Thursday, December 29, 2016

සංචාරක සටහන් - 1

 සංචාරක සටහන් නම් මෙම ලිපි මාලාවේ අරමුණ නම් මා ආ ගිය විශේෂ ස්ථානවල තොරතුරු ඔබ හමුවේ තැබීමයි. වාර්ෂිකව දෙසැම්බර් මාසයේ මඩු දේවස්ථානය වෙත යාම අප පවුලේ සියලු දෙනා චාරිත්‍රයක් කොට ගත් දෙයකි. එමනිසා දෙසැම්බර් 26 දින පලමුව තලවිල ශු. ආනා මුනිෂ්වරියගේ දේවස්ථානයටත් ඉන්පසු මඩු දේවස්ථානයටත් යෑම ආරම්භ කලේ ය. එයින් අප පිටත්ව එනවිට අනුරාධපුරයේ ඓතිහාසික ස්ථාන රැසක්ද නැරඹුවේ ය. එයින් එක් ස්ථානයකි තන්තිරිමලේ ඓතිහාසික පුදබිම. මේ ඒ ගැනයි.

අනුරාධපුර සිට විලච්චිය දක්වා යන මාර්ගයේ 14km පමණ දුරින් ගමන් කර තන්තිරිමලේට හැරෙන හංදියෙන් දකුණු අතට හැරී එම පාර දිගේ 12km පමණ ගිය විට මෙම ස්ථානය හමුවේ. අතීතයේ මෙම ස්ථානය "තිවක්ක බමුණුගම" නමින් හඳුන්වා ඇත. මෙම ස්ථානය පූජනීයත්වයට පත්වීමට බලපෑ හේතුවක් වූයේ දඹකොළපටුනේ සිට ශ්‍රී මහා බෝධිය අනුරාධපුරය දක්වා වැඩම කරවන අතරතුර එම පිරිස මඳක් මෙම ස්ථානයේ නැවතී සිට ආ බැවිනි.


 දැනටමත් මෙහි අෂ්ඨඵල බෝධියක් රෝපණය කර ඇත. මෙහි අලංකාර චෛත්‍යයකි. අඩක් නිම කරන ලද ගලින් නෙළූ පිළිම රාශියකි.

 ඒ අතර සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්ද, හිඳි පිළිම කිහිපයක්ම දැකිය හැකිය. මෙහි දක්නට ඇති බෝධිවෘක්ෂය පිහිටා ඇති ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 282කි. ගල්තලාව මත මෙම බෝධීන්වහන්සේ පිහිටා ඇත.




 බෝධියට පහළින් දකුණු පැත්තේ ගල් කුළෙහි කුඩා ගුහාවක් තුල සමාධි බුදු පිළිමයක් නෙළා ඇත. බෝධියට උතුරු පැත්තේ බෑවුමේ ගලින් නෙළන ලද සැතපෙන බුදු පිළිමය දක්නට ලැබේ. අඩි 45ක් දිග මෙම ප්‍රථිමාව මෙම ස්ථානයේ සුවිශේෂී නිර්මාණයකි.


 තන්තිරිමලේ විහාර භූමියට එපිටින් කැලය තුලට ගමන් කරන විට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ලෙන් දැකිය හැකිය. ගල්ලෙන්වල විසූ ආදි මානවයන් තම වාසස්ථානවල සිතුවම් නිර්මාණය කිරීමට පෙළඹී ඇත. ලංකාව පුරා ව්‍යාප්තව ඇති ලෙන්වලින් ස්ථාන කිහිපයක මෙම ප්‍රාථමික සිතුවම් දක්නට ලැබේ. මෙම සිතුවම් හා සංකේත පිළිඹදව පළවී ඇති විද්වත් මත අනුව ගල්ලෙන් වාසීන්  ඇසූ දුටු දේ යම් ආකාරයකින් ඉදිරිපත් කිරීමට ඔවුන් තුල තිබූ ආශාව, ස්වභාවික ලෝකයේ සතුන් හා ගහකොළ ආදිය දැකීම නිසා හටගත් උද්දාමය , තම වාසස්ථාන අලංකාර කර ගැනීමට තිබූ කැමැත්ත, කාලය විනෝදයෙන් ගත කිරීමට තිබූ අවශ්‍යතාව, ආහාර සපයා ගැනීම සදහ දඩයම් අරගලය හා බැඳුනු ගුප්ත අදහස් දැක්වීම සහ තමන් අවට විසූ සත්වයින් දඩයම් කර ගැනීමේ කැමැත්ත යනාදිය මෙම සිතුවම්කරනය සදහා බලපා ඇත.

රූපාක්ෂර ( පිංතූරය ලබාදුන් නිම්මි රණවීර සොයුරියට බොහොම ස්තූතියි.)

  ප්‍රාථමික ලෙන් සිතුවම්වලින් වැඩියෙන්ම නිරූපණය වන්නේ මානව රෑප හා සත්ව රූපයි. එනම් ඔවුන්ගේ කිට්ටුම හිතවතා හා තම ජීවන අරගලය සදහා වූ දඩයම් හා සම්බන්ධ සත්වයි ය. මෙම සිතුවම් නිර්මාණය සදහා සතුන්ගේ ලේ, ශාක පත්‍ර යුෂ , අලු , වර්ණ පාෂාණ ආදිය භාවිතා කර ඇත.

 කෙසේ වුවද ප්‍රාථමික ලෙන් සිතුවම් මගින් එකල විසූ මානවයාගේ අපූර්ව නිර්මාණ ශක්තිය පිළිබිඹු වන බව පැහැදිලිය. එසේම ඔවුන් එදිනෙදා දුටු දේ තමන්ට රිසි පරිදි මෙන්ම තාත්විකව ඉදිරිපත් කිරීමේ ලක්ෂණ  ලෙන් සිතුවම්වලින් පෙනෙන අතර ආදී මානවීය ඇදහීම් හා විශ්වාස ද ඊට පසුබිම් වූ බව සරලව අවබෝධ කරගත හැකිය.

ඡායාරූප එකතුව :



ප්‍රධාන සංඝාරාම ගොඩනැගිල්ල : සක්ක ගලින් නිමවන ලද පාදම පමණක් ශේෂ වී ඇති ගොඩනැගිල්ල ප්‍රධාන සංඝාරාම වශයෙන් විශ්වාස කෙරේ. ගොඩනැගිල්ල මැද ගලින් කරවන ලද
පොකුණක් වැනි ඉදිකිරීමකි. එහි උපයෝගීතාවය හදුනාගෙන ඇත. (කාලය ක්‍රි.ව. 8-9 වන සියවස)












තන්තිරිමලේ කෞතුකාගාරයේ ඡායාරූප ගැනීම සපුරා තහනම් ය. එනමුත් විශේෂ අවසරයකින් මම පහත ඡයාරූප ලබා ගත්තෙමි.












තන්තිරිමලේ ලෙන් වල පහත ඡායාරූප ලබාදුන් හසිත චාමිකර ගුණසිංහ සහෝදරයාට බොහොම ස්තූතියි .
















මූලාශ්‍ර :

තන්තිරිමලේ කෞතුකාගාරය තුල පැවති බිත්ති පුවත්පත් ඇසුරෙන්

කෞතුකාගාරයෙන් ලද තන්තිරිමලේ ගැන විස්තර පත්‍රිකා

20 comments:

  1. මමත් බිරින්දෑ සමග තන්තිරිමලේ ගියා දැනට අවුරුදු කීපෙකට ඉස්සර, හරියටම කිව්වොත් 2014.02.25 වෙනිදා...
    ඒ මතකය අලුත් උනා මේ පෝස්ටුව නිසා...

    ReplyDelete
  2. අපූරුයි මිථිල මල්ලී. අර ඡායාරූප එකතුවේ දෙවෙනි පින්තූරෙට යටින් තියෙන වැකියේ " සක්ක ගලින් නිමවන ලද පාලම " කියන තැන පාලම වචනය හරිද ? ඒක පාදම වෙන්න බැරිද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක පාදම කියලා තමා එන්න ඕනෙ... මම ඒක හැදුවා... ඒක පෙන්නුවට ස්තූතියි අයියේ... ෆෝන් කට්ටෙ auto correct එක ඔන් වෙලා තිබුනෙ... මම ලියන එක නෙමේ වෙලාවකට වැටෙන්නේ... ඔබටත් ජය!!!

      Delete
    2. ඔව්. ඒත් මිථිල මල්ලිගේ මේ ලිපි වටින හින්දම ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.

      ජයවේවා!!!

      Delete
  3. පෝස්ට් එක එඩිට් කරා... ලෙන් වල පින්තූර කිහිපයක් ඇතුලත් කරා...

    ReplyDelete
  4. මට තාම තන්තිරිමලේ යන්න බැරිවුනා. මේ පොස්ට් එකෙන් විස්තර පොටෝ බලාගත්තානේ. දැන් ඉතිං යන දවසකට මේ විස්තර ගොඩාක් වැදගත්වේවි. ස්තුතියි මිතිල මල්ලි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් යන්න... බලන්න ගොඩක් දේවල් තියෙනවා...

      Delete
  5. වැරි ගුඩ්...වැල් ඩන්!!!!!

    ReplyDelete
  6. This is a wonderful virtual tour to "Thanthirimale".

    Thanks Mithila malli ..! Keep it up!

    ReplyDelete
  7. නියමයි ඈ.සමහර විට යනවට යනවා විතරනේ.මෙහෙම විස්තරයක් වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔව්... ගොඩක් අය ගොඩක් දේවල් දැකලා ,ගිහිල්ලා තිබ්බට ඒ දැක්කේ මොනාද කියලවත් හරියට දන්නෑ... විස්තරයක් දැනගෙන යන එක වටිනවා...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...