Sunday, July 16, 2017

සනාථන දහම - 2 කොටස [සංවර්ධනය හා සාහිත්‍ය - මහා භාරතය]

 ප්‍රධාන වීර කාව්‍යයන් දෙක වූ රාමායණය හා මහාභාරතය මුලදී ආගමික කෘතීන් අතරෙහි නොවීය. එනමුත් වැඩි කල් යන්නට පෙර ආගමික ධර්මයන් අඩංගු පාඨ මහා භාරතයට ඇතුළු විය. මහා භාරතය බ්‍රාහ්මණ සංස්කාරකයන්ගේ පරම්පරාවක් විසින් කාලයක් තිස්සේ සකසන ලදි. බමුණන් විසින් මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය මතුපිටින් පෙනෙන ස්වභාවය වෙනස් කර ආගමික, සදාචාරාත්මක හා රාජ්‍ය පාලන කාරණා ඇතුලත් කොටස් එකතු කරන ලදි.

 මහා භාරතයෙහි අක්ෂර 32 බැගින් යුක්ත ගාථා 90000කට වඩා ඇතුලත් වේ. එමනිසා ලෝක සාහිත්‍යයේ දිගම කාව්‍ය ග්‍රන්ථය ලෙසද මෙය හැදින්විය හැකිය. මෙහි මුල් කර්තෘ ව්‍යාස නම් ඍෂිවරය බවද ඔහු එය වෛශම්පායන නම් තම ශිෂ්‍යාට ඉගැන්වූ බව ජනශ්‍රැති වල සදහන් වේ. [කෙසේ නමුත් මෙය කලක් තිස්සේ සම්පාදනය වූවක් බව සලකන්න] වෛශම්පායන මෙය පලමු වරට සභාවක ගැයුවේ කථාවේ වීරයෙකු වන අර්ජුනගේ මී මුණුපුරු ජනමේජය රජු විසින් පවත්වන ලද මහා යාගයකදී යැයිද ජනප්‍රවාද පවතියි. මෙම ග්‍රන්ථයේ අඩංගු කතාව සංක්ෂිප්තව පහත ලියා තිබේ.

   මෙම කතාවේ අගනුවර හස්තිනා පුරය වන අතර සිංහාසනය ධෘතරාෂ්ටට පැවරුණි. එහෙත් ඔහු අන්ධයෙකි. එකල පැවති චාරිත්‍ර හේතුවෙන් ඔහු පාලනයට නුසුදුසු පුද්ගලයෙක් යැයි සැලකූ බැවින් ඔහුගේ බාල සහෝදරයා වූ පාණ්ඩු රජ විය. කලක් ගතවෙත්ම ශාපයක් නිසාවෙන් පාණ්ඩු නැවතත් රාජ්‍ය ධෘතරාෂ්ටට බාර දී තම භාර්යාවන් සමඟ තපස් වෙසින් හිමාලයට ගියේය. පාණ්ඩුගේ පුත්‍රයන්ගේ නම් යුධීෂ්ඨිර, භීම, අර්ජුන , නකුල හා සහදේව වූ අතර පාණ්ඩු මියයන විට මොවුන් කුඩා දරුවන්ය. මේ හේතුවෙන් ධෘතරාෂ්ටගේ පුත්‍රයන් සියදෙනා සමඟ මොවුන්ට අධ්‍යාපනය ලබා දීම උදෙසා මොවුන් නැවත හස්තිනා පුරයට පැමිණෙන ලදි.

 මොවුන් වයසින් වැඩුනු කල්හි යුධීෂ්ඨිර ඔටුන්න හිමි කුමාරයා ලෙස නම් කරන ලදි. හේ පාණ්ඩුගේ පුත්‍රයෙකි. අන්ධභාවය නිසා ධෘතරාෂ්ටට නීති ප්‍රකාරව සිංහාසනයේ උරුමය අයිති නැති විය. එහෙත් දුර්යෝධන ප්‍රධාන වූ ධෘතරාෂ්ටගේ දරුවන්, පාණ්ඩුගේ පුත්‍රයෙක්ට ඔටුන්න හිමි වූවාට කැමැත්තක් දැක්වූයේ නැත. එමනිසා ඔවුන් නිරන්තරයෙන් කුමන්ත්‍රණ කරන්නට විය.

 තම ජීවිතය නැති කිරීමට උත්සහ ගත් අවස්ථා සුන් කල මේ පාණ්ඩුගේ දරුවන් පස් දෙනා රට හැර දමා ජීවනෝපාය ලෙස යුධ භටයන් සේ රාජ සභාවෙන් රාජ සභාවට ගියේය. පංචාල රජුගේ රාජ සභාවේ පැවති ස්වයංවරයකින් අර්ජුන ද්‍රෞපදී කුමරිය ලබා ගත්තේය. සොයුරන් අතර ගැටුම් වලකාලීම සඳහා කුමරිය සොයුරන් පස් දෙනාගේම භාර්යාව තනතුරට පත්විය. මෙහිදී ඔවුන්ට යාදව නායක කෘෂ්ණ මුණගැසුණි. මින් ටික කලකට පසු අන්ධ ධෘතරාෂ්ට මෙම සොයුරන්ව කැදවා රාජධානිය තම පුත්‍රයන් හා පාණ්ඩුගේ පුත්‍රයන් අතරේ බෙදා දී රජකමින් සමුගත්හ. ඉන්පසු සොයුරන් පස්දෙනා වර්තමාන දිල්ලි නගරයට ආසන්න වූ ස්ථානයක් වන ඉන්ද්‍රප්‍රස්ථයේ අගනුවර ගොඩනගා ගත්තේය.
ද්‍රෞපදී ස්වාමිපුර්ෂයන් පස් දෙනා සමඟ

 එනමුත් මෙම තීරණය පිලිබඳ ධෘතරාෂ්ටගේ පුතුන් සතුටු වූයේ නැත. එමනිසා දුර්යෝධන තරඟයක් සඳහා යුධීෂ්ඨිරට ආරාධනා කලේය. දුර්යෝධන ශකුනී නම් තම මාමා කෙනෙකුගේ ආධාරයෙන් තරඟය ජයග්‍රහණය කල අතර සහෝදරයන් පස් දෙනාට රාජධානිය අහිමි විය. සහෝදරයන් පස් දෙනා හා භාර්යාව වූ ද්‍රෞපදි දහතුන් වසරක් පිටුවහල් කල අතර ඊට පසු නැවත රාජ්‍ය බලය ලබා දෙන බවට ගිවිසුමකට එලඹිනි.

 දහතුන් වසරක් ගිය පසු සහෝදරයන් පස් දෙනා දුර්යෝධනගෙන් රාජ්‍යබලය ඉල්ලූ විට ඔහු කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මේ හේතුවෙන් සහෝදරයන් යුද්ධයකට සූදානම් විය. ඉන්දියාවේ රජවරුන් අතර ඔවුන්ට මිත්‍රයන් සිටි බැවින් හොද හමුදාවක් ගොඩ නගා ගැනීමට සහෝදරයන්ට හැකි විය. මෙම යුද්ධය සදහා ග්‍රීකයන් හා චීන ජාතිකයන්ද සහභාගි වූ බව සදහන් වේ.

 යුද්ධය වසර දහ අටක් පැවති අතර සහෝදරයන් පස් දෙනා හා ක්‍රිෂ්ණ හැරෙන්නට වෙන කිසිදු නායකයෙක් ඉතිරි නොවීය. ඉන්පසු යුධීෂ්ඨිර රජ බවට පත්විය. ඔහුගෙන් පසු අර්ජුනගේ මුණුපුරු පරික්ෂිත් රජ බවට පත්විය.

ලිපි මාලාවේ 2 කොටස සදහා මූලාශ්‍ර:
1)අසිරිමත් ඉන්දියාව - ඒ. එල්. බෂාම්
2)මහා භාරතය [ගද්‍ය, සිංහල පරිවර්තනය ]
3) https://en.m.wikipedia.org/wiki/Mahabharata

ප.ලි. රාමායනය ගැනත් මේ ලිපියෙම සදහන් කරානම් ලිපිය තව දික්ගැස්සෙන නිසා ඒක ඊලඟ කොටසින් සදහන් කරන්නම්.

32 comments:

  1. Jagath Pathirana ඇවිදින් මේක අල කරන්න කලින් මෙම ආලෝචනාව දාන්න ලැබීම ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. විශ්වය යනු ඉතා ගැඹුරු, සුවිශාල, පුළුල් සහ පරක් තෙරක් නොපෙනෙන තැනක් බව සාමාන්‍ය දැනුමෙන්ම ඔබ දන්නවා. එහෙත් ඔබ නොදන්නා සහ දැන ගත යුතු සුවිශේෂතම කරුණ නම් විශ්වය තරමටම ගැඹුරුවුද, විශ්වය තරමටම පුළුල් වූද, සුවිශාල වූද, පරක් තෙරක් නොපෙනෙන, සනාථන දහමක් මෙම විශ්වය පුරාවට පැතිරී ඇති බවයි. විශ්වය තුල පවතින එකම සනාථන දහම, නොනැසෙන දහම, සදාකාලිකව පවතින එකම දහම, විශ්ව දහම (Universalism) පමනක්ම වන බවයි.

      ඔබ දැනට කුමන ආගමක්, දහමක්, ඉගැන්වීමක් හෝ දර්ශනයක් ඇදහුවත්, එසේ නොමැතිව කිසිම ආගමක්, දහමක්, ඉගැන්වීමක් හෝ දර්ශනයක් නොඇදහුවත්, විශ්වය තුල ජීවත්වන විශ්ව වාසියකු (Universalist) ලෙස ඔබ හොඳින්ම දැනගත යුතු සහ ශාක්ෂාත් කල යුතු පරම සත්‍යය (Noble Truth) වනුයේ, මෙම විශ්වය තුල පවතින, ඔබ විසින් ඇදහිය යුතු එකම දහම වන්නේ විශ්ව දහම (Universalism) පමණක්ම වන බවයි.

      සත්‍යය වශයෙන්ම ඔබ ඇදහිය යුත්තේ බුදු දහම (Buddhism) හෝ, කිතුනු දහම (Christianity) හෙවත් කතෝලික දහම (Catholism) හෝ ඉස්ලාම් දහම (Islamism) හෙවත් මුස්ලිම් දහම (Muslimism) හෝ හින්දු දහම (Hinduism) හෝ මෙලොව පවතින වෙනත් කිසිම ආගමක් දහමක් නොව, සකල ලෝක වාසීන්ට මෙන්ම සහ සකල විශ්ව වාසීන්ටමත් පොදුවේ බලපාන, මෙම විශ්වය තුලම පැතිරී පවතින එකම සදාතනික සහ සර්වකාලීන දහම වූ විශ්ව දහම (Universalism) පමණක්ම බව ඔබ විසින් දැන ගත යුතුයි. ඔබ විසින් අවබෝධ කර ගත යුතුයි.

      මෙලොව පවතින අනිකුත් සෑම සියළු ආගමක්, දහමක්, ඉගැන්වීමක් හෝ දර්ශනයක්ම විශ්ව දහම ඇදහීමේ තවත් එක් මාර්ගයක් පමණක්ම වන බව, තවදුරටත් ඔබ විසින් දත යුතුයි.

      Delete
  2. කවදාකවත් පිරිලා තියෙන ලිඳක ඇතුලේ හිර වෙලා ඉන්න පුංචි ඉස්ගෙඩියෙකුට ඒ ළිඳෙන් පිට ලෝකය දකින්න කවදාකවත් බෑ.

    පෘතුවිය ළිඳක් නම් ඇතුලේ හිර වෙලා ඉන්න ඉස්ගෙඩියෝ අපි නම් අපිට තියෙන ආයුෂ හිඟ කමත් එක්ක අපිට මේ විශ්වය පුරා ගමන් කිරීමට ඇති නොහැකියාව එක්ක ලෝකය බුද්ධිමත්ම සත්වයා වුවද මිනිසාට මේ විශ්ව ධර්මතාවයේ හරය කවදාකවත් හොයා ගන්න බෑ.

    ඒකට අපිට සම්පත් හෝ භූමිකාවක් නෑ.

    එලිවෙනවා රෑ වෙනවා - ලෝකය කැරකෙනවා - හුළං හමනවා - වළාකුළු ඇතිවෙනවා - වැස්ස වහිනවා.

    වගේ පුංචි පුංචි දේවල් ටිකක් මිනිස්සු හොයාගන්න ඇති. ඒත් මේ විශ්වයේ තියෙන සමස්තය එය නෙමෙයි..!

    අපි නොදැකපු ජීවය - අපි නොදැකපු විශ්වයේ කෙලවර - කවදා කොහොම මේ මිනිස් ආයුෂත් එක්ක හොයන්නද?

    බුදු හාමුදුරුවෝ පවා දේශනා කලා කරුණු දෙකක් හොයන්න එපා කියලා...!

    එකක් විශ්ව ශක්තිය; අනික මේ විශ්වයේ ආරම්භය හා පරිභවය...!

    කොහොම වුණත් මේ විශ්වීය හරය මේ විශ්ව ධර්මතාවය කුමක් ද කියාලා අපිට හොයා ගන්න බැරි වුණත් අපිට මේ විශ්ව ධර්මතාවයේ ස්වභාවය අවබෝධකරගෙන ඒ අනුව හැඩගැහෙන්න පුළුවන්.....!

    මේ විශ්ව ධර්මතාවයේ හරය නොව එය කුමන ස්වභාවයකින් යුක්තද එයට අනුව අප හැඩගැසියේ යුත්තේ කෙසේද යන්න සරලව හා සංකිර්ණව අවබෝධ කර ගැනීමට උගන්වන යම් දර්ශනයක් වේද, මා දැකපු ඒ තාර්කික දර්ශනය බෞද්ධ දර්ශනයයි...!

    ReplyDelete
  3. අපූරුයි. ලිපිය දීර්ඝ නොකර ලිවීමත් හොඳයි.

    ජයවේවා!!!

    ReplyDelete
  4. මිතිල මල්ලි මෙම ලිපි මාලාවේ මාතෘකාවට සනාථන දහම කියලා දාල තියෙන්නේ ඇයි කියලා මං කලින් ලිපිය කියෙව්වමත් කල්පනා කළා. ඇයි හැබැට ඒ ?

    දිලිනි සුමනසේකර

    ReplyDelete
    Replies
    1. සනාථන කියන්නෙ සදාකල් පවතින කියලා... ඒක කොයි තරම් දුරට සාර්ථක නමක්ද කියලනන් දන්නෙ නෑ... දාන්න හේතුව මේකයි... ඊජිප්තු ශිෂ්ටාචාරය ගත්තොත් ඒ කාලෙ තිබ්බ ඇඳහිලි , රා අනුබිස් වගේ දෙවියන් ඇදහීම කාලයත් එක්ක නැතිවුනා... අද ඒ ඇදහීම් කරන අය නෑ... ග්‍රීක ශිෂ්ටාචාරය ගත්තොත් සියුස් ප්‍රමුඛ දෙවියන් ඇඳහීම අද නෑ... ඒත් මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ ඇදහිලි අදටත් තියෙනවා... මේවා හැබැයි විකාශනය වෙලා තියෙන්නේ... ඒ කාලෙ තිබ්බ ලිංග වන්දනාව කාලයත් එක්ක ශිව දෙවියන් එක්ක සංයෝග උනා... ඒ කාලෙ තිබ්බ වාසුදේව වන්දනාව විෂ්ණු එක්ක සංයෝග උනා... මුල්ම කාලෙ තිබ්බ මාතෘ දේවතා ඇදහිල්ල පාර්වතී එක්ක සංයෝග උනා... හරප්පා සංස්කෘතියේ ඇදහිලි කෙලින්ම අද නැතත් හින්දු ආගම මාර්ගයෙන් වක්‍රාකාරව තියෙනවා... ඒකයි ඔය නම තෝරගත්තෙ...

      Delete
  5. මහින්දවත් අන්දවපු, ඒකාබද්ධයත් ගිලගත්තු, පොලු සක්විතියෙක්..

    ඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ.(අභීත එදිරිසිංහ-මීමුරේ මාමා නොහොත් කැහැටු වඳුරා) ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක කමත් අරගත්තා.මෑන් කොච්චර ආඳෙක්ද කියනව නම් අප්පච්චි අන්තිම හුස්ම පොද හෙළනකල් ගෙට ගත්තෙ නෑ.ඒකට හේතුව තමයි මිනිහා ගෙදර තිවුණ අප්පච්චිට අයිති මෝටර් රථය හොරෙන් විකුණලා, කොළඹට ආව නිසා.බුද්ධිමත් ඔබට ඒකෙන්ම පුතයගෙ තරම මැනගන්න පුළුවන් වෙන්න ඕනි.

    ඔය අතරවාරයේ මිනිහා රන්ජුලා කියලා තරුණියක් වහසිබස් කියලා රවට්ටගෙන විවාහ කරගත්තා.ඒ කාළෙ ඔහු තමන්ගෙ යාලුවන්ට කියලා තියෙන්නෙ “මූණ කචල් වෙලා, හෙණ ගැහුවත් කමක් නෑ බං ඉන්න තැනක් තියන එකියක් නම්” කියලලු.එහෙම කියපු එදිරිසිංහ කොලුවා කොට්ටාවෙ තියන රංජුලාගෙ ගෙදරම බින්න බැස්සා.ඔය අතරවාරයේ තමයි මේ හාදයට දේශපාලනය ගැන වහ වැටෙන්නෙ.මේ හාදයගෙ කයිරාටිකකම කොච්චරද කියනව නම් තමන්ට දේශපාලනයේ අත්පොත් කියල දුන්න , එක පාරක් නාමල්ගෙ ගෝලයන්ගෙන් හම්බානෙක කාපු නුවන් නිරෝධ කියන බයියව පවා රවට්ටලා ගේම් ගැහුවා.

    මෙයාට ඇන්දිච්ච තවත් පොරක් තමයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රංගන හේරත්.බිස්නස් එකකට ඉන්වෝල් වෙලා කරන්නම් කියලා හේරත්ගෙන් ලක්ෂ පහක් වංචා කරපු මෙයා කළේ හේරත් ඒක ඉල්ලනකොටම හේරත්ගෙ පරණ ලවු ගැන නෝනට කියනවා කියලා බ්ලැක්මේල් කරපු එකයි.එක පාරක් රන්ගන හේරත්ගෙන් හම්බානෙක ගුටිකාපු අභීතට රංගන හේරත් කිව්වෙ “උඹ නිසා මගෙ ඉස්කෝලෙ අපකීර්තියට පත්වෙන නිසා නිකන් ඉන්නෙ” කියල විතරයි.අනික මහලොකුවට ඉවෙන්ට් ඕගනයිස් කරනව කියලා 97/98 මලියදෙව් ආදිශිෂ්‍ය සංගමෙන් සල්ලි ගරාගෙන මාටිය ගහලා නෝණ්ඩි වුණ නිසා අදටත් මේ හාදයට OB එක පැත්තෙ යන්නවත් බැහැ.ඔහොම හොරු එක්කද මහින්ද ආණ්ඩු හදන්න යන්නෙ කියලයි අපිට අහන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න කාලයක් යද්දි පාර්ලිමේන්තු මැතිවරණය ආවා.රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක පොකුරට තරඟ කරපු ජෝන් සෙනවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි යන දෙන්නට දෙන්න නොදැනීම ,උන්ව කොටවලා, මෙයා ඒ කැම්පේන් දෙකම බාර ගත්තා.ඒ මාද්‍යකරණයේ ඇති අවම සදාචාරය වත් රකින්නෙ නැතුව.සල්ලි වෙනුවෙන් තමන්ගෙ දරුව පවා විකුණන්න සූදානම් මේ හාදයාගෙ කෙරුවාව තව තියනවා.කනක හේරත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරද්දි, අනුරාධ ජයරත්න නියෝජනය කළේ සිරිසේන පාර්ශවය.මෙයා කළේ ඒ දෙන්නගෙම කැම්පේන් එක අරගෙන එක්කෙනෙක්ට හොරෙන් අනෙකාගෙ කැම්පේන් එක කළ එක.

      මොන තරම් ජඩ වැඩක් වුණත් කිසිම හිරිකිතයකින් තොරව කරන්න පුරුදු වෙලා හිටපු අභීත එදිරිසිංහ කියන පාදඩයගෙ වැඩ ඔහොමම තමයි.

      තවත් වරෙක නො.180/3, මාලපල්ල පන්නිපිටිය කියන ලිපිනයේ ඉන්න කෝට්ටගේ දොන් ලලිත් අමරසිංහ කියන පුද්ගලයව රවට්ටලා, රුපියල් මිලියන 1.45 ක මුදලක් වංචා කරපු ඔහු නැවතුණෙ පානදුර දූෂණ මර්දන ඒකකයේ.

      ඊළඟට ඔහු යොමු වුණේ මීමුරේ පැත්තෙ ඇඩ්වෙන්චර් වැඩ වල.ඒකේ ඉන්න ගමන් ගමේ ගෑණුන්ට අනින්න ගිහිල්ලා, හම්බානෙක ගුටි පූජාවල් වලින් හෙම්බත් වෙන්නත් ඔය අතරේ මෙයාට සිද්ධ වුණා.තමන් එක්ක එකට හිටපු රිද්ම හේවාවිතාරණ කියන තරුණයට පඩි නොගේආ මාස ගාණක් වැඩ ගන්නකොට, ඔහුට කේන්ති ගිහින් මෙයාගෙ ලැප්ටොප් පරිඝණය ගෙදර අරන් යද්දි, මෙයා කළේ ඉක්මණට පොලීසියෙ පැමිණිලි දාලා අර අහිංසකයව කූඩු කරපු එක.මේ හාදයා කොච්චර ඇඩ්වෙන්චර්ස් කරත් මීමුරේ පොඩි කොල්ලො කුරුට්ටොත් පනින තාලිකටෙන් පවා මූ පනින්නෙ ජැකට් දාලා.ඔන්න පීනගන්නවත් බැරි අභීත එදිරිසිංහගෙ ඇඩ්වෙන්චර්.

      ඒ කාළෙ මුගේ හොර වැඩ වලට හරි හරියට මහින්දානන්ද අලුත්ගමගේ කියන කම්බ හොරා සහ කනක හේරත් සම්භන්ධ වෙලා වැඩකළා.ඒ මුගෙන් ලැබෙන කොමිෂන් වලට.Travel with Dilini කියල වැඩසටහනක් දාගෙන කළුබෝවිල පැත්තෙ වයස 17 ක ගෑණු දැරිවියක් අපයෝජනය කරමින්, ඇයව මතට හුරු කරමින් මොහු විකෘති කාමාශාවන් සංසිඳවා ගන්න ඇයව අදටත් භාවිතා කරනවා.ඇගේ කට වහල තියෙන්නෙ ඇගේ මව සමඟ මොහු යහන්ගත වීම හේතුවෙන්.

      ගොඩාක් අය අහුවෙන්නෙ මේ හාදයගෙ බොරු පම්පොරි වලට.පොලිටිකල් පේජ් කරන බව පවසමින් මාසෙකට ලක්ෂ ගණන් උපයන මොහුට හසුවූවන් අතරේ ගීතා කුමාරසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්,ශෙහාන් සේමසිංහ,රොෂාන් රණසිංහ,පවිත්‍රා වන්නිආරච්චි වගේ ඒකාබද්ධය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රීවරුන් රැසක් ඉන්නවා.

      වරක් ජාතික නිදහස් පෙරමුණෙ කුරුණෑගල නායක කැලුම් ජයසුමන කොයන හාදයගෙ බජට් ටැක්සි කියන පේජ් එක කරන්නම් කියලා පම්පෝරි ගහලා රුපියල් 50000 ක් කඩාගෙන වාෂ්ප වෙලා ගියා. ඊළඟ පාර උඩගිල්ම ටී ස්ටේට් එකේ පේජ් එක වෙනුවෙන් 100000 කට ඇරලා මාරු වුණා.ඊළඟ පාරක් වජිරා මාපලගම කියන අපේක්ෂිකාවගෙන් ලක්ෂ දෙකකට ඇරියා.තවම ඒ නඩුව උසාවියෙ විභාග වෙනවා.ඒකට පෙනී ඉන්නෙ ජනාධිපති නීතීඤ රජික කොඩිතුවක්කු.

      බැලින්නම් මේ යකා හතර වටේටම තියල තියෙන්නෙ පොලු විතරයි.අභීත එදිරිසිංහ කියන්නෙ අවංකවම පිල්ලියක්.ඒකාබද්ධය සුණුවිසුණු කරන පිල්ලියක්.ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙයාට අහුවෙන්න එපා කියලයි.

      -උපුටනය(සමන් වීරබාහු)-

      Delete
    2. දේශපානය කතා කරන ඇනෝ කෙනෙක් විතරයි මදිවට හිටියෙ... දැන් ඒකත් හරි...

      Delete
    3. රංජුලාව මුලින් දාගෙන හිටියේ මොරටුවේ හිටපු දැනට ඔසි ඉන්න ඩිලාන් කියලා හාදයෙක්.

      Delete
  6. මෙම ලිපි මාලාවේ තෙවැන්න ඉක්මනින් පල කරන්න මහත්මයා. ඉතාම කදිම ලිපි මාලාවක් ඔබතුමා සම්පාදනය කරමින් පවතින්නේ. සිංහල භාෂාවෙන් මෙම විෂය ගැන පලවන එකම ලිපි මාලාව මෙය විය යුතුයි. මා අදහස් කරනා අන්දමට ඔබතුමා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරනා මහාචාර්යවරයෙක් විය යුතුයි. මා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ විශ්‍රාමික නිලධාරියෙක්. දුවා දරුවන්ගේ උදව්වෙන් සිංහල අකුරු භාවිතයෙන් අදහස් ප්‍රකාශ කරන්නේ. බොහෝම ස්තුතියි මහත්මයා අපටත් අදහස් පල කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.

    W.M Rathnayake
    Former railway Station master
    CGR

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස හැකි ඉක්මනින් පල කරන්නම්... මම මහාචාර්ය කෙනෙක්නන් නෙමේ... :D

      Delete
  7. මහාභාරත් කතාව (ඉස්සර සිරස ටීවී එකේ ගියපු) මම පුංචි කාලේ බැලුවා. එතැන තිබුණු කතාව මීට වඩා වෙනස්නේ.

    සිත්ගන්නාසුළු විස්තරයක්, හොඳින් සංස්කරණය කර දක්වලා තියෙනවා. නියමයි

    ReplyDelete
    Replies
    1. ටී.වී. එකේ නන් කෑලි අතින් දාලත් හදනවනේ...

      Delete
  8. අර්ජුන කුමරා ද්‍රෞපදී කුමරිය සරණ පවාගෙන අනික් කුමරුන් ගේ බිරිද වශයෙන් තබාගත්තා කිව්වත් සාමාන්‍යයෙන් අනෙක් කුමරුන්ට වඩා වැඩි ශරිර ශක්තියක් ඇති භිමට ද්‍රෞපදී කුමරිය සමග සංවාසය කරන්නට බැරිවුන විත්තියක් තමයි කියවෙන්නේ. භීම කුමරා සරණපාවාගත්තතේ හිදිම්බා නම් යක්ෂයාගේ සෙහොයුරිය වු හිදිම්බී නම් යක්ෂණියයි.

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්ගනට ගඩෝක්ෂ නමින් පුත්‍රයෙකුත් ඉන්නව,, අර්ඡුන් තවත් විවාහයක් කර ගත්ත බවත් කියවෙනව..ඒ ක්‍රිෂ්ණ සහ බලරාම්ගෙ සොයුරියව

      Delete
    2. ඔයාලා කියන එක හරි... මම කතාව කෙටියෙන් දැම්මෙ...

      Delete
  9. මම ඔය ගැනම ලියන්න තොරතුරු එකතු කර කර ඉදියෙ,, ඒ මහාභාරත යුද්ධය පිළිබඳව දීර්ඝ ලිපි පෙළක් , මම හොයපු දේවල් වල තිබ්බ විදිහට ව්‍යාස කියන ඝෘෂිවරය ගණදෙවියන්ට මහාභාරතය ගැන කියනව ,, එයා තමා තමන්ගෙ දකුණු දළයෙන් මේ ගැන විස්තර ලියන්නෙ,, මම කොහොමත් මිත්‍යා විස්තර වලට බර නිසාද දන්නෑ මට මේ විස්තරය විතරක් සෙට් උනෙ, කොහොම උනත් මහාභාරතය වගේම රාමායණයත් අතිශෝක්ති බහුලව තියෙන කතා දෙකක්, මොකද මේ පාණ්ඩු සොයුරන් මනුස්ස පුත්‍රයන් නොවන බවත් තියෙනව නෙ, ඒ වගේම මට මතක විදිහට මහාභාරතය වෙන වෙලාවෙත් ලංකාව පාලනය කරන්නෙ විභීෂණ , මොකද ඔහු ක්‍රිෂ්ණට තෑග්ගක් එවන බවත් මහාභාරතය තුළ සදහන් වෙලා තියෙනව .

    ලස්සන ලිපියක් , නියමයි මිතිල

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ලිපි පෙල කියවන්න බලාගෙන ඉන්නවා... මහා භාරතය ව්‍යාස කියන ඍෂිවරයා ලිව්වා කිව්වට ඇත්තටම ඕක කාලයක් තිස්සෙ බමුණන් ලිව්ව එකක්...

      Delete
  10. මහා භාරතය ඉතා හොඳට චරිත දැක්වෙන කතාවක්. සුදු කලු නෑ අළු. වීරයන්ගේ දුෂ්ඨකම් හා දුෂ්ඨයන්ගේ වීරකම් තියනවා. බටහිරෙන් එන ඉන්දු යුරෝපීය වීර කාව්‍යය වන ඉලියඩ් වලට සමානයි.

    රාමායණයේ කුතුහලය දනවන දේ තමයි සයන්ස් ෆික්ශන් ගතිය - missiles (දෙපාර්ශ්වයම) , stealth aircraft (ඉන්ද්‍රජිත්) , biological weapons (ඉන්ද්‍රජිත්). Alien races and their conflicts (sura/ asura - Gods/Titans of the Greeks)

    ReplyDelete
  11. //ඉන්දියාවේ රජවරුන් අතර ඔවුන්ට මිත්‍රයන් සිටි බැවින් හොද හමුදාවක් ගොඩ නගා ගැනීමට සහෝදරයන්ට හැකි විය. මෙම යුද්ධය සදහා ග්‍රීකයන් හා චීන ජාතිකයන්ද සහභාගි වූ බව සදහන් වේ.

    මේ ගැන විස්තර කරන්න පුළුවන්ද?

    මහා භාරතේ ලියලා තියෙන්නේ ඇත්ත යුද්ධයක් ආශ්‍රයෙන්ද?

    ReplyDelete
    Replies
    1. මගෙ අදහස නම් මේක ඇත්තම සිද්ධියක් අතිශෝක්තියෙන් රචනා කිරීමක් කියලයි , මිතිලගෙ අදහස කොහොමද දන්නෑ , කෙසේ වෙතත් ක්‍රිෂ්ණගේ රාඡ්‍ය වෙච්ච ද්වර්කා නගරයේ කියල සැක කරන නටබුන් ඉන්දියන් සාගරයෙන් හමුවෙලා තිබුණ...

      Delete
    2. මේක ජනශ්‍රැති කතා වලින් තමා හැදිලා තියෙන්නෙ... හැබැයි මේකට පාදක වුන යුද්ධ නොතිබුනාමයි කියන්න බෑ... ඒත් හරිහැටි සාක්ෂි නෑ...

      Delete
  12. පසුගිය සෙනසුරාදා රාත්‍රී 8.30න් පසු මට බරපතල ගැටළුවක් ඇතිවිය.
    ධාතුසේන රජතුමාගේ කාලයේ මෙරට ස්ත්‍රීන් කිහිල්ලේ රෝම ඉවත්කරන ලද්දේද?
    එහෙම කලා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  13. නරකද මිථිල, මේ ලිපි මාලාව පොතක් හැටියට පළකරන අදහස ඇතුව ලිව්වනම්...? මොකද, බ්ලොග් කියවන්නෙ ඉතාම ටික දෙනයි තාමත්.

    ReplyDelete
    Replies
    1. ඒකනන් හොද අදහසක්... මේ දෙසැම්බරේ පොතක් එලිදක්වන්න හිතාගෙන ඉන්නෙ... පුලුවන් උනොත් මේකත් ලියලා එලිදක්වන්න ඕනෙ එකටම...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...