Monday, April 11, 2016

දෙව්ලොවට යන පඩි පෙළ

#දෙව්ලොවට_යන_පඩි_පෙළ

මේ තමයි දිව්‍යලෝකයට යන පඩිපෙළ. “Stairway to Heaven”  ලෙස ප්‍රසිද්ධයි. හවායි දුපත් වලින් එකක් වන “Oʻahu” දුපතේ  “Ko'olau” කඳු කරය හරහා තමයි මේ පඩිපෙළ තියෙන්නේ.

 1942 දී ඇමරිකානු නාවික හමුදාව විසින් පැසිෆික් සාගරයේ කරන නාවික මෙහෙයුම් වලදී නැව් වලට රහසිගත සංඥා යැවීමට මෙම කන්ද උඩ රහසිගත ගුවන් විදුලි මධ්‍යස්ථානයක්(Haʻikū Radio Station) ගොඩනගලා තියෙනවා, ඒ වෙත ගමන් කිරීමට තමයි මේ පඩි පෙළ නිර්මාණය කරලා තියෙන්නේ.

1950 දී එම මද්‍යස්ථානය වසා දැම්මා. පඩිපෙළ යකඩ වලින් නැවත නිර්මාණය කර මහා ජනයාට විවෘත කර තිබුනත් 1987 න් පසු එය තවමත් වසා ඇත. නමුත් සමහරු හොරෙන් මෙම පඩි පෙළ තරණය කරනවා.

චීන තේ සිරිත්

#චීන_තේ_සිරිත්

චීනයේ චින් (Qing) රජ පෙලපතට අයත් අධිරාජ්‍යයෙක් වන චියාන් ලොන් (Qian Long) ක්‍රිස්තු වර්ෂ 1711 සහ 1799 අතර කාල වකවානුව අතර තුර චීනය පාලනය කරන ලදී.

මෙම අධිරාජ්‍යයා වෙස් වලාගෙන තම සේවකයන් සමග තම රාජධානියේ සැරිසරන සිරිතක් පැවතුණි. සේවකයන්ට කිසි විටෙකත් තම ස්වාමියාගේ අනන්‍යතාවය හෙලි කිරීමට අවසර නොතිබුනි. එම නිසා සේවකයෝ කිසිවෙකුටත් තම ස්වාමියාගේ අනන්‍යතාවය හෙලි නොවන අයුරින් හැසිරීමට වග බලා ගත්හ.

එක් අවස්ථාවෙක මෙසේ වෙස් වලාගෙන ගමන් කරන දවසක අධිරාජ්‍යයා තමන්ට තේ කෝප්පයක් වත්කර ගැනීමෙන් අමතරව තම සේවකයන්ට තේ වත් කරන්නට විය. අධිරාජ්‍යයා විසින් සේවකයෙක්ට තේ වත් කිරීම සේවකයාට මහත් ගෞරවයක් හෙයින් සේවකයින් මහත් අපහසුතාවයකට පත් විය. රජ මැදුරේදී නම් සේවකයන් මෙවන් අවස්ථාවකදී, දනින් වැටී තේ බඳුන පිලි ගැනීම සිදු කරනු ලබයි. නමුත් වෙස් වලාගෙන සාමාන්‍ය වැසියෙක් ලෙස සිටින අධිරාජ්‍යයා ඉදිරියේ එලෙස බුහුමන් දැක්වීම, ඔහුගේ අනන්‍යතාවය හෙලි කර ඔහුගේ ආරක්ෂාවටද ගැටළුවක් ඇති කරනවා නොඅනුමානය. එහෙයින් සේවකයන් සංකේතයක් ලෙස ඇඟිලි දෙකක් නමා මේසයට තට්ටු කරන අතර හිස නමා තම ගෞරවය සහ ස්තුතිය රජුට පිරිනමන්නට විය.

පසු කලෙක ජනයා අතර ප්‍රචලිත වන මෙම චාරිත්‍රය තව දුරටත් විකාශනයවී තේ පිරිනමද්දී විවාහක නම් ඇඟිලි දෙකෙන් මේසයට තට්ටු කිරීමත්, අවිවාහක නම් එක් ඇඟිල්ලකින් මේසයට තට්ටු කිරීමෙන් තම කෘතඥතාවය පල කිරීමෙන් අදටත් චීන ජාතිකයන් සිදු කරනු ලබයි.

පොතුපිටිය වස්කඩුව වලිය

#පොතුපිටිය_වස්කඩුව_වලිය

1955 දී ඉදි කරන ලද මෙම දුම්රිය ස්ථානය පොතුපිටිය හා වස්කඩුව යන ගම් දෙක අතර පිහිටා ඇත. ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත ගොඩනැගුණු මෙයට නමක් තැබීම ගැටලුවක් වුනේ "වස්කඩුව" ලෙස නම් කරනවාට විරුද්ධව පොතුපිටිය වාසීන් උද්ගෝෂණය කල අතර "පොතුපිටිය" ලෙස නම් කරනවාට විරුද්ධව වස්කඩුව වාසීන් එරෙහි වුනා.

පසුව මෙය "වස්කඩුව-පොතුපිටිය" ලෙසින් ගම් දේකේම නමින් හැඳින්වූවා. එවිට පොතුපිටිය වාසීන් කලහ කරමින් නාම පුවරුව ගලවා මුහුදට විසි කලා. ඊලඟට "පොතුපිටිය-වස්කඩුව" ලෙස නම් කරන ලද අතර වස්කඩුව වාසින් පැමිණ එම නාම පුවරුව මුහුදට විසි කලා. දුම්රිය ස්ථානයේ තාවකාලික මුර පොලක් වසරකට වඩා වැඩි කාලයක් පවත්වා ගෙන ගිය අතර මෙම ගැටුම අධිකරණය වෙතට පමුණුවන ලදී.

එවකට ප්‍රවාහන අැමති සර් ජෝන් කොතලාවල මහතා මෙයට මැදිහත් වී "දුම්රිය නැවතුම් පොල අංක 1" ලෙස නමි කරන ‍ලෙස උපදෙස් දෙන ලදී. දැනට මුහුදුබඩ මාර්ගයේ වැඩිම ආදායමක් ලබන උප දුම්රිය ස්ථානය ලෙස සැලකෙන්නේ මෙයයි.

ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය

#ටයර්ගේ_ටැබ්ලට් ක්‍රමය

මෙය ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය (Tyers Electric Train Tablet) ලෙස හඳුන්වනු ලබයි.

1874දී පුද්ගලයින් 21 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරකින් පසු නැවත එවැන්නක් සිදු නොවීම පිණිස 'එඩ්වඩ් ටයර්' නම් ඉංජිනේරුවෙක් විසින් මහා බ්‍රිතාන්‍යයේදී මෙම ක්‍රමය නිර්මාණය කරන ලදි. මෙය ඉතා පැරණි ක්‍රමයක් වුවද ශ්‍රී ලංකාවේ තවමත් පාවිච්චියට ගැනෙන අතර, ආරක්ෂිතම සංඥා ක්‍රමය ලෙසද සැලකෙයි.

තනි දුම්රිය මාර්ගයක ගමන් කරන දුම්රියකට එම මාර්ග කොටස ආරක්ෂිතද යන්න පිළිබඳ භෞතික සහතිකයක් ලබාදීම මෙම ක්‍රමයේ අරමුණයි. ටැබ්ලටයක් අතැතිව දුම්රියක් දුම්රිය මාර්ගයේ ගමන් ගනිද්දී කිසිම විටෙක අනෙක් පසින් දුම්රියක් පැමිණිමට ඉඩක් නැත.

Wednesday, March 16, 2016

ලෝකයේ අමුතු මංගල චාරිත්‍ර

ලෝකේ තියන අමුතු මංගල චාරිත්‍ර




1.මනාලිය කලු කිරීම – ස්කොට්ලන්තය.

මනාලියගේ පවුලේ අයයි යාලුවොයි ඇයට කොච්චර ආදරේද කියල පෙන්නන්නේ අමුතුම විදිහකට. ඒ ලෝකේ තියන හැම කුණු දෙයම මනාලියගෙ ඇඟට වක් කරලා. පරණ වෙච්ච මාලු වල ඉඳන් නරක් වෙච්ච කිරි, තාර, සෝස්, සොසේජස්, මඩ,පිටි වල මිශ්‍රණයක් තමා මේකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ අසරණ මනාලියව ගහකට බැඳලා බොන්න ගෙනියනවා. ඒ අය විශ්වාස කරන්නේ මේක දරාගන්න පුලුවන් කෙනෙක්ට කසාද ජීවිතේ ඕන අභියෝගයක් ජයගන්න පුලුවන් කියලා.



2. ප්‍රැක්ටිස් කරලා ඇඬීම – චීනය.

චීනේ තුජිආ වංශයට අයත් කාන්තාවන් බඳින්න මාසෙකට කලින් අඬන්න ප්‍රැක්ටිස් කරනවා. මංගල දවසට හරියටම මාසෙකට කලින් මනාලිය දවසට පැයක් ගානේ අඬන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ.ඊට දවස් 10කට පස්සේ මනාලියගේ අම්මා මේ ඇඬීමට එකතු වෙනවා. ඊට දවස් 10කට පස්සේ අත්තම්මා එකතු වෙනවා. මේ විදිහට අඬන විදිහ හොඳට ප්‍රැක්ටිස් කරලා වෙඩින් එක දවසට වෙනස් ස්වර වලින් පවුලේ හැම කාන්තාවම අඬනවා. මේක සතුට ප්‍රකාශ කරන විදිහක් හැටියට තමා ඒ අය විශ්වාස කරන්නේ.



3. ගහක් කසාද බැඳීම – ඉන්දියාව.

ඉන්දියාවේ සමහර කොටස් වල විශ්වාස කරන දෙයක් තමා මන්ග්ලික් කුලයට ඉපදුන කාන්තාවන් ශාප ලත් අය කියලා. ඒ අය බඳින පිරිමි කෙනා ඉක්මනට මැරෙනවා කියලත් ඒ අය විශ්වාස කරනවා. ඒ නිසා මේ ශාපේ ඉවත් කරන්න මනාලිය ඉස්සල්ලම ගහක් කසාද බඳින්න ඕනේ. ඊට පස්සේ ඒ ගහ කපලා දානවා.



4. මනාලයාගේ කකුල් වලට ගැහීම – කොරියාව.

කොරියාවේ මංගල රාත්‍රියට කලින් යටි පතුල් වලට වේවැලකින් හරි මාලුවලින් හරි ගහනවා. මේක ගොඩක් රිදුනට ටික වෙලාවකටයි කරන්නේ. ඒ නිසා මනමාලයාගේ යාලුවන්ට මේක ගොඩක් විනෝද දෙයක්.



5. දවස් තුනක් ටොයිලට් යන්න බැහැ – ඉන්දුනීසියාව.

ඉන්දුනීසියාවේ යුවලක් කසාද බැන්දට පස්සේ දවස් තුනක් ටොයිලට් එකට යන්නේ නැතුව ඉන්න ඕනේ. මේ දෙන්නව ගෙදරක දාලා වැඩිය කන්න බොන්න දෙන්නේ නැතුව තමා තියාගෙන ඉන්නේ. ඒ රටේ වැඩිහිටියෝ විශ්වාස කරන්නේ මේ චාරිත්‍රයෙන් යුවලට හොඳ ළමයි හම්බවෙනවා කියලා.



6. සපත්තු හොරකම් කිරීම – ඉන්දියාව.

ඉන්දියාවේ කසාද බඳින දවසේ පෝරුවට නගින්න කලින් මනමාලයා එයාගේ සපත්තු දෙක ගලවලා තියන්න ඕනේ. එතකොට මනමාලියගේ පැත්තේ අය මේ සපත්තු දෙක හොරකම් කරන්න උත්සහා කරනවා. ඒත් මනමාලයාගේ පැත්තේ අය සපත්තු දෙක ආරක්ෂා කරන්න ඕනේ. මේ චාරිත්‍රය නිකන් පැත්තක ක්‍රීඩකයෝ 300 ගානේ ඉන්න රග්බි මැච් එකක් වගේ. මනාලියගේ පැත්තේ අය සපත්තු දෙක හොරකම් කරොත් ඒක ආපහු ගන්න මනාලයා කප්පමක් ගෙවන්න ඕනේ.



7. මනමාලියට කෙළ ගැසීම – කෙන්යාව.

කෙන්යාවේ මසායි ගෝත්‍රයට අයත් මනමාලියන්ට ඒ අයගේ තාත්තා ආශිර්වාද කරන්නේ කෙළ ගැසීමෙන්. ඊට පස්සේ මනමාලිය ඇයගේ සහකාරයත් එක්ක ගමෙන් පිටවෙන්නේ ආයිමත් හැරිලා බලන්නේවත් නැතුව. ඒ ගල් වීමේ බයට.



8. මනමාලියව පැහැර ගැනීම – රොමේනියාව

රෝමෙනියාවේ තමන්ට කසාද බඳින්න ඕනේ කාන්තාවව පැහැර ගන්න ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාව තමන් ලඟ දවස් 2-3 තියාගත්තම එයා තමන්ගේ බිරිඳ හැටියට හැමෝම පිළිගන්නවා. මනමාලියටත් ප්‍රශ්නයක් නැත්නම් දෙන්නා එකට පැනලා යනවා. කොහොමහරි දෙමාපියන්ගේ කැමැත්ත මේ අයට වැඩක් නැහැ.



9. මනමාලියට දුන්නෙන් විදීම – චීනය.

චීනේ යුග චාරිත්‍ර වලට අනුව මනමාලයා තමන්ගේ මනමාලියට තුන් වතාවක් දුන්නෙන් විදින්න ඕනේ. ඒත් මේ දුනු වල තියුණු හිසක් නැහැ. ඊට පස්සේ මේ දුනු දෙකට කඩන්න ඕනේ. මේ චාරිත්‍රයෙන් යුවල එකිනෙකාට හැමදාම ආදරය කරන බවට පොරොන්දු වෙනවා.



10. පිඟන් කැඩීම – ජර්මනිය.

පෝල්ටර්බෙන්ඩ් කියන මේ චාරිත්‍රයෙදී අලුත් යුවල තමන්ට තෑගි වශයෙන් ගෙනාපු ඔක්කොම පිඟන්, තැටි, හැඳි, ගෑරප්පු පොලවේ ගහලා කඩනවා. ඒ අය විශ්වාස කරන්නේ මේ සද්දෙට ඔක්කම දුශ්ට ආත්ම ඒ අයගෙන් දුරස් වෙනවා කියලා.

Tuesday, March 15, 2016

ලෝකයේ විශාලම ගුහාව බලන්න යමු

#ලෝකයේ_විශාලම_ගුහාව_බලන්න_යමු...

  ලෝකයේ ලොකුම ගුහාව ලෙස සැලකෙන්නේ හැන්ග් සොන් ඩූන්ග් ගුහාවයි. මේ ගුහාව පිහිටලා තියෙන්නේ වියට්නාමයේ ක්ආන්ග් බින්හ් පළාතේය. මේ ගුහාව අවුරුදු මිලියන 2.5 කට පමණ කලින් බිහිවුනා කියලා විශ්වාස කරනවා.

  මේ ප්‍රදේශයේ තිබුණු හිරිගල් තට්ටුව මැදින් ජලය ගලාගෙන ගිහිල්ලා ඒවා දුර්වල වෙලා කඩා වැටුනාට පස්සේ තමයි ගුහාව හැදිලා තියෙන්නේ. සමහර තැන්වල උඩ කැඩිලා ගුහාව ඇතුළට එළියක් වැටෙනවා. සැන් ඩූන්ග් කියන්නේ "කදුකර ගුහාව " කියන තේරුමෙනුයි.

  පේ ප්‍රදේශයේ ජීවත්වුනු හි බාන්හ් කියන පුද්ගලයෙක් තමයි 1991 වසරේදී මේ ගුහාව හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ 2009 අවුරුද්දෙදි බ්‍රිතාන්‍ය ගුහා ගවේශකයන් මේ ගුහාව ගැන පර්යේෂණ කලා.

  මේ ගුහාව වියට්නාමයේ මහා ප්‍රාකාරය විදිහටත් හදුන්වා තියෙනවා. මේ ගුහාව දිගින් 5km වෙනවා. උස 200m. පළල 150m. මේ ගුහාව ඇතුලේ සත්ව ජීවිත, ඇල මාර්ග, වෙරළවල්, ගස් වැල්, ගංගාවනුත් පිහිටලා තියෙනවා. මේක නම් එසේ මෙසේ ගුහාවක් නෙමේ....




කාලි දෙවඟනට නේපාලයේ රජ සැප

#කාලි_දෙවඟනට_නේපාලයේ_රජ_සැප
 
දේහ ලක්ෂණ අනුව උපතේදීම තෝරාගන්නා දැරියන් හට ‘‘ජීවමාන ස්වරූපයෙන් සිටින දේවතාවියන්‘‘ යැයි සළකා පුද සත්කාර කිරීමේ පිළිවෙතක් නේපාලයේ ඇත.


මෙම දැරියන් උපතේදීම ශුද්ධවු ජීවිතයක් ගත කිරීමට තෝරාගැනෙන අතර ඔවුන් සැළකෙන්නේ බලයට අධිපති හින්දු දේවතාවිය වන කාලි ගේ මිනිස් ස්වරූපයන් ලෙසය.
තෝරාගැනීමේ පටන් දේවතාවියකට පරිද්දෙන් ඔවුන්ට උවටැන් කෙරේ.

මෙම දැරියන්ට ඇවිදීමටවත් පවා බැතිමතුන් හා පූජකයින් ඉඩ නොදෙන අතර මෙනිසාම ඔවුන් සාමාන්‍ය මිනිසා ඇවිදීමට ඉගෙනගන්නා කාලයද ගතකරන්නේ දෝලාවල,සිංහාසනවල, හා බැතිමතුන්ගේ කර මත නැගීගෙනය.
පාසල් යාම,මිතුරු මිතුරින් ආශ‍්‍රය කිරීම ආදී සියලූ දෑ ඔවුන්ට අකැපය.

කෙසේවුවද මෙම දැරියන්ට දේවතාවියන් ලෙස සදාකාලයටම නොසැළකේ.වැඩිවියට පත්වුනු පසු නැවත සමාජය වෙත යෑමට ඔවුන්ට සිදුවේ.
සමාජය ගැන ඉගෙනගැනීමට තිබූ කාලය දේවතාවියක ලෙස ගතකර ඔවුන් සමාජය වෙත යන්නේ සමාජය යනු මේ යැයි කිසිත් නොදැනය.

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...