Tuesday, July 19, 2016

සිර්යබ් (Ziryab) - සමාජය් වෙනස් කල වහලා


 සිර්යබ් ( ක්‍රි.ව. 789 සිට ක්‍රි.ව. 857 ) යනු පර්සියන් ජාතික සංගීතඥයෙක්, භූගෝල විද්‍යාඥයෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියෙක් සහ පෙරදී වහලෙක්. මොහුගේ නිමැවුම් අදටත් පැවතුනත් බොහෝ දෙනා සිර්යබ් ගැන අසා නැහැ. ආහාර ගැනීමේදී භාවිතා වන three course meal හි නිර්මාපකයා මොහුයි ( soup , main course, pudding ). අතීතයේදී භාවිතා වුනේ ලෝහ වලින් සාදන ලද කෝප්ප වලින් පානය කිරීමය. ක්‍රිස්ටල් වලින් සාදන ලද කෝප්ප වලින් පානය කිරීම ඇරඹුවේ මොහුයි.



   ඔහු එකල සමාජයට නව එළවළු වර්ග මෙන්ම සංගීතයට විවිධ රසමුසු තැන්ද එක් කලේය. ඔහුගේ දරුවන් සියල්ල සංගීතඥයන්ගේ වූ අතර ඔවුන් යුරෝපයේ සිර්යබ්ගේ සංගීතය ප්‍රචලිත කලේය. විටෙක ඔහු පුරාතන බාක් ( bach) යනුවෙන් හැදින්වීමට වුවද පුලුවන්.


 ඔහු කොණ්ඩය කොටට කැපීමටද රැවුල බෑමද ප්‍රචලිත කලේය. ඔහු විවිධ සෘතුවලදී විවිධවූ ඇඳුම් ඇන්දේය. ඔහු විවිධ රසයෙන් යුත් දන්තාලේප නිපදවූයේය. එමෙන්ම එකල සමාජයේ දිනකට දෙවරක් නෑම ප්‍රචලිත කලෙත් මොහු විසින්මය. වර්තමාන ජනයාගේ මතකයෙන් සිර්යබ් දුරස් වී සිටියද ඔහුගේ නිර්මාණ කිසිදා දුරස් නොවනු ඇත.

- මිතිල ප්‍රනාන්දු


6 comments:

  1. මේ සැඟවුන දැනුම ලබාදීම වෙනුවෙන් ස්තුතියි මිථිල. මේ වගේම සියලු වරප්‍රසාද අහිමි කරමින් පාගා දැමූ වහල් පන්තියක දරුවකු අනන්ත අප්‍රමාණ බාධක හමුවේ දුක් ගැහැට විඳගනිමින් ඉගෙනුම ලබමින් පඬිවරයකු බවට පත්වුන කෙනෙකු පෙරදිගින්ද හමුවෙනවා. පසුව මහා කවි කාලිදාස යනුවෙන් හඳුනාගන ඇති ඓතිහාසික චරිතය ගැනත් ඉදිරියේ දී ලියන ලෙසත මිථිලගෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.කාලිදාසයන් ගැනත් ඉදිරියේදී ලියන්නම්... උපමා කතා වල රජු ලෙස සැලකෙන ඊසොප් ද වහලෙක්ව සිටියා..

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...