Wednesday, July 12, 2017

ක්‍රීඩාවක මූලය

ඉන්දියාවේ ක්‍රි.ව. මුල් ශත්වර්ෂය වන විට කොටු හැටහතරක් සහිත ලෑල්ලක් භාවිතා කරමින් තරමක් සංකීර්ණ ක්‍රීඩාවක් වීය. ඒ සදහා රජ ඉත්තෙකු හා පැරණි ඉන්දියාවේ චතුරාංගනී සේනාවට අයත් අංග හතරේ නම්වලින් හැදින්වෙන ඉත්තන් සිව් වර්ගයක්ද භාවිතා විය.

 මේ ඉත්තන් හතර වර්ගයට ඇතෙකු, අශ්වයෙකු, රථයක් හෝ නැවක් හ පාබල හේවායන් හතර දෙනෙකු අයත් විය. මුල් කාලයේදී මෙම ක්‍රීඩාව සදහා ක්‍රීඩකයන් හතර දෙනෙකු අවශ්‍ය විය. ඉත්තන් හැදිය යුත්තේ දාදු පෙත්තෙන් වැටෙන ආකාරයට ය. මේ ක්‍රීඩාවට ගත් ඉත්තන් යුධ සේනාංකවල නම් වලින් හැදින්වූ හෙයින්ද එහිදී යොදාගත් උපක්‍රම යුද්ධ සේනාවල උපක්‍රමවලට හුරු හෙයින්ද වතුර්විධ සේනා යන අර්ථය ඇති "චතුරංග" යන නම එම ක්‍රීඩාව සදහා භාවිතා විය.
ක්‍රිෂ්ණා හා රාධා චතුරාංගනී ක්‍රීඩාවේ යෙදෙමින්. 

 හයවන සියවසේදී පර්සියානු ජාතිකයෝ එය ඉන්දියාවෙන් ඉගෙන ගත්තේය. අරාබිවරුන් පර්සියාව සිය අණසකට ගත් පසු මුලු මහත් මැදපෙරදිගම මෙම ක්‍රීඩාව ව්‍යාප්තව ගියේය. වතුරංග යන වචනය පර්සියානුවන් උච්චාරණය කලේ ෂත්රන්ජ් යනුවෙන් හෙයින් මැද පෙරදිග රටවලදී ඒ ක්‍රීඩාව සදහා භාවිතා වූයේ ඒ නමයි.

 ඊට පසුව එක් අයෙකු යටතේ "හමුදා" දෙක බැගින් ඇති දෙදෙනෙකුට පමණක් සීමා වූ ක්‍රීඩාවක් බවට එය පෙරළුණි. එක "හමුදාවක"රජ අනික් හමුදාවේ රජුගේ "සේනාපතියා" හෝ "අමාත්‍යයා" බවට පත්විය. ඉත්තන් හැදීම සදහා දාදු කැට දැමීමද අභාවයට ගියේය. ක්‍රීඩාවේ මේ පසුව ඇතිවූ වෙනස්කම් ඇතිවූයේ ඉන්දියාවේද නැතහොත් පර්සියාවේදීද යන්න නිශ්චිතව පැවසිය නොහැකියි. එනමුත් එහි වැඩි බරක් ඇත්තේ මෙම වෙනස්කම් පර්සියාවේදී සිදු වූ බවටය.

 කුරුස යුද්ධ වලදී යුරෝපීයයන් මුස්ලිම්වරුන්ගෙන් මෙම ක්‍රීඩාව ඉගෙන ගත්හ. ඊට පසුව එය යුරෝපයේ දසත පැතිර ගියේය. මධ්‍යතන යුගයේ අවසානය වන විට එය අද පවත්නා ආකාරයට "චෙස්" ක්‍රීඩාව වී හමාරය. මුස්ලිම්වරුන්ගේ "සේනාපති" යුරෝපයේදී "බිසව" බවට පරිවර්තනය විය. මුල් කාලීනව සේනාපතිට [වර්තමාන බිසව] ඇදිය හැකි වූයේ එක් කොටුවක් හරහට[විකර්ණ දිගේ] පමණි. බිෂප් බවට පත්වූ අලියාට ඇදිය හැකි වූයේ කොටු දෙකක් හරහට ය. මොහුට ඉත්තන්ගේ උඩින් ගමන් කල හැකි විය. මෙම නීතිය පර්සියාවේදී භාවිතා විය. පුරාතන ඉන්දියාවේදී මෙම ඉත්තට ඉදිරියට පසුපසට හා පැත්තට කොටු දෙක බැගින් ඇදිය හැකි වූ අතර ඉත්තන්ගේ උඩින් ගමන් කල හැකි විය. නිරිතදිග හා බටහිර ආසියාවේදී මෙම ඉත්තට එක් කොටුවක් හරහට හෝ ඉදිරියට ඇදිය හැකි විය. පාබල සෙබලුන්ට එක් කොටුවක් පමණක් ඉදිරියට ඇදිය හැකි විය.

මේ හෙයින් ලෝකයේ වැඩිපුරම මොළය වෙහෙසා කල යුතු ක්‍රීඩාවලින් එකක් වන චෙස් ක්‍රීඩාව සංස්කෘති තුනකින් බිහි වූවකි. මේ ක්‍රීඩාව අද පවත්නා තත්වයට ගෙන ඒමට මේ හැම සංස්කෘතියකින්ම යමක් එකතු කරන ලදි.

මූලාශ්‍ර:
1)අසිරිමත් ඉන්දියාව - ඒ.එල්. බෂාම්
2) https://en.m.wikipedia.org/wiki/History_of_chess

22 comments:

  1. ඉන්දියාව කියන්නේ කොහොමත් පිස්සු හැදෙන රටක් තමයි! කොයි අතින් බැලුවත්

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව කියන්නේ අධ්‍යනයට වටින රටක්... ලොකු දැනුමක් ලබාගන්න පුලුවන්...

      Delete
  2. හොඳ comprehensive පෝස්ට් එකක්.

    හැබැයි කමෙන්ට් සම්පූර්ණවෙන්න අපේ විනීත මිෂනරිතුමා එන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      කවුරුත් දන්නා පරිදිම අද ලංකාව තුල බොහෝ කිතුණු මිෂනාරි ව්‍යාපාර ක්‍රියාත්මක වේ. මේ මිෂනාරි ව්‍යාපාර වල ස්වභාවය නම් ඉතාමත් කුඩා සභා‍ (House churches) ලෙස කිතුණු පල්ලි බිහිකිරීමයි. ලංකාවේ එවැනි කුඩා කිතුණු සභාවන් 2000කට අධික සංඛ්‍යාවක් ඇත. මේ අයගේ මුලික ක්‍රියාව නම් නැවත ඉපදුනු කිතුණුවන් Born again Christian නොවන සියළුම දෙනා කිතුණු දහමට හැරවීමට උත්සාහ දැරීමයි. ඔවුන්ට එහිදී බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික හෝ වෙනත් කුමණ දහමක් ඇදහු පිරිසක් වුවද කම් නැත. අතීතයේ මෙහි ක්‍රියාත්මක වුයේ විදේශීය මිෂනාරීන් වුවද අද මෙම කිතුණු මිෂනාරි සේවය තුල ක්‍රියාත්මක වන්නේ දේශීය මිෂනාරි වරුන්ය. එනම් කලින් බෞද්ධ, හින්දු හෝ කතෝලික වී සිටි අයයි.

      මේ මිෂනාරි පිරිස් විසින් දනව් සිසාරා ගමන් යමින් මනුෂ්‍යයන්ට යේසුස් තුමාණන්ගේ හාස්කම් ගැන කියමින් ජනතාව ඒ හාස්කම් දෙසට ආකර්ශනය කරවන්නට යත්ත දරති. මෙහිදී කිසියම් පුද්ගලයෙක් ‍රෝගී, යම් කරදරයක වැටී හෝ ප්‍රශ්න ගැටළුවක සිටින්නේ නම් ඒ තැනැත්තා විසින් තමන් වැටී සිටින අසීරුවෙන් ගොඩ එන්නට මේ හාස්කම් පසුපස යන්නට සිතයි. එවැනි කෙනෙක් මේ කිතුණු සභාවකට ගියහොත් පලමුව ඔහු යේසුස් තුමා පිළිගෙන කිතුණුවෙක් විය යුතුය. ඔහුගේ ප්‍රශ්නය ගැටළුව හෝ රෝගයට යාච්ඥා කරන්නේ ඉන් පසුවය. ඉන්පසුව මේ පුද්ගලයාගේ ප්‍රශ්නය, ගැටළුව හෝ රෝගය යථාතත්වයට පත් නොවුවද එම සභාවේ ක්‍රියාදාමයේ ප්‍රථිඵලයක් ලෙස ඔහු කිතුණුවෙක් බවට පත් වී අවසානය.

      මෙම නිකායේ ප්‍රධාන ලක්ෂණයක් නම් ඔවුන්ගේ ඇදහිලිවතුන්වම මෙම දහම ව්‍යාප්ත කිරීමට පෙලඹවීමයි. මේ නිසා කිසියම් කෙනෙකු කිතු දහම වැලඳ ගන්නේද ඔහු ඉන්පසුව අන් අයව ඒ වෙත හරවන්නෙක් බවට පත්වේ. එතැන් පටන් ඔහුගේ මව්පියන්, සොහොයුරු සොයුරියන්, ඥාතීන්, මිතුරන් පමණක් නොව හමුවන සෑම කෙනෙක්ටම කිතුණු දහමේ හාස්කම් ගැන කියාදෙමින් ඔවුන්ව තමන්ගේ කිතුණු සභාවට ගෙනයාමට උත්සාහ දරති. බොහෝ විට එම අයටත් ප්‍රශ්නයක්, ගැටළුවක් හෝ රෝගයක් තිබෙන නිසා ඔවුන්ද එහි යන්නට පෙලඹෙති. එම පෙලඹීම තුල ඔවුන් එම කිතුණු සභාවට යන්නේ නම් එහි අවසන් ප්‍රථිඵලය නම් ඔහු හෝ ඇයද කිතුණුවෙක් බවට පත් වීමයි.

      විමසිලිමත්ව බැලුවොත් සාමාන්‍ය සක්‍රීය කුඩා කිතුණු සභාවක එක් ඉරිදාවකට එක්කෙනෙක් හෝ ඊට වඩා ප්‍රමාණයක් අනිවාර්යයෙන් කිතු දහම වැලඳ ගනිති. ලංකාව තුල මෙවන් කුඩා කිතුණු සභාවන් 2000කට ආසන්න සංඛ්‍යාවක් තිබේ යැයි නිලනොවන සංඛ්‍යාලේඛන වලින් පැවසේ. එමෙන්ම මෙම කුඩා සභාවන් අතර මදක් විශාල ඒවාද, විශාලතම ඒවාද ඇත. මෙවැනි සභාවන් වල සතියකට බොහෝ ප්‍රමාණයක් කිතුණු දහම වැලඳ ගනිති. ලංකාව තුල මෙසේ කිතුණු දහම වැලඳ ගන්නන් ගෙන් බහුතරය බොදුනුවන්ය. අද බොහෝ ගම් නියම් ගම් වල මේ කිතුණුවන් ක්‍රියාත්මක වෙති. ඇත්තටම බුදු දහම අභියස ඇති සැබෑ තර්ජනය මෙය නොවේද?

      2010 වන විට කොලඹ දිස්ත්‍රික්කය තුල ඔවුන්ගේ බලය වැඩි කරගෙන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන්ට කොලඹ දිස්ත්‍රික්කය තුල පමණක් පාර්ලිමේන්තු අසුන් දෙකක් පිරිනමා තිබුණා. මෙහිදී ඡන්දයෙන් පත්වු රෝසි සේනානායාක මහත්මියට අසුනක් පිරිනැමුවා නොව ඇය විසින් ඡන්දයෙන් පත්වුණා යැයි ඔබ පවසනු ඇත. සත්‍ය තත්වය නම් ඇය විසින් ඡන්දයේදී තරඟ කරන්නට පත්කළේ එජාපය විසින් අනිවාර්යයෙන් දිනන ආසනයකි. එමෙන්ම ඇයට ඡන්දය ඉල්ලන්නට දී ඉරාන් වික්‍රමරත්න මහතාට ජාතික ලැයිස්තුවෙන් අසුනක් දුන්නේ රෝසි සේනානායක මහත්මියට මනාප වැඩි වන්නට ඉඩදීමටය. පසුව 2015 එරාන් මහතා වෙනම ඉල්ලූ පසු මෙහි ප්‍රතිඵල පෙණුනා. එරාන් මහතාත් එවැන්ජලික කිතුණු නායකයෙක්, ඔහුගෙ පියා පාස්ටර්වරයෙක් !

      මේ වන විට මේ කිතුණු නිකාය විසින් දකුණු කොරියාවේ විශාල වශයෙන් බොදුනුවන් කිතුණු දහමට හරවා අවසන් අතර ලොව විශා‍ලතම කිතුණු සභාව තිබෙන්නේද දකුණු කොරියාවේ සෝල් නගරයේ (Pastor Paul Yongi Chaw’s Church) බව පැවසිය යුතුමය. එහි ඇදහිලිවතුන් සංඛ්‍යාව මිලියනය අභිබවා ඇති බැව් පැවසේ. මේ නිසා එහි පංසල් විශාල වශයෙන් විනාශ වෙමින් පවතියි. මැලේසියාවේ චීන සම්භවයක් ඇති බොදුනුවන්ගෙන් බහුතරය අද කිතුණුවන් වී හමාරය. සිංගප්පුරුවේද එලෙසමය. තායිලන්තය නුදුරු අනාගතයේදීම එසේ වනු ඇති බවට සලකුණු ඇති වී අවසානය. තවත් මෙවැනි රටවල් රැසකින් නිදසුන් ලබා දිය හැක.

      අන්‍යාගමිකයෙක්ව සහ මුස්ලිම් ධර්ම ප්‍රචාරකයෙක්ව සිටින අන්වර් මනතුංග මෙයට විරුද්ධව කථා කරන්නේ ඇයි? යනුවෙන් දැන් ඔබට පැනයක් නැගෙනු ඇත. ඇත්තටම මා කිසියම් කෙනෙකු අන්‍යාගමක් වැලඳ ගැනීම සම්බන්ධව ‍විරුද්ධ නොවෙමි. එසේ තමන් කැමති දහමක් වෙත යාම මුලික මිනිස් අයිතිවාසිකමකි. නමුත් එය සිදුවිය යුත්තේ හැඟීම් මත කටයුතු කිරීමෙන් නොව බුද්ධියෙන් කටයුතු කිරීමෙනි. මේ කිතුණු නිකායන් විසින් කරන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න, ගැටළු සහ රෝග දඩමීමා කරගෙන ඉන් ඔවුන් කිතුණු දහම වෙත බිලීබා ගැනීමයි. මෙය සදාචාර සම්පන්න නොවන දෙයකි.

      Delete
    2. මුස්ලිම් වරුන් ඉතිහාසයේ කවරදාවත් මේ රට ආක්‍රමණය කර නැත. නමුත් අනාගතයේ එවැන්නක් සිදුවේ යැයි සිහිනෙන් බියවී සිටින කොටසක් දැන් ලංකාවේ ඇත. ඔවුන් පවසන්නේ නුදුරු අනාගතයේදීම මුස්ලිම් වරුන් බහුතරය වන බවත් ඉන්පසු ලංකාව මුස්ලිම් වරුන් විසින් ආක්‍රමණය කරනු ඇති බවත්ය. නමුත් මේ මෝඩ පුද්ගලයන්ට එක දෙයක් නොවැටහේ. එනම් මෙහි සැබෑ අනතුර මුස්ලිම් වරුන් නොව බොදුනුවන් අන්‍යාගම්කරණය වීම බවයි.

      Delete
    3. නමුත් ඉස්ලාම් දහම තුළ මෙවන් අන්‍යාගමිකකරණය ගැන අප සොයා බලමු;

      ඉස්ලාමය අනුව "අන්යාගම්කරණය" යනු, ජනයාට යම් දෙයක් ලබාදී හෝ තමාගේ බලය පෙන්වා ආගමකට හැරවීමය. ඉස්ලාමය මෙම කටයුත්ත සම්පූර්ණව වළක්වා ඇත.

      එය පහත සඳහන් කුර්ආන් වැකිය පැහැදිලිව පවසයි.

      (ඉස්ලාමය වැළඳ ගැනීමේදී) මෙම ධර්මයෙහි කිසිදු බල කිරීමක් නැත. මං මුළාවෙහි සිට යහමඟ වඩාත් පැහැදිලි විය. කවරෙක් (නැමදුම් ලබන අල්ලාහ් නොවන්නන් වන) ‘තාගූත්’ව ප්රතික්ෂේප කර, අල්ලාහ්ව විශ්වාස කරයිද ඔහු නියතව නොකැඩෙන ශක්තිමත් කඹයක් තදින් අල්වාගත් කෙනා වේ. තවද අල්ලාහ් සියල්ලට සවන්දෙන්නාද හොඳින් දන්නාද වේ. (ශු.කු. 2:256)

      ඉස්ලාමය වැළඳගන්නා ලෙසට බල කිරීම හෝ උපක්රම උපයෝගී කරගැනීම ඉස්ලාම් ධර්මය තහනම් කර ඇති ක්රියාවකි. නමුත් මං මුළාව කුමක්ද? යහමඟ කුමක්ද? යන්න ඉස්ලාමය පැහැදිලිව පෙන්වන්නේය.

      අල්ලාහ් තම නබිවරයාටද මෙයම නියෝග කළේය.

      පුස්තකය ඇත්තනි! ‘සුබාරංචි පවසන්නෙක් හෝ අවවාද කරන්නෙක් හෝ අප හමුවට නොපැමිණියේය’ යි ඔබලා පවසා නොසිටීම පිණිස දූතයින්ගේ සම්බන්ධතාවය නැවතී තිබුණ අවධියක (සත්‍යයා ඔබලාට පැහැදිලි කරන අපගේ දූතයා ඔබලා හමුවට පැමිණියේය. සුබාරංචි පවසන්නාද, අවවාද කරන්නාද නියතව ඔබලා හමුවට පැමිණියේය. අල්ලාහ් සියල්ල කෙරෙහිම ඉමහත් හැකියාව ඇත්තාය. (ශු.කු.5:19)

      සත්යය ජනයාට පැහැදිලි කිරීම දූතයාගේ කටයුත්ත බව ඉහත වැකිය පවසයි.

      ඕ: දූතයා! ඔබගේ ස්වාමියාගෙන් ඔබට පහළ කර ඇති දෙය සැළ කරන්න! ඔබ (එසේ) නොකළේ නම් ඔහුගේ දූත මෙහෙවර ඔබ සැළ කළ කෙනෙකු නොවන්නෙහිය. අල්ලාහ් ඔබව මිනිසුන්ගෙන් ආරක්ෂා කරන්නේය. නියතව අල්ලාහ් ප්රතික්ෂේප කරන සමූහයාව යහමඟෙහි නොයවන්නේය.(ශු.කු.5:67)

      දූත මෙහෙයේ අරමුණ තමාට පහළ වූ අල්ලාහ්ගේ පණිවුඩ ජනයාට සැළ කිරීම බව 5:67 වන වැකියද පවසයි.

      සැළ කිරීමම මෙම දූතයා කෙරෙහි ඇති වගකීම වේ. ඔබලා හෙළි කරන දේ ගැනද, සඟවාගෙන ඇති දේ ගැනද අල්ලාහ් හොඳින් දනියි.(ශු.කු.5:99)

      දූතයාගේ වගකීම සැළ කිරීම බව 5:99 වන වැකියද පවසයි. එමෙන්ම මෙම සත්යය තමන් හමුවට පැමිණි විට, එම සත්යය ප්රතික්ෂේප කරන්නන් තමන්ගේ සිත්හි සඟවාගෙන සිටිනුයේ කුමක්ද? ඔවුන් ඔවුන්ගේ මුවින් පවසන්නේ කුමක්ද? කියා තමා දන්නා බවද අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

      එහෙයින් අන්යාගමිකරණයක් ඉස්ලාමයේ නොමැත. සත්යය ජනයාට පැහිදිලිව පැවසීම පමණක් ඉස්ලාමය අණ කරයි. එය පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම මිනිසාගේ කැමැත්තට අනුව තීරණය කළ හැක.

      (ශු.කු. - ශුද්ධවූ අල් කුර්-ආන් ග්‍රන්ථය )

      Delete
  3. ඩියෝන්,

    "චතුරංග" යන්නත් සමග මා සිතට නම් නැගෙන්නේ “සුපුවත් සතර” නොහොත් “සුබාරංචි ග්‍රන්ථ සතර” පිළිබඳ වූ භක්තිමත් හැඟීම් සමුදායකි. අප සමිඳානන් වූ ජේසුස් ස්වාමින් වහන්සේ වන මහිමෝත්තම දෙවිපියාණන් වහන්සේගේ ඒකජාත පුත්‍රයා දෙසා වදාළ දහම “අභි ධර්මය” ක් ලෙස සිතාගත යුතු නැත. මන්ද යත්: ජේසුස් වහන්සේ දෙසා වදාළ ධර්මය සරලය; අවබෝධකරගත නොහැකි තරම් “අපබ්‍රංශ” එහි ඇත්තේ නැත. “සුපුවත් සතර” නොහොත් “සුබාරංචි ග්‍රන්ථ සතර” පරිශීලනය කිරීමෙන්ම බොහෝ දුරට මෙ දහම අවබෝධකර ගැනීමට සාමාන්‍ය සැදැහැවතුන්ට අවස්ථාව උදාකරගත හැකිය.

    සුපුවත් සත්‍රහි ශුද්ධවර මාක්, මතෙව්, ලූක් යන සුබාරංචි ග්‍රන්ථ වඩාත් සරලය. ශුද්ධවර ජුවාම් ශුභාරංචි ග්‍රන්ථය තරමක් සංකීර්ණය. නව ගිවිසුමේ අපෝස්තුළුවරුන්ගේ ක්‍රියාපොත මුල් කිතුනු සභාවේ තොරතුරු සරලව ඉදිරිපත් කරයි.

    “හසුන් පත්” “සංදේශ පත්‍ර” යනුවෙන් හඳුන්වනු ලබන ලිපි රැසක් නව ගිවිසුමට ඇතුළත් වෙයි. ඒවා ද අපේ ජීවිතවලට දෙනු ලබන පාඩම් සුළු පටු නොවේ.

    ඩියෝන් දන්නවා ඇති මෙම හසුන්පත් වලින් බහුතරයක් ලියා ඇත්තේ ශුද්ධවර පාවුළුතුමන් ය. එතුමන් විසින් විශ්ව කාලීන පණිවුඩ රාශියක් සහිතව මෙම හසුන්පත් ලියා ඇත. පවුල් ජීවිතය, සමාජ ජීවිතය, දහම් ජීවිතය වැනි මාතෘකා රැසක් කේන්ද්‍රකරගෙන එදා පැවැති විවිධ කිතුනු සභාවලට ලියා ඇති මෙම හසුන් එදා - මෙදා තුර අප සැමට දෙන දැක්ම හා ක්‍රිස්තු කේන්ද්‍රීය ඉගැන්වීම් අතිශය වැදගත් ය.

    ඉතින් ඩියෝන් කතෝලිකයන් වන අප සැබෑ කතෝලිකයන් වීමට ‍නම් අවම වශයෙන් ‘නව ගිවිසුම’ වත් පරිශීලනය කළ යුතුය. පැරණි ගිවිසුම ට පෙර නව ගිවිසුම පරිශීලනය කිරීම වඩා පහසු හා වැදගත් බව අපගේ අදහස ය. ඊට හේතුව වන්නේ නව ගිවිසුම සාමාන්‍ය සැදැහැවතකුට වුව වැඩි ආයාසයකින් තොරව කියවා තේරුම් ගැනීමට ඇති ඉඩ කඩ වැඩි නිසාය.ශු.බයිබලීය විශාරද දැනුමකින් අප සමන්විත නොවූවද, පැරණි හා නව ගිවිසුමේ ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ලද ප්‍රායෝගික දැනුමෙන් මෙසේ පවසමි.

    සැබැවින්ම ඩියෝන් නව ගිවිසුමේ බොහෝ ග්‍රන්ථ අපට දෙන පණිවුඩ තුළින් අපේ ජීවිත අලංකාර කරගත හැකි බව මගේ පුද්ගලික මතයයි. පැරණි ගිවිසුමේ සමහර ග්‍රන්ථ සාමාන්‍ය පාඨකයා ට සරල ව අවබෝධකර ගැනීමට අපහසු බව අපගේ මතයයි. එසේ වුවද ඉතාම සරල “හිතෝපදේශ” හා “උපදේශකයා හෙවත් සිරාක්” වැනි ග්‍රන්ථ අපගේ ජීවිතවලට දෙන පණිවුඩ හා මඟපෙන්වීම අතිශය මහත්ය. ඉතින් ඒවා අවබෝධකර ගැනීම ඕනෑම සාමාන්‍ය සැදැහැවතකුට වුවද අසීරු නොවේ. “ගීතාවලිය” ද දේව ප්‍රශංසාව නිවැරදි ලෙස අපට උගන්වන යාච්ඤාවලියකි. ගීත ස්වරූපයෙන් ඇති මෙය අපගේ ජීවිතයේ විවිධ වූත් සුවිශේසී වූත් අවස්ථාවලදී දෙවි මහෝත්තමයාණන්ම යාච්ඤා කිරීමට යොදාගත හැකි ‍මඟපෙන්වීම්වලින් සමන්විත ග්‍රන්ථයකි.

    මා මෙහිදී අදහස් කළේ ශු. ලියවිල්ල පරිශීලනය කිරීමට වැඩි නැඹුරුවක් නැති සාමාන්‍ය කතෝලික සැදැහැවතුන්ට එහි වටිනාකම පහදා දීමය. ශු.බයිබලය ගැඹුරින් හදාරා ඇති සැදැහැවතුන් සඳහා කරුණු විග්‍රහ කිරීමක් මෙහිදී සිදුකර ඇත. ශු.ලියවිල්ල කියවා, පිලිගෙන ඒ අනුව සිය ප්‍රායෝගික ජීවිතයට එය කාවද්දා ගැනීමකින් පමණක් සැබෑ කතෝලිකයකු විය හැකි යයි සභාව උගන්වයි. යාච්ඤාවේ ජීවිතය ද එයට උපකාරී වෙයි. කතෝලිකයකු සැබෑ නම් දහම කට ගා ගත්තාට මදිය. දහම අනුව ජීවත්වීම අත්‍යවශ්‍ය වෙයි.

    දේව ධර්මය ක්‍රියාවට නොනංවා දෙව්මැදුරට ගොස් යාච්ඤා කළත් දිව්‍ය පූජා ඇසූවත්, ප්‍රසාද නිධාන ලැබූවත් ඵලයක් ලැබේදැයි සැක සහිත ය.

    එබැවින් පාඨක භවතුනි, ජීවිතය තුළ සැබෑ වෙනසක් ඇති ක‍රගෙන සැබෑ දහම තුළ ප්‍රායෝගිකව ජීවත්වන කතෝලිකයා සැබෑ කතෝලිකයකු ලෙස හැඳින්වීම යුක්ති යුක්තය. එසේ අපි “සැබෑ කතෝලිකයන්” වීමට හිතට ගනිමු. අපගේ ඇදහිල්ලේ ජීවිතයේ දුර්වලකම් මඟ හරවා ගනිමු! අපගේ ඇදහිල්ලේ ජීවිතයේ දුර්වලකම් මඟ හරවා ගනිමු! අපේ ප්‍රයත්නය, වෑයම ස්වාමින් වහන්සේ අගය කරනු නොඅනුමානය.

    එබැවින් ඒ සඳහා විශ්වාසයෙන් යුක්තව දෙවිඳු යදිමු. සැබෑ කතෝලිකයකු විමට ප්‍රයත්න දැරීමම දෙවිඳාණෝ අගය කරනු ඇත.

    අප සැම අපේ දිවි පැවැත්ම ශු.ලියවිල්ලෙන් ආලෝකමත්කර ගනිමු! ආමෙන් !

    ReplyDelete
    Replies
    1. @pra jay අපේ මිෂනරි තුමා විතරක් නෙමේ ඉස්ලාම් ඇනෝ සහෝදරයෙකුත් ඉන්නවා...

      Delete
    2. බුදු අම්මෝ. මං ඉල්ලං කෑවද මංදා. දැන් හින්දු ( ශිවයිට්, විශ්නුයිට්, බ්‍රහ්මයිට් ඇතුලු සියලු ප්‍රභේද සහිතව ), බෞද්ධ (බුදු හාමුදුරුවන්ගේ බෞද්ධ, සිංහල බෞද්ධ, ලඟදී රහත් බෞද්ධ, මහායාන, තන්ත්‍රික් ඇතුලු සියලු ප්‍රභේද ) ධර්ම ප්‍රචාරයත් මෙහෙ වෙයිද?
      එතකොට හූනියම්, බලි, සාස්තර, කේන්දර, කනප්පු, අංජනම්, ජීවම් ආදී ඕල්ටනේට් ඕගැනික් ග්‍රීන් ධර්ම ප්‍රචාරක භවතුනුත් එයිද?
      ඇත්තම කියනවා නම් මං නම් පුද්ගලිකව මේ විනීත ශීලාචාර ඇනෝ මිශනාරී වැඩ කියවීම එන්ජෝයි කරනවා. ඒත් එයින් ඔබේ බ්ලොගයට අවඩැක් වෙතැයි මිතිලට හැඟෙනවා නම් මං මේවාට respond කරපු එක ගැන සමාවෙන්න

      Delete
    3. ඒකට කමක් නෑ ප්‍රා.ජේ... කමෙන්ට් කරන එක එයාලගෙ අයිතියනේ... අදහස් ප්‍රකාශ කරන එකට මං කොයි වෙලාවකවත් විරුද්ධ නෑ... මමත් කැමතියි අපේ මිෂනරි තුමා ලියන ඒවා කියවලා ටිකක් එන්ජෝයි කරන්න... වෙනසකටත් එක්ක... :D

      Delete
    4. Udin three wheeler ekak thiyanna bayda pallehta enna?

      Delete
  4. කමෙන්ට් ටික බැලුව විතරයි මතක, මාව නිකන් කරකවල අතහැරිය වගේ

    ReplyDelete
  5. මහාභාරත් සටනටත් ඔය කී්‍රඩාව බලපෑවනෙ.

    ReplyDelete
  6. ම්... ඒකත් එහෙමයි.

    ජයවේවා!!!

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...