Saturday, July 30, 2016

ජනපති ලින්කන් තම පුතුගේ පාසල් ගුරුතුමියට ලිවූ ලිපිය

සැවොම අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක් බැවින් මෙය මෙසේ පලකරන ලදි.

ආදරණීය පාසල් ගුරුතුමිය වෙත,

"අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක්‌ යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලා ගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සළකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, උපාය, කුමන්ත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගත කිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි."

"ඉතිං දයාබර ගුරුතුමියනි, මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගත යුතු දේ ඔහුට උගන්වන්න. සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න."

"දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයන් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය සාදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. පොත් වල සුන්දරත්වය හා විශ්වයෙහි සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්‌සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් පිපී ගී ගයන මල් පොහොට්‌ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න."

"රැවට්‌ටීම, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබීම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස්‌ ගැනම දැඩි ලෙස විශ්වාසය තැබීමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවැරදි නම් එම මතය විශ්වාසය තැබීමට උගන්වන්න."

"අනෙක්‌ මිනිසුන්ට දයාව කරුණාව දැක්‌වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැළකීමට ද උගන්වන්න. මගේ දරුවා පිරිසක්‌ පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යැමට උගන්වන්න. සියලු මිනිසුන්ට සවන් දීමට ඔහුට උගන්වන්න. තෝරා බේරා ගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහු දුකින් සිටින විට ඔහුට සිනාසීමට උගන්වන්න, නෙත කඳුළු වල ලැජ්ජාව නොමැති බව උගන්වන්න."

"තමා උගත් දැනුම් සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කළ ද, තම හදවත හා ආත්මය උගස්‌ නොකිරීමට උගන්වන්න. තමාට මිලක්‌ නියම කර නොගැනීමට උගන්වන්න, මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නො ඇසෙන ලෙස සිටීමට උගන්වන්න, තම මතය නිවැරැදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කථා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරා ගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සළකන්න."

"ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණ ජයග්‍රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබා දෙන්න."

"ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබා දෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබා දෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇතිවිය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක්‌ ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන් ද විශ්වාස කරනු ඇත."

"මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලා ගන්න. උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න."

මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.
ඒ මගේ පුතාය.
මෙයට
ලින්කන්


3 comments:

  1. අනිවාර්යයෙන්ම හැමෝම කියවන්න ඕනෙ ලිපියක්.

    ReplyDelete
  2. මටත් මගේ දුව මතක් උනා...

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...