Saturday, October 1, 2016

හස්ති වලප - 3 කොටස

පලමු කොටස කියවන්න මෙතනින්

දෙවන කොටස කියවන්න මෙතනින්


 ඈත අතිතයේදී සිංහල ප්‍රභූවරු ගජමුතු විවිධ ආභරණ සදහා උපයෝගී කරගන්නා ලදි. මෙම ගජමුතු ආභරණ සදහා භාවිතය ලාංකිකයන්ට දායාද කලේ ඉංග්‍රීසීන් විසිනි. ලංකාවේ ඉහල පෙළේ ප්‍රභූවරයෙක් වූ සොලමන් ක්‍රිස්ටෝෆල් ඔබේසේකර මහමුදලි තුමා ගජමුතු අමුණන ලද හිස්වැසුමක් භාවිතා කරන ලදි. මොහු කිතුණුවෙකි. එනමුත් මොහු සිංහල සංස්කෘතියට තදින්ම ගරු කලේ ය. 1900 සිට 1911 දක්වා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සිංහල ජාතිය සදහ වූ අසුන නියෝජනය කලේ මොහුය. මොහු අලි ඇතුන් සහභාගිවන උත්සව වලට් සහභාගි වූයේ ගජමුතු හිස්වැසුම පැලදගෙන යි. එවිට අලි ඇතුන් ඔහු පසුකර යන විට හොඬවැල උස්සා ආචාර කල බව පැවසේ.

සර් සොලමන් ක්‍රිස්ටෝෆල් ඔබේසේකර මහ මුදලි තුමා


  එකල ලංකාවේ මෙන්ම ලෝකයේ ඉහළ කීර්තියක් ලබා සිටි ප්‍රකට ගත්කතුවරයෙක් වූ ලෙනාඩ් වුල්ෆ් මහතාට මෙම ගජමුතු හිස්වැසුම කෙරේ සිත ගියේය. එමනිසා මෙම ගජමුතු හිස්වැසුම මුදලිතුමා ඔහුට පරිත්‍යාග කලේ ය. එදා අධික මිලැති හිස්වැසුම ලෙනාඩ් වුල්ෆ්ට ප්‍රධානය කලේ මන්දැයි යමෙක් මුදලිතුමාගෙන් ඇසුවේය. එවිට මුදලිතුමාගේ පිලිතුර වූයේ " ගජමුතුවලට වඩා මිතුරුකම වටිනවා " යන්නයි.

ලෙනාඩ් වුල්ෆ් මහතා

කලින් ලිපියක කිව්වා වගේ අලි ඇතුන් බෙදෙන වර්ග දහයේ විස්තර තමා මේ කියන්න යන්නෙ.

කලාවක 

මෙයාලගේ ඇස් ඉතාම අඳුරු පැහැතියි . ඒ වගේම පාද කොටයි . සම තද කළු පාටයි . වලිගය වක් වෙලා පිහිටනවා . ඒ වගේම කකුලේ නිය පොතුත් හොඳට වක් වෙලා පිහිටනවා .

ගංගෙයිය

විශාල හිසක් තියෙනවා මෙයාලට . ඒ වගේම මෙයාලගේ කකුල් හොඩවැල වලිගය තරමක් දිගයි . නියපොතු විශාලයි . ඒ වගේම කකුල් වල යටිපතුල් පළල වැඩි ස්වභාවයක් ගන්නවා .

පයාධර

දිගටි විශාල හිසක් පිහිටනවා මෙයාලට . හොඩය පටන්ගන්න හරිය තරමක් පළලින් වැඩියි . නියපොතු තද කහ පාටක් ගන්නවා . ඒ වගේම මෙයාලගේ සම අළු පාටට හුරු කළු පාටක් වෙනවා .
තම්බ

මෙයාලගේ ඔලුව වැඩිය ලොකු නෑ . ඒ වගේම හොඩය කොටයි පටුයි . කකුල් සිහින් වෙනවා . කන්දෙක ලොකුවට පිහිටනවා . ඒ වගේම ශරීරය තඹ පාටට හුරු කළු පාටක් ගන්නවා මෙයාලගේ .

පිංගල

ලොකු හිසක් තියෙනවා මෙයාලට . හොඩය පටන්ගන්න තැන ගොඩක් විශාලයි . දිගත් නැති කොටත් නැති කකුල් තියෙනවා . ඒ වගේම දිගටි ඇස් දෙකක් මෙයාලට හිමි වෙනවා . 

ගන්ධ

හිස , හොඩය . කකුල් කුඩාවට පිහිටනවා මෙයාලගේ .ඇඟ තද කළු පාටයි වගේම හම තරමක් වැඩිපුර ගොරෝසු වෙනවා .වලිගය නැමිලා නැත්නම් දඟර ගැහිලා තියෙන්න පුළුවන් . ඒ වගේම ඇඟේ ගොඩක් රෝම පිහිටනවා මෙයාලගේ .

මංගල 

හිස හොඩය දල දෙක පාද හතර සහ කන් දෙක විශාලව පිහිටනවා . යටිපතුල වෙන අයට වඩා පළල වෙනවා . ඒ වගේම මහතින් වැඩි ශරීරයක් සහ බිම ගෑවෙන වලිගයක් මේ අයට ලැබෙනවා .

හේමන්ත

තරමක් ඉදිරියට නැවුන ශක්තිමත් හිසක් තියෙනවා මෙයාලට . දිගටි ඇස් වගේම මධ්‍යම ප්‍රමාණයේ හොඩයක් තියෙනවා .ඇඟ සහ කකුල් විශාලයි වගේම මහතයි . වලිගය නැවිලා තියෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . නියපොතු රතු පාටට හුරු වෙනවා .

උපෝසථ  

හිස , කන්දෙක , ශරීරය මධ්‍යම ප්‍රමාණයේ පිහිටනවා . ඒවගේම දිගටි පාද හතරකන් යුක්ත වෙනවා . නියපොතු කහ පාටයි . හොඩය ලිංගය වලිගය කියන තුන බිම ස්පර්ෂ වෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා .

සද්දන්ත

ශරීරය ඉතාම මහතයි . ඒ වගේම ඇස් දිගටියි . කකුල් හතරත් දිගින් වැඩියි . ඇස් දෙක රන් වන් පාටයි . ඒවගේම ශරීරයත් දීප්තිමත් පැහැයක් ගන්නවා . හොඩය , ලිංගය වලිගය කියන තුනම බිම ස්පර්ශ වෙනවා . 

තවත් තොරතුරු සමඟ ඊළඟ කොටහින් හමුවෙමු. ඔබලාගේ අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි. 

මූලාශ්‍ර :

*අරුණ රණවක, හසිත චාමිකර ගුණසිංහ, ශෂිකලන රත්වත්ත, රොෂාන් බෝපිටිය යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු.

*අලි ඇතුන්ගේ ඉතිහාසය ග්‍රන්ථය - මිරැන්ඩෝ ඔබේසේකර

*මව්බිම, ලංකාදීප, සිළුමිණ, ලක්බිම, විජය යන පුවත්පත්වලපලවූ ලිපි.

*නඩෙ ගුරා සංසදයේ පලවූ ලිපි.

*වයලගෙ කාමරේ බ්ලොග් අඩවියේ පලවූ ලිපි.

*පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

*වනජීවී දෙපාර්තුමේන්තුව

*කෝකිල සංදේශය, මයුර සංදේශය


13 comments:

  1. අර ලස්සන බ්ලොග් ටෙම්ප්ලෙට් එකට මොකදවුනේ?

    ReplyDelete
    Replies
    1. පොප් අප් ඇඩ්ස් මම දන්නෙත් නැතිව ඇවිල්ලා... මොනා කරන්නද ඒක අයින් කරන්න උනා... කම්පියුටර් එකෙන් ලොග් උනාම ගොඩක් අය ඒ ඇඩ් දැක්කම ආපහු හැරිලා යනවා...

      Delete
  2. ගැජට් ටික දාන්න මිතිල... ඒවායින් ගැටලුවක් එන්නේ නැහැ නේ. බේසික් ටික දාන්න මේකට...

    ReplyDelete
  3. හැමදාමත් කියනවා වගේ අපූරු ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කියෙව්වට ... ඔබට ජය වේවා!!!

      Delete
  4. හරි කැමතියි මේ ලිපි පෙලට. දුකත් හිතෙනවා ගජමුතු තොප්පි ගැන ඇහුවම. එකක් අපේ රටේ තිබිය යුතු සම්පත්. අනික ඒවා ගත්තේ කොහොමද කියන එක. වර්ග ගැන එහෙන් මෙහෙන් අහල තිබුනට මේ විදියට එක තැනක දැක නැහැ. ගොඩක් හොඳ ලිපි පෙළක් දරුවෝ

    ReplyDelete
    Replies
    1. මිලියන ගනනක් වටිනා හිස්වැස්මක්... මේ ගජමුතු ගන්න ඇතුන් කී දෙනෙක් දිවි දෙන්න ඇත්ද? හැම ඇතාගෙම දළ වල ගජ මුතු නෑනේ...

      Delete
  5. බොහොම දුර්ලභ තොරතුරු සොයමින ඔබ ගන්නා මහන්සිය ඉතාම වටිනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ... ඔබලාගේ අදහස් ලොකු ශක්තියක්...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...