Wednesday, May 24, 2017

බයිබලයෙන් එහා - 4 කොටස [පාස්කුව]


 පාස්කුව යන්න කිතුණුවන්ට හුරුපුරුදු වචනයකි. එය යුදෙව්වන්ට එදත් අදත් වැදගත් මංගල්‍යයකි. යුදෙව්වන් මෙම උත්සවය තුලින් සමරන්නේ දෙවියන්වහන්සේ විසින් ඔවුන් මිසර වහල් බැම්මෙන් ගලවනු ලැබීමයි. බයිබලයේ සිද්ධි පෙලට පෙළගැස්වූ විට මෙය ක්‍රි.පූ. 1300 දී පමණ සිදු වූ බවට ගණන් බලා ඇත. මෙම උත්සවයේදී දෙවියන්වහන්සේ ඔවුනට කළ මහත් දේ සඳහා තුති පුදමින් සිහිපත් කරති.

  යුදෙව් පවුලක සියලු දෙනා විසින් පාස්කු මංගල්‍යය දිනයේ දී එකට සහභාගි වී ආහාර වේලක් අනුභව කරනු ලැබේ. එම පවුලේ කුඩාම දරුවා පවුලේ වැඩිමහල් තැනැත්තා වෙත [ ඔහුට ඉගැන්වූ පරිදි ] ප්‍රශ්නයක් යොමු කරයි. එනම් මේ රැය අන් හැම රැයකටම වඩා වෙනස් වන්නේ ඇයි? යන්නය. දරුවාගේ ප්‍රශ්නයට පිලිතුරු වශයෙන් පවුලේ වැඩිමහල් තැනැත්තා යුදෙව්වන්ගේ සම්පූර්ණ ඉතිහාස කතාව කියා දෙමින් පාස්කු මංගල්‍යයේ විශේෂත්වය පහදා දෙයි. මුල් දිනයේදී මෝසෙස්ට දුන් නියෝගය අනුව අදත් යුදෙව්වන් විසින් පාස්කුවේදී පාවහන් ලා ගෙන කෑම අනුභව කරමින් සෙසු නියෝගද පිලිපදිනු ලැබේ. 


  මිසර දේශයෙන් ඊශ්‍රායෙල් ජනතාව නිදහස් කර ගැනීමට පාරාවෝ ගෙන් අවසර ලබා ගැනීම ඉතා දුෂ්කර විය. මිසර දේශයේ වසංගත ගණනාවක් හටගත්තද පාරාවෝගේ හිත දැඩිව තිබුණි. [ මෙම වසංගත සිදුවූයේ කෙසේදැයි පෙර ලිපියක ලියා ඇත. පහත සබැඳි වලින් ගොස් එය කියවන්න] මේ නිසා පාරාවෝගෙන් අවසරය ලබා ගැනීම දුෂ්කර විය. අවසාන වසංගතය වූයේ මිසර මනුෂ්‍යයන්ගේ හා සතුන්ගේ කුළුඳුලන් මියයාමයි. පාරාවෝ රජුගේ වැඩිමහල් දරුවාද මෙයින් මියගියේය. ඒ අවස්ථාවේ දී ඊශ්‍රායෙල් වරුන්ට මෝසෙස් නියෝග කර තිබුනේ බැටළු පැටවෙකු මරා ලේ උළුවහු මත තැවරීමටය. දෙවියන්වහන්සේගේ දූතයා ලේ සලකුණු බලා එම නිවෙස් පසුකරගෙන ගිය බව කියවේ. [ පසුකර යෑමේ මංගල්‍යය ලෙස හඳුන්වන්නේ ද ඒ නිසාය] මේ ලෙසින් ඊශ්‍රායෙල් පවුල් වල කුලුදුල් පුතුන් බේරුණි. මේ සියල්ල සිහිපත් කිරීම පාස්කු මංගල්‍යය මගින් සිදු කෙරේ. ඔවුන්ද මැරූ බැටළුවාගේ මස් පුළුස්සා අනුභව කරති. 

  එදා මිසර වහල් කමින් පිටවූ දිනයේ රොටි මුහුන් දමා සාදා ගැනීමට කාලයක් නොවීය. මුහුන් පිපීමට පෙර රොටි සාදාගෙන කඩිනමින් පිටත්ව යෑමට සිදුවිය. මෙම සිද්ධිය අර්ථවත්ව සැමරීමට අදත් පාස්කුවට පෙර දිනයේ යුදෙව් නිවෙස් වලින් මුහුන් ඉවත දමනු ලැබේ. පාස්කු දිනයේදී සියලු දෙනා මුහුන් නොදැමූ රොටි සිරිත් පරිදි අනුභව කරති.

  මිසර දේශයේ වහලුන් ලෙස ගත කල කටුක ජීවිතය සැමරීම සදහා එදින ආහාර සදහා තිත්ත පලා ද එකතු කරනු ලැබේ. මුල් පාස්කු දිනය ගැන පවුලේ වැසිමහල්ලා දරුවනට කියාදීමෙන් මුඛ පරම්පරාවෙන් යුදෙව් ජනයා අතර මේ සිද්ධිය සිහිපත් කිරීම අදත් සිදු කෙරේ.

  ජුදෙව් ජනතාව මෙම මංගල්‍යය නිසාන් මස 15 වෙනි දින සිට පටන් ගනියි. ඇසිරියානු හා හෙබ්‍රෙව් දින දර්ශනයට අනුව නිසාන් මාසය යනු පලමු මාසයයි. මෙය දින 30 කින් යුක්ත වේ. ග්‍රෙගෝරියන් දින දර්ශනයට අනුව මෙම මස මාර්තු සිට අප්‍රේල් මස අතර කාලයයි. මෙම මංගල්‍යය දින හතක් හෝ අටක් යනතුරු පවත්වයි.

  ජුදෙව් පාස්කු මංගල්‍යය ආසන්නව තිබියදී කුරුසිපත්වූ ජෙසුස් වහන්සේ යුදෙව් කිතුණුවන්ට දිස් වූයේ දෙවියන් වහන්සේගේ නොකැළක් බැටළු පෝතකයෙකු ලෙසය. එම රූපකය නව ගිවිසුමේ ද ඉදිරිපත් කෙරේ. එදා බැටළු පැටවකුගේ ලේ තැවරීම නිසා යුදෙව් ජනයා මිසරයෙන් බේරී විමුක්තිය ලැබුවා සේම ජේසුස්වහන්සේ කුරුසිය මත දිවි පිදීමත් උත්ථාන වීමත් නිසා මනුෂ්‍ය වර්ගයා පාපයෙන් මුදවා ගනු ලැබූ බව කිතුණුවන් විශ්වාස කරයි.  
අනෙක් ලිපි සඳහා සබැඳි

එහෙනන් මේවටත් උත්තර දෙමු...

1)රුක්මනී දේවිගේ මුල් නම කුමක් ද?

2)ජෙරුසලම් දේව මාළිගාව විනාශ කලේ කව් ද? ඒ ඇයි?

3)බයිබලයේ සදහන් වන ප්‍රථම දිවැසිවරයා කව් ද?

22 comments:

  1. 1. ඩේසි රාසම්මා ඩැනියෙල්.
    2. නීරෝ, කැරැල්ලක් මර්ධනයට.
    3. ආබ්‍රහිම්

    ReplyDelete
  2. 1.ඩේසි ඩැනියෙල්ස්
    2.බැබිලෝනියානුවන් (පලමු ටෙම්පල් එක ), රෝමානුවන් ( දෙවනි ටෙම්පල් එක )ආගමික හේතූන් නිසා බැබිලෝනුවන් ඒක විනාශකරන්න ඇති. රෝමන්කාරයො කලේ කැරැල්ලක් මැඩ පවත්වන්න නේද?

    ReplyDelete
    Replies
    1. දිවැසිවරයා කියන්නෙ prophet / Messenger ද?

      Isaiah (Christian)? Adam (Islam)?

      Delete
  3. http://www.jpost.com/Not-Just-News/WATCH-Egyptian-academic-demands-Jews-give-back-gold-stolen-during-the-Exodus-375282
    http://www.breitbart.com/national-security/2014/09/15/egyptian-academic-jews-must-return-treasures-stolen-during-biblical-exodus-to-egypt/

    ඊජිප්තු විද්වතෙක් යුදෙව්වන් පලා එනකොට පැහැරගත් රත්තරන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියලු නේද
    යුදෙව්වන්ගෙ මහා කාරුණික දෙවියන් වහන්සෙ කලේ යස වැඩේ මිසරවරුන්ට. කුළුදුලන් මැරුව මිසරයන්ගෙ සත්තු මැරුව.රත්තරන් හොරාගන්න කියල කිව්ව.
    එහෙම තමා නියම තාත්තල තමන්ගෙ දරුවෙක් වහල් කමට ගත්ත එකාට දෙනව නිසි දඩුවම්

    ReplyDelete
    Replies
    1. ඔය ලින්ක් එක හරිද... මට මොකවත් පෙන්නන්නෙ නෑ ... Error 500.19 කියලා වැටෙනවා... ඇත්තටම ගත්තොතින් වසංගත වලට දෙවියන් කියලා කෙනෙක්ගේ කිසිම අදාලත්වයක් නෑ... ස්වභාවික සංසිද්ධි කිහිපයක් නිසයි වසංගත ඇතිවුනේ... උඩ දීලා තියෙන වසංගත 10 ලිපිය කියවන්න...

      Delete
    2. he Jews who left Egypt during the Exodus stole Egyptian gold and treasures and must be made to pay back what they took - with interest, an Egyptian political scientist has claimed.

      Ammar Ali Hassan told Egypt's Channel 1 in a July interview translated by MEMRI, "We know for a fact that Moses was in this land. Most of the Jews who left Egypt to wander in the Sinai Desert were the Jews who defied Moses and rejected his preachings."


      Be the first to know - Join our Facebook page.

      Iran news site warns of Israeli global Krav Maga conspiracy
      'Israeli spies falsifying Egyptian history to show Jews built pyramids'
      Israeli band is a Zionist plot to steal Arab music, says Palestinian


      Hassan said that , "When they left they stole Egypt's gold and treasures. Many of the studies on Jewish financial conduct in the history of Egypt, as well as in the history of humanity as a whole...Take, for example the character of Shylock in the "Merchant of Venice," by Shakespeare. This character is replica of the Jew who lived in Egypt - a merchant and a loan shark, who deposits his profits abroad, instead of investing them in the country."

      He claimed that Jews had "plundered this country all the time - beginning with the theft of Egypt's gold in the days of Moses, and culminating in what they did to our economy prior to the 1952 revolution."


      අනෙක් ලිපිය

      15 Sep 201431
      SIGN UP FOR OUR NEWSLETTER

      email address
      SUBMIT
      Egyptian political scientist Ammar Ali Hassan is demanding that the world’s Jewish population contribute to returning to Egypt “the treasures they stole from us,” with interest, during the Biblical exodus led by Moses.
      In an interview with Egypt’s Channel 1 in July, translated by the Middle East Media Research Institute and posted by The Jerusalem Post, Hassan alleged that the world’s Jewish population owed Egyptians the value of various golden treasures taken from the land during the great exodus. He claimed that the exodus was biblical fact sufficient to use against the Jewish peoples of the world to reclaim gold stolen at the time, but he does not single out any specific Jewish population, or Israel’s government, as owing that debt. He added as “evidence” that many works of art and literature portray Jewish people as thieves prone to avarice, chalking up the stereotype to truth rather than brute racism.

      “When they left they stole Egypt’s gold and treasures,” he explained in the interview. “Many of the studies on Jewish financial conduct in the history of Egypt, as well as in the history of humanity as a whole…Take, for example the character of Shylock in the ‘Merchant of Venice,’ by Shakespeare.” Hassan insisted that Shylock, a fictional character from medieval Italy, “is a replica of the Jew who lived in Egypt.”

      “We demand that they return the treasures they stole from us, including the interest they denied the Egyptian economy for many decades,” he concluded.


      Hassan was once a vocal supporter of the Muslim Brotherhood and appears to continue to be a political Islamist and anti-Semite. He also continues to promote many congruent virtues of the party’s philosophy, despite airing differences publicly with the group. He rescinded his support of the Egyptian political party during the tenure of President Mohamed Morsi, claiming the new Islamist constitution was a “catastrophe” and accusing the Muslim Brotherhood of misleading well-meaning Islamists like himself.

      The Egyptian government under President Abdel Fattah al-Sisi has taken significant strides to eradicate the Muslim Brotherhood party. Having proposed that the Muslim Brotherhood would be “finished” should he win the election as a candidate, the Sisi administration has arrested and sentenced many Muslim Brotherhood members for crimes committed during the revolution that ousted former President Hosni Mubarak, including upholding a death sentence for Muslim Brotherhood leader Mohamed Badie. The crackdown on the Islamist group has triggered significant discontent among Islamists against the Sisi government.

      Delete
  4. ස්තුතියි

    ReplyDelete
  5. නොදත් තොරතුරු රැසක්.

    ජයවේවා!!!

    ReplyDelete
  6. Jews still celebrate Passover ( Pesach ) holiday!

    ReplyDelete
  7. Me lipi nn puduma tharam vatinwa, digatama liyanna👍👍

    ReplyDelete
  8. 1526-1300 = 226
    මෝසෙස් කොච්චර කල් ජීවත් වුනාද, වයස 226 දී ගලවාගැනීමේ මෙහෙයුමක් දියත් කරන්න ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සෙන්නා ඔය කියන අවුරුදු නිශ්චිත ඒවා නෙමේ... මෝසෙස්ගෙ කාලෙ හිටපු පාරාවෝ කව්ද කියලත් හරියටම කියන්න බෑ... අපිට දෙන්න පුලුවන් කාල පරාසයක් විතරයි...

      Delete

  9. ඊශ‍්‍රායල්වරුන් මිසරයේ සිට පිටත්ව ආ දෙවන අවුරුද්දේ පළමුවන මාසයේදි සීනායි කාන්තාරයේදි දෙවියන් වහන්සේ මොසස්ට කතාකර ඊශ‍්‍රායල්වරුන්ට පළමුවන මාසයේ දාහතරවන දින සවස පාස්කුව සමරන්නයි පැවසුවායි බයිබලයේ තියෙන්නේ එහෙනම් පාස්කුව කියන්නේ දෙවියන්ට පූජාවක් කරන ලෙස දෙවියන් අණ කරන ලද පූජාවක් නේද?

    ReplyDelete
    Replies
    1. මේක දෙවියන්ට කරන පූජාවක්ම නෙමේ... මේක සැමරීමක්... මිසරයෙන් බේරී ආපු එක ගැනයි කුළුදුලන් බේරා දුන්න එක නිසයි...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...