Thursday, July 13, 2017

මිනිස් ඇටකටු පල්ලිය

දකුණු ඉතාලියේ ඔට්‍රැන්ටො හි පිහිටි පල්ලිය යම් දෙයකට ප්‍රසිද්ධියක් උසුලයි. ක්‍රි.ව. 15 වන සියවසේදී ඔටෝමන් තුර්කිවරුන්ගේ රෝම ආක්‍රමණයෙන් මියගිය 800 දෙනෙක්ගේ හිස්කබල් හා ඇටකටු එම පල්ලිය තුල ප්‍රදර්ශනයට තබා තිබේ. මොවුන් තම ආගමික ඇදහිලි නිසාවෙන් දිවිදුන් අය ය. මෙම පල්ලිය Cathedral of Santa Maria Annunziata ලෙස හදුන්වයි.

 ඔටෝමන්වරු ගෙඩික් අහමඩ් පාෂාගේ නායකත්වය යටතේ ඔට්‍රැන්ටෝ වැටලීම ආරම්භ කරන ලද්දේ 1480 වර්ෂයේ ජූලි මස 28 වන දිනයි. මුලදී ඔට්‍රැන්ටෝ හි හමුදාව ඉතා හොදින් මෙයට ප්‍රතිචාර දැක්වූ අතර ක්‍රමක්‍රමයෙන් හමුදාව දුර්වල විය. නගරය අතහැර යාම පිලිබඳ කටකතා පැතිරීමත් සමඟ එහි හමුදාවද සටන අතහැර යාමට පටන් ගත්තේය.

 දින 15කට පසු ඔටෝමන්වරු නගරයේ දොරටු බිඳ දමා නගරය අල්ලා ගත්තේය. කාන්තාවන් හා කුඩා ලමයින් ඇල්බේනියන් වහල් සේවයට විකුණන ලදි. වයස අවුරුදු 15ට වැඩි පිරිමින් හා ලමයින් මරාදමන ලදි. මෙහිදී 12000කට ආසන්න ප්‍රමාණයක් මරාදැමුණු අතර 5000කට ආසන්න ප්‍රමාණයක් වහලුන් බවට පත් කලේය.

 මෙම ඔටෝමන් තුර්කිවරුන් හොද හැදිදැඩි සිරුරු තිබූ පිරිමින් 800 දෙනෙක් තෝරාගෙන ඔවුන්ට ඉස්ලාම් දහම වැළඳ ගැනීමට බල කලේය. " මේ අපගේ ආත්ම ගලවාගැනීමට සටන් කල යුතු කාලයයි. ජේසුස්වහන්සේ අප උදෙසා කුරුසිපත් වී මිය ගිය නිසා උන්වහන්සේ වෙනුවෙන් අප අපගේ දිවි ලබා දිය යුතුයි" යැයි ඇන්ටෝනියෝ ප්‍රිමල්ඩි නැමැත්තෙකු එවිට පැවසූ බව සදහන් වේ. ඉන්පසු ඔටෝමන්වරු මෙම මිනිසුන්ව මිනෙර්වා නැමැති කන්දක් මතට රැගෙන ගොස් සියලුම දෙනාගේ හිස් සිඳලීමට පටන් ගත්තේය. එය ආරම්භ කලේ ප්‍රිමල්ඩි නැමැත්තාගෙනි.

 නගරය වටලෑම අතරතුර නේප්ල්ස් හි ෆර්ඩිනන්ඩ් රජු වෙතින් උදව් ඉල්ලා සිටියද ඔහුට 1480 අගෝස්තු හා සැප්තැම්බර් අතර කාලයේදී නගරය නැවත අල්ලා ගැනීමට නොහැකි විය. මේ වන විටත් යුද්ධයක සිටි ඇරගන්හි ඇල්ෆොන්සො ඔට්‍රැන්ටො නිදහස් කර ගැනීමට පෙරමුණ ගත්තේය. ඔහු එසේ කලේ ඔටෝමන්වරු තම රාජ්‍යයට තර්ජනයක් යැයි හැගුණු නිසාවෙනි. ඔහුට උදව් කිරීමට මත්තියස් රජුද පැමිණියේය. 1481 වසන්ත සමය වන විට මොවුන්ට සාර්ථකව නගරය නැවත ඔටෝමන්වරුන්ගෙන් බේරාගත හැකි වීය. තම ඇදහිලි වෙනුවෙන් දිවි දුන් 800 දෙනාගේ සිරුරු 1481 ඔක්තෝම්බර් 13 වන දින ඔට්‍රැන්ටො හි පල්ලියට ලබාදෙන ලදි.

 යම් පුද්ගලයෙක්ව සාන්තුවරයට එසවීම දීර්ඝ කාලීන ක්‍රියාදාමයකි. ඉහත සදහන් කල පුද්ගලයන් 800 දෙනාව සාන්තුවරයට එසවීම ආරම්භ කලේ 1539 දීය. මෙය අවසන් වූයේ 2013 මැයි මස 12 වෙනි දිනය. තම ඇදහිලි වෙනුවෙන් දිවි දුන් මේ 800දෙනා දැන් හදුන්වන්නේ ඔට්‍රැන්ටෝහි සාන්තුවරයන් ලෙසය.

  මූලාශ්‍ර:
1) https://www.unbelievable-facts.com/2016/12/martyrs-of-otranto.html

2) https://en.m.wikipedia.org/wiki/Martyrs_of_Otranto

3) https://en.m.wikipedia.org/wiki/Otranto_Cathedral#15th_century

50 comments:

  1. Replies
    1. ලිඛිතා,

      ඔබ හමුවීම සතුටකි.

      - වාචිකා

      Delete
    2. මටත් ඔබ හමු වීම මාර ආතලයකි.

      මෙයට,

      කථිකා

      Delete
  2. බටහිර ක්‍රිස්තියානි නූතනක්වය ගොඩනැඟී ඇත්තේ පෙරපැවති කතෝලික සංස්කෘතිය පරාජය කරගෙනයි.
    අදවනවිට බටහිරයුරෝපයේ ඇති එකම කතෝලික රට වතිකානුව පමණයි. අනිත් සියළු රටවල් යුදෙව් ක්‍රිස්තියානි රාජ්‍යයයි.
    එසේ පරාජය කලත් තවමත් කතෝලික සංස්කෘතිය වඳකර දැමීමට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හැකිවී නෑ.
    එමනිසා බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කතෝලික සංස්කෘතියට වෛර කරනවා. මෙය සිංහල බෞද්ධයන්තුල දෙමළ ජාතිවාදයට ඇති විරෝධයට සමකල හැකියි.
    බටහිර ඉතිහාසඥයන් සහ බටහිර කලා කරුවන් හැකිතාක් දුරට කතෝලික සංස්කෘතිය නිර්ධය ලෙස විවේචනය කරනු දැකිය හැකියි. එයට එකම හේතුව ඔවුන් කතෝලික ‍සංස්කෘතියට අයිති නොවීමයි.

    ඔය ගැන නලීන් ද සිල්වා මහතා අපූරු ප්‍රකාශයක් කලා
    "පාප් වහන්සේ කියන තරම් නරක මිනිහෙක් නෙමෙයි"

    මේ වනවිට බටහිරයන් කතෝලික ආගමට සලකන්නේ එය තමන්ට තර්ජනයක් වන ජාතිකත්වයන්ට එරෙහිව යොදාගන්න පුළුවන් වෙලාවට විතරයි.
    උදාහරණයක් විදියට චීන, උතුරුකොරියානු, කතෝලිකයන්ට බටහිරයන් ආදරෙයි.

    කෙසේවෙතත් යුරෝපීය රටවල් වල මුස්ලිම් ජනගහනය ඉහල යමින් තියෙනවා. මේ ගැටළුවට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තුල සාර්ථක විසඳුමක් නැතිවුනොත්
    බටහිර සාමාන්‍ය ජනතාව නැවත කතෝලික සංස්කෘතියට යොමුවිය හැකියි. එයින් සිදුවනුයේ බටහිර සමාජය කතෝලික බයියන් සහ යුදෙව් ක්‍රිස්තියානි ටොයියන් ලෙස බෙදීමයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ජගත්, මම දන්නේ නැහැ ඔයා ඔය වගේ නිගමනවලට කොහොම එනවාද කියලා. පැහැදිලිවම පාප්ගේ සහ පල්ලියේ ගතානුගතික, අධිපතිවාදී ප්‍රවේශයන් බටහිර ප්‍රතික්ෂේප කරනවා. ඇත්තවශයෙන්ම බටහිර පමණක් නොවේ ලංකාවේ ඇතැම් කතෝලිකයන් පවා. කතෝලික සහ ක්‍රිස්තියානි යුද්ද පවා තිබී තිබෙනවා. එහෙත් ඒ අවුරුදු 400කට එපිට, අද තියෙන්නේ කතෝලික ආගම සිය සංස්කෘතික අනන්‍යතාවයේ මුල් පදනම යැයි සලකන බටහිරක්. දැන් ඒගොල්ලෝ කථා කරන්නේ කොහොමද කතෝලික - ක්‍රිස්තියානි පල්ලි වෙන වෙනම පවතින අතරම ඒකාබද්දව සිටිනේ කියන එක සම්බන්දවයි. දැනටමත් එහි කටයුතු සිදුවෙමින් පවතිනවා. බෙනඩික් පාප්වරයා ඒ සම්බන්දයෙන් අවශ්‍යකරන සියළු පදනම් සකස්කල තැනැත්තා ලෙස ඉතිහාසගතවීත් හමාරයි. ජගත් ඔයත් නලින්ද සිල්වා වගේ, ලංකාවේ බොහෝ දෙනෙක් වගේ, බටහිර-කතෝලික-ක්‍රිස්තියානි දේවල් එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් අතගාලා තේරුම් ගන්න යෑමෙන් ඔයාටවත්, සමාජයටවත් යහපත් ප්‍රයෝජනයක් අත්වෙන්නේත් නැහැ, ප්‍රගමනයක් සිදුවෙන්නේත් නැහැ. වෙන්නේ ඒක තැන පල්වීම විතරයි.

      Delete
    3. යේසුස් ක්‍රිස්තුස් ස්ථාපිත කළේ එක සභාවක් පමණයි. එම සභාව ආත්මික ශරීරයක් හා ආත්මික පවුලක් මෙන් විය. අප මින් අදහස් කරන්නේ එම සභාව දෙවිගේ ශුද්ධාත්මය මගින් තෝරාගන්නා ලද ජනයාගෙන් සමන්විත සමූහයක ඒකරාශි වීමක් වූ බවයි. දෙවි ඒ සියලුදෙනාවම පිළිගත්තේ ඔහුගේ ‘දරුවන්’ ලෙසය.—රෝම 8:16, 17; ගලාති 3:26.

      ජනයාව සත්‍යය හා ජීවනය වෙතට මඟ පෙන්වීම සඳහා දෙවි උපයෝගි කරගත්තේ එක මාර්ගයක් පමණක් බව යේසුස් ඉගැන්වූයේය . මෙම වැදගත් සත්‍යය පැහැදිලි කිරීම සඳහා යේසුස් සදාකාල ජීවනය ලබාගැනීම, මාර්ගයක ගමන් කිරීමට සමාන කළේය. මේ ගැන ඔහු මෙසේ පැවසුවේය. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්ය, බොහෝ ඉඩ කඩද ඇත. එයින් ඇතුල් වන්නෝද බොහෝය. නමුත් ජීවනය කරා යන පාර අවහිරය, එහි දොරටුව පටුය. එය සොයාගන්නේ ස්වල්පදෙනෙකුය.”—මතෙව් 7:13, 14, NW; යොහන් 14:6; ක්‍රියා 4:11, 12.

      Delete
    4. ජගත්,

      මූලිකවම කතෝලික, ක්‍රිස්තියානි අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ දරුවෝ.

      "කතෝලික සභාව ගැන කතා කරද්දී අපගේ සිතෙහි මැවෙන්නේ ලෝක ව්‍යාප්ත, සර්වලෝක, සංවිධානාත්මක සමාජයක්ය. එදා මුල් සියවසේ පැවති සභාව එවැන්නක් වූවා කියා අප නොසිතිය යුතුයි.”

      මෙලෙස සඳහන් වන්නේ "ද නිව් ඩික්ෂනරි ඔෆ් තියොලජි" නමැති ග්‍රන්ථයේය. මුල් සියවසේ සභාව එසේ නොපැවති බව පැවසිය හැක්කේ කෙසේද? “හුදෙක් සරල හේතුවක් නිසාය. එනම්, එවන් විධිමත්ව සංවිධානය කරන ලද සමස්ත ලෝක සමාජයක් තිබුණේ නැත” කියා එම ග්‍රන්ථයේම සඳහන් වේ.

      මුල් ක්‍රිස්තියානි සභාව කිසිම ආකාරයකින් අද අප දකින පල්ලි ක්‍රම මෙන් අතිශයින්ම විධිමත් ලෙස ව්‍යූහගත වී නොතිබුණු බව පිළි නොගැනීමට කිසිම කෙනෙකුට සාධාරණ පදනමක් නැත. එහෙත් එය සංවිධානය වී තිබිණ. එක් එක් සභා තම අභිමතය පරිදි කටයුතු කළේ නැත. ඒ සෑම සභාවක්ම යෙරුසලමෙහි පිහිටි පාලක මණ්ඩලයකට තිබූ අධිකාරය පිළිගත්තේය. ප්‍රේරිතවරුන්ගෙන් හා යෙරුසලමෙහි පිහිටි සභාවේ සිටි වැඩිමහල්ලන්ගෙන් සමන්විත වූ එම මණ්ඩලය මගින් ක්‍රිස්තුස්ගේ ‘එක ශරීරයක්’ මෙන් වූ සභාවේ එක්සත්කම රැකගැනීමට අවශ්‍ය උපකාරය සපයන ලදි. (එපීස 4:4, 11-16; ක්‍රියා 15:22-31; 16:4, 5.)

      ඒ එක සත්‍ය සභාවට සිදු වූයේ කුමක්ද? අද තිබෙන බලවත් කතෝලික සභාව බවට පත් වී තිබෙන්නේ එයද? අද අපට දැකිය හැකි කොටස්වලට වෙන් වී තිබෙන රෙපරමාදු සභා ක්‍රමය බවට පත් වී තිබෙන්නේ එයද? එසේත් නැත්නම් වෙනත් යමක් සිදු වූවාද? දැන් අපි මේ ගැන විමසා බලමු ජගත්,

      Delete
    5. එම ප්‍රශ්න වලට පිළිතුරු සොයාගැනීම සඳහා, යම් දවසකදී සිදු වන දෙයක් ගැන යේසුස් ක්‍රිස්තුස් පැවසූ වදන් හොඳින් සලකා බලමු. තමා පිහිටවූ සභාව ඉතිහාසයෙන් මැකී යෑම යේසුස් අපේක්ෂා කළ දෙයක් බවත් එවන් කනගාටුදායක තත්වයක් සියවස් ගණනාවක් පුරා පැවතීමට ඔහු ඉඩහරින බවත් දැනගන්න ලැබීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි.

      ඔහුගේ සභාව “ස්වර්ග රාජ්‍යය” සමඟ සම්බන්ධ කරමින් ඔහු මෙසේ පැවසුවේය.

      “තම කෙතෙහි හොඳ බීජ වැපුරූ මිනිසෙකුට ස්වර්ග රාජ්‍යය සමානය. මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය. පැළ වැඩී පල දැරූ විට, කිරිඳිත් මතු විය. එබැවින් ගෙහිමියාගේ දාසයෝ ඇවිත්, ‘ස්වාමිනි, ඔබේ කෙතෙහි ඔබ වැපුරුවේ හොඳ බීජ නොවේද? එසේනම් එහි කිරිඳි තිබෙන්නේ කෙසේද?’ යයි ඔහුගෙන් ඇසූහ. ‘සතුරෙක් මෙය කර තිබේ’ යයි ඔහු ඔවුන්ට කීවේය. එවිට ඔවුහු කතා කොට, ‘එසේනම්, අප ගොස් ඒවා එකතු කරනවාට ඔබ කැමතිද?’ යයි ඔහුගෙන් ඇසූහ. ඔහු මෙසේ කීවේය: ‘එසේ නොකරන්න. මන්ද, එසේ කළොත්, කිරිඳි එකතු කරද්දී ඒ සමඟම තිරිඟුත් ඉදිරෙන්න පුළුවන. කපන කාලය දක්වා දෙවර්ගයටම එකට වැඩෙන්න හරින්න. එවිට කපන කාලයේදී, මම කපන්නන්ට කතා කොට, පළමුවෙන් කිරිඳි එකතු කර ඒවා පුලුස්සා දමන පිණිස මිටි බඳින්න කියාත්, ඉන්පසු තිරිඟු මාගේ ගබඩාවේ රැස් කරන්න කියාත් කියන්නෙමි.’” (මතෙව් 13:24-30, ණ්W.)

      ‘බීජ වැපුරූ මිනිසා’ තමා බව යේසුස් පැහැදිලි කළේය. ‘හොඳ බීජවලින්’ නියෝජනය කළේ ඔහුගේ සැබෑ ගෝලයන්වය. ඔහුගේ “සතුරා” වූයේ සාතන් නමැති යක්ෂයාය. “කිරිඳි” වූයේ මුල් ක්‍රිස්තියානි සභාවට රිංගා ගත් ව්‍යාජ ක්‍රිස්තියානීන්ය. “කපන කාලය” වන “සමාජ ක්‍රමයක අවසාන කාල පරිච්ඡේදය” දක්වා “තිරිඟු” හා “කිරිඳි” එකට වැඩීමට තමන් ඉඩහරින බව ඔහු පැවසුවේය. (මතෙව් 13:37-43, ණ්W) මේ සෑම දෙයකින්ම අදහස් කළේ මොනවාද?

      මුල් ක්‍රිස්තියානි සභාව දූෂ්‍ය විය

      ප්‍රේරිතවරුන් මිය ගොස් වැඩි කලක් යන්න කලින් සැබෑ ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසූ ගුරුවරු ක්‍රිස්තියානි සභාව තුළින්ම නැඟිට එහි පාලනය ඔවුන්ගේ අතට ගැනීමට පටන්ගත්හ. ඔවුහු “තමුන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල්” පැවසූහ. (ක්‍රියා 20:29, 30, ණ්W) මෙහි ප්‍රතිඵලයක් හැටියට ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් ‘ඇදහිල්ලෙන් වැටී ගියහ.’ එමෙන්ම මේ අය ‘අසත්‍ය කතාවලට හැරී ගියහ.’ (1 තිමෝති 4:1-3; 2 තිමෝති 4:3, 4; ණ්W.)

      පොදු යුගයේ හතරවන සියවස වන විට, “කතෝලික ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් වී තිබිණ” කියා ද නිව් ඩික්ෂනරි ඔෆ් තියොලජි නමැති ශබ්දකෝෂයේ සඳහන් වේ. “ගිහි හා පැවිදි සමාජයක සන්ධානගත වීමක්” දක්නට තිබිණ. සභාව හා රජය එකට එකතු වීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ එම සමාජ ක්‍රමය මුල් ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. (යොහන් 17:16; යාකොබ් 4:4) එම මූලාශ්‍රයේම සඳහන් වන්නේ සභාවේ සම්පූර්ණ ව්‍යූහය හා ස්වභාවය මෙන්ම එහි මූලික විශ්වාසයන් රාශියක් ප්‍රබල වෙනස්කම්වලට ලක් වූ බවයි. මෙම වෙනස්කම් සිදු වූයේ ‘පරණ තෙස්තමේන්තුවේ හා නව ප්ලේතෝනික අදහස්වල අමුතු මෙන්ම දූෂිත සම්මිශ්‍රණය වීමක ප්‍රතිඵලයක්’ ලෙසය. යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කළාක් මෙන් ව්‍යාජ ක්‍රිස්තියානීන් සශ්‍රීකව වැඩෙද්දී ඔහුගේ සැබෑ ගෝලයන් දසුනෙන් ඉවත් විය.

      Delete
    6. “තිරිඟු” වෙනුවට “කිරිඳි”

      යම්කිසි විෂ සහිත එක්තරා කිරිඳි වර්ගයක් වැඩෙන කාලයේදී බොහෝදුරට තිරිඟු හා සමාන පෙනුමක් ගනී. එලෙසම නියම තිරිඟුවලින් කිරිඳි වෙන් කර හඳුනාගැනීම කොතරම් අමාරු දෙයක්ද කියා යේසුස්ට සවන් දුන් අය දැන සිටියහ. යේසුස් එම උපමාව යොදාගනිමින් පැහැදිලි කළේ ව්‍යාජ ක්‍රිස්තියානීන්ගෙන් සැබෑ ක්‍රිස්තියානීන්ව වෙන් කර හඳුනාගැනීම යම් කලකට අමාරු දෙයක් වනු ඇති බවයි. ක්‍රිස්තියානි සභාව සම්පූර්ණයෙන්ම පැවැත්මෙන් තොර වන බව ඉන් අදහස් නොකරයි. මන්ද “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා” ඔහුගේ ආත්මික සහෝදරයන්ට අඛණ්ඩව මඟ පෙන්වීම ලබා දෙන බවට යේසුස් පොරොන්දු වූයේය. (මතෙව් 28:20, NW) තිරිඟුවල වැඩීම අඛණ්ඩව සිදු වන බව යේසුස් පැවසුවේය. යුග ගණනාවක් පුරා සැබෑ ක්‍රිස්තියානීන් පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ඉදිරියට ගෙන යෑමට ඔවුන්ට හැකි උපරිමය කළ බවට සැකයක් නැත. එනමුත් ඔවුන්ව පැහැදිලිව හඳුනාගත හැකි සංවිධානයක් ලෙස දැකගත නොහැකි විය. ඉතිහාසය පුරාම යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයට අපකීර්තියක් ගෙන ඒම හැර වෙන කිසිවක් කර නොමැති, සැබෑ ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන පැහැදිලිව දැකගත හැකි ආගමික පද්ධතියට වඩා ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් විය. (2 පේතෘස් 2:1, 2.)

      ‘නීතිය නොතකන මනුෂ්‍යයා හෙළි වේ’

      මෙම ව්‍යාජ ආගමික පද්ධතිය හඳුනාගත හැකි ලක්ෂණයක් ගැන ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේය. ඔහු මෙසේ ලීවේය. “කිසිවෙකුට කිසිසේත් ඔබව රවටන්න ඉඩ නොදෙන්න. මන්ද, ඇදහිල්ලට විරුද්ධව කැරැල්ල පළමුවෙන් පැමිණ, නීතිය නොතකන මනුෂ්‍යයා එනම් විනාශයේ පුත්‍රයා හෙළි වන තෙක් [යෙහෝවාගේ දවස] පැමිණෙන්නේ නැත.” (2 තෙසලෝනික 2:2-4, NW) “නීතිය නොතකන [මේ] මනුෂ්‍යයා” වෙන කිසිවෙකු නොව පූජක පන්තියයි. මොවුන් “ක්‍රිස්තියානි” සභාවේ පාලන තනතුරු දරමින් තමන්වම උසස් කරගෙන ඇත.

      ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීම පටන්ගත්තේ ප්‍රේරිත පාවුල්ගේ කාලයේදීය. ප්‍රේරිතවරුන්ගේ අභාවයත් සමඟම ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීම මැඩපැවැත්වීමට ඔවුන් දැරූ වෑයම නතර වූ හෙයින් එය වේගයෙන් වැඩි වර්ධනය විය. පාවුල් පැවසූ පරිදි “සාතන්ගේ ක්‍රියා කිරීමට අනුව, සියලු බලවත් ක්‍රියාවලින්ද, බොරු ලකුණු සහ පෙර නිමිතිවලින්ද, සියලු අධර්මිෂ්ඨ රැවටිලිකාරකම්වලින්ද යුක්ත [වීම]” නිසා එය පැහැදිලිව හඳුනාගත හැකි වනු ඇත. (2 තෙසලෝනික 2:6-12, NW) එම වදන්වලින් ඉතිහාසය පුරා සිටි ආගමික නායකයන් බොහෝදෙනෙකුගේ ක්‍රියාවන් මොනතරම් නිවැරදිව විස්තර කෙරේද?

      කතෝලික නායකයන් කියා සිටින්නේ එකම සත්‍ය සභාව රෝමානු කතෝලික සභාව බවයි. ඔවුන් ඊට පදනම වශයෙන් කියා සිටින්නේ “ඔවුන්ගේ බිෂොප්වරුන් පුරාණයේ සිටි අපෝස්තුලුවරුන්ගේ අනුප්‍රාප්තිකයන් ලෙස අඛණ්ඩව පැවතෙන උරුමයකට හිමිකම් කියන” බවයි. එසේ අපෝස්තුලුවරුන්ගේ අනුප්‍රාප්තිකයන් බව කියා සිටීමට ඓතිහාසික හෝ ශුද්ධ ලියවිලිමය වශයෙන් කිසිදු පදනමක් නොමැත. යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු නැඟී සිටි සභා ක්‍රමය දෙවිගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ බවට විශ්වාසවන්ත සාක්ෂි සොයාගැනීමට නැත. (රෝම 8:9; ගලාති 5:19-21.)

      කතෝලික සභාවේ සිදු කළ ‘ප්‍රතිසංස්කරණයට’ පසු බිහි වූ සෙසු සභා ගැන කුමක් කිව හැකිද? ඔවුන් මුල්ම ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාත්මක වූ විධිවිධානය ආපසු ක්‍රියාත්මක කළාද? මුල්ම ක්‍රිස්තියානි සභාවේ නිර්මලත්වය ඔවුන් යළි ඇති කළාද? කතෝලික ප්‍රතිසංස්කරණයෙන් පසු සාමාන්‍ය ජනයාගෙන් බහුතරයකට ඔවුන්ගේම භාෂාවෙන් බයිබලය ලබාගත හැකි වූ බව සත්‍යයකි. එහෙත් ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මෙම සභා වැරදි ඉගැන්වීම් දිගටම ඉගැන්වූ බවයි. (මතෙව් 15:7-9.)

      කෙසේවෙතත් මේ කාරණය සැලකිල්ලට ගන්න. කිසිම සැකයකට ඉඩක් නොතබමින් යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කළේ, ඔහුගේ එකම සත්‍ය සභාව යළි ස්ථාපිත කරනු ලබන්නේ සමාජ ක්‍රමයක අවසාන කාල පරිච්ඡේදය කියා ඔහු හැඳින්වූ කාලයක බවයි. (මතෙව් 13:30, 39, NW) අප ජීවත් වන්නේ එම කාලයේ බව බයිබල් අනාවැකිවල ඉටුවීමෙන් පැහැදිලි වේ. (මතෙව් 24:3-35) මෙම සත්‍යය සැලකිල්ලට ගනිමින් අප එක් එක්කෙනා මෙසේ අසාගත යුතුයි. ‘එම එක සත්‍ය සභාව තිබෙන්නේ කොහේද?’ එම සභාව වඩ වඩා පැහැදිලිව හඳුනාගත හැකි තත්වයක තිබිය යුතුයි.

      ඔබ දැනටමත් එම සභාව සොයාගෙන තිබෙන බව ඔබට හැඟෙන්නට පුළුවන. ඔබ ඒ ගැන සහතික වීම වැදගත්. මන්ද? මුල් සියවසේදී මෙන් අද දිනද තිබිය හැක්කේ එක සත්‍ය සභාවක් පමණක් වන නිසාය. ඔබ අයත්ව සිටින සභාව මුල් සියවසේ තිබූ ක්‍රිස්තියානි සභාව ක්‍රියාත්මක වූ ආකාරයට ඉතා සමානව ක්‍රියාත්මක වෙනවාද කියාත්, යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පක්ෂපාත ලෙස අනුබල දෙනවාද කියාත් තහවුරු කරගැනීම සඳහා ඔබ කාලය ගෙන තිබෙනවාද? ඉතින් ජගත් කල් නොදමා මේ ගැන පරීක්ෂා කර බැලීම හොඳ අදහසක් නොවේද?

      Delete
    7. ඔයා දන්නවද?
      1914දී මිකායෙල් කියන දේවදූතයා (දෙවි වසර 33ක කාලයකට ඔහුව පොළවට එව්වා එකල ඔහුට කීවේ ජේසු කියලා) ස්වර්ගයේ රජු වුනා.
      ඒ සමඟම ඔළු 5ක්ද අං 7ක්ද ඇති මකරා වන, සාතන් පොළවට හෙලනු ලැබුවා. එයින් වසරකට පසු පලමු ලෝක යුද්ධය ඇතිවුනා.
      සාතන්ට සේවය කරන බොරු ආගම් හැම එකක්ම යුද්ධයේදී විවිධ පැති වලට සහය දුන්නා.
      එකල ඇමරිකා එක්සත් රාජ්‍යයේ සිටි සැබෑ ක්‍රිස්තියානින් දේව වචනය පරිදි පොළවේ කිසිදු රාජ්‍යයකට සම්බන්ධ නොවී ස්වර්ගයේ ඇති දෙවිගේ රාජ්‍යයට පමනක් පක්ෂපාතී වීමට තීරණය කලා.
      එය පහසු වුනේ නෑ. සාතන් ඔවුන්ට දැඩිලෙස පීඩා කලා.
      එකල ඇමරිකා එක්සත් රාජ්‍යයේ පොදු ස්ථානවල ජාතික කොඩිය ඔසවා තැබීම, සාමූහිකව ජාතික ගීය ගැයීම. රණවිරුවන්ට උපහාර දැක්වීම වැනි කටයුතු කෙරුනා.
      සැබෑ ක්‍රිස්තියානින් ඒවාට හවුල්වීම ප්‍රතික්ශේප කලා. එවිට ජාතිවාදීන් ක්‍රිස්තියානින්ට නින්දා අපහාස කලා,
      ඔවුන්ගේ නිවාස ගිනි තැබුවා,
      ගම්මාන වලින් පලවා හැරියා,
      සමහරු මරා දැමුවා,
      සමහර සහෝදරවරුන්ගේ වෘෂණ ඉවත්කලා.
      එසේම අනිවාර්ය හමුදා සේවය ප්‍රතික්ශේපකල සහෝදරවරුන් සිරගතකලා.
      ඒ කුමක් කලත් සැබෑ ක්‍රිස්තියානින් වැඩි දෙනෙකුගේ ඇදහිල්ල වෙනස් කරන්න ඒවාට හැකිවුනේ නෑ. ඔවුන් ප්‍රාණ පරිත්‍යාගයෙන් සිය ඇදහිල්ල රැකගත්තා.

      Delete
    8. //1914 මිකායෙල් කියන දේවදූතයා ස්වර්ගයේ රජවුනා// ක්‍රිස්තියානි ආගමයි පුරාණ යුදෙව් ඇදහිලියි පටලවගන්න එපා... 1914 මොකක්ද??

      අනික සාතන් කියන්නෙ සංකල්පයක්.. සතෙක්වත් මොකෙක්වත් නෙමේ... ඔය සත්ව ස්වරූපය ඔලුවට මැවෙන්නෙ පරිවර්තන දෝෂ නිසා... වැරැද්දක් කිරීමට සිතට එන සිතිවිලි තමා පස්සෙ කාලෙ පරිවර්තන වලදි සාතන් උනේ... මතක විදිහට ඩියාබොලොස් තමා මුල් නම... ග්‍රීක් වචනයක්...

      Delete
    9. 1. යේසුස් රජකම් කරන්නේ කාගේ රාජ්‍යයේද?
      දාවිත් රජගෙන් පැවතෙන කෙනෙක් ඔහුගේ සිංහාසනයේ ඉඳලා හැමදාටම රජකම් කරනවා කියලා දෙවි කලින්ම කිව්වා. ඔහු තමයි යේසුස්. දැනටමත් ඔහු ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවිගේ රාජ්‍යයේ රජකම් කරනවා.—ගීතාවලිය 89:4; ලූක් 1:32, 33 කියවන්න.

      යෙහෝවා දෙවි ඊශ්‍රායෙලයේ රජ විදිහට දාවිත්ව පත් කළා. එයාගෙන් පස්සේ රජ විදිහට යෙහෝවා දෙවි තේරුවේ සලමොන්ව. (1 ලේකම් 28:4, 5; 29:23) සලමොන්ට පස්සේ යෙරුසලමේ රජවරුන් කිහිපදෙනෙක්ම හිටියා. ඒ අතරින් හුඟදෙනෙක් යෙහෝවා දෙවිට අකීකරු වුණා. ඒ නිසා යෙරුසලම යටත් කරගන්න යෙහෝවා දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරියා. ඒක සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 607දියි. එදා ඉඳලා දාවිත්ගේ පෙළපතින් ආපු කිසිම කෙනෙක් යෙරුසලම පාලනය කළේ නැහැ.—එසකියෙල් 21:27 කියවන්න.

      2. නැවත දාවිත්ගේ පෙළපතින් රජෙක් බිහි වීමට කොතරම් කාලයක් ගත වුණාද?
      නැවත රජ කෙනෙකුව පත් කරනවා කියලත් ඔහු පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳලා කියලත් යෙරුසලම විනාශ වීමෙන් ටික කාලෙකට පස්සේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ දානියෙල් මාර්ගයෙන් දැනුම් දුන්නා. ඒ රාජ්‍යය පිහිටෙව්වේ කවදාද?—දානියෙල් 7:13, 14. කියවන්න.

      විශාල ගසක් කපලා දානවා පුරාණයේ හිටිය රජ කෙනෙක් දර්ශනයකින් දැක්කා. ඒකේ තේරුම යෙහෝවා දෙවි දානියෙල් මාර්ගයෙන් පහදලා දුන්නා. ඒකෙන් අදහස් කළේ යෙරුසලමේ විනාශය. ‘කාලවල් සතකට’ පස්සේ ගහේ කඳ ආයෙත් වැවෙන්න නියමිතව තිබුණා. කාලවල් හතක් කියන්නේ කොච්චර කාලෙකටද? කාලවල් තුනහමාරක් දවස් 1,260කට සමානයි කියලා බයිබලයේ තියෙනවා. ඒ අනුව “කාලවල් සත” දවස් 2,520කට සමානයි. (එළිදරව් 12:6, 14) බයිබලයේ අනාවැකි ගැන සඳහන් වෙද්දී බොහෝවිට එක දවසකින් අවුරුද්දක් නියෝජනය වෙනවා. (ගණන් කතාව 14:34) ඒ අනුව දාවිත්ගේ පෙළපතින් රජෙක් පත් වෙන්න යෙරුසලම විනාශ වුණ දවසේ ඉඳලා අවුරුදු 2,520ක් ගත වෙනවා.—දානියෙල් 4:10-17 කියවන්න.

      3. යේසුස් රජ වුණේ කවදාද?
      යෙරුසලම විනාශ වෙලා හරියටම අවුරුදු 2,520කට පස්සේ එනම්, 1914දී යෙහෝවා දෙවි, යේසුස්ව රජ ලෙස පත් කළා. ඔහු ස්වර්ගයේ රජ වූ ගමන් සාතන්වත් භූතයන්වත් ස්වර්ගයෙන් පැන්නුවා. (එළිදරව් 12:7-10, 12) ඒ සිද්ධිය පොළොවේ හිටිය කිසිම මනුෂ්‍යයෙක් දැක්කේ නැහැ. හැබැයි ඒ සිද්ධියේ ප්‍රතිඵල 1914 ඉඳලා හැමෝටම පැහැදිලිව දැකගන්න ලැබුණා.—මතෙව් 24:14; ලූක් 21:10, 11, 31 කියවන්න.

      Delete
    10. මිකායෙල් යනු කවුද?

      මිකායෙල් කියා හඳුන්වනු ලබන දේවදූතයා ගැන බයිබලයේ සඳහන් වන්නේ ස්ථාන කිහිපයක පමණයි. ඔහු ගැන සඳහන් ඒ ස්ථානවලින් ඔහු ක්‍රියාශීලී කෙනෙකු බව පැහැදිලියි. උදාහරණයකට දානියෙල්ගේ වාර්තාවට අනුව ඔහු සාතන් ඇතුළු භූතයන්ට විරුද්ධව සටන් කරනවා. එමෙන්ම මිකායෙල් හා සාතන් අතර මතභේදයක් ඇති වූ බව යූද් සඳහන් කර තිබෙනවා. මිකායෙල්, සාතන් හා භූතයන් සමඟ යුද්ධ කරන බව එළිදරව් පොතේ සඳහන් වෙනවා. මිකායෙල් යන නමේ අර්ථය “දෙවිට සමාන කවුද” යන්නයි. දෙවිගේ පාලනය යුක්තිසහගත බව තහවුරු කිරීමට පියවර ගනිමින් දෙවිගේ සතුරන්ට විරුද්ධව ඔහු සටන් කරන නිසා එම නාමය ඔහුට කොතරම් හොඳින් ගැළපෙනවාද! ඇත්තෙන්ම මිකායෙල් යන නමින් හඳුන්වන්නේ කාවද?

      සමහර අවස්ථාවලදී එකම පුද්ගලයාව නම් කිහිපයකින් හඳුන්වනවා. උදාහරණයකට යාකොබ්ව ඊශ්‍රායෙල් යන නමින්ද පේතෘස්ව සීමොන් යන නමින්ද බයිබලයේ හඳුන්වා තිබෙනවා. (උත්පත්ති 49:1, 2; මතෙව් 10:2) බයිබලයේ සඳහන් විස්තරවලින් පැහැදිලි වන්නේ මිකායෙල් යන නම යේසුස්ව හඳුන්වන තවත් නමක් බවයි. යේසුස් පොළොවට පැමිණීමට පෙරත් පසුවත් ඔහුව එම නමින් හඳුන්වා තිබෙනවා. මිකායෙල් යන නමින් හඳුන්වන්නේ යේසුස්ව බව තහවුරු කරගැනීමට දැන් අපි බයිබලයේ සඳහන් තොරතුරු කිහිපයක් සලකා බලමු.

      අග්‍රදේවදූතයා. මිකායෙල්ව ‘අග්‍රදේවදූතයා’ ලෙස බයිබලයේ හඳුන්වා තිබෙනවා. (යූද් 9) ඉන් අදහස් කරන්නේ ඔහු ‘ප්‍රධාන දේවදූතයා’ බවයි. එම පදයේ මිකායෙල් ලෙස හඳුන්වා තිබෙන්නේ එක් දේවදූතයෙකුව පමණයි. එමෙන්ම බයිබලයේ ‘අග්‍රදේවදූතයා’ යන වචනය සෑමවිටම භාවිත කර තිබෙන්නේ ඒක වචන ස්වරූපයෙනුයි. අග්‍රදේවදූතයාට හිමි කාර්යභාරය ගැන බයිබලයේ සඳහන් විස්තරය යේසුස්ට හොඳින් ගැළපෙනවා. මන්ද නැවත නැඟිටුවන ලද ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් ගැන 1 තෙසලෝනික 4:16හි මෙසේ සඳහන් වෙනවා. “ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව ස්වර්ගයෙන් බැස එයි. ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි.” එම පදයෙහි ස්වාමි වූ යේසුස්ව අග්‍රදේවදූතයා ලෙස හඳුන්වා තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ අග්‍රදේවදූතයා වන යේසුස්ව මිකායෙල් යන නමින් හඳුන්වන බවයි.

      සෙන්පති. “මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 12:7) එම පදයට අනුව මිකායෙල්, විශ්වාසවන්ත දේවදූත සේනාවක සෙන්පතියා ලෙස කටයුතු කරනවා. එළිදරව් පොතේම තවත් ස්ථානයක යේසුස්වත් විශ්වාසවන්ත දේවදූත සේනාවක සෙන්පතියා ලෙස විස්තර කර තිබෙනවා. (එළිදරව් 19:14-16) පාවුල්ද එක් අවස්ථාවක “ස්වාමීන් වන යේසුස්” හා ‘ඔහුගේ බලවත් දේවදූතයන්’ ගැන සඳහන් කර තිබෙනවා. (2 තෙසලෝනික 1:7) ඒ අනුව මිකායෙල් හා ‘ඔහුගේ දූතයන්’ ගැනත් යේසුස් හා ‘ඔහුගේ දූතයන්’ ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 13:41; 16:27; 24:31; 1 පේතෘස් 3:22) නමුත් මිකායෙල් හා යේසුස්ගේ නායකත්වය යටතේ වෙන වෙනම ක්‍රියාත්මක වන දේවදූත සේනා දෙකක් ස්වර්ගයේ සිටින බව බයිබලයේ කිසිම ස්ථානයක සඳහන් වන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ මිකායෙල් යනු ස්වර්ගයේ සිට තම කාර්යයන් ඉටු කරන යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවන බවයි.*

      Delete
    11. පරණ ගිවිසුමේ තියෙන ඔක්කොම වගේ ක්‍රිස්තියානි ආගමට ඈඳ ගන්න එපා... කලින් කිව්වා වගේ පැරණි යුදෙව් ආගමික ඇදහිලි හා ක්‍රිස්තියානි ආගම පටලවගෙන තියෙන්නේ... පරණ ගිවිසුමේ තිබ්බ පලියට ඒක ක්‍රිස්තියානි ආගමට එන්නෙ නෑ... පාවුල් තුමාගෙ ලිපි වලයි අලුත් ගිවිසුමේ පොත් කාලයක් තිස්සෙ සංශෝදනය වුනා...

      මේ ගැන පැහැදිලි අවබෝධයක් අරගන්න නම් බයිබලය විතරක් කියවලා මදි... මේ ගැන ලියවිලා තියෙන අනෙක් මූලාශ්‍ර කියවන්න.... මම කිතුනු ධර්මාචාර්ය එකයි දේවධර්ම විද්‍යාලයෙන් දේවධර්මය පිලිබඳ ඩිප්ලෝමා එකකුයි කරා... ඒවයේ මේ අමතර මූලාශ්‍ර ගැන හොදහැටි ඉගැන්නුවා... ඔයා ගොඩක් දේවල් කලවම් කරගෙන ඉන්නෙ...

      Delete
    12. ජගත්,

      බයිබලය අඛන්ඩව වසර 1600 ක් පමණ පුරා කතුවරයින් 40කට වඩා ලියා ලියා තිබෙන පොතකි. පොත් එකතුවක් නොවේ. කතුවරයින් වුයේ රජවරුන්, ගැමියන්, දාර්ශනිකයින්, ධීවරයින්, වෛද්‍යවරයෙක්, බදු අය කරන්නෙක්, රාජ්‍ය තත්ත්‍රිකයින් විද්වතුන්, කවියන් හා ගොවියන්ය.

      එය ලියා ඇත්තේ ඉතාලිය, ග්‍රීසිය, බැබිලෝනිය, පර්සියාව, සහ ඉශ්‍රායලය වැනි විවිධ රට වලින්ය. මනුෂ්‍ය කතුවරයින් වෙනස් සංස්කෘතීන් තුල, වෙනස් අත්දැකීම් තුල ජීවත්වු අයයි. ඔවුන් චරිතයෙන් හා පෞරුෂත්වයෙන් වෙනස් අයවුහ. ඔවුන් භාෂා තුනකින් ලිවීය.

      පරණ ගිවිසුම: හෙබ්‍රෙව්, අරාමික
      අලුත් ගිවිසුම: ග්‍රීක්

      නමුත් බයිබලය වෙනස් කතුවරයින් විසින් ලියන ලද පොත්වල ගද්‍ය පද්‍ය සංග්‍රහයක් නොවේ. එහි උත්පත්ති පොතෙහි සිට එළිදරව් පොත දක්වා පුදුමාකාර අඛන්ඩතාවයක් හා ඒකත්වයක් ඇත.

      උත්පත්ති හි නැතිව ගිය පාරාදීසය එළිදරව්හි පාරාදීසය යලි පිහිටුවීමක් බවට පත්ව ඇති අතර ජීවන වෘක්ෂයටවු දොරටු උත්පත්තිහි වැසී එළිදරව්හි සදහටම තවත් ඇරී ඇත. (Geisler & Nix. Evidence that Demands a Verdict, p. 19) එම දර්ශනය නොනැවතී බයිබලය මුළුල්ලෙහි දිගහැරී ඇත. උත්පත්ති 3හි ඉඟිකර ඇති ගැළවීම පරණ ගිවිසුමෙහි පොරොන්දු හා ආදර්ශන මගින් සංවර්ධනය කර, ශුභාරංචි තුල ඉෂ්ඨ කර ඇත. යැවුම්පත්‍ර වල පැහැදිලි කර ඇත. එළිදරව්හි මහිමයේ සම්පුර්ණත්වයට ගෙනවිත් ඇත.

      බයිබලයේ සියලුම පොත් ලියා ඇත්තේ කතුවරයන් නවීන සොයාගැනීම් ගැන නොදැන සිටි, මිනිස් දැනුමේ කලින් දිනවලදීය. නමුත් ඔවුන් ලියු දේවල් පසු කලෙක සොයාගැනීම් සමග පටහැනිවුයේ නැත.

      යෙසායා40:22 පෘතුවි චක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය.

      Delete
    13. පරණ ගිවිසුම මගින් අළුත් ගිවිසුම තුළින් පිළිබ්ඹු වන්නාවූ ඉගැන්වීම් හා සිදුවීම් සඳහා අඩිතාලමක් වනු ඇත. බයිබලය යනු ප්‍රගතිශීලී එළිදරව්වීමකි. යම් හෙයකින් ඔබ බයිබලයේ ඇති පොතකින් එහි මුල් භාගය කියවීම අතහැර අවසන් භාගය කියවීමට උත්සාහ දරන්නේ නම් එවිට මෙම පොත තුළින් මූලික වශයෙන් කියවෙන්නාවූ, නැතහොත් එහි චරිත, කථා වස්තුව, අවසානය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අපහසු වේ. මේ ආකාරයටම, අළුත් ගිවිසුම ගත් කළ එයද සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගත හැක්කේ පැරණි ගිවිසුම තුළ සිදුවීම්, චරිත, නීති, පූජා සම්ප්‍රදායන්, ව්‍යවස්ථාවන් මෙන්ම පොරොන්දු පිළිබඳව පැහැදිලිව සඳහන් වන්නේ නම් පමණි.

      යම් හෙයකින් අපට අළුත් ගිවිසුම පමණක් තිබුණේ නම්, අප සුභාරංචිය පරිහරණය කරන්නේ යුදෙව්වන් විසින් ගැලවුම්කරුවෙකු අපේක්‍ෂාවෙන් සිටියේ මන්ද යන ගැටළුවට පිළිතුරු නොදැනය. තවද පැරණි ගිවිසුම නොමැතිව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට හේතුව කුමක්ද (යෙසායා 53 බලන්න), යන වග අපට නිශ්චිත අවබෝධයක් ලැබිය නොහැකි අතර, අපට කිසි දිනක නාස‍ෙරත්හී යේසුස් වහන්සේ කව්ද යන වග එතුමන් සම්බන්ධව ප්‍රකාශ කෙරුණු අනාගතවාක්‍යය මගින් අවබෝධ කර ගැනීමටද අපහසු වනු ඇත. උදා: උපන් ස්ථානය (මීකා 5:2), එතුමන්ගේ මරණය සිදුවන අයුරු (ගීතාවලිය 22; විශේෂයෙන් පද 1, 7-8; 14-18; ගීතාවලිය 69:21), එතුමන්ගේ උත්ථානය (ගීතාවලිය 6:16) සහ එතුමන්ගේ සේවය ආදි බොහෝ දේ (යෙසායා 52:19; 9:2).

      පරණ ගිවිසුමක් නොමැතිව අළුත් ගිවිසුම තුළ සඳහන් යුදෙව් සම්ප්‍රදායන් පිළිබඳව නිවැරදි අවබෝධයකට පැමිණීම අපහසු කරුණකි. පරිසිවරුන් විසින් දෙවියන් වහන්සේගේ නීතිය අයුතු ලෙස යොදා ගනිමින් එයට තමන්ගේ සම්ප්‍රදායන් එකතු කොට ඇති බවක් අපට තේරුම් නොයනු ඇත. එදා යේසුස් වහන්සේ විසින් බිඳුනාවූ සිතකින් යුක්තව දේවමාලිගාව පවිත්‍ර කළේ මන්ද? යන ගැටළුවට පිළිතුරක්ද තේරුම් ගැනීමට නොහැකිවේ. ඒ වගේම යේසුස් වහන්සේ විසින් උගතුන් හට පිළිතුරු දීමේදි යොදා ගත්තාවූ ප්‍රඥාව, අපටද යොදා ගත හැකි බවට, අපට කිසිදා අවබෝධයක් ලබා ගත නොහැකි වේ.

      Delete
    14. අළුත් ගිවිසුම තුළ තිබෙන්නාවූ සිභාරංචි පොත් හා අපෝස්තුලුවරුන්ගේ ක්‍රියාවන් ආදිය තුළින් සියවස් ගණනාවකට පෙර පැරණි ගිවිසුම තුළ සඳහන් වන්නාවූ අනාගතවාක්‍යයන් පිළිබ්ඹු කර දක්වයි. යේසුස් වහන්සේගේ උපත, ජීවිතය, හාස්කම්, මරණය මෙන්ම උත්ථානයද ශුභාරංචිය තුළ හමුවන අතර ඒවා ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීම පිළිබඳව පැරණි ගිවිසුම තුළ සඳහන් වන්නාවූ ඒ හා බැඳී අනාගතවාක්‍යයන් හා මැනවින් සබඳතාවයක් දක්වයි. එනම් මෙම කරුණු යේසුස් වහන්සේ පැමිණෙන්නට සිටියාවූ ගැලවුම්කරු යන වග මනාව තහවුරු කරයි. නව ගිවිසුම තුළ තිබෙන්නාවූ බොහෝමයක් අනාගතවාක්‍යයන් (බොහෝමයක් එළිදරව් පොත තුළ අඩංගු වේ) රැසක් පැරණි ගිවිසුමේ පොත් වල ඇති අනාගතවාක්‍යයන් පදනම් කරගෙන ඇත. එනම් අළුත් ගිවිසුම තුළ අන්තර්ගත වන්නාවූ අනාගතවාක්‍යයන් යේසුස් වහන්සේගේ දෙවන පැමිණිම මුල් කර ගනිමින් සිදුවන සිදුවීම් මත පදනම් වී ඇත. දළ වශයෙන් එළිදරව් පොතෙහි සෑම පද තුනෙන් දෙකක් තුළම පදනම හෝ එහි සබඳතාවය පැරණි ගිවිසුමේ පදයන් හා බැඳී පවතියි.

      ඒ වගේම ශුද්ධ ලියවිල්ල තුළින් එළිදරව් වන්නාවූ දේ තුළ යම් ප්‍රගතියක් ඇත්තා සේම, අළුත් ගිවිසුමේ සඳහන් ඉගැන්වීම් සඳහා අවධානය පරණ ගිවිසුම තුළ පැන නගින්නක් බව ව්යං ගාර්ථයෙන් දක්වයි. හෙබ්‍රෙව් පොතෙහි යේසුස් වහන්සේ උත්තම පූජකයාණන් ලෙස හඳුන්වා ඇති අතර එතුමන්ගේ එක් පූජාවක් අනෙකුත් සෑම පූජාවකටම හිලව් අතර, ඒවා හුදු නිරූපණයන් පමණක් විය. පරණ ගිවිසුම මගින් නීතිය හඳුන්වා දෙන ලබන අතර එය කොටස් දෙකකින් සමන්විත වේ. ඒවා නම් දේව ආඥාවන් වලට අවනත වීම හෝ අවනත නොවීම තුළින් පැණ නැගෙන්නාවූ අණ හා ආශීර්වාද / ශාප වේ. ඒ අනුව අළුත් ගිවිසුම තුළින් දෙවියන් වහන්සේ ආඥාවන් දීම මගින් බලාපොරොත්තු වූයේ මිනිසාට ගැලවීමේ ඇති වැදගත්කම වඩාත් පැහැදිලි කර දීම සඳහාය. තවද එය කිසි දිනෙක ගැලවීම සඳහා වූ උපක්‍රමයක් බවට අදහස් කරන ලද්දක් නොවේ (රෝම 3:18).

      Delete
    15. පරණ ගිවිසුම තුළදී මනුෂ්‍යයාගේ පාපයන් වසා දැමීම සඳහා තාවකාලික ක්‍රමයක් දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් ජනයා හට දෙනු ලැබීය. අළුත් ගිසුම මෙම ක්‍රමය ක්‍රිස්තුස් වහන්සේ පූජාව හමුවේ හා ගැලවීමේ එකම මාර්ගය තුළින් සිදුවන බවට පැහැදිලි කර දක්වයි (ක්‍රියා 4:12; හෙබ්‍රෙව් 10:4-10). පරණ ගිවිසුම මගින් පාරාදීසයේ අවසානය දක්නට ලැබූ අතර අළුත් ගිවිසුම මගින් පාරාදීසයේ මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් නැවත ලබා ගැනීම දෙවන ආදම් (ක්‍රිස්තුස්) ගෙන් සිදුවන අතරම එය යම් දිනකදී නැවතත් යථා තත්වයට පත් කරනු ලබන ආකාරය පිළිබඳව සඳහන් වේ. පරණ ගිවිසුම තුළ පාපය මනුෂ්‍යයා හා දෙවියන් වහන්සේ අතර වෙන්වීමක් ඇති කළ අතර (උත්පත්ති පරිච්ඡේදය 3), අළුත් ගිවිසුම තුළ මිනිසාට තම දෙවියන් වහන්සේ හා සබඳතාවය නැවතත් නගා සිටුවන අයුරු ප්‍රකාශ කර සිටියි (රෝම පිරිච්ඡේද 3-6). පැරණි ගිවිසුම තුළ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය පිළිබඳව දිවස්වැකි දක්වා ඇති අතර සුභාරංචි මගින් යේසුස් වහන්සේගේ ජීවිතය පිළිබව මූලික වාර්තාවක් ලබා දෙන අතරම, සංදේශ ලිපි මගින් එතුමන්ගේ ජීවිතයට ව්‍යාඛ්‍යානයන් සපයන අතරම, ඒ සඳහා අපගේ ප්‍රතිචාරය පිළිබඳවද පැහැදිලි කිරීමක් සපයනු ලබයි.

      පරණ ගිවිසුම නොමැතිව ‍ෙදවියන් වහන්සේ වසින් යුදෙව් දේශයන් හට දෙනු ලැබූ තම පොරොන්දු ඉෂ්ඨ කරන්නාවූ අකාරය පිළිබඳව වැටහීමක් නොමැති වේ. මෙයට හේතුවක් ලෙස වසර හතක්වූ පීඩා කාලය තුළ දෙවියන් වහන්සේගේ පළමු පැමිණීමේදී ප්‍රතික්ෂේප කළ නමුත් එතුමන්ගේ දෙවන පැමිණීමේදී පිළිගත්තාවූ යුදෙව් රාජ්‍යයන් හා එක්ව වැඩ කරන අයුරු පිළිබඳව නිසි අවබෝධයක් නොලැබෙන අතරම ක්‍රිස්තුස් වහන්සේගේ වසර 1000 ක්වූ අනාගත පාලන කාලය යුදෙව්වන්ට දුන්නාවූ එතුමන්ගේ පොරොන්දුව හා අන්‍යජාතීන්ගේ සූදානම්භාවය පිළිබඳවද තේරුම් ගැනීමට අපොහොසත් වේ. එපමණක් නොව බයිබලයේ අවසානයේදී, බයිබලයේ ආරම්භයේදී තිබුණාසේ, පාරාදීසය දෙවියන් වහන්සේගේ මුල් නිර්මාණය සේම නැවත ස්ථාපිත කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක්ද ලබා ගැනීමට නිසි අවබෝධයක් හිමි නොවේ.

      සාරාංශයක් සේ ගත් කළ මුළු මහත් ලෝකයේම පාපයන් උදෙසා තම ජීවිතය පූජා කළ යේසුස් වහන්සේගේ පැමිණිමට ඊශ්‍රායෙල් ජනතාව සූදානම් කිරීමේ ක්‍රියාවලියට පරණ ගිවිසුම අත්තිවාරමක් වේ (1 යොහන් 2:2). අළුත් ගිවිසුම මගින් යේසුස් වහන්සේගේ ජීවිතය මෙන්ම එතුමන් විසින් සිදු කළ ක්‍රියාවන් හමුවේ එතුමන් විසින් දුන්නාවූ සදාකාල ජීවනය මෙන්, අනෙකුත් සෑම ආශීර්වාදයක් හමුවේ අප‍ෙග් ජීවිත කෘතඥතාපූර්වකව ගත කළ යුතු අන්දම පිළිබඳව විවරණය කරයි (රෝම 12). මෙම පොත් දෙකම ගත් කළ ඒ තුළින් ආවරණය කරනු ලබන්නේ ශුද්ධවූත්, ධර්මිෂ්ඨවූත්, කරුණාවන්තවූත්, එකම තැනැන් වහන්සේ පාපයන් ද්වේශ කලද, පාපයෙන් පීඩිතවූ මනුෂ්‍යය වර්ගයා හට තම පාපයන් සමාව ක්‍රිස්තුස් වහන්සේගෙන් වූ අනගි පූජාව තුළින් ඔවුන් ගලවනු ලබන බවට අවබෝධ කරයි. එලෙසම මෙම පොත් දෙක තුළින්ම දෙවියන් වහන්සේ විසින් තම ස්වරූපය විද්‍යාමාන කරනවා සේම එතුමන් කරා පැමිණිය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේ තුළින්ම පමණක් බව පිළිබ්ඹු කරයි. එපමණක් නොව සදාකාලික ජීවිතය කරා මෙන්ම ධාර්මීකවූ ජීවිතයක් කරා යා හැකි අන් සියලු දේම මෙම පොත් ද්වන්ධය මගින් සපුරා ගැනීමට හැකියාවක් පවතියි (2 තිමෝති 3:15-17).

      Delete
    16. ඇනෝ මට දැනගන්න දෙයක් තියෙනවා.
      යෙහෙව්වා ආදම් සහ ඒවා මැව්වේ ඒදන් උයනේදී.
      ඔවුන් දෙවියන්ට විරුද්ධව කැරලි ගැහුවට පස්සේ එයින් පිටුවහල් කර එහි මුරට දේවදුතයෙක් තැබුවා යැයි සඳහන්.
      1.මට තියෙන ගැටළුව ඒ වනවිට යෙහෙව්වා පාරාදීස පොළව හැටියට මවලා තිබුනේ ඒදන් උයන විතරද (ඉතිරි හරිය මවන්න හිතාගෙන ඉන්නකොට වැඩේ අලවුනාද?)
      2.නැතිනම් ඒදන් උයන යනු පාරාදීස පොළවේම විශේෂ කොටසක්ද?
      3.ඒදන් උයනෙන් පිටුවහල් කලපසු ඒදන් උයනට මොකද වුනේ?

      Delete
    17. යෙහෝවගේ සාක්ෂිකාරයන් අපූරු තර්ක නිර්මානය කරනවා. සර්වබලධාරි දේවියෙක් මෙහෙම වැඩ අලකරගන්නවද කියාන් ප්‍රශ්නෙට අපූරු උත්තර දෙනවා. දෙවිය මහා කාරුණිකයි ඒ නිසා ආදම් හා ඒවට දඩුවම් කලේ නෑ. ඒ වෙනුවට ගෙඩි කෑමට කිසිම සම්බන්ධයක් නැති දහස් ගනන් අනාගත පරම්පරාවන් දඩුවම් ලබනව නේද කියනකොට සාක්ෂිකාරයො කියන්නෙ නැත්නම් සාතන් ගෙ ප්‍රශ්නයට උත්තර නොදුන්න වෙනව කියල. සාතන් ට ඕන විදියටලු දැන් ලෝකෙ වැඩවෙන්නෙ . සාතන්ගෙ අසාර්ථකබව දැන් ඔප්පු වෙලාලු. ඒ නිසා දෙවි ලෝකය විනාශකරල අලුත් ලෝකයක් හදනවලු. තර්ක හැටියට හොදයි කතෝලික ක්‍රිස්තියානි අය ඇනගන්න තැන්වල යෙහෝවල ලිස්සල යන හැටි බලන්න.

      Delete
    18. @සුබෝධ ඔය යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියන අය ගැනනන් කතාකරලා වැඩක් නෑ... එයාලා හන්දා  ලඟකදි පොඩි ලමයෙකුත් මැරුණා... ඒ ලමයා ඔය යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියන අයගෙ කීම් අහලා ලේ ගන්න බෑ කිව්වා... ඊට හපන් ඒ ලමයගෙ අම්මලා... එයාලත් මොනවත් කරලා නෑ... යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියන අයව ඇන්ග්ලිකානු සභාවෙන් විතරක් නෙමේ රෝමානු කතෝලික සභාවෙන් පවා පිලිගන්නෙ නෑ... නමුත් වෙනමම සභාවක් වගේ විදිහට ලංකාවෙ තියෙනවා...

      Delete
    19. සාතන් ගැන මුලින් මම කිව්ව හන්දා ආයෙ කියන්න යන්නෙ නෑ ඒක ගැන... ඔය දවස් හතෙන් ලෝකෙ මැවීම , නෝවාගෙ කතා වගේ ඒවා බයිබලයට ආවෙ සුමේරියානු ශිෂ්ටාචාරයෙන්... ගොඩක් ඒවා එහෙන් තමා... ඔය මෝසෙස්ගෙ නීති එහෙම... ඇසට ඇසක් එක හමුරබිගෙ නීතියක්... බයිබලය ලියවුනු විදිහ අධ්‍යනය කරන්න.. ඒක කාලයක් තිස්සෙ ලියැවුනේ... පරණ ගිවිසුමේ තියෙන සංකල්ප වලින් ක්‍රිස්තියානි ආගම මොකක්ද කියලා තේරුම්ගන්න හදන එක මෝඩ වැඩක්...

      Delete
  3. https://www.tripadvisor.co.nz/LocationPhotoDirectLink-g293940-i23439885-Phnom_Penh.html

    ReplyDelete
  4. හොඳ සටහනක්... නො ඇසූ කතා පුවතක්...

    ReplyDelete
  5. අස්-සලාම් අලෛකුම් ව'රහ්මත්-උල්-අල්ලාහි ව'බර්කාතොහ් (السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ) ඩියෝන්,

    ඔබගේ බ්ලොගය ඉතා කදිමයි. වටිනා තොරතුරු මෙහි ඇතුලත්. මෙම පෝස්ට් එකේ සඳහන් "ඔටෝමාන්" තුර්කි කණ්ඩායම් විසින් මිලිටරි සහ දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකල කුරිරු ඝාතන අප සියළු දෙනා විසින්ම තරයේ හෙළාදැකිය යුතු ක්‍රියාවකි. (ඇත්තෙන්ම ඔටෝමාන් අධිරාජ්‍ය යනු බහුවාර්ගික, බහු ආගමික තුර්කි පාලනයට නතු රාජ්‍යයකි. මෙය තුර්කි අධිරාජ්‍ය ලෙස හැදින්විණි. මෙම අධිරාජ්‍ය මහද්වීප 3 හරහා පැතිරිණි. එනම් ගීණිකොණ දිග යුරෝපය, මැදපෙරදිග, මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවයි. මෙය ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධියේ සිට කැස්පියන් මුහුද හා පර්සියන් ‍බොක්ක [නැගෙනහිරින්] ඔස්ට්‍රියාව, සලෝවෙකියාව, උතුරින් ද, සූඩානය, හේමාලියාව, යේමනය, දකුණින් ද මායිම් විය.

    ඔටෝමාන් අධිරාජ්‍යට පළාත් 29 අයත් විය. ශතවර්ෂ 6 ක් පුරා නැගෙනහිර හා බටහිර ලෝකය අතර පැවති සබ්දතාවල මධ්‍යස්ථානයෙහි මෙය පිහිටා තිබිණි. අග නගරය කොන්ස් තන්තිනෝපලය විය. මුලින් තිබු සංස්කෘතික ලක්ෂණ පසුව නව, ආවේණික ඔටෝමාන් සංස්කෘතික අනන්‍යතාවයකට පරිවර්තනය විය. කොන්ස්තන්තිනෝපලයේ බිද වැටීම එනම් ඔටෝමාන් අධිරාජ්‍ය විසින් 1453 මැයි 29 වන අගහරැවාදා දින බයිzසන්තියන් අධිරාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්තිනෝපලය (නූතන ඉස්තාන්බුල්) අල්ලා ගැනීමයි. දෙවැනි මෙහෙමට් නම් වූ ඔටෝමාන් තුර්කි රජු විසින් කොන්ස්තන්තිනෝපල්ස් නගරය යටත් කර ගත්තා. මෙහි ප්‍රතිඵල වුයේ වසර දහස් ගණන් ඉපැරනි බයිසැන්තීන් අධිරාජ්‍යවාදයේ දේශපාන නිදහස අහිමි වීමයි. මෙමගින් ශාස්ත්‍රිය ග්‍රීක අධ්‍යනයන් හි වැඩිවීමක් ඇති විණි. ඔටෝමාන්වරැ දේශපාලන ස්ථාවරත්වයක් ලබා ගත්හ.)

    මෙපරිදිම ජෙරුසලමට කඩාවැදුනු කුරුස යුද්ධකරුවන් යැයි කියාගත් මිනීමරු ම්ලේච්ඡ පාහරයින් විසින් ඉහි සිටි ඉස්ලාම් දහම ඇදහූ ගැහැණුන්, අතදරුවන්ද ඇතුළු කුඩා දරුවන්, පිරිමින් එකකු වත් ඉතුරු නොකර කුරිරු ලෙස ඝාතනය කළ බව ඔබ දන්නා කරුණක් නේද? ඒ ගැනත් පෝස්ට් එකක් දාන්න.

    කෙසේ නමුත් ජෙරුසලම නැවත අල්ලා ගත් "අන්-නzසීර් සලාහ්-අද්-දීන් යූසුෆ් ඉබ්න් අයියුබ්" (صلاح الدين يوسف بن أيوب) හෙවත් සැලඩින් ගේ සැබෑ ඉස්ලාමීය සේනා ඉතා ධාර්මිකව යුද්ධ කරමින් එහි සිටි කිතුණු භක්තිකයන් ළමුන් කාන්තාවන් නිරුපද්‍රිතව පිටවීමට ඉඩ සලසා දුන්න බව ඔබ දන්නවා ඇති. (මේ ගැන කින්ග්ඩම් ඔෆ් හෙවන් චිත්‍රපටයේත් නිරූපණය කරතිබෙනවා, ඉස්ලාම් විරෝධී දුෂ්ට බටහිර සිනමාකරුවන් මෙහිදී යාන්තම් සත්‍යය නිරූපණය කොට තිබෙනවා)

    කෙසේ නමුත් සමහර මුග්ධයින් මෙම ම්ලේච්ඡ ක්‍රියාව ඉස්ලාමය සමග ඈඳීමට අසාර්ථක ව්‍යායාමයක යෙදීමට ඉඩ තිබෙන නිසා යමක් පැවසීමට කැමතියි.

    (جزاك اللهُ خيرًا) ජzසාක්-අල්ලාහු ඛායිරන් (ඔබට සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුගේ කරුණාව හිමිවේවා !)

    ReplyDelete
    Replies
    1. සහෝදරයා ජයවේවා කියලා අරාබි භාශාවෙන් කියන්නෙ කොහොමද?

      Delete
    2. අහ්, සමාවන්න දැන් දැක්කේ,

      අරබි බසින් ජයවේවා කියන එක "හුරේ/ කමෝන්" යන අරුතින් නම් "යා හ'ලා" (يا هلا) ලෙස කියයි. (නමුත් ආහ්ලාන් කිව්වොත් වෙල්කම්/ හලෝ වගේ අරුතක් එනවා, ලියන්නේ මේ විදිහට )

      කන්ග්‍රැට්ස් (Congrats) යන අරුතෙන් නම් "මබ්'රූක්" (مبروك) ලෙස යොදනු ලබයි.

      Delete
  6. (ඉහත හා සබැඳියී)

    ඇත්තටම ඩියෝන් මෙම පහත් හා ම්ලේච්ඡ ක්‍රියාව සියළු ඉස්ලාමිකයින් මෙන්ම ඉස්ලාම් නොවන්නන් විසින්ද තරයේ හෙලා දැක ඇත.

    කෙසේ නමුත් යුද්ධවලදී සිදුවන මෙම ම්ලේච්ඡ ක්‍රියාව වැනි පහත් වැඩ ජිහාදයක් ලෙස හඳුන්වා දෙන්නට ඉස්ලාම් විරෝධී අවස්ථාවාදී නරුමයන් වෙර දරන හෙයින් ඒ පිළිබඳව කෙටි හැඳින වීමක් වත් ලබාදීම අපගේ වගකීම වන හෙයින් මෙම අදහස් දැක්වීම කරන්නට සිදුවෙයි. ඔබගේ බ්ලොගයේ අපට ඊට ඉඩ ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    බොහෝ දෙනා වැරදියට තේරුම් ගෙන ඇති “ජිහාද්” පිළිබඳ අර්ථ කථනයක්

    ඩියෝන් දන්නවත් ඇති මෙය මුස්ලිම් හා මුස්ලිම් නොවන ක්ෂේත්‍රයන්හි මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ද නිරන්තර සාකච්චාවට හා විග‍්‍රහයට ලක් වූ මාතෘකාවකි. විවාදාත්මක මෙන්ම මතභේදයට ලක් වූ විෂයයක් ලෙස ද මෙය සැලකේ. නමුත් නිවැරදි හා පිළිගැනීමට ලක් වූ මූලාශ‍්‍රයන් උපයෝගි කරගෙන විමසීමක් කිරීමේ දී එහි සැබෑ තොරතුරු ඉතා පහසුව හා සරලව අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරමි.

    ඇත්තෙන්ම ‘ජිහාද්’ (جهاد‎‎) යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් මෙහි අර්ථය එක්තරා ප‍්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය කෝණයෙන් ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් (සලාත්) ද වන්නේය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද ඉස්ලාම් දහමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම ද ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද තුනක් ඇති බව පිළිගෙන ඇත.

    1. චෛතසිකයෙන් (සිතින්) කරන්නාවූ ජිහාදය (චිත්ත පාරිශුද්ධිය උදෙසා අකුසලයට නැඹුරුවූ හැඟීම් සමඟ කරන්නාවූ චෛතිසික අරගලය.)

    2. ශරීරය හා වස්තුව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහායද. (සාමය හා යුක්තිය ස්ථාපිත කිරීම වැනි යහ අරමුණකින් කරන්නා වූ සටනකට සහභාගිවීම, තම ශරීරය වෙහෙසා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කිරීම, තම වස්තුව අල්ලාහ්ගේ මඟෙහි යහ විපාක අපේක්ෂාවෙන් වියදම් කිරීම.)

    3. දිව (කථිකත්වයා උපයෝගි කරගෙන කරන්නාවූ ජිහාදය. (සත්‍යය අන් අයට පැහැදිලි කරදීමට හා යහමඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ පැහැදිලි කිරීම් ආදිය.)

    අපගේ ආදරණීය රසූල්වරයා වූ මුහම්මද් නබි තුමා (සල් අල්ලාහු අලෛහෝ සල්ලම් - එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨ ජිහාදය කුමක් ද කියා පැහැදිලි කොට ඇත. වරෙක ශ්‍රේෂ්ඨ ජිහාදය තම චෛතිසකයේ මතුවන අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ චෛතසික අරගලයක යෙදීම බව පවසා ඇත. තවත් වරෙක අසාධාරණ දුෂ්ඨ පාලකයෙකු ඉදිරියේ නිර්භයව සත්‍යය ප‍්‍රකාශ කර සිටීම ශ්‍රේෂ්ඨ ජිහාදය බව පවසා ඇත. ඉස්ලාමයේ නිර්දේශිත අනිවාර්යය (දෛනිකව කරන්නා වූ පස්-වාර සලාතය වැනි) කටයුතු සම්බන්ධව අඛණ්ඩව හා සැලකිලිමත් භාවයෙන් යුතුව කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ ජිහාදය ලෙස දක්වා ඇත. දෙමව්පියන්ට උවැටැන් කිරීම ද ජිහාදයක් බව තවත් වරෙක අදහස් පල කර ඇත. හජ් නැමදුම (විශේෂයෙන් ස්ත‍්‍රීන් සම්බන්ධව) ජිහාදයක් ලෙස දක්වා ඇත. මෙම තොරතුරු උපුටා ගත්තේ පහත සඳහන් හදීස් ග‍්‍රන්ථයන්ගෙනි. හදීස් යනුවෙන් දැක්වෙන්නේ මුහම්මද් නබි (සල්) තුමාගේ (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) ප‍්‍රකාශිත මෙන්ම එතුමාගේ ක‍්‍රියා හා අනුමත කළ දෑටය. ඉහත නබිවදන් හි මූලාශ‍්‍රයන් වන්නේ සහීහුල් බුහාරි: 1423, අබූ දාවූද්: 3781, තබරානි: 20821 යන්නය.

    ReplyDelete
    Replies
    1. මෙසේම අල්-කුර්ආනය උපයෝගි කරගෙන ජිහාදයේ යෙදෙන ලෙස පහත සඳහන් වැකියෙන් දෙවිඳුන් උපදෙස් දෙන්නේය.

      “එබැවින් (නබිවරයාණනි,) නුඹ මෙම ප‍්‍රතික්ෂේප කරන්නන්ට අවනත නොවවු. තවද එය (අල්-කුර්ආනය) උපයෝගි කරගෙන ප‍්‍රයත්නයන්ගෙන් (ජිහාද්) ශ්‍රේෂ්ඨ ප‍්‍රයත්නයක ඔවුන් සමඟ යෙදෙවු.” (අල්-කුර්ආන් 25: 52)

      ඉහත නබිවදන් හා අල්-කුර්ආන් වැකිය තුළින් "ජිහාද්" යන සංකල්පයේ මූලික අදහස අවබෝධ කරගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. අවාසනාවට මාධ්‍ය විසින් "ජිහාද්" යන වචනයට සමානාර්ථ පදයන් ලෙස ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය යනාදි විකාර කතා උපයෝගි කරගෙන ඇත. ශුද්ධ යුද්ධය යන්න අරාබි බසින් දැක්වෙන්නේ ‘හර්බ් අල් මුකද්දසා’ (حرب المقدسة) යනුවෙනි. මෙය හදීස් ග‍්‍රන්ථයන්හි හෝ අල්-කුර්ආනයේ හෝ දක්නට ඇති පදයක් නොවේ.

      තමන්ගේ ජීවිත, දහම, වස්තුව හා ගෞරවය යනාදියට තර්ජනයක් එල්ල කරමින් යම් කණ්ඩායමක් සටනට එන්නේ ද ඔවුන් සමඟ සටන් වැදීමද ජිහාදයක් ලෙස දැක්විය හැක. මෙවන් තත්ත්වයකදී සටනට පිවිසීම ලොව සියලූ රටවල් අනුමත කරන්නා වූ ක‍්‍රියා මාර්ගයකි. මේ සම්බන්ධව අල්-කුර්ආනයේ සඳහන් වැකි එහි සන්දර්භයෙන් බැහැරව අර්ථ දක්වා විකෘත වූ මතයක් ගොඩනගන්නට විශාල ප‍්‍රයත්නයක් ජාත්‍යන්තරව දක්නට ඇත. ඉස්ලාමය අසිපතින් ව්‍යාප්ත කරන ලද්දක් බවත් ඉස්ලාමීය රාජ්‍යයක් තුළ මුස්ලිම් නොවන ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් අසාධාරණ ලෙස කටයුතු කිරීමට එම දහමේ අනුමැතියක් ඇති බවත් දක්වන්නට මෙයින් වෑයම් කොට ඇත. මෙම මතයන්හි මිථ්‍යාව ඉතා හොඳින් හෙළිදරව් කරමින් ආගමික බහුත්වය හා නිදහස කොතෙක් දුරට ඉස්ලාමීය ඉගැන්වීම් අනුමත කර ඇත්තේ ද යන්න පහත සඳහන් අල්-කුර්ආන් වාක්‍යයන්ගෙන් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

      “දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)

      “නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10:99)

      “(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසව, ‘මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත.

      එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි’.” (අල්-කුර්ආන් 10:108)

      “සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18:29)

      ආගමික බහුත්වය හා නිදහස අනුමත කරන හා පිළිගන්නා මෙවැන් වැකි බොහෝමයක් අල්-කුර්ආනයෙන් හා නබිවදන්වලින් උපුටා දැක්විය හැක. අල්-කුර්ආනයේ සටන් කරන ලෙස අනුමත වැකි ද දක්නට ඇත. තමන්ගේ උපන් භූමිය වූ මක්කාහ්වේ අවුරුදු 13ක් ඉස්ලාමීය ප‍්‍රචාරයේ යෙදුනු මුහම්මද් තුමාට (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) හා එතුමා ඉදිරිපත් කළ දහම පිළිගත් ජනයාට ඉතා දරුණු වද හිංසාවන්ට එහි දී මුහුණ පෑමට සිදුවිය. ප‍්‍රතිප‍්‍රහාරයකින් තොරව මේ සියල්ල ඔවුන් ඉවසා දරාගත්හ. මත්පැන, ලිංගික අපචාරය, සූදුව, අල්ප ආරාවුල් මත ඇති වූ වර්ෂ ගණනකට ඇදී යන ගෝත‍්‍රික ගැටුම්, සමහර පියවරුන් විසින් තම ගැහැණු දරුවන්ව පණ පිටින් වළලා දැමීම්, අසීමිත බහු ස්ත‍්‍රී විවාහ, තම පියා විවාහ වී සිටි ස්ත‍්‍රියව පුත‍්‍රයා විසින් විවාහ කර ගැනීම වැනි දරුණු ම්ලේච්ඡවූ ක‍්‍රියාවල යෙදී සිටි මක්කාහ්වාසී ජනයාගෙන් ස්වල්පයක් හැර බහුතරය විසින් නබිතුමාගේ සදාචාර සම්පන්න ඉගැන්වීම් ප‍්‍රතික්ෂේප කරණ ලදී. අවසානයේ නබිතුමාව මරා දැමීමට ඔවුහු කුමන්ත‍්‍රණය කළහ. මෙම තත්ත්වය යටතේ එම නගරය අතහැර යන්නට එතුමාට දෙවිඳුන්ගෙන් අණ ලැබුනායින් පසු එම නගරයේ තමන්ට අයිතිව තිබූ සියල්ල අත්හැර මදීනාහ් නගරයට දේශාන්තරණය කළහ. ඉන්පසු එතුමාගේ දහම අනුගමනය කළ මක්කාහ්වාසි ජනයාගේ සියලූ වස්තු කොල්ලකෑමෙන් පසු ඔවුන්ව ද තම නිවෙස්වලින් පළවා හරින ලදී.

      “අපරාධ කරනු ලැබූවන්ට (අපරාධ කළ ප‍්‍රතික්ෂේපකයින්ට) එරෙහිව යුද්ධ කිරීමට අනුමැතිය දෙන ලදී. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (විශ්වාසවන්තකයින්ට) උපකාර කිරීමට බලසම්පන්න වන්නේය. මොවුන් (විශ්වාසවන්තයින්) අසාධාරණ ලෙස තමන්ගේ නිවැස්වලින් (සතුරන් විසින්) පළවා හරින ලද්දන්ය. මොවුන් කළ එකම වරද අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීමය. (අල්-කුර්ආන් 22:39-40)

      Delete
    2. ආගමික නිදහස අහෝසි කරමින් නිර්මාතෘට නැමදුම් නොකොට නිර්මාණයන්ට නැමදුම් කිරීම වැරදි යැයි පැවසීම එකම අපරාධය ලෙස සලකා මෙම ජනයාව තම නිවෙස්වලින් පළවා හරින ලද අතර ඔවුන්ගේ දේපළද කොල්ලකන ලදී. මෙවැන් තත්ත්වයක් තුළ අසාධාරණය හා අයුක්තියට එරෙහිව කෙරෙන සටනකින් අපේක්ෂා කරන්නේ මිහිතලය මත සාමය,යුක්තිය, නීතිය හා මිනිසත්කම ස්ථාපිත කිරීම හෙයින් එයට සහභාගිවීමද ජිහාදය ලෙස ඉස්ලාමය අනුමත කරයි.

      “යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5: 32)

      මෙයින් පැහැදිලි වන්නේ නිසි හේතු නොමැතිව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමට ඉස්ලාම් කොහෙත්ම අනුමත නොකරන බවය. අපරාධකරුවන් සමඟ යුද්ධ කිරීමට දෙවිඳුන්ගේ විධානය ලැබුණ ද මුස්ලිම්වරුන් නිරන්තරයෙන් සාමය වෙත යොමු වී සිටිය යුතු බව අල්-කුර්ආනය උගන්වයි.

      “තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප‍්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය” (අල්-කුර්ආන් 9: 5)

      ඉස්ලාමීය ඉගැන්වීම් විකෘත කරමින් ප්‍රචාරයේ යෙදී සිටින්නන් විසින් ඉස්ලාමය යුදවාදිත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන්නට උපයෝගී කරගන්නාවූ අල්-කුර්ආන් වැකියයි ඉහතින් උපුටා දක්වා ඇත්තේ. නමුත් එම පරිච්ඡේදයේම ඊළග වැකියෙන් එහි සත්‍ය ස්වරූපය හෙළිදරව් වන අයුරින් කරුණු පැහැදිලි කොට ඇත්තේය.

      “(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුවන නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.” (අල්-කුර්ආන් 9: 6)

      අල්-කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය උපුටා දක්වන ඉස්ලාම් විරෝධීන් එහි 6 වැනි වැකියෙන් පැහැදිලි කර ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. “කපනු කොටනු සිරගත කරනු” යන විධානයන් යුද බිමට අදාළ ආඥාවන් ය. ඕනෑම සටනක දී සම්ප‍්‍රදායානු කූලව නිකුත් කරනු ලබන ආඥාවන් ලෙස මේවා සැළකේ. අන් සටන්වලදී දකින්නට නොලැබෙන සුවිශේෂත්වය නම් සතුරු කඳවුරෙන් තමන් වෙත රැකවරණ පතා එන සරණගාතයන් සම්බන්ධව ඉතා කාරුණිකව ආරක්ෂාව හා රැකවරණය ලබා දී කටයුතු කරන්නට ඉස්ලාමය ඉගැන්වීමයි. ඉහත 6 වැනි වැකියෙන් පැහැදිලි කරන්නේ මෙම සත්‍යයයි.

      ප‍්‍රචණ්ඩත්වයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඉස්ලාමිය අරගලය යුද වාදයක් නොවන බව පහත සඳහන් අල්-කුර්ආන් වැකිවලින් ද පැහැදිලි වන්නේය. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම සාමයෙන් ජීවත් විය හැකි යුද මුක්ත ලොවක් ඉස්ලාමය අපේක්ෂා කරයි.

      “ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය සර්ව ඥානීය.” (අල්-කුර්ආන් 8:61)

      සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත්ව හා බලයෙන් පසුවුවද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි. යුද්දයකදී අනුගමනය කළ යුතු චර්යාවන් පිළිබඳව ඉස්ලාමය ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙය හදීස් මූලාශ‍්‍රයන් රාශියකින් උපුටාගත් කරුණු හෙයින් එහි සංක්ෂිප්ත අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

      1. කිසිවෙකුව ගින්නෙන් පුළුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

      2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුය.

      3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.

      4. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.

      5. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේපල හානි සිදුකිරීම, සපුරා තහනම්ය. තමන් සමඟ සටනට එන්නන් සමඟ පමණක් සටන් කළ යුතුය.

      6. තමන් යටතට පත්වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.

      7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංගචේදනයන් කිරීම සපුරා තහනම්ය.

      8. සතුරු මෘද දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.

      9. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.

      10. මහළු අය, රෝගීන්, ස්ත‍්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂාවන අයුරින් කටයුතු කළ යුතුය.

      11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

      ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය.

      Delete
    3. ජිහාද් නමින් විවිධ රටවල සංවිධාන බිහි වී ඇති බව අපි දනිමු. ඔවුන්ගේ ක‍්‍රියා කලාප මඟින් සිවිල් වැසියන්ට ද විශාල හානි සිදුවූ අවස්ථාවන් ඇත. මේ සියල්ල සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි ක‍්‍රියාවන් ය. මෙවන් කටයුත්තක් කළ හැක්කේ ඉස්ලාමිය රාජ්‍යයක හා ආගමික නායකත්වයේ මඟපෙන්වීම යටතේය. මරාගෙන මැරෙන ප‍්‍රහාරද මෙම සංවිධාන මඟින් ක‍්‍රියාත්මක කරන බව අපි දනිමු. ඉස්ලාමීය විද්වතුන් බහුතරයකගේ මතය වන්නේ සටන් බිමේ දී සතුරාගේ ආයුධ ගබඩාවක් විනාශ කිරීම සන්නද්ධ බලය බිදීම වැනි ක‍්‍රියාවකට හැර මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම ඉස්ලාමයේ අනුමත ක‍්‍රියාවක් නොවන බවයි. සියදිවි නසා ගැනීම ඉස්ලාමයේ මහා පාපයක් ලෙස සැලකෙන අතර අහිංසක සිවිල් වැසියන්ට හානි පැමිණවීම ඉතා විශාල අපරාධයක් ලෙස ද ඉස්ලාමය සළකයි.

      මුස්ලිම් නොවන රාජ්‍යයක් සමඟ හෝ ජන කොට්ඨාශයක් සමඟ යුද තත්ත්වයක් ඇතිවුවහොත් එය වළක්වා ගැනීමේ අදහසින් ඉස්ලාමීය රාජ්‍යය විසින් යෝජනා 3ක් සතුරු රාජ්‍යයට හෝ පිරිසකට ඉදිරිපත් කරනු ලැබේ. මෙම යෝජනා පහතින් විස්තර කර ඇත්තෙමු.

      1. ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කිරීම.

      ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කළ හැකිමුත් එලෙස කරන ලෙස බලපෑම් කරන්නට අයිතියක් නොමැත. මේ පිළිබඳව ඇති අල්-කුරාන වැකි මෙම ආරම්භයේ උපුටා දක්වා ඇත්තෙමු. මේ අනුව දහම පිළිබඳව බලපෑම් කිරීම අල්-කුර්ආනයේ මූලික ඉගැන්වීම්වලට පහහැනිවූවකි. විශ්වාසයක් පිළිගැන්විය හැක්කේ බලපෑමෙන් නොව ඒත්තු ගැන්වීමෙන් පමණක් බව අප සියළු දෙනා දන්නා කරුණකි. ඉස්ලාමය පිලිගතහොත් යුද තත්වය මඟ හැරගොස් සුහදත්වය ඇතිවීමට සුදුසු වාතාවරණයක් නියත වශයෙන්ම ඇතිවන්නට ඉඩකඩ ඇති වන්නේය.

      2. ජිස්යා බදු ගෙවීම

      දෙවැනි යෝජනාව වන්නේ සතුරු රාජ්‍යය හෝ පිරිස ඉස්ලාමීය රාජ්‍යයට බදු ගෙවීමෙන් එහි පූර්ණ රැකවරණය තමන් වෙත සහතික කර ගැනීමයි. ජිස්යා නමින් වූ මෙම බද්ද මුස්ලිම් නොවන අයට පමණක් බලපාන අතර මුස්ලිම්වරුන් ගෙවිය යුතු බද්ද සකාත් නමින් හැඳින්වේ. සකාත් වලට අමතරවද මුස්ලිම් වරුන්ට විවිධ ආකාරයේ සංවර්ධන බදු ගෙවන්නට සිදුවන අවස්ථා ඇත. ජිස්යා බද්ද වැඩහිටි පිරිමින් පමණක් ගෙවිය යුත්තක් වන අතර ස්ත‍්‍රීන්, දරුවන් හා දුප්පතුන්ට මෙය වගකීමක් නොවන්නේය. මෙම බද්ද ගෙවීමෙන් ඉස්ලාමීය රජයේ හා එහි හමුදාවන්හි පූර්ණ රැකවරණය ඔවුන්ට ලැබෙන අතර හමුදාවට බැඳීම ද ඔවුන්ට වගකීමක් නොවන්නේය. ජිස්යා ගෙවන්නන් අතර දුඟී බවට පත් අය සිටින්නේ නම්, ඔවුන්ට යැපීම් දීමනාවක් ගෙවීමට ඉස්ලාමීය භාණ්ඩාගාරයෙන් කටයුතු කළ යුතුව ඇත. ඔවුන්ගේ දේපළ, ජීවිත, ආගමික ස්ථාන හා පූජකවරුන් ආදිය සඳහා රැකවරණය ලබා දීම ඉස්ලාමීය රාජ්‍යයේ පූර්ණ වගකීම වන්නේය.

      3. ගිවිසුමකට එළැඹීම.

      තුන්වන යෝජනාව වන්නේ සතුරු රාජ්‍යය හෝ පිරිස සමඟ සාම ගිවිසුමකට එළැඹීමට කැමැත්ත ප‍්‍රකාශ කිරීමය. සාම ගිවිසුමකට එළැඹීමෙන් ඔවුන් සමඟ සාමය පවත්වාගෙන යාමට ඉස්ලාමීය රාජ්‍යය වගකියන අතර ජිස්යා බදු ගෙවන්නන් සමඟ මෙන් බාහිර සතුරු ආක‍්‍රමණයකි දී රැකවරණය ලබා දීමට වගකීමක් දරන්නේ නැත.

      මෙම යෝජනාවන් මඟින් ඉස්ලාමීය රාජ්‍යය උත්සාහ කරන්නේ සතුරුකම් හා යුද්දයන් වළක්වා සාමකාමී පරිසරයක් ගොඩනගා ගැනීමටය. මේ සියල්ල අසාර්ථක වූ තත්ත්වයක පමණකි යුද්ධයක් ඇතිවීමේ තත්ත්වය මතුවිය හැකි වන්නේ.

      මුස්ලිම් නොවන්නන් සමඟ කටයුතු කිරීමේ ඉස්ලාමිය ප‍්‍රතිපත්තිය පොදුවේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති වගකීම හා බැදී ඇත.

      “(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක්වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබාගත යුතු යැයි ඔහු(අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල්-කුර්ආන් 16: 90)

      “(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බියවවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල්-කුර්ආන් 5: 8)

      ජිහාද් මාතෘකාව යටතේ ඒ හා බැඳුන කරුණු කෙරෙහි ද අවධානය යොමු කරන්නට සිදුවූයේ නිවැරදි අර්ථය ඉදිරිපත් කිරීමට එය වැදගත් යැයි සැළකූ හෙයිනි. මෙම පොස්ට් එකට ඉන් හානියක් සිදුවුණි නම් කමා කරන්න. මෙම අවස්ථාව ලබාදුන්නාට ස්තූතියි ! (جزاك اللهُ خيرًا) ජzසාක්-අල්ලාහු ඛායිරන් (ඔබට සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුගේ කරුණාව හිමිවේවා !)

      Delete
    4. ඔනෙම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා... මම ඒකට හරස් කපන්නෙ නෑ... ඒක ගැන සැකයක් තියාගන්න එපා...

      Delete
    5. https://www.youtube.com/watch?v=RJAL6xgViqg

      Delete
    6. කුරානයෙ ඉන්නෙ බයිබලයෙ පරන ගිවිසුමේ දෙවියන් . ඒකදේවවාදයෙ මූලික විශ්වාසයන් බලපුවම යුදෙව් ආගමයි ඉස්ලාම් ආගමයි ඉතා සමානයි.ක්‍රිස්තියානිය කියන්නෙ ග්‍රීක් සමාජයට ගැලපෙන ලෙස කල සංශෝධනයක්.

      Delete
    7. කුරානය කියන්නෙ පරණ ගිවිසුමෙ කාබන් කොපියක් වගේ එකක්... ගොඩක් සමානයි...

      Delete
  7. උඩ ඇනෝවරුන් ,ජගත් පතිරන හා මිථිල දැක්වූ අදහස් ගැන මගේද මතය කියන්න කැමතියි. යුදෙව් දෙවිතුමා පරන ගිවිසුමේදි ජාතිවාදී ගෝත්‍රික දෙවියෙක්. ඔහු ග්‍රීක් ආභාෂයෙන් වඩා ශිෂ්ට දෙවියෙක් බවට නව ගිවිසුමේදි පත්වෙනවා. යුදෙව් දෙවියා ජාත්‍යාන්තර කාරුණික ශිෂ්ට දෙවියක් වීම හොද දෙයක්. පාවුල් වැනි අය කල සංශෝධන නිසා ග්‍රීක් වහලුන් අතරකිතු දහම පැතිරගියා.

    බයිබලය විතරක් කියවල සත්‍ය දැනගන්න බෑ වෙනත් මූලාශ්‍රත් කියවන්න ඕන කියල කියන්නෙ බිහිසුනු යුදෙව් උරුමය පිළිබද කතාව හංගන්නයි. යුදෙව්වන්ගෙ ජාතික දෙවියා මත පදනම්ව ජාත්‍යාන්තර ආගමක් නිර්මානය කල කතාව හංගන්නයි.

    ReplyDelete
    Replies
    1. @සුබෝධ අමතර මූලාශ්‍ර අධ්‍යනය කරන්න කියන්නෙ ඒ නිසා නෙමෙ... ක්‍රිස්තියානි ආගම කියන්නෙ යුදෙව් ආගමම නෙමේ... නිවැරදි ක්‍රිස්තියානි ආගම ගැන දැනගන්න හන්දයි අනෙක් මූලාශ්‍ර අධ්‍යනය කරන්න කියන්නෙ... මේක එන්නෙ යුදෙව් ආගමෙන් ඒක හරි... ඒත් අද බහුතරය අදහන්නෙ යුදෙව් ආගම නෙමේ... ඒක ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙලා ආපු ක්‍රිස්තියානි ආගම... යුදෙව් ආගම මොකක්ද කියලා හරිහැටි දැනගන්නත් බයිබලය විස්තරක් කියවලා හොදටම මදි... ඒකටත් අනෙක් මූලාශ්‍ර අධ්‍යනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි... බයිබලයේ කියන්නෙ කෝකටත් තෛලය වගේ දෙයක් නෙමේ... ඒකෙ දෙයක් ලියලා තිබ්බ පලියට ඒක නිශ්චිතයි කියලා කියන්න බෑ...

      Delete
  8. ඔලුව නරක් වුනා කොමෙන්ට් කියවලා.. ඒත් මට ඇති වුන ප්‍රශ්නේ ඇයි මෙහෙම කිව්වේ කියලා...
    "ඉහත සදහන් කල පුද්ගලයන් 800 දෙනාව සාන්තුවරයට එසවීම ආරම්භ කලේ 1539 දීය. මෙය අවසන් වූයේ 2013 මැයි මස 12 වෙනි දිනය."

    ReplyDelete
    Replies
    1. මේකනෙ අරූ... සාන්තුවරයට එසවීම කියන්නේ ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර වෙන ක්‍රියාවලියක්... මේකට වසර ගනනාවක් යනවා...

      Delete
  9. බොරු ආගම්වල තියෙන හැටියට සාන්තුවරයන් කියන්නේ නිසැකවම ස්වර්ගයට ගියා යැයි පූජකවරුන් විසින් තීරනය කල අය.
    එසේ තීරනය කිරීමට යම් ක්‍රමවේද තියෙනවා. ඒකට කල් යනවා.
    නමුත් ඇත්ත දේව වචනය ඒක නෙමෙයි. හැමෝම ස්වර්ගයට යන්නේ නෑ.
    අග්‍ර දේව දූතයා වන ජේසුස් ස්වර්ගයේ තම රාජ්‍යය පිහිටුවා ඒ හරහා ‍පාරාදීස පොළව පාලනය කරනවිට. ඔහුගේ සහයට පොළවෙන් 144000ක පිරිසක් තෝරා ගන්නවා.
    ඔවුන් පමණක් ස්වර්ගයට කැඳවා ගන්නවා. එහිදී ඔවුන්ට දේව දූතයන්ට බඳු ශරීර ලැබෙනවා. අනිත් සෙනඟ පරිපූරණ මනුශ්‍යයන් ලෙස පාරාදීස පොළවක සදාකාලික ජීවනය ලබනවා.

    ReplyDelete
    Replies
    1. අතීත සිදුවීම් රසවත්ව ලියනවාට ස්තූතියි. මෙහි අවසානය යුරෝපයේ පුනරුදය ඇතිවීමයි .
      විචාරක දියණිය

      Delete
    2. විචාරක දියණිය මගෙ බ්ලොග් එකට ගොඩවුන පලවෙනි වතාව වෙන්ට ඇති...සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  10. බුදු අම්මෝ කමෙන්ට් කියවන්න වෙන දවසක එන්නම්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ගැන ඒ හැටි හිතන්න එපා සඳවතී...මටත් පිස්සු වගේ ඒවා කියෝලා...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...