Tuesday, December 20, 2016

රෑ සපුව රැක ගැනීමට ලේ පානය කල එලිසබෙත්


 කාන්තාවන් සාමාන්‍යයෙන් තමන්ගේ රූමත් බව ගැන පිරිමින්ට වඩා වැඩියෙන් සිතයි. ඒ සදහා ඔවුන් නානාප්‍රකාර දෑ සිදු කරයි. 1561 හංගේරියාවේ උපන් එලිසබෙත් බැතොරි ද එවැනිම අයෙකි. මැයට අතිශයින්ම අලංකාර රෑ සපුවක් තිබුණි. එලිසබෙත් තමන්ගේ මෙම රූ සපුව ජීවිතකාලය පුරාවටම තබාගැනීමට තැත් කලාය. පුදුමයට කරුණ නම් මැය ඒ වෙනුවෙන් මිනිස් ජීවිත අති විශාල ප්‍රමාණයක් බිල්ලට දීමයි. මේ ඇයගේ කතාවයි.


 එලිසබෙත් විවාහ වූයේ වයස අවුරුදු 15 දීය. ඒ උසස් රාජ්‍ය නිළදාරියෙක් සමඟය. මේ හේතුවෙන් ඇයට බොහෝ දෙනාගේ ගෞරවය හා රජ මාලිගයේ වාසය කිරීමටද අවස්ථාව හිමි විය. 1604 දී එලිසබෙත්ගේ ස්වාමිපුර්ෂයා අවාසනාවන්ත ලෙස මිය ගියේ ය. මේ වන විට එලිසබෙත්ගේ වයස අවුරුදු 43කි. වැන්දඹුවක් ලෙස එලිසබෙත් නැවත විවාහයක් ගැන ආසාවෙන් සිටියාය.

 වයස අවුරුදු 43ක් වූ නිසා මැයගේ මුහුණ, අත්, පා රැලි වැටීමට පටන් ගත්තාය. මේ හේතුවෙන් එලිසබෙත් බොහෝ කනස්සල්ලට පත් විය. දිනක් එලිසබෙත් මාලිගාවේ සක්මන් කරමින් සිටියාය. ඒ අතරතුර මාලිගාවේ සේවිකාවක් ඇයගේ ඇඟේ ගැටුනාය. මෙයින් කෝපයට පත් එලිසබෙත් සේවිකාවට වැරෙන් පහර දුනි. සේවිකාවගේ නහයෙන් පිටවුනු ලේ එලිසබෙත්ගේ අතේ තැවරිණි. එසේ ලේ තැවරුණු විට තමන්ගේ අතේ රැලි ගැසී තිබීම පහව ගියාක් මෙන් ඇයට දැනෙන්නට වූවාය. ඈ මේ පිලිබඳව බොහෝ සතුටට පත්වී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන පුද්ගලයින් හමුවීමට ගියාය.


 එලිසබෙත් සමාජ චාරිත්‍ර වාරිත්‍ර ඉගැන්වීම මුල් කරගෙන අවිවාහක තරුණ කාන්තාවන් මාලිගයට ගෙන්වා ගත්තාය. 1604 දෙසැම්බර් මාසයේ දිනක් මෙසේ සිදුවිය. එලිසබෙත් පොලොව යට අදුරු කාමරයකට ගොස් පැය දෙකකට පමණ පසු උඩු මහලට නිරුවත් සිරුරින් පැමිණියා ය. ඇය උඩට පැමිණෙන විට මුලු සිරුර පුරාවටම මඩ වන් දෙයකින් නැහැවී තිබුණි. මේ සියල්ල සේවිකාවක් වූ වෙරෝනිකා දුටුවාය. මේ පිලිබඳ සැක කල වෙරෝනිකා එලිසබෙත්ගේ සිරුරේ තැවරී තිබූ මඩ වන් දෙය ස්වල්පයක් ඇඟිල්ලට ගෙන ආලෝකයට අල්ලා බැලුවාය. පුදුමයෙන් පුදුමයට පත් වූ ඇය ඒ ලේ බව පසක් කර ගත්තා ය. එලිසබෙත්ගේ පොලොව යට අදුරු කාමරයේ සිදුවන ක්‍රියාදාමය වෙරෝනිකාට සොයා ගැනීමට මාස හතරක කාලයක් ගත විය. එලිසබෙත් විසින් මිනිසුන්ගේ ලේ බී , ලේ වලින් පිරුණු බේසමක නානවා ඇය දුටුවේ ය. මාලිගාවේ සිටීම වඩා භයානක බව පසක් කරගත් වෙරෝනිකා තම සැමියා සමඟ හංගේරියාවෙන් පිටත් විය.

 1609 වසරේදී හංගේරියාවේ කපාතියන් කඳුකරයේ සේජි මාළිගාවේ තාප්පය අසල තරුණ කාන්තා මළසිරුරු හතරක් සම්බවුණි. ඒ සිරුරු සියල්ලේම ලේ තිබුනේ නැත. මෙම කාන්තාවන් හතර දෙනාම එලිසබෙත්ගේ පන්ති වලට පැමිණි අය බව පසුව සොයා ගන්නා ලදි.

 මෙයින් කෝපයට පත් රට වැසියන් හංගේරියාවේ දෙවන මෙතියස් රජ මාලිගය ඉදිරිපිට රැස්ව රජතුමාට මේ ගැන කන්නලව් කිරීමට පටන් ගත්තේ ය. එමනිසා රජතුමා මේ ගැන පරීක්ෂණයක් වහා ක්‍රියාත්මක කරන ලෙස අණ කලේ ය. එයින් අනාවරණය වූයේ එලිසබෙත්ගේ පොලොව යට අදුරු කාමරයේ තවත් තරුණ කාන්තා මළසිරුරු දහඅටක් තිබෙන බවයි. මේ කාන්තාවන් සියල්ල මියැදී තිබෙන්නේ අධික රුධිර වහනයෙන් බවද අනාවරණය කරගන්නා ලදි.


 තම පන්ති වලට පැමිණෙන තරුණ කාන්තාවන්ගෙන් කෙනෙක් රාත්‍රියේ මේ අදුරු කාමරයට ගෙන්වා නිරුවත් කොට හිස පහලට වැටෙන සේ එල්ලා සෙබළෙක් ලවා පහර දී ඔවුන්ගෙන පිටවෙන ලේ බේසමකට රැස් කරගන්නා බව අනාවරණය විය. එමෙන්ම එවිට එලිසබෙත් එම ලේ බේසම තුලට බැස කෝප්පයකට ලේ අරගෙන එම ලේ බිව් බවද අනාවරණය විය. මෙසේ මරණය ලඟා කරගත් කාන්තාවන් ගණන 650 ද ඉක්මවිය.

 ජීවිතාන්තය තෙක් සිරගත වීම එලිසබෙත් බැතොරිට හිමි විය. ඇයගේ සිර කුටිය වූයේ පෙර කී පොලොව යට අඳුරු කාමරයයි. 1614 අගෝස්තු 21 වන දින එලිසබෙත් බැතොරි බොහෝ දුක්විද මිය ගියේ ය.

මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය
            bathory.org

22 comments:

  1. ලස්සන ගැණු හරි භයානකයිනේ.

    ReplyDelete
  2. පෙර නො ඇසූ කතාවක්...
    ස්තුතී මේ කතාව බෙදා ගත්තට මිතිල..

    ReplyDelete
  3. ඔව්. හැමදාමත් වගේ අපූරු ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  4. අම්මෝ බං හයසිය පනහක්

    ReplyDelete
  5. Elizabeth Bathory 2014 පිලිම් එකකුත් ආව

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක හොය හොය හිටියේ... ස්තූතියි ....

      Delete
    2. ඊට කලින් පිලිම් එකක් ආව 2008 Bathory කියල.ඇනා ‍ෆ්‍රීයෙල් හිටිය. මම ඒකට ආසයි.

      Delete
  6. සීරියල් කිලර් කෙනෙකුටත් අන්ත ගෑනියෙක්නේ...

    ReplyDelete
    Replies
    1. ගෑනු කොහොමත් භයානකයිනේ... :D මෙයා ඊට එහා...

      Delete
  7. හංගේරියාව,,රුමේනියාව ,, ට්‍රාන්ස්ේනියාව පැත්තෙ ඉන්න අයට පොඩි ලූස් එකක් තියෙනව .. ඩ්‍රැකියුලාගෙ නෑදෑයෙක් වෙන්නත් පුළුවන්

    ReplyDelete
  8. මිනිස් ජීවිත හයසිය ගානක් හිතාගන්නවත් බෑ

    ReplyDelete
  9. මම මේ කතාව අහල තියනවා. මෙච්චර ගානක් මැරුවාද කියල නම මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. හයසිය පනහකට අධික ප්‍රමාණයක් මරලා තියෙනවා... මේක නිසා මෙයාගෙ නමට ගිනස් ලෝක වාර්ථාවකුත් තියෙනවා...

      Delete
  10. හම්මේ 650ක් කජු ඇටද කොස් ඇටද බන් මෙව්වා..

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...