Sunday, June 21, 2020

ජේසුස් දෙවිකෙනෙක් වුන හැටි

ක්‍රිස්තියානි ආගම ගැන ලිපි කිහිපයක් ලියන්න කියලා මිතුරෙක්ගෙන් යෝජනාවක් ආවා. මීට කලින් කිහිප වතාවක්ම ක්‍රිස්තියානි අගමේ විවිධ අංශ ගැන ලියලා තියෙනවා. ක්‍රිස්තියානි කෙනෙක්ට වුනත් තමන් අදහන ආගම ගැන වැඩිය අහන්න ලැබෙන්නේ නැති කරුණු කිහිපයක් ගැන කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. ජේසුස් කියන පුද්ගලයාව දේවත්වයෙන් කිතුනුවන් අදහනවා. ඒ කියන්නේ ජේසුස් දෙවිකෙනෙක්. ජේසුස් කියන්නේ දෙවිකෙනෙක් කියලා සම්මත වුනේ ජේසුස් මියගොස් වසර තුන්සීයකට ආසන්න කාලයකට පස්සේ ඡන්දයකින් කියලා ඔයාලා අහලා තියෙනවද? අද කතාව ඒ ගැන.

හැම ක්‍රිස්තියානි කෙනෙක්ම හැම ඉරිදා දවසකම පූජාවේ එක්තරා විශ්වාස ප්‍රකාශයක් කියනවා. ඒකට කියන්නේ ‘නයිසියේ විශ්වාස ප්‍රකාශය’ කියලා. ඒකේ මුල් වාක්‍ය කිහිපය මෙහෙම කියනවා; ‘දෙවියන්ගෙන් ඒක ජනිත පුත්‍රයාණන් ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියන්ගෙන් ද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියන් ද වන බවත් ජනිත වූ නමුත් මවුනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වය (of the same substance) ඇතිව වැඩ සිටින බවත් විශ්වාස කරමු’

ක්‍රිස්තියානි ආගම ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වුනේ රෝම අධිරාජ්‍යයෙක් වුනු කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැලඳ ගත්තට පස්සේ. ඊට කලින් ක්‍රිස්තියානි අයව භාවිතා කළා රෝමයේ කොලෝසියමේ සිංහයන්ට කන්න දාලා බලන්න එන මිනිස්සුන්ව සතුටු කරන්න. රාජ්‍යයයි ආගමයි ඉතා තදින් බැඳිලා තියෙන්නේ. ආගමේ මතබේද ඇතිවුනොත් ඒක රාජ්‍ය පාලනයට බාධාවක්. මේ වගේ ආගමික මතබේද තුරන් කරලා ඒවට විසඳුම් ලබාදෙන්න කැඳවනවා මන්ත්‍රණ සභාවක්. කිතුනු සභා ඉතිහාසය තුල මේ වගේ මන්ත්‍රණ සභා 21ක් තිබිලා තියෙනවා. පලමු මන්ත්‍රණ සභාව යෙදී තිබුනේ ක්‍රි.ව. 325 දී නයිසියේ නගරයේ. විසි එක්වෙනි මන්ත්‍රණ සභාව තිබුනේ 1962 – 1965 අතර කාලයේ.

කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ කාලයේ නයිසියේ නගරයේ මන්ත්‍රණ සභාවක් තියන්නේ ඒ කාලයේ ක්‍රිස්තියානි බිෂොප්වරුන්ට තිබුනු ප්‍රශ්න හා මතබේද වලට විසඳුමක් ලබාගන්න. මේ මන්ත්‍රණ සභාවෙන් පාස්කු දිනය පැවැත්විය යුතු දිනය, ආගම දේශනා කරන ආකාරය, දේවස්ථානයක් සෑදිය යුතු ආකාරය, පූජකයෙක් පත්කරගන්නා ආකාරය ආදිය කතා කෙරුණා. නමුත් මේ හැම එකකටම වඩා වැදගත් වුනු නයිසියේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන මාතෘකාව වුයේ ‘ජේසුස්වහන්සේ දෙවිකෙනෙක් ද? නැද්ද?’ යන්නයි.

මුල් කාලයේ කිතුනුවන්ගෙන් සමහරක් විශ්වාස කළා ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් කියලා. තවත් කොටසක් විශ්වාස කරා ජේසුස් කියන්නේ මනුෂ්‍යයෙක්. දෙවියන් විසින් මවපු සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියලා. ජේසුස් දෙවිකෙනෙක් නෙමේ මනුෂ්‍යයෙක් කියලා විශ්වාස කළේ ඒ කාලයේ ක්‍රිස්තියානි ආගම පිලිබඳ දැනුම නැති අය නෙමේ. ක්‍රිස්තියානි ආගමේ ම බිෂොප්වරු. ජේසුස් මනුෂ්‍යයෙක් කියන මේ ඉගැන්වීම ප්‍රබල ලෙස සමාජයේ කතාබහකට ලවුනේ ඒරියස් කියන කිතුනු පූජකයා නිසා. ඒ නිසයි ඒ ඉගැන්වීමට ඒරියන්වාදය කියන්නේ. නයිසියේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන අරමුණ වුනේ මේ ඒරියන්වාදය පිළිගන්නවාද? නැද්ද? යන්න සාකච්ඡා කිරීම.

මේ මන්ත්‍රණ සභාවට ලෝකයේ විසිරිලා ඉන්න පූජකයෝ 318 දෙනෙක් එනවා. මේ සමුළුවට අධික වියදමක් දරනවා වගේම අධිරාජ්‍යයාත් මේ සමුළුවට සහභාගි වෙනවා. සමුළුවට එනකොට අධිරාජ්‍යයා වුනත් ආවේ සොල්දාදුවෝ සමග නෙමේ. මිතුරන් කිහිප දෙනෙක් සමග. මොකද මේක යුද්ධයක් නෙමේ සාමාදානෙන් විසදගෙන එකමුතු වෙන්න කරන ප්‍රයත්නයක් නිසා.

දැන් සමුළුව පටන් ගත්තා. එකිනෙකා තර්ක ගෙනෙමින් ගේන ඒවා ප්‍රථික්ෂේප කරගෙන සමුළුව සති ගණනක් ඇදුනා. එක් වතාවක මේ පූජකයන් අතර ගැටුමක් ද ඇතිවුනා සංවාදය දුර දිග ගිහින්. ඉතින් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාට නිතර මතක් කරලා දෙන්න සිද්ධ වුනා ‘ඔයාලා හැමෝම ක්‍රිස්තියානි අය. අපි ඉන්නේ මේ සටනක නෙමේ’ කියලා. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ සමුළුවෙන් එකඟ වෙන ඕනම දේකට අධිරාජ්‍යයා කැමති වෙන්න සූදානමින් හිටියේ.

අවසානයේ දී සමුළුව ප්‍රධාන වශයෙන් දෙදෙනෙක්ගේ අදහස් මත දෝලනය වුනා. එක්කෙනෙක් ඒරියස් පූජකතුමා. අනිත් කෙනා තමා ඇතනාසියස් පූජකතුමා. ඇතනාසියස් පූජකතුමා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩීකන්වරයෙක්. ඒරියස් පූජකතුමාගේ මතයට ඉතා තදින් විරුද්ධ වුන කෙනෙක්. ඒරියස්ගේ මතය සමුළුවෙන් සම්මත නොවීමට තමන්ගේ සියලු බලය යොදනවා. මුලදී ඡන්දයක් තිබ්බත් අදහස් දෙකටම ලැබෙන්නේ සමාන ඡන්ද ප්‍රමාණයක්. මේ නිසා වාද විවාද දිගින් දිගටම කෙරීගෙන ගියා.

ඔය අතරේ ඇතනාසියස් පූජකතුමා විවාදය අතරේ විශේෂ වචනයක් භාවිතා කරනවා. ඒක තමා ‘හොමොවුසියන්’ (Homoousian) වචනය. ඒක යොදාගත්තේ ජේසුස්ගෙන් දෙවියන්ගෙයි අතර කිසිදු වෙනසක් නැහැ කියල කියන්න. මේ සංකල්පය සමුළුව තුලට ගෙනාවයින් පස්සේ ඒරියස් පූජකතුමා ඒ සංකල්පය තියෙන කිසිදු ලියවිල්ලකට එකඟ නොවන බව ස්ථිර වුනා. දැන් මේ විවාදය තිබුනටත් වඩා බරපතලයි. සමුළුවේ පූජකයන්ට එක්කෝ මේ අලුතෙන් ගෙනාපු සංකල්පයට (ජේසුස් හා දෙවියන් එක්කෙනෙක් බව) එකඟවෙන්න ඕන. එහෙම නැත්නම් විරුඩ්ධ වෙන්න ඕන. අතරමැදි අවස්ථාවක ඉන්න විදිහක් නැහැ.

මේ නිසා ඇතනාසියස් පූජකතුමා පෞද්ගලික සාකච්ඡා ආදියෙන් පූජකයන් එකින් එක්කෙනා තමන්ගේ මතයට අත්සන් කරවාගන්න සමත් වුනා. ජේසුස් කියන්නේ දෙවිකෙනෙක් කියන මතය සම්මත වුනොත් ඒ මතය පිළිගන්නේ නැති පූජකයන්ව රටින් පිටුවහල් කරන බවට දැන්වූවායින් පස්සේ ඒරියස් පූජකතුමා සමග හිටපු අනෙක් පූජකයිනුත් පැති මාරු කරා. රටින් පිටුවහල් වෙන බව දැන දැනත් ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් නෙමේ කියන මතයේ දැඩිව හිටියේ ඒරියස් පූජකතුමා, ඩීකන්වරයෙක් සහ බිෂොප්වරු දෙදෙනෙක් විතරයි.

මේ සිදුවීමෙන් පස්සේ ඒරියස් පූජකතුමාගේ මතය ක්‍රිස්තියානි ආගමට විරුද්ධ මතයක් බවට වැඩි ඡන්දෙන් පත්වුනා වගේම ඒ මතය තුල ඉන්න අයව රටින් පිටුවහල් කරන්නත් නීතියක් ගෙනාවා. දැන් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යාටත් හරි සතුටුයි. ඒ සමුළුවෙන් බහුතරයක් එක් අදහසකට එකඟ වුන නිසා. නමුත් මේක වැඩි කාලයක් තිබුනේ නැහැ.

කොන්ස්ටන්ටීන්ට දැනගන්න ලැබෙනවා එයාට යුසේබියස් කියන පූජකයාවත් පිටුවහල් කරන්න සිද්ධ වෙනවා කියලා. යුසේබියස් නයිසියේ සභාවේ ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් කියන මතයට අත්සන් කරත් දැන් ප්‍රසිද්ධියේ ඒ මතය විවේචනය කරන්න ගන්නවා. නමුත් යුසේබියස්ව රටින් පිටුවහල් කරන එක ලේසි පහසු දෙයක් නෙමේ. යුසේබියස් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ දුරින් නෑදෑ කෙනෙක් වෙනවා වගේම රාජ සභාවේ සාමාජිකයෙක්. යුසේබියස් රාජ සභාවේ ජේසුස්ගේ දේවත්වය ගැන අයගේ අදහස් ටිකෙන් ටික වෙනස් කරන්න හදපු නිසා අධිරාජ්‍යයාට සිද්ධ වෙනවා යුසේබියස්ව පිටුවහල් කරන්න.

නමුත් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ නංගි යුසේබියස්ට බොහොම කැමැත්තකින් හිටපු කෙනෙක්. මේ නිසා ආයෙමත් යුසේබියස්ව රාජ්‍යයට කැඳවනවා. යුසේබියස් මුලදී නයිසියේ සමුළුවේ අත්සන් කරද්දිත් දෙබිඩි සිතකින් හිටියත් පිටුවහල් කරපු නිසා දැන් ඒරියස්ගේ මතය (ජේසුස් මනුෂ්‍යයෙක්) යුසේබියස් දැඩිව විශ්වාස කරා. එයා උදේහවා අධිරාජ්‍යයාගේ සිත වෙනස් කරන්න උත්සහ කරා නයිසියේ සමුළුවේ සම්මතය ගැන. ඒක සාර්ථක වුනා.

ඒරියස් පූජකතුමාගේ අදහස් නයිසියේ සමුළුවෙන් ප්‍රථික්ෂේප වුනත් ඒක ව්‍යාප්ත වෙන එක වැලැක්වුනේ නැහැ. මේ නිසා කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා තම රාජ්‍ය තුල ඒරියස්ගේ හා ඇතනාසියස්ගේ මත දෙකටම ඉඩ ලබා දුන්නා. ඒරියස් පූජකතුමාවත් නැවත කැඳෙව්වා. ඒකෙන් එයා අදහස් කලේ රාජ්‍යයට සාමය උදාකරන්න. නමුත් යුසේබියස් පූජකතුමා එතනින් නවතිනවට කැමති වුනේ නැහැ. ඔහු දිගින් දිගටම ඇතනාසියස් පූජකතුමාව සහ ඔහුගේ මතය විවේචනය කරා. ඒක කොච්චර දුර දිග ගියාද කියනවනම් අවසානයේ දී ඇතනාසියස් පූජකතුමාව රටින් පිටුවහල් කරනවා.

මේ අධිරාජ්‍ය තුලින් ඒරියස්ගේ අදහස් ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා. කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා මැරෙන්න කලින් ලෙඩ ඇඳේ ඉන්නකොට යුසේබියස් පූජකතුමා බෞතීස්ම කරනවා. මොකද ඒ කාලේ මිනිස්සු හිතුවා බෞතීස්මයෙන් සියලු පව් සෝදා හරින්න පුලුවන් කියලා. ඉතින් ගොඩක් මිනිස්සු මැරෙනකන් පව් කරලා මැරෙන්න මොහොතකට කලින් බෞතීස්ම කරගන්නවා.

තව කතන්දර නම් එමටයි. දැනට මේ ඇති. තවත් කතාවකින් හමුවෙමු.


26 comments:

  1. ++++++

    වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )

    ReplyDelete
  2. ක්‍රිස්තියානි සහ කතෝලික කියන එකේ වෙනස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තියානි කියන්නේ ආගමේ නම. දැන් කතෝලික කියලා කියන්නේ රෝමානු කතෝලික අයට. ඒක නිකායක්. තවත් ඒ වගේ නිකායන් තියෙනවා. උදාහරණ විදිහට ඇන්ග්ලිකන්, මෙතෝදිස්ත, පෙන්තකොස්ත වගේ ඒවා. මේ සභා ඇති වීමට හේතුත් එකින් එකට විවිධයි. ඇන්ග්ලිකන් සභාව ඇතිවුනේ ඒ කාලෙ එංගලන්තේ රජතුමාට දික්කසාදයක් ගන්න ඕන වුන නිසා. පාප්වහන්සේ දික්කසාදයට අවසරය දුන්නෙ නෑ. ඉතින් වෙන් වෙලා වෙනම සභාවක් හදාගත්තා.

      Delete
    2. එතකොට කතෝලිකයෙක් කියන්නේ ක්‍රිස්තියානි කෙනෙක්මද?

      Delete
    3. පැහැදිලි කරගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒත් කොමෙන්ට් එකකින් ටයිප් කරලා වටහා දෙන්න අමාරුයි.

      Delete
  3. මට බයිබල් ප්‍රශ්ණ දෙකක් තියෙනවා.
    1. ඉස්මායෙල් සහ මව ගෙදරින් යවනකොට ඔහුගේ වයස කීයද? එතන බයිබලයේ වැරැද්දක් තියෙනවාද?

    2. අවසාන විනිෂ්චයෙන් පසු මිනිස්සු ඉන්නේ ස්වර්ගවලද? පොලවේද?
    පොලවේ නම් ඇයි ද්විතීයක කතාවේ තියෙන්නේ.
    නපුංසකයිනි උඹලා අප්සට් වෙන්න එපා. උඹලා දෙවියන් අදහනවා ටෝරාව පිලිපදිනවා නම් උඹලටත් ස්වර්ගයට යන්න පුළුවන් කියලා.

    ඒ වගේම ඇයි ජේසු කියලා තියෙන්නේ ටෝරාව පිලිපැදීම මඟින් කිසිවෙකුට දෙවියන් වෙතට ගිය නොහැක කියලා? (ව්‍යවස්ථාව කිසිවෙකු ධර්මිශ්ඨ කලේ නැත.)

    ReplyDelete
    Replies
    1. පරණ ගිවිසුමේ බොහොමයක් නීති ජේසුස් ප්‍රතික්ෂේප කරා. ලෙවී ව්‍යවස්ථාව අරගෙන බලන්න, ඒකේ තියෙන ඒවයින් බහුතරයක් දැන් නැහැ. ඔය ආගමික නීති රීති හැදුන හැටිත් ඉදිරියේදි ලියන්නම්. (ඉස්සරහට ලියන ලිපියක් ගැන පොඩි ඉඟියක් දෙන්නම්. බයිබලයේ මෝසෙස්ගේ පනත් දහයක් ගැන කිව්වත්, රෝමානු කතෝලික සභාවේ කතිකීස්මය තුල මෝසෙස්ගේ පනත් නමයක් විතරයි තියෙන්නේ. එකක් නැති වුනේ කොහොම ද? )

      Delete
  4. නබි සල් (මල්) තුමාගේ මස්සිනා මොන පැත්තේ කෙනෙක්ද?

    ReplyDelete
  5. ජේසුතුමාට බුදුබව අත්වෙන්න ඕනි මට මේ කරපු උදව්වට. එතුමා මට මේ ගේ ලබා දුන්නා. මම සදා ණයගැති..

    ReplyDelete
  6. ආවා, කියෙව්වා. ආයෙම එන්න වෙනවා රසිකයන් අසා ඇති ප්‍රශ්නවලට මිතිල දෙන පිළිතුරු කියවන්න! එතකොට තව ගොඩක් දේවල් දැනගතහැකි.

    ReplyDelete
  7. "මේ අධිරාජ්‍ය තුලින් ඒරියස්ගේ අදහස් ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා."

    ලෝකය පුරා ව්‍යප්ත වුනේ යේසුස් දෙවි කෙනෙක් කියන මතය නේද ? අදටත් පිළිගන්නෙ එහෙමනෙ.

    ReplyDelete
    Replies
    1. ජේසුස්වහන්සේ දෙවි කෙනෙක් කියලා පිලිනොගන්න සභා තියෙනවා. පසුකාලීනව ඒවා බිහිවුනේ ඒරියස්ගේ මතය පැතිරුණු නිසා...

      Delete
  8. මිතිල ශිෂ්‍යයා යෙෂුවා වහන්සේ ගැන වැරදි මතයක සිටිනබව පේනවා.
    යෙෂුවා මෙලොවට ආවේ ධර්මයක් දේශනා කරන්න නෙමෙයි. ඕන පිස්සෙක්ට ධර්මයක් දේශනා කරන්න පුළුවන්.
    බලන්න ඔහු කලේ මොනවද කියලා. ඔය ප්‍රාතිහාර්ය ටිකක් පෑම සහ උපමා කතන්දර කිහිපයක් කීම ධර්මයක් දේශනා කිරීමක්ද?

    ඔහු මෙලොවට ආවේ උඹලා වගේ පව්කාරයන් අපායට යෑම බලාගෙන ඉන්න බැරි නිසයි. ඔහුගේ ජීවිතයේ අරමුන උඹලාගේ පව් සමාකරන්න කරන බිලි පූජාවක් ලෙස පූජාවීමයි. එහෙම බිලිපූජාව කෙරෙන්න නම් යුදෙව්වෝ අතින් ඔහුව මියයා යුතුයි. උන් නිකම්ම මිනි මරන්නෙ නෑ. ඒ නිසා තමයි යෙෂුවාවහන්සේ රැඩිකල් කතා කියලා යුදෙව් සමාජය අවුල්කරලා යුදෙව්වන්ගේ මල පැන්නුවේ.

    ReplyDelete
  9. සන්නද්ධ අරගලයකින් කතෝලික සභාවේ පරිපාලනය අත්පත්කරගමු. මැල්කම් රංජිත් මහණ කරමු. මිනිහා පොඩි කාලේ පන්සලේ සෙල්ලමට ලොල් උන කෙනෙක් කියනවනි.

    -චතුෂ කුමාර

    ReplyDelete
  10. නියමයි! බොහොම ස්තූතියි මේකට!

    ReplyDelete
  11. යෙෂුවා වහන්සේ කියලා තියෙනවා සතුරාට ප්‍රේම කරන්න කියලා.
    හැබැයි මේක හරි අමාරුයි. ඉතින් සමහර වෙලාවට සතුරා කියලා හිතාගෙන මිතුරාටම ප්‍රේම කරන අවස්ථා තියෙනවා.
    උදාහරණයක් විදියට මිතිල සිසුවාට දෙමළ ජාතිවාදියා යනු මිතුරෙක්.
    මිතිල කිසිදාක දෙමළ ජාතිවාදයට විරුද්ධවෙලා නෑ. ඔහු හදන්නේ දෙමලාගේ වැරදි වහන්න. ඒ වගේම දෙමලෙක්ගේ වරදක් දැක්කත්,
    දෙමල සමාජයේ සාමකාමී බහුතරයක් ඉන්නවාය. සිංහල දෙමළ කාගෙ අතිනුත් වැරදි වෙනවාය වගේ කතා කියා දෙමළ ජාතිවාදියා සුද්ධ කරන්නම තැත්කිරීම ඔහුගේ ගතියක්.
    මේ තත්වය තුල මිතිල සිසුවා දෙමළ ජාතිවාදියෙක්ට ප්‍රේම කිරීම සතුරාට ප්‍රේම කිරීමක් වන්නේ නෑ. එය මිතුරාට ප්‍රේම කිරීමක්

    හැබැයි දැන් මිතිලට ඇත්තටම සතුරාට ප්‍රේම කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔයාට පුළුවන් පාස්කු ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ අයට සහ එයින් ඍජු හා වක්‍ර වාසි ලැබූ අයට ප්‍රේම කරන්න.

    ඒක තමයි නියම සතුරාට ප්‍රේම කිරීම. ඒික දෙමලෙක්ට ප්‍රේිම කරනවා තරම් පහසු නෑ.

    මිතිලට මෙම අවස්ථාව ලබාදුන් සමිදානන්ට ස්තුතිවේවා.
    ආමෙන්! ####%$^&^&^

    ReplyDelete
    Replies
    1. සාස්තර කියන අයත් ඔයා අරෙහෙමයි මෙහෙමයි කියල කියනවා... හලේලූයා... 😃

      Delete
  12. හොඳයි..නොදන්නා කරුණු දැන ගත්තා

    ReplyDelete
  13. kimidhum
    රැකියා ස්ථාන වල බාධාවන් හේතු කොටගෙන අපට නැවත කිමිදුම් අභ්‍යාස සඳහා යන්නට සිදු වූයේ ............................. දිනයේ දීය.
    එදිනද අප ඈත මුහුදේ යාත්‍රා කොට කීදුනෙමු.
    කිමිදුම් ස්ථාන...................... සඳහා; කිමිදුම් සඳහා සේවා සපයන්නන් විසින් විවිධ නම්වලින් නම් කොට ඇත. "දියඹ සුද", ".........................." මේවාට උදා හරණ වේ.
    මුහුදේ සිටින මාළුන්හට; ධීවරයින් විසින් නම් තබන සේ මේවායේ සත්‍ය අසත්‍ය තාවය කිසිවෙකු හට අභියෝගයට ලක් කිරීමට නොහැක!
    එදිනද ඊට පසු දිනද අපට කැමැත්තෙන් හෝ අක මැත්තෙන් එන්නට සිදුවිය.
    මන්ද මුහුද එන්න එන්නම ක්‍රම ක්‍රමයෙන් රළු වෙන්නට පටන් ගෙන තිබීමය.
    මෙම දින දෙක අතර එක් අවස්ථාවක අප කිමිදිම සඳහා මුහුදු පතුලට ගිය විට අප එකිනෙකා හට එකිනෙකා නොපෙනෙන තරමට දියඹ කැළඹී තිබුණි.
    ඒදිනම අප කිමිදුනු "දියඹ සුද" නම් ස්ථානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පතුල සුදෝ සුදු සිහින් වැල්ලකින් සමන් විත පියකරු පරිසර පද්ධතියකි. කුඩා කොරළ් තැන තැන විසිරී තිබුනු අතර කහ පැහැති මසුන් රංචු ඒමේ අත පිහිනා ගියෝය.
    අපගේ කිමිදුම් අභ්‍යාස අවසන් වන විට අප කිමිදුම් හයක් සම්පූර්ණ කොට තිබුණු අතර කිමිදුම් කාලය පැය තුනකුත් විනාඩි ............. ලෙස අපගේ කිමිදුම් ලොග් පොතේ සටහන් වී තිබුණි.
    ඒ සියළු කිමිදුම් අතරින් අවසාන කිමිදුම මාහට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලබා දෙන්නට ෆිලී සමත්විය.
    කිමිදීමේ ප්‍රබේධ කිහිපයකි.
    ඒ පිළිබඳව අන්තර්ජාලයෙන් උකහා ගත් ලිපියක් මා පහත අමුණා දක්වා ඇත.
    සාමාන්‍යයෙන් ......................... යනු ගිළුණු නැව් ගවේශනයය.
    පොදුවේ බොහෝ කිමිදෙන්නන් අතර ...................... ප්‍රචලිතය.
    බොහෝ දෙනා එයට රුචිය.
    මමද එම කුළකයේ අවයවයක්මි.
    ත්‍රිකුණා මළයේ ඉරක්කණ්ඩි පාලම ඔබ්බෙන් මුහුදේ අඩු ගැඹුරකින් ගිළුණු නැවක් පවතින බව කන වැකුණු; මීට වසර 10 කට පමණ ඉහත දිනෙක සිටම මා එහි කිමිදීම සිහිණයක් කර ගත්තෙමි.
    ......................... වසරේදි කීර්තිමත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ ....................... නමැති නෞකාව සිය පාලනයට නතු කර ගත්තේය.
    මෙම නෞකාව ඒවන විට බොහෝ සෙයින් අබල දුබලව පැවතුනු අතර එය ගිල්වා දැමීමට රජය විසින් තීරණය කොට තිබුණි.
    නෞකාවක්; යාත්‍රණයෙන් ඉවත්වූ පසු මෙසේ මහ මුහුදේ ගිල්වා දැමීම සම්ප්‍රදායක් වන අතර එයද තරමක ක්‍රියාන්විතයකි.

    මේවන විට රජයේ ගබඩා තුල එතෙක් මෙරට සිටි ජනාධිපති වරුන් පාවිච්චි කල වෙඩි නොවදින රථ විනාශ කර දැමීමට කල් මරමින් විය.
    මෙම රථ අතර ඉතා වටිනා බෙන්ස් රථ කිහිපයක් හා රෙන්ජ් රෝවර් රථයක්ද ඇතුළුව වාහන අටක් පැවතුනි.
    ඉන් නාවික හමුදාව එම වාහන භාරගෙන ඒවා නැවේ තට්ටුව මත තබා වෙල්ඩින් කොට නැව සමග මීගමුවට දකුණින් මුහුදේ ............ ගිල්වා දැමීය.

    ReplyDelete
  14. විමුක්ති සන්නන්ධ අරගලයකින් කළු ජාතිකයන් තමන්ගේ සටන ජය ගත යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තය සන්නද්ධ අරගලයකින් අත්පත් කරගත යුතුයි. වෙනම රටක් ලෙස ප්‍රකාශ කර යුතුයි. විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ පුහුණුව සහිත කාඩර්වරුන් ඒ සදහා සිය සහය කළු ජාතියකයන්ගේ අරගලයට ලබා දිය යුතුයි.ඉන්දීය හමුදාවේ මර්ධනයට එරෙහිව සටන් වදිනා කාශ්මීර විමුක්ති සන්නන්ධ අරගලයේ විමුක්තිකාමීන්ද මේ මොහොතේ සිය සහය කළු ජාතිකයන්ට ලබා දිය යුතුයි.

    ReplyDelete
  15. මිතිග මල්ලි මට කියන්න යාා කරන්කොට දේවියන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් තියන්නේ මේ තුන්දෙනාම ජේසුස් වහන්සේ ද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මක්සිම් ගෝර්කිගේ ආච්චිගේ ආගමට අනුව මුලින්ම හිටියේ දේව මෑණියෝ.
      එයාගේ පුතා තමයි දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සෙට වඩා දේව මෑනියෝ උසස්.

      යොහෝවාගේ සාක්කි කාරයෝ කියන විදියට ජේසු කියලා කියන්නේ මිකායෙල් කියන දේව දූතයට.

      කතෝලික සභාවේ මතය:
      බයිබලය කියන්නේ නිකං උපමා කතා පොතක් ඒක වැඩිය ගනන්ගන්න එපා. ඔයාලා කතෝලික සභාව කියන විදියට වැඩකරගෙ ඉන්න.

      අනෙක් ක්‍රිස්තියානි අය සාමාන්‍යෙයන් කියන මතය තමයි මෙහෙමයි:

      ශුද්ධ වූ ත්‍රිත්වය තේරුම්ගන්න නම් ද්වී කොටික තර්කනය ප්‍රමාණවත් නැහැ.

      ශුද්ධවූ ත්‍රිත්වය කියන්නේ එක්කෙනෙක් සහ තුන්දෙනෙක් හැටියට සලකන්න පුළුවන්. හරියට මම මගේ නෑයෙක් සහ නොනෑයෙක් වෙනවා වගේ.
      මුලින්ම බයිබලයේ ආත්මය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කල යුතුයි.
      බයිබලයේ වචන දෙකක් තියෙනවා ප්‍රාණය සහ ආත්මය කියලා.
      සරලව කිව්වොත් අපි හිතන්නේ ප්‍රානයෙන්.
      අපිට හිතෙන්නේ ආත්මයෙන්.

      මේ දෙක සමාන්තරව ක්‍රියාත්මකවන ක්‍රියාවලි දෙකක්.

      ශුද්ධාත්මය කියන්නේ මිනිසාගේ ආත්මයට සම්බන්ධ වෙන්න පුළුවන් දෙවිගේ කොටසක්.

      දෙවියන් වහන්සේ සහ ශුද්ධාත්මය තමයි මුලින්ම තිබුනේ ඒ දෙදෙනා එක්කෙනෙක් සහ දෙන්නෙක්.

      පසුව දෙවි ලෝකය මැව්වට පස්සේ මනුශ්‍ය රූපයකුත් හදාගත්තා ඒ තමයි පුත්‍රයානෝ කියන්නේ. ඔහු හිටියේ දේව දූතයෙක් වගේ.

      දෙවි මුලින්ම ආදම් මැව්වෙත් මේ පුත්‍රයාණන්ගේ ශරීරයට සමානවයි.

      පුත්‍රයාණන් කියන්නෙත් දෙවියන් වහන්සේ මයි.

      දෙවියන් වහන්සේගේ අවසාන අරමුණ තමයි මිනිසුන් ඇදහිල්ල තුලින් පුත්‍රයාණන්ගේ උසේද මහතේද තරමට වර්ධනය කරගෙන
      දෙවි සහ ජේසු එක්කෙනෙක්ව ඉන්නවා වගේ අවශ්‍ය තරමට අධ්‍යාත්මික වර්ධනය ලබාගත් අයත් දෙවිගේම කොටසක් බවට පත්කරගැනීමයි.

      මෙන්න මේ ලංකා ගොස්පල් කියන යූ ටියුබ් චැනලයෙන් ඔබට බයිබලය සම්පූර්ණයෙන්ම පිලිපදින පිරිසකගෙන් දහම් අධ්‍යාපණය ලබාගන්න පුළුවන්.
      https://www.youtube.com/channel/UCVkplsoMIwFff930gVT-9Ng

      ඔවුන් චර්මච්ඡේදනය, ඌරුමස් නොකෑම වගේ දේවළුත් කරන පිරිසක්.

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...