Friday, April 29, 2016

ලංකාව හෙල්ලූ ඝාතන



1. මතුගම සමන් කුමාර සිසුවා ඝාතනය
“පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර" Source - archives.dinamina.lk, divaina.com
“පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර”Source – archives.dinamina.lk, divaina.com

“පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර
මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
මුලු පාසල බැබලුව සිසු සමන් කුමාර
අද පාසැල් නාවෙ ඇයිද සමන් කුමාර”
ඇන්ටන් ජෝන්ස් මහතාගේ මේ ගීතය ඔබත් සමහරවිට අසා ඇති. මුලු ලංකාවම කම්පාවට පත් කරමින් සිදුවූ මේ මිනීමැරුම සිදුවන්නේ මතුගම ප්‍රදේශයේදී. ලංකා ඉතිහාසයේ කප්පම් මුදලක් ලබාගැනීම සඳහා දරුවෙක් පැහැරගෙන ගොස් ඝාතනය කල මුල්ම අවස්ථාවක් හැටියටත් මේ සිදුවීම ඉතිහාසගත වනවා.
ඒ 1984 වර්ෂයයි. සිංහල අලුත් අවුරුදු නිවාඩුවට පෙර පාසැල් පවත්වනු ලබන අවසන් දවසේ පාසැල වෙත යන අතරතුර සමන් කුමාරව පැහැරගනු ලබනවා. ඒ අන් කිසිවෙකු නොව පවුලේ සමීපම හිතවතෙකු ව සිටි ධර්මසිරි නැමැත්තෙක් විසින්. ඒ වන විට මුදල් ගණුදෙනුවක් හේතුවෙන් ඔහු සමන් කුමාරගේ පවුල සමග හිත් අමනාපයකිනුයි යුතුවයි හිඳ  තිබෙන්නේ. මේ අපරාධයට ධර්මසිරි නැමැත්තාගේ මස්සිනා කෙනෙක් වන ප්‍රේමරත්න නැමැත්තෙකුද හවුල්ව තිබෙනවා. මොවුන් දෙදෙනා එක්ව දරුවාගේ දෙමවුපියන්ගෙන් ලක්ෂ එකහමාරක කප්පම් මුදලක් ලබා ගැනීමටයි තැත් කරන්නේ. කෙසේ වෙතත් මේ කප්පම් මුදල ගැනීමට උත්සාහ කරන අතරතුරම සමන්කුමාර දරුවා මොවුන් විසින් ගෙල සිරකරනු ලැබීමෙන් මරණයට පත්වනවා.
නීතියේ ඇසට වැළි ගසමින් කප්පම් මුදල ලබා ගැනීමටත් සැඟවී සිටීමටත් උත්සාහ කළද අවසානයේ මොවුන් දෙදෙනාම නීතියට කොටු කරගැනීමට පොලිසිය සමත් වනවා.
අපරාධකරුවන් එල්ලුම් ගසට නියම වූවත් ඒ වනවිට ඒ දඬුවම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මොවුන් සිර දඬුවමකට ලක්වෙනවා. කෙසේ වෙතත් සිරගත දිවිය තුළ ඉතාම යහපත් කල්ක්‍රියාවෙන් දිවිගෙවූ දෙදෙනෙක් හැටියටයි මේ අපරාධකරුවන් දෙදෙනා ගැන සඳහන් වන්නේ.
2. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය
The Premavathi Maanamperi Murder
ප්‍රේමවතී මනම්පේරි – ඈ සතු සුන්දරත්වයම ඈ හට සාපයක් වේ යැයි කිසිදා නොසිතන්නට ඇති. Source – lankanews.org, meepura.com, divaina.com

ප්‍රේමවතී මනම්පේරි එකොලොස් දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමල්ම දියණියයි. කුඩා කල පටන්ම ඉගෙනීමට සමත්කම් පෑ ඇය සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත්ව දහම්පාසැල් ගුරුවරියක් වශයෙන්ද සේවය කරමින් සිටියාය. මනා රූප සම්පත්තියකින් හෙබි වූ ඇය ඒ නිසාම 1969 හා 1970 යන දෙවර්ෂයේදීම කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳින්නටද සමත් වූවාය.
ඈ සතු සුන්දරත්වයම ඈ හට සාපයක් වේ යැයි ප්‍රේමවතී තරුණිය කිසිදා නොසිතන්නට ඇති.
ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇරඹි කැරැල්ල පැවති සමයයි. කතරගම ප්‍රදේශයේත් ඒ වන විට නිර්මාණය වී තිබී ඇත්තේ ඉතා උණුසුම් වටපිටාවක්. මේ සමයේම එක් තරුණ පොලිස් නිලධාරියෙක් ඇගේ ප්‍රේමය පතාගෙන නිතර ඇයට ඇවටිලි කරන්නට පටන් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉහතකී පොලිස් නිලධාරියාගේ ආරාධනාවට ප්‍රේමවතී අවනත වී නැහැ.
මෙයට පලිගැනීමක් හැටියට අහිංසක තරුණියක් වන ඇයව කැරළි නායිකාවක් හැටියට හංවඩු ගසන පොලිසිය එවක කැරළි මර්දනය සඳහා කතරගම නැවතී සිටි හමුදා නිලධාරීන් හට ඇයව භාර දෙනු ලබනවා. ඔවුන්ගේ වධ හින්සා වලටත් කෘරතර දඬුවම් වලටත් ඇයට ලක් වන්නට සිදු වනවා.
මහ සෙනග මැද නිරුවතින් ඇවිද්දවා. මහ දවාලේම ඇයව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා.
ඒ ඇය අවුරුදු කුමරිය ජයග්‍රහණය කළ විට ඇගේ දෙනෙත් ඉදිරිපිට දිස්වුන ගුණසිරි හෝටලය ඉදිරිපිටදීමයි..
3. රෙජිනා සතාසිවම් ඝාතනය – වංගෙඩි මිනීමැරුම
The Regina Sathasivam Murder
රෙජිනා සතාසිවම් මිනීමැරුම: ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ මිනී මැරුමක් සහ සුවිශේෂ නඩු තීන්දුවක්Source – island.lk, elanka.com.au

ලංකාවෙන් බිහිවූ කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහාදේව සතාසිවම්ගේ බිරිඳ වන රෙජිනා සතාසිවම් මිනීමැරුම ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ සහ අදටත් ලක්වෙන මිනී මැරුමක් සහ සුවිශේෂ නඩු තීන්දුවක් ලෙසයි අදටත් සැලකෙන්නේ.1951 වර්ෂයේ සිදුවූ මෙම සිදුවීම එකල විශාල ජනතා කැලඹිල්ලක් ඇති කරවන්න සමත් වනවා.
සියල්ල ඇරඹෙන්නේ සතාසිවම් මැතිණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නිවසේ ගරාජය තුළින් හමුවීමෙන්. ඇගේ තුවාල ලත් සිරුර අසල තිබෙන වංගෙඩියක් හැරුණු කොට වෙන කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නෑ.
සතාසිවම් මහත්මියගේ මරණයට මුල සිටම සතාසිවම් මහතා වෙත සැකය යොමු වන අතර පරස්පර ප්‍රකාශයන් දෙමින් සැක සහිතව හැසිරුණ නිවසේ මෙහෙකාර විලියම් සිංඤෝ රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්කරගැනීමත් සමඟ නඩු විභාගය තවත් අවුල් ස්වභාවයකට හැරෙනවා.
මිනීමැරුමට වරදකරුවකු නොමැතිව අවසන්වූ නඩු තීන්දුව හේතුවෙන් කෝපයටත් කළකිරීමට පත්වූ ජනතාව “වංගෙඩිය මිනිමැරුවා” යයි එකල පැවසූ බව සඳහන් වනවා. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනීසිටි ප්‍රකට දේශපාලඥයෙක් වන කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාට ජනතා උදහස නිසාම දේශපාලන පරාජයකිනුත් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා. ඒ ඔහු ඊළගට තරග කළ මැතිවරණය පරාජයට පත්වීම නිසා.
මේ මිනීමැරුම පිළිබඳ ප්‍රකට මතයක් වන්නේ නිවසේ මෙහෙකාර විලියම් සිංඥෝ විසින් රාගයෙන් මත්ව සතාසිවම් මහත්මියව ඝාතනය කරනු ලැබ ඇති බවයි. අපරාධ වෛද්‍ය විද්‍යානුකූලව ඒ පිළිබඳව නොයෙකුත් මතයන් ගෙන හැර පා ඇති නමුත් අපරාධකරු නීතියේ රැහැනින් මිදීම ඉතා කණගාටුවට කරුණක්.
4. ඉයුනිස් පීරිස්, රසල් ඉන්ග්‍රම් – මැතිවු පීරිස් මිනීමැරුම්
The Fr. Matthew Pieris Murders
මැතිවු පීරිස් පියතුමා විසින් සිදු කරන ලද මිනී මැරුම් වල සුවිශේෂත්වය වන්නේ දියවැඩියාව පාලනය කිරීමට දෙන ඖෂධයක් ලබා දෙමින් ඉතා සූක්ෂම අන්දමින් කල මිනීමැරුම් දෙකක් වීම.Source – archives.dinamina.lk, sundaytimes.lk, vernoncorea.wordpress.com

මීට දශක හතරකට පමණ පෙර සිදුවූ ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ අමුතුම ආකාරයේ අපරාධයන් දෙකක් තමයි මැතිවු පීරිස් පියතුමා විසින් සිදු කරන ලද ඉහත සඳහන් මිනී මැරුම් දෙක. මෙම මිනී මැරුම් වල සුවිශේෂත්වය වන්නේ දියවැඩියාව පාලනය කිරීමට දෙන ඖෂධයක් ලබා දෙමින් ඉතා සූක්ෂම අන්දමින් කල මිනීමැරුම් දෙකක් වීම.
සුවිශේෂී චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙකු වන මැතිවු පීරිස් පියතුමා ලෙඩ රෝග සුවකිරීම පිළිබඳවද කීර්තියට පත්ව සිටි පියනමක්. දැඩි ආගම් භක්තික පවුලකින් පැවත එන විවාහක කාන්තාවක් වන ඩැල්රින් ඉන්ග්‍රම් නැමැති තැනැත්තියක් සමග පෙමින් වෙළෙන මැතිවු පීරිස් පියතුමා ඇය හා එක්වීමට මග පාදාගැන්මට සූක්ෂම උපායයන් යොදනවා. ඒ ඉතාම භයානක ආකාරයකින්.
ඉන්ග්‍රම් පවුල සමග සමීප සබඳතාවයක් පවත්වන මැතිව් පීරිස් උපායශීලීව ඩැල්රින් ඉංග්‍රම්ගේ සැමියා වන රසල් ඉංග්‍රම්ව රෝගී තත්ත්වයට පත් කරනවා.ඒ දියවැඩියා ඖෂධ යොදාගනිමින්. කාලයක් තිස්සේ දුර්වලත්වයට පත් වෙමින් දුක්ඛිත ජීවිතයක් ගෙවන රසල් ඉංග්‍රම් අවසානයේදී මරණයට පත්වන්නේ වෛද්‍යවරුන්ටත් රෝග විනිශ්චය කරගත නොහැකි අන්දමන්ද ස්වභාවයකට පත් කරමින්. රසල් ඉංග්‍රම්ගේ මරණය හෙමිහිට කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට පටන් ගන්නවා.
ඊට කලකට පසුව නැවත මැතිවු පීරිස් පියනම කරළියට පැමිණෙන්නේ ඔහුගේ බිරිද වන ඉයුනිස් පීරිස් මහත්මියගේ රෝගී තත්ත්වයක් සමගයි. ඇයත් රසල් ඉංග්‍රම් පීඩා වින්දා සේම ගුප්ත රෝගී තත්ත්වයකින් පීඩා විඳිමිනුයි සිටින්නේ. කෙසේ වෙතත් කිහිප දිනකින්ම ඈත් මරණයට පත් වනවා.
මේ සිදුවීම ඇසින් දුටු වෛද්‍යවරයෙක් තම නිල නිවස්නයේ තවත් වෛද්‍යවරයෙක් සමග සල්ලාපයේ යෙදී සිටියදී මේ සිදුවීම විස්තර කරනු ලබනවා. අනෙක් වෛද්‍යවරයා පත්වන්නේ පුදුමයෙනුත් පුදුමයටයි. මක් නිසාද යත් ඔහුත් දිගු රැවුලකින් යුත් පියනමක් සහ ඉහත කී රෝග ලක්ෂණ සහිත රෝගී පුද්ගලයෙක් සම්බන්ධ සිදුවීමකට මීට පෙර මුහුණදී ඇති නිසාවෙන්(රසල් ඉංග්‍රම් සිදුවීම). මෙහි ඇති සැකසහිත බව නිසා පොලිසියට මේ ගැන ඔවුන් දැනුම් දෙනවා. ඒ මගින් සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ ඔස්සේ මැතිවු පීරිස් පියනමත් ඩැල්රින් ඉංග්‍රමුත් නීතියට හසුකරගනු  ලබනවා.
දිගු කලක් සිරගතව සිටි මැතිවු පීරිස් පියනම පසුව නිදහස්ව ඩැල්රින් ඉංග්‍රම් සමග විවාහ වූ බව සඳහන්. 1998 වර්ෂයේදී මැතිවු පීරිස් සදහටම මෙලොවින් සමුගෙන තිබෙනවා.
මේ කථාව පාදක කොටගත් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතය. ජැකලින් ෆර්නෑන්ඩස් රඟන එය. According to Mathew නමින් තමයි නම් කර තිබෙන්නේ.
5. රීටා ජෝන්
The Rita John Murder
1998 වසරේ මුම්බායේ විසූ සුරූපිණියක් වන රීටා ජෝන්ස් මහත්මිය Source – archives.dinamina.lk, sundaytimes.lk
ඒ 1998 වසරයි. මුම්බායේ විසූ සුරූපිණියක් වන රීටා ජෝන්ස් මහත්මිය විවාහයෙන් පසු පසු මධුසමය ගතකිරීමට සිය සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. අලුත් ඥාතීන් හමුව ඉතා සතුටුදායක ලෙසින් ගෙවීගිය බැවින් ඈත් සැමියාත් ඒ දින වකවානුව ගෙවමින් සිටියේ ඉතා සතුටින්. සවස් යාමයන්හී අත්වැල් පටලාගෙන මුහුදු වෙරළ දිග ඇවිදීම මේ පෙම්වතුන් දෙදෙනාගේම දෛනික පුරුද්දක්ව තිබුණා.  එක් ඉරිදා සවසක සැඳෑ සුව විඳීමට සිය සැමියා සමග මෝදර වෙරළේ ඇවිදීමට යන ඇයව කාමාතුරයින් පිරිසක් විසින් පැහැරගනු ලබනවා.
වධදී සමූහ දූෂණයට ලක්කර තිබූ ඇගේ සිරුර කාක දූපත නැමති ස්ථානයෙන් පසුව හමුවනවා.
මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන රැල්ලක් ඇති කිරීමට තරම් මේ අපරාධය ලාංකීය සමාජය සලිත කරන්නට සමත් වෙන අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට බල කරමින් විවධ සංවිධාන මගින් සංවිධානය කෙරුණ විරෝධතාවයන් බොහොමයක් මේ අපරාධයෙන් පසුව දක්නට ලැබිණ.
6. හෝකන්දර සය පුද්ගල ඝාතනය
The Hokandara Murders
හෝකන්දර සය පුද්ගල ඝාතනය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ අමානුෂිකම මනුෂ්‍ය ඝාතනයන්ගෙන් එකකි. nation.lk, sundaytimes.lk
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ අමානුෂිකම මනුෂ්‍ය ඝාතනයන්ගෙන් එකකි. 1999 පෙබරවාරි 10 වනදා සිදුවූ මෙය මුලු රටක්ම බොහෝ කාලයක් යන තුරු කම්පාවෙන් සහ භීතියෙන් අලලවන්නට සමත් වූ අපරාධයකි. එකම පවුලේ සය දෙනෙක් ඝාතනය කරමින් සිදුවූ මෙම ඝාතනය සිදුවන්නේ අමරගොඩ නම් ප්‍රදේශයේ. අමරගොඩ මරණගොඩ යනුවෙන් හඳුන්වන්නටත් එකළ පටන් ගන්නවා මෙම අපරාධය හේතුවෙන්.
අමරගොඩ ප්‍රදේශයේ ජීවත්වූ විතානගේ ලලනදාස සහ ඔහුගේ බිරිඳ වන සිරියාවතීත් ඔවුන්ගේ දරුවන්වත් ඝාතනය කිරීමට තුඩුදුන් හේතුව හැටියට සැලකෙන්නේ අසල්වැසි මත්පැන් ජාවාරම් කරුවන් පිරිසක් සමග සිදුවූ බහින්බස්වීමකුයි.
කල් වේලා අරගනිමින් නිවස තුලවූ බිස්කට් වැනිදේ ආහාරයට ගනිමින් මිනීමරුවන් මෙම අපරාධ සිදුකර ඇති සැහැල්ලු ආකාරය විශ්වාස කිරීමටත් නොහැකි තරම් පුදුම එළවන සුලුය.
කෙසේ වෙතත් මිනී මරණු සියැසින් දුටු කිසිම සාක්ෂියක් නොමැතිව නමුත් මේ අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකරගැනීමට ලැබෙනවා. ඒ සිද්ධිය වූ ස්ථානයෙන් හමුවූ සාක්ෂි ඩී.එන්. ඒ පරීක්ෂණයකට ලක් කිරීම මගින්.
ඩී එන් ඒ තාක්ෂණය සාර්ථකව ශ්‍රී ලංකාව තුල යොදාගත් මුල්ම මිනීමැරුම ලෙසටත් හෝකන්දර සිදුවීම ඉතිහාසගත වනවා
උපුටා ගැනීමකි

Monday, April 25, 2016

අත් බෙහෙත් - 1 කොටස


ලිපිය සැකසීම - සංජු දිල්ශාන්
මෙම කොටස ගෙන එන දේශීය වෛද්‍ය විද්‍යා බෙහෙත් තුලින් ඔබට උපකාරයක් වනු ඇතයි බලාපොරොත්තු වෙමි

සෙම් ගෙඩි වලට
රතු ලූණු සිහින්ව ලියා මී පැණි සමග කෑමට ගන්න

පපුවේ සෙමට
මුරුංගා  මුල් කලන් 12 ක් වතුර පත 8  එකට සිදුවා මී පැනි සනග බොන්න

ඇසේ නගනයට
අරළු ,කලාදුරු අල මී පැනියෙන් ගලලා ගාන්න

දත් කැක්කුමට
ඉද්ද කොල කොටා අරක්කුවෙන් මිරිකා කට සෝදන්න

මුත්‍රා ගල් හිර වීම
දිය බෙරලිය සහමුලින් කොටා යුශ ගෙන කැද බොන්න

ඉන්නන්ට
ලබු දලු කැටි ලුණු සමග අබරා ගාන්න

කටු ඇණුනාම.පෙරුම්කායන් ,බත් දන්කුඩ අබරා බදින්න

 ඛෑම අප්‍රිය දරුවන්ට
කරපිංචා දලු සම්බෝලයක් සාදා කවන්න

මීලග කොටසින් හමුවෙමු
#සුවදායි_ජීවිතයක්
සංජු දිල්ශාන්

ප්‍රංශ විප්ලවය - 1 කොටස



ප්‍රංශ විප්ලවය විස්තර කරමින් ලියන ලිපි මාලාවේ පලවෙනි කොටස. (කොටස් කියක් යයිද දන්නේ නැහැ.)

ඇයි මේ විප්ලවය මෙච්චර වැදගත්?

1. රාජාණ්ඩුවක් වෙනුවෙන් 3 වෙනි පන්තියේ සමානය මිනිස්සු නැගී සිටීම හා පෙරලා    
        දැමීම.
2. විප්ලවය අවසානයේ ප්‍රංශය එක්සත් වීම.
3. ප්‍රංශයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටීම.
4. සැමට පොදු නීති ක්‍රමයක් බිහිවීම.
5. පල්ලියේ ආදිපත්‍ය බිඳවැටීම.
6. යුරෝපය පුරා තම ජාතිය පිලිබඳ ජාතිආලය ඇතිවී, විවිද රටවල් එක්සත් වීම සහ
        රාජාන්ඩුවලින් මිදීමට විප්ලව කිරීම.
7. ස්වාදිනත්වය, සමානාත්වය, සහ සහෝදරත්වය වැනි සංකල්ප බිහිවීම.
8. විප්ලවයෙන් පසු අවුරුදු 100 පමණ ලෝකයේ සහ යුරෝපයේ විවිද සිදුවීම් වලට
        ප්‍රංශ විප්ලවයෙන් ව්‍යාප්ත වූ අදහස් හේතු සාදක වීම. උදා: පලවන ලෝක යුද්දය,
        ඉතාලිය ජර්මනිය වැනි රටවල් එක්සේසත් වීම, ඇමරිකානු සිවිල් යුද්දය.
9. ප්‍රංශයේ ඉහල පලන්තිය/වංශවත් පැලැන්තිය (nobility) සම්පුර්ණයෙන් බිඳ වැටීම.
        උදා: රට හැර යාම හෝ, ගාතනයට ලක්වීම.

-----හැදින්වීම----

1789 ප්‍රංශයේ රජ ලෙස ලුයී 16 වන රජතුමා සහ මේරි ඇන්ටනොයිට් රැජින ලෙස පත්වී තිබීම.

*හේතු*

• 1789 ප්‍රංශය රටක් වශයෙන් දුප්පත් රටක් වීම් මුල්‍යමය අර්බුදයක් තිබීම. මිට එක හේතුවක් ප්‍රංශය විශාල
වශයෙන් යුද්දවල ආයෝජනය කර තිබීම. (ඇමරිකානු විප්ලවය සහ 7 අවුරුදු යුද්දය.)
• දුර්බික්ෂයක් රටේ පැවතීම මේ කාලයේ, එබැවින් සාමාන්‍ය මිනිස්සු යම් ප්‍රමාණයකින් දුකින් නොසන්සුන්තාවයෙන් සහ සාගින්නෙන් සිටීම.
• ඊට ප්‍රතිවිරුද්ද ලෙස රජ පවුල සහ ඉහල පලන්තිය/වංශවත් පැලැන්තිය ඉතා සරුසාර නොමසුරු ජිවිත ගෙවීම. මිට හේතුව සාමාන්‍ය ජනතාව මොවුන්ගේ ඉඩම් වල වැඩ කර, රජ පවුලට සහ වංශවත් පැලැන්තියට අස්වැන්නෙන් කොටසක් යැවිය යුතුයි. ඊට අමතරව මේ පැලැන්තිය බදු නොගෙවා සිටියි ඔවුන්ගේ තත්වය නිසා. සාමාන්‍ය ජනයා පමණයි බදු ගෙවන්නේ මේ කාලයේ.
• Enlightenment movement නිසා විවද දාර්ශනිකයෝ විවිද ප්‍රශ්න කතාකිරීම. උදා: මිනිස්සු පාලනයට රජෙක් සිටිය යුතුද? මිනිස්සුන්ටම බැරිද මිනිස්සුන්ව පාලනය කරගන්න? මිනිස්සුන්ට හරි වැරැද්ද කියාදෙන්න පල්ලියම සහ පුජකයෝම ඕනෙද? මෙහි පුරෝගාමීන් වන්නේ; වෝල්ටෙයා (Voltaire), රෝසෝව් (Rousseau)

---ආරම්බය---

ඉහත කි හේතු නිසා ලුයී රජතුමා 1789 හදිසි රැස්වීමක් කැඳවනවා ප්‍රංශයේ එකල සමාජයේ සිටින විවිද සමාජ ස්තර නියෝජනය කරමින්. මෙය ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ. States-General ලෙස. මෙහි නියෝජනය කරනවා සමාජයේ සිටින පාර්ශව 3ක්.

1. පුජ්‍ය පක්ෂය වෙනුවෙන් 300 (රටේ මුලු ජනගහනයෙන් 0.5%)
2. රජු පවුල ඇතුළු වංශවත් පුද්ගලයන් වෙනුවෙන් 300 (රටේ මුලු ජනගහනයෙන් 1.5%)
3. ඉතුරු සියල්ල වෙනුවෙන් 600. හරියට ගත්කල සාමාන්‍ය ජනයා. (රටේ මුලු ජනගහනයෙන් 98%)

ඔය පාර්ශව 3ටම තිබුනේ එක් පාර්ශවයට එක් චන්දයක් බැගින්. ඔතනින් 3 වෙනි පාර්ශවය පමණයි බදු බර සහ යුද්ද වලට සාමාන්‍ය සොල්දාදුවන් ලෙස සාබාගී වන්නේ. 3 වෙනි පාර්ශවය මේ රැස්වීමට පැමිණියේ මේ වන විටත් කේන්තියෙන්. 3 වන පාර්ශවය රජුගෙන් ඉල්ලා සිටියා එක් එක් පාර්ශවය ලෙස චන්දය පාවිච්චි කරනවා වෙනුවට එක් එක් පුද්ගලයා ලෙස ගෙන චන්දය පාවිච්චි කරමු කියා පත්කරගන්නා යෝජනා වලට. මොකද ඔවුන් බියෙන් සිටියා රජු බදුබර වැඩි කරයි කියා සාමාන්‍ය ජනතාවට. රජු සහ පුජ්‍ය පක්ෂය මෙයට විරුද්ද වෙනවා.

ටෙනිස් පිටියේ ප්‍රතිඥාව ගැන සහ ඉතුරු සිදුවීම් ඉතිරි ලිපියෙන් හෙට කතාකරමු.

ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.

- Frans Madappuli Arachchige

දෙවන ලෝක යුද්ධයේ කඩඉම - එනිග්මා යන්ත්‍රය



එනිග්මා යන්ත්‍රය(Enigma Machine),මෙය ජර්මනිය විසින් නිපදවා දෙවැනි ලෝක යුද්ධ සමයේ තම හමුදා කන්ඩායම් වලට පණිවිඩ සහ නියෝග නිකුත් කිරීමට බහුල වශයෙන්ම භාවිතා කල යන්ත්‍රයයි. විශේෂයෙන්ම නාවික සබ්මැරීන් වලට. එකල මෙය හැදින්වුයේ ලොව බිහිවූ ගුප්තම යන්ත්‍රය ලෙසයි.එයට හේතුව මෙහි පහිවුඩ යැවීමට සහ ලබා ගැනීමට භාවිතා කල ක්‍රමවේදය කිසිවෙකුටත් අවබෝද කරගැනීමට නොහැකිවූ නිසාවෙනි.එහි භාවිත වුයේ කෝඩ් ක්‍රමයකි. මෙම කෝඩ් එක අවබෝද කරගැනීමට (කේතය බිඳීමට) මිත්‍ර පාර්ෂික සෑම රටක් මෙන්ම එංගලන්තය විසින්ද රහසිගතව මෙහෙයුමක් දියත්කල අතර ඒ සදහා විද්වත් කණ්ඩායමක් පත්කරන ලදී. එහි සිටි මහාචාර්ය වරයෙකුවූ ඇලන් ටියුරින්(Alan Turing) හට අවසානයේ මෙමකේතය බිඳීමට හැකිවන අතර ඔවුන්ට මෙම එනිග්මා යන්ත්‍රය හරහා හුවමාරුවන ජර්මානු පණිවුඩ අවබෝදකර ගැනීමට හැකිවනවා.නමුත් එය රහසක් ලෙස තබාගැනීමට එංගලන්තය වගබලා ගන්නා ගමන් ජර්මානු ප්‍රහාර වලටත් සාර්ථකව මුහුණ දෙනවා.එය රහසක් ලෙස තබා ගත්තේ ජර්මනිය යම් අකාරයකින් දැනගතහොත් එනිග්මා කේතය බිඳ දමා ඇතිබව ඔවුන් නොපමාව යන්ත්‍රය වෙනස් කරන නිසාවෙනි .ඇලන් ටියුරින් විසින් මෙම කේතය බිඳීම සදහා යන්ත්‍රයක් නිර්මාණය කරයි එය ටියුරින් යන්ත්‍රය ලෙස හැදින්විය(Turing Machine s ).ඇත්තටම එය පරිගණකයයි.මෙසේ එනිග්මා කේතය බිද දැමීම නිසා ජිවිත මිලියන 14ක් පමණ බේරාගැනීමට හැකිවන අතර .දෙවන ලෝක යුද්ධය අවුරුදු 2කින් කෙටිකර ගැනීමට හැකිවූ බවයි පසුව ප්‍රකාශ වුනේ. මෙය අවුරුදු 50ක්ම රහසක් ලෙස එංගලන්තය විසින් තබා ගන්නවා.එමනිසා ඇලන් ටියුරින්ට ලැබිය යුතුව තිභූ ගෞරවයද එකල නොලැබෙන අතර එය ලැබෙන්නේ 2013 වර්ෂයේදීයි.ඒවනවිට ටියුරින් මහාචාර්ය වරයා මෙලොව හැරගොස් බොහෝකලක් ගතවී අවසානයි.

- ප්‍රභාත් මධුරංග


කාඩ් කුට්ටමේ ඉතිහාසය - 3 කොටස


පලමු කොටස කියවන්න මෙතනින්
දෙවන කොටස කියවන්න මෙතනින්

කාඩ් කුට්ටම යුරෝපාකරයට සංක්‍රමණය වන්නට ඇත්තේ මීට වසර 650කට පෙරාතුව බව පිලිගැනේ. ඇතැම් ඉතිහාසඥයින් කියන්නේ 12 වන සියවසේදී ඇතිවූ කුරුස යුද්දයෙන් පෙරදිගට පැමිණි යුරෝපීය ජාතිකයින් යුද්දය නිමවා නිවෙස් බලා යද්දි කාඩ් කුට්ටමක්ද රැගෙන ගිය බවයි. ප්‍රංශය , යුරෝපය, ජර්මනිය වැනි රටවල අදත් සංක්‍රමණික දිවි පෙවෙත් ගත කරන ජිප්සි (Gypcy) නම් ගෝත්‍රික ජන සමූහයා පෙරදිග රටවල සංචාරිකව දිවි ගෙවා ආපසු යන අතරතුර මෙය රැගෙන යන්නට ඇතැයි විශ්වාසයකි. අදටත් මෙම ජිප්සි ගෝත්‍රිකයින් කාඩ් කුට්ටම් උපයෝගී කර ගනිමින් නිමිති කියයි.

  14 වන සියවස වන විට මුලු යුරෝපය පුරාම කාඩ් කුට්ටම ව්‍යාප්තව ගිය බව එකල ලියැවුනු පොත පතෙහිද සදහන්. කාඩ් කුට්ටම එකල භාවිතා කලේ ඉතා ධනවත් පුද්ගලයෝය. මන්ද කාඩ් කුට්ටමක් සෑදීමට ඉතා වියදමක් දරන්න වූයෙන් කාඩ් කුට්ටම මිල අධික වූ නිසාය. පසු කලෙක දැවමය අච්චුවක් මගින් රෑ සටහන් මුද්‍රණය කර ඒවා පින්සල් මගින් වර්ණ ගන්වන ලද බවට සාක්ෂි තිබේ.

  මුල් කාලයේදී මෙම කාඩ්පත් සමචතුරස්‍රාකාර මෙන්ම රවුම් කාඩ්පත්ද තිබීය. රවුම් කාඩ්පත් 18 වන සියවසේදී ඉන්දියාවෙන් දොරට වඩින ලදි.  මෙම රවුම් කාඩ්පත්වල ඇද ඇත්තේ විශ්නු දශ අවතාරයන්ය.

  පැරණි යුරෝපීය කාඩ් කුට්ටමක් තරමක් විශාල විය. ඒවා දිගින් අඟල් 6ක්ද පලලින් අඟල් 4ක් ද වූයෙන් ක්‍රීඩා කිරීමේදී කාඩ් පත් ඇඟිලි අතර තබා ගැනීමට අපහසු වීමෙන් අද පවතින ආකාරයට කාඩ් පත් බිහි විය. දිගින් අඟල් තුනහමාරක් හා පලල අඟල් දෙකහමාරක් වනසේ සම්මතයට අනුව කාඩ් කුට්ටම් නිර්මාණය විය. මීට පරිබාහිරව සිහිවටන කාඩ්පත් ( කුඩා) නිර්මාණය විය. ආරම්භයේදී විවිධ කඩදාසි වර්ගවලින් සැකසුණු කාඩ් කුට්ටම් ප්ලාස්ටික් මිශ්‍රව සෑදීම ආරම්භ වූයේ 1934 සිටය.

 කාඩ් කුට්ටම් නිර්මාණයේදී ඇමරිකාව ප්‍රථම ස්තානයත්, එංගලන්තය දෙවන ස්තානයත් ලබා ගනී. එම රටවල්වල නිශ්පාදකයින්ගෙන් වැඩි බද්දක් අය කර ගැනීම සිදුකරන අතර ප්‍රංශයේ කාඩ්පත් නිර්මාණය සිදු කරන්නේ හුදෙක්ම ප්‍රංශ රජයේ තනි අයිතිය යටතේය. නිශ්පාදනයේදී සම්පූර්ණ ආදායම ප්‍රංශ රජයට හිමිවේ.



-මිතිල ප්‍රනාන්දු

Saturday, April 23, 2016

කාඩ් කුට්ටමේ ඉතිහාසය - 2 කොටස

පලමු කොටස කියවන්න මෙතනින්.

කාඩ් කුට්ටමෙහි එකේ සිට දහය දක්වා අංකවලින් යුත් කාඩ්පත් සහ රූ සටහන් සහිත කාඩ්පත් සමඟ ඒකරාශී කරමින් කාඩ් කුට්ටම නිර්මාණය ආරම්භ වී ඇත්තේ චීනයේ, අරාබියේ හෝ ඉන්දියාවේ විය හැක. මෙහි ප්‍රභවය පෙරදිය ආසියා රටක් වන බවට කාඩ් කුට්ටමේ රූ සටහන් හා චිත්‍ර සම්ප්‍රදායන් සාක්ෂි දරයි.

  කාඩ් කුට්ටමෙහි දකින හාරත, රුවිත, කලාබර සහ ස්කෝප්ප යන හතර වංශය නිර්මාණය වූ මුල් යුගයේදී කාඩ් කුට්ටමේ කාඩ් පත් 56 ක් පමණ තිබුණි. ආසියා හෙවත් ඒස් (ACE) කොළයේ සිට දහය දක්වා අංක සහිත කාඩ්පත් දහයකුත් වංශ හතරේ රූප සහිත කාඩ්පත් හතරකුත් බැගින් එක් වර්ගයකින් කාඩ්පත් 14ක් තිබුන නිසා රූප කාඩ්පත් හතරෙහි වූයේ රජු, බිසව, ඇමති හා සේවක වශයෙනි.

  නමුත් අද දක්නට ඇති කාඩ් කුට්ටමෙහි සම්පූර්ණ කාඩ්පත් ප්‍රමාණය 52කි. එහි රූ සටහන් අතරින් ඇමති රූපය ගිලිහී ගොස් රූප තුනකට සීමා වී ඇත. ඒ රජු, බිසව හා සේවක ලෙසටය.

 පෞරාණික ඉන්දීය කාඩ් කුට්ටමෙහි රූ සටහන් දහයක්ම තිබුනි. එම දහය නම් කර ඇත්තේ ඔවුන්ගේ දේව විශ්වාසයන්ට එකඟවනසේ විශ්නු දස අවතාරයන්ටය. එහෙයින් පැහැදිලිව පෙනෙන කරුණක් නම් කාඩ් කුට්ටම ඉන්දියාව තුල ව්‍යාප්ත වී ඇත්තේ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන්ට අනුකූලවය.


  ඊළඟ කොටසින් හමුවෙමු.......
    - මිතිල ප්‍රනාන්දු

Friday, April 22, 2016

ගගී නිසදැස් එකතුව - 1 කොටස

පහත සදහන් නිසඳැස් සියල්ල ගංඟා කුමාරි පෙරේරා විසින් පබඳන ලදි.

අහිමි වන තනතුර
සිතා සිය ,
විසල් අන්තපුරයේ
කරනට අගය රිසිසේ
මැලිවු අගරජ, කියමි මෙලෙසේ..,,
වුවත් නුඹ රජ ,සියළු
පුරයේ
නුඹ රජෙක් නොව,
මිනිසෙක්ම පමණකි
මෙමා හට , මා අසල ඇසුරේ.
~ගගී~

 ඔබ ඔ ලෙස
බලන කළ මා දෙස
නොගෙන ලයෙහී හුස්ම
සිතෙයි මට ලියනට
සොදුරැ පද දහසක්
එකවර...,
සම්මතයෙ සිරවිය
වදන් වැල් ගොළු විය
සිතෙහීම වැළලිය
අමතකම කරලිය.
~ගගී~

තරැ නොමැති අදුරේ
ඉකිලලා මා හෙළු
කදුළු මුතු එකතු කර,
මාලයක් ගොතාලා
සිනහවේ ගෙලේ ලා
හැඩ බැලීමි මා
කාලයේ කැඩපතින්.
~ගගී~

මේ විසල් සාදයේ
මී බදූන් උතුරා හැලේ
රොන් උරා බොන බිගුන්
වර්ණ මල් දස අතේ
නෙත් නුරා කැන් ගලයි
මදුවිතින් මත් මතින්
නුරාවයි සුරාවයි
මවයි උන් දිව්ලොවක්
එවන් වූ තුසිතයේ
එක් රැවක් තනිවෙලා
දෑස් අග කදුළතින්
හාත්පස බල බලා
නොසන්සුන් වූ සිතින්
සොයන්නෙ කාවදෝ!
අහිංසක සින්ඩරෙල්ලා!
~ගගී~

දසුන!

මහ බලැති සිංහයෙකු
වුව,
 සත්වෝද්‍යාන
නළුවෙකු වූ පසු,
ඒ තෙදින් පල කිම?
මුදල් දී නරඹා
සතුටු වනවා හැර!
අහෝ කෙසරිදු,
නුඹ නළුවෙකු වූයේ
නුඹෙ කැමැත්තෙන්මද?
~ගගී~


අ( හිමි)

නන් රස මසවුළු තබා
උනු බත් පිඩක්වත්
හිමි නැති මා,
කුමකටද හඩන්නේ
වීදුරැ පළගානකට!
~ගගී~


ඉටු නොවූ ඉල්ලීම!

ඉල්ලුවේ සුළු දෙයයි,
නොදුන්නෙත් ඒකමයි.
පැරදුනෙත් නෑ තමයි
ඒ වුනත් දුක මටමමයි

මිළ කලේ ඔබ මිතුදමයි
මා ලබා දුන් සෙනෙහසයි!
නොතැකුවත් ලෙස මාව කොයි,
අනේ මා නම් එලෙසමයි!
😊😊😊😊😊😊


ලොවේ මේසා
දුක් විපත් පැමිණෙද්දි,
දුක් අදෝනා ඇසෙද්දී
නෑසු කන්ව,
සුවසේ සැපසේ
රන් පිරැවට හැද,
දේවාලයේ වැඩ හිදින,
තිස්තුන් කෝටියක්වූ
මහානුභාව දෙවියන්,
පිළිසරණක් යැද,
මා තැබූ තඹ කාසියට,
සොච්චම් පළතුරැ වට්ටියට,
බැළුම්ලා, ඇළුම් කර,
සවන් දේවිද?
සරණ වේවිද?
~ගගී~


ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...