපි 8 - 9 පන්තිවල හිටිය කාලේ (1960 දශකයේ) පොතේ නම 'දැතිරෝදෙන් උපන් බුදුන්' මම කියවලා නම් නැහැ. ඔබේ වැඩිහිටියන්ගෙන් අසා බලන්න.

    ReplyDelete
  2. දේශපාලන කතා බලන්න නම් කම්මැලියි.:)

    ReplyDelete
  3. ස්තුතී මේ සටහනට...

    ReplyDelete
  4. හොඳ සටහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
  5. ඔරුවල බන්දුගේ පස් අවුරුද්ද ඉතා ලස්සන නවකතාවක්. රුසියාවට ඉගෙන ගන්න යන සිංහල තරුණයෙක් එහිදි හමුවන රුසියානු කෙල්ලක් සමගින් ගතකල කාලය ගැනයි කියවෙන්නේ. හැබැයි ඒක දේශපාලන නවකතා අතරට වැටෙනවාද? කාලයකට කලින් කියවපු පොතක් නිසා මටත් හරියට මතක නෑ.

    ReplyDelete
  6. දේශපාලනය තරම් එපාකරපු වෙන කිසිම එකක් නෑ😂😂😂

    ReplyDelete
  7. ඔය කියන පොත් හුඟක් හොඳ ඒවා. දේශ පාලනය ඒවාට ඇවිත් තියෙන්නේ අදාළ කාලයේ තත්වයන් නිසා විතරයි. හෙන්රි වර්නකුලසුරියගේ දඩබිම වගේම වෙද්දීවර්ධනගේ පොත් දෙකත් එහෙනම් ඔය ගනයටමයි වැටෙන්නේ.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...