Thursday, July 20, 2017

ඊජිප්තු ශාපයේ ඇත්ත නැත්ත!

 මේ කියන්න යන්නෙ හොවාඩ් කාටර් තූතන්කාමන්ගේ සොහොන ඇරියට පස්සෙ ලෝකෙම කතාවුන සාපයක ඇත්ත නැත්ත ගැන.

 1922 දි තමා වසර දහස් ගණනකට පස්සෙ මිසරයේ තිබ්බ මෙ රාජකීය සොහොනට, ඒ කිව්වෙ තූතන්කාමන්ගේ සොහොනට මිනිස් ස්පර්ෂය ලැබුනේ. මේත් එක්කම එක එක විදිහෙ භයානක මත පලවෙන්න ගත්තා. ඔය කාලෙ හිටියා මාරි කොරෙල්ලි කියලා ලේඛකයෙක්. මේ හාදයා පත්තරේට ලිපියකුත් ලියලා අනතුරු ඇඟෙව්වා සොහොන විවෘත කරපු එකට.

 මේක පලවෙලා සති කිහිපයකින් මේ ගවේෂණයට සල්ලි බාගෙ වියදම් කරපු කානවන් සාමිවරයා නිව්මෝනියාව හැදිලා මැරෙනවා. හැබැයි ඉතින් ඕක ප්‍රසිද්ධ වෙන්නෙ නම් මඳුරු දෂ්ටනයකින් මැරුණා කියලා. කොහොමත් කානවන් සාමි මේ ගවේශණයට එන්න අවු. 20කට එහා සිද්දවුන අනතුරක් හන්දා රෝගී බවකින් තමා ඉඳලා තියෙන්නෙ. ඊජිප්තුවෙ වියලි කාලගුණයයි මහන්සියයි හන්දා රෝගී බව වැඩි වෙලා තියෙනවා.

 ඒ කාලෙ පුවත්පත් වල ගියේ මේ සාපය හන්දා අවු. දහයක් ඇතුලත 26 දෙනෙක් මියගිය බවක්. ඒත් ඇත්තටම මැරෙන්නෙ හය දෙනෙක් විතරයි. ඒ මරණත් අද්භූත විදිහට සිද්ධ උනේ නෑ. අනික් කාරණේ තමා සොහොනෙ සාප වාක්‍ය කොටලා තිබ්බ එක. ඒ සාප වාක්‍ය නන් ගොඩක් තැන් වලදි දැකගන්න පුලුවන්. එහෙම සාප වාක්‍ය කොටලා තියෙන්නෙ හොරුන්ව බය කරන්න.
 මේ සොහොනෙ වැඩියෙන්ම ඇවිද්දෙ හොවාඩ් කාටර්. ඒ උනත් ඒ මනුස්සයටනන් කිසි හෙනයක් නෑ. එයා එයාගෙ 65 වෙනි උපන්දිනේට ඔන්න මෙන්න තියලා තමා මිය පරලොව ගියේ.

 දැන් ඔය සොහොන් අස්සට ගිහිල්ලා කවුරුහරි අද්භූත විදිහට මැරුනා නම් ඒවටත් සාධාරණ හේතු තියෙනවා. හැමෝම දන්නවනේ ඕනම තැනක් කාලයක් තිස්සෙ වහලා තිබ්බම විෂබීජ හා රෝග වාහකයන් වර්ධනය වෙනවා කියලා. අවු. දහස් ගනනක් වහලා තිබ්බම කොයි වගේද කියලා හිතාගන්න පුලුවන්නේ. අනික ඔය මමීලට සුවකරන්න බැරි උන රෝග බෝවෙන රෝග එහෙම තිබිලා තියෙනවා. ඒ කාලෙ ඕවට හරිහමං විදිහට බෙහෙත් කරන්න දැනුමක් තිබිලා නැතුව ඇති. දැන් ඉතින් කියන්න එපා අච්චර විසාලෙට පිරමීඩ හදපු එකේ උන්ට ලෙඩකට බෙහෙතක් හොයාගන්න බැරි උනාද කියලා. පිරමීඩ කියන්නෙ පුදුමයක් තමා. ඒත් ගොඩක් අය හිතාන ඉන්නෙ ම්ක එකපාරටම අහසින් කඩාපාත් උන එකක් කියලා. කොහොමද දෙයියනෙ මේවා හැදුවෙ කියලා පුදුමෙන් මේවා දිහා බලනවා. මම ඒකට වැරැද්දක් කියන්නෙ නෑ. එත් මේ පිරමීඩ තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් දියුණු උන එකක්. එවට ඕනතරම් සාක්ෂි තියෙනවා.

 2000ට අවුරුද්දකට කලින් ජර්මනියේ විශ්වවිද්‍යාලයක ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් කරපු පරීක්ෂණ වලින් ඔප්පු උනා මමී ගාව දිලීරයක් වර්ධනය වෙලා තියෙනවා කියලා. සොහොනෙ දොරවල් ඇරලා අවු. දහස් ගානකට පස්සෙ පිරිසිදු වාතය මෙවට එකතු උනාට පස්සෙ මේ දිලීර වාතයට එකතු වෙනවා. ඊට පස්සෙ ඒ අවට හිටපු අයගෙ සෞඛ්‍ය තත්වය නරක අතට ඉබේම හැරෙනවා.

 දැන් ඔය පිරමීඩ ඇතුලෙ රජතුමාගෙ වස්තුව තියෙනවනේ. එව්වා සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න පිරමීඩෙ අස්සෙ උගුල් අටවලා තියෙනවා. මේ උගුල් වලින් සමහර ඒවා ජීව විද්‍යාත්මක උගුල්. භයානක ලෙඩ රෝග වලින් පෙළුණු සත්තුන්ගෙ මස් සහ රෝගකාරක දිලීර එහෙම වගාකරලා එවා ඔරු වල තැන්පත් කරලා තියෙනවා. පස්සෙ ඕවා අතපත ගාන එකාට දෙයියන්ගෙම පිහිටයි.

 ලුවිස් බල්ගැරිනි කියන්නෙ න්‍යෂ්ටික විශේෂඥයෙක්. මෙයා හොයාගත්තා මේ සොහොනෙ පින්තාරු කරපු රේඛා මත යුරේනියම් තියෙනවා කියලා. ඊජිප්තුවෙ පාෂාණ වලින් යුරෙර්නියම් හොයාගන්න පුලුවන්. ඒ කාලෙ මිනිස්සුන්ට යුරේනියම් ගැන විද්‍යාත්මක දැනුමක් නොතිබෙන්න ඇති. හැබැයි ඉතින් මේවා ඇල්ලුවොත් වෙන නස්පැත්තිය නන් හොදාකාරවම දැනගෙන ඉන්න ඇති.

 ඕං ඕකයි කතාව. ඔයාලගෙ අදහස පහලින් ලියන්නකො ඈ.

ඔය පල්ලෙහා තියෙන පින්තූරය නම් 2007 එකක්.

ප.ලි. මේකත් කලින් එක වගේ බ්ලොග් පෝස්ට් එකක් විදිහට දාන්න හිතාගෙන ලිව්ව එකක් නෙමේ... බුකියෙ දාපු එකක්...


39 comments:

  1. අපූරුයි මිථිල මිථ්‍යා මතවලට ඉඩ ඇහිරෙන්නට ලිවීම ඉතාම වටිනවා

    ReplyDelete
  2. පිරමිඩ සැදීමේදී එම මනුෂ්‍යයන් යොදාගත් තාක්ෂනය පැහැදිලි කරන්න පුලුවන්ද මිතිල මල්ලි. මං කියවලා තියෙනවා සමහර පොත් වල තියෙනවා මේවාට තාක්‍ෂණය ලබා දුන්නේ සක්වල ජීවින් වගේ කතන්දර. අපේ මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමයෙන්, වෙහෙස මහන්සියෙන් ගොඩනගපු දේවල්වල නම්බුව කොහෙවත් ඉන්න හෝ ඉන්නේ නැති වෙනත් ජීවින් කොට්ඨාශයකට දෙන්නේ ඇයි කියලයි මං කල්පනා කරන්නේ.

    අනික මම දැක්කා තවත් තැනක ලියලා තිබ්බා මහා පිරමිඩය සහා දෙපස ඇති පිරමිඩ දෙක පිහිටලා තියෙන්නේ ඔරායන් දඩයක්කාරයාගේ බඳපටියේ තාරුකා ත්‍රිත්වයට සමපාත වෙන්නය, ඒ වගේම ලංකාවේ උතුරු මැද තියෙන රුවන්මැලි මහා සෑය සහ තවත් ප්‍රධාන සෑයවල් දෙකකුත් ඒ වගේම පිහිටලා තියෙන නිසා පිරමිඩ සහ ලංකාවේ සෑයවල් හදන්න තාක්ෂනය දුන්නේ සක්වල ජීවින් කියලා.

    හැබැයි ඇත්තටම බැලුවොත් පිරමිඩ හදපු කාලේ ඔරායන් බදපටියේ තාරුකා පිහිටලා තිබ්බේ වර්තමානයේ තියෙන විදියට නෙමෙයි. දැන් වෙලා තියෙන්නේ තාරුකා වැල චලනය නිසා වසර දහස් ගණනකට පසු අද තියෙන විදියට පිහිටලා තියෙන එක. තව වසර දහස් ගානක් ගියාම ඒවා පිහිටන්නේ අද තියෙන විදියට නෙමෙයි.

    ස්තුතියි මල්ලී වටිනා ලිපි පෙලට වගේම ඒවා මිත්‍යාවෙන් තොරව ලියන එක ගැනත්. මොකද බොහෝ දෙනෙක් ඊජිප්තු ශාපය කියලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සලා තමුන්ගේ ලිපි වල ආකර්ෂණය ලබා ගන්න ඕනි නිසා අසත්‍ය ලියන්නේ. මල්ලි එහෙම නැතුව විද්‍යාත්මකම ලිපි ලිවිම ගැන ස්තුතියි නැවතත්.


    දිලිනි සුමනසේකර

    ReplyDelete
  3. ඔය පාරාවෝ සාපය පදනම් කරගෙන මා විසින් ලිව්ව නව කතාවක් තමයි සාපලත් තිළිණය නමින් ප‍්‍රකාශයට පත්වුනේ.

    https://3.bp.blogspot.com/-N_M-n0dnhHg/V9wOe3-xszI/AAAAAAAABRI/bY5fJLtDQ7AvVj3ujcJctNuCdUp9II5tACK4B/s231/Santhaptha.PNG

    ReplyDelete
    Replies
    1. අරගෙන කියවන්න ඕනෙ කියලා හිත හිත හිටියට තාම ගන්න බැරි උනා...

      Delete
  4. ඇත්තටම අපූරු ලිපියක් මිතිල.... තුතන්කාමන්ගේ සොහොම ගැන මීට පෙර අහලා තිබුනේම මිත්‍යා මතවලින් පිරුනු කතා කියලා මේ සටහන කියෙව්වම තේරුනා...
    පිරමීඩ ගැන තවත් විස්තර ලියන්න පුලුවන්නම්....
    ප-ලි.. මම දන්න ඉතිහාසය විශය හදාරණ ළමයි කිහිපදෙනෙක් ඉන්නවා.. මං ඒ අයට මේ සටහන් කියවන්න දැනුවත් කරන්නම් මල්ලි...

    ReplyDelete
  5. උඹෙ මෙ ලිපි ටිකෙන් තම්යි බන් පිරිමීඩ,මමි වගේ දේවල් ගැන මටත් උනන්දුවක් වෙනවා බන්. the mummy(2017) ෆිල්ම් එක බැලුවද?

    ReplyDelete
  6. පුතා ආසා නැද්ද මහන කෙනෙක් වෙන්න. අපේ අතිපුජ්‍ය අපරැක්කේ පුඥඥානන්ද වහන්සේ ලග? අතිපුජ්‍ය අපරැක්කේ වහන්සේ ආසාවෙලා ඉන්නේ පුතාව මහන කරගන්ට හොදට. කැමති නං කියන්න.

    0771-229 191

    ReplyDelete
    Replies
    1. මහන කෙනෙක් වෙන්න එපා. බොත්තම් අල්ලන කෙනෙක් වෙන්න.

      Delete
    2. Jangi Jagath. ado jangiya hu hu.

      Delete
    3. හොඳ නූලකින්

      Delete
    4. ඇයි ඇනෝලා මේ ජගත් පතිරණ කියන මිනිහට ජංගි ජගත් නොහොත් ජංගියා කියන්නේ. ජංගි අදින්නේ ගෑනුනි. පිරිමි අදින්නේ ලංකට් නේ.

      Delete
    5. # AnonymousJuly 20, 2017 at 2:34 PM

      මෙකනි ඇනෝ, ජගත් කියන්නෙත් ජංගි අදින ගෑනියෙක් වගේ තමයි. මොකද ඒ රියල් පිරිමියෙක් නෙමෙයි. ගෑනු වගේ අනුන්ගේ කොමෙන්ට් අස්සේ රිංගලා බලු වෙන එකනි ජංගියා කරන්නේ. ඒකයි. ජංගි ජගත්ට එයාගෙම කියලා අදහසක් කියන්න ශක්තියක් නෑ. අනුන්ගේ කොමෙන්ට් අස්සේ රිංගන එක නොව කරන්නේ. ඒ නිසා ඇනෝලා ඒයාව දැක්ක තැන ජංගියා කියලා කියන්න.


      -ඇනෝ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    6. අපරැක්කේ හිමිගෙන් සාමනේර හිමිවරුන්ට අතවරවී ඇත්දැයි පරීක්‍ෂා කරන්න නියෝග

      හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුන්‍යානන්ද හිමියන්ගෙන් බාලවයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනාට බරපතළ ලිංගික අතවර සිදුවී ඇත්දැයි සොයා බැලීමට පරීක්‍ෂණයක් කර අධිකරණයට වාර්තාවක් සපයන ලෙස ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (05) නියෝග කළාය.

      එලෙස අපයෝජනයට ලක්වූයේ යැයි සැක කෙරෙන කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනාගේ භාරකාර හිමිවරුන් කවුරුන්දැයි සොයා බලා වාර්තා කරන ලෙසද මහේස්ත‍්‍රාත් වරිය ළමා හා කාන්තා කාර්්‍යංශ නිලධාරීන්ට නියෝග කළාය.

      රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

      මීට පෙර, අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් විසින් පිළිගනිමින් කටඋත්තරයක් ලබාදී තිබිනි.

      සිද්ධිය සම්බන්ධයෙන් නිර්නාමික පුද්ගලයකු විසින් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට 2010 අගෝස්තු 04 වැනිදා ඉදිරිපත් කර තිබූ පෙත්සමකට අනුව එම අධ්‍යක්ෂවරයා විසින් මීරිගම පමුණුව නාගස්ඇල්ල් ප‍්‍රදේශයට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් යවා රහසිගත පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව විත්තිකාර හිමි නම අත්අඩංගුවට ගනු ලැබිනි.

      මෙලෙස ලිංගික අපයෝජනයට ලක්වූ බාලවයස්කාර සාමනේර හිමිවරුන් පොලිස්ථානයේ පිටුපස පිහිටා තිබෙන ශාසන වර්ධන පිරිවනේ අධ්‍යාපනය ලබන බවත්, සති අන්ත දිනවලදී නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයට පැමිණි අවස්ථාවලදී මෙලෙස අතවරයට පත්ව ඇතැයි ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

      නාගස්ඇල්ල පමුණුව ශී‍්‍ර විවේකාරමයේ විහාරාධිපති වන අපරැුක්කේ හිමියන් රාතී‍්‍ර කාලයේදී මෙම සාමනේර හිමිවරුන් බියවද්දා ලිංගික අතවර කර ඇතැයි ද පැවසේ.

      මෙම සාමනේර හිමිවරුන් වයස අවුරුදු 10ත් 14 ත් අතරේ පසුවෙති.

      අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තේරීපත්වූ අතර, පසුව එම පක්‍ෂය විසින් එහිමියෝ මන්තී‍්‍ර ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

      Delete
    7. ඉහත දක්වා ඇති ඇනෝ කොමෙන්ටුම දමා ඩොක්ටර් රුවන් මහණ වීමට යන බව කියා ඇත්තේ ප්‍රාජේ නමැති පුද්ගලයායි. ඔහුම ඇනෝ දමා, ඉන්පසු ප්‍රොෆයිල් එකෙන් පැමිණ එයට උත්තර බදී. හොදින් ලියනා බ්ලොග් අල කිරීම මොහුගේ අරමුනයි.

      මෙම පුද්ගලයා මිට පෙර මෙවැනි අති නින්දිත වැඩක් විචාරක ලෙස බ්ලොග් ලියු අභාවප්‍රාප්ත මේජර් ගුණරත්න මහතාට සිදුකරන ලදී. එතුමා ජිවිතුන් අතර සිටියදී ලියු බ්ලොග් සටහන් බොහෝ දෙනා අගය කරනා ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ වෙහෙස මහන්සි වී, ජයාරූප සොයමින්, ග්‍රැෆික් සටහන් නිර්මාණය කරගමිනින්, සිනකට පැය 18 ක පමණම බ්ලොග් ලිවිම වෙනුවෙන් කැප කෙරු අයෙකි විචාරක මහතා කියන්නේ. ප්‍රාජේ නමැති පහත් ගතිගුණ ඇති පුද්ගලයාට විචාරක මහතාට ලැබෙන ජනප්‍රියතත්වය දුටුවිට ඇසේ කටු අනිනවාක් මෙන් විය. ඔහු කරේ ඇනෝ වෙසින් ගොස් විචාරක මහතාගේ බ්ලොගයේ සහ වෙන තැන් වල විචාරක මහතාට එරහිව විවිද දෑ කියමින් ,එතුමා ලියු දෑ හෑල්ලු කිරීමයි.

      ඉතාම ගුණයහපත්, සෞම්‍ය හදවතක් තිබු විචාරක මහතා මෙවැනි දෑ නිසා දැඩි ලෙස හිතින් වද වේදනා වින්ද බව මාතලන් ඇතුළු විචාරක මහතාව ලගින් ඇසුරු කෙරු බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
      කෙසේවෙතත් විචාරක මහතා පෙනහළු පිළිකා තත්වයෙන් පෙලෙනා බව සොයාගත් විට ප්‍රාජේ විසින් නෙලුම්යාය සම්මානය රැගෙන ගොස් විචාරක මහතාට ලබා දීම තරම් තවත් උත්ප්‍රාසයවත් දෙයක් තිබිය නොහැක.

      මෙවැනි නින්දිත අතීතයක් ඇති ප්‍රාජේ නැමැත්තා දැන් අල කිරීමට උත්සහ දරන්නේ මිතිල නමැති සිසුවා විසින් විචාරක මහතා මෙන්ම ඉතා වෙහෙස මහන්සි වී රචනා කරනා වාසිතය නමැති බ්ලොගයයි. විචාරක මහතාගේ අභාවයෙන් පසු ඇතැමුන් මිතිලගේ බ්ලොගයේ අදහස් දක්වමින් කියා සිටියේ මිතිලත් විචාරක වගේ ඉතාම කැපවීමෙන් බ්ලොග් ලියනා අයෙක් කියායි. මිතිලගේ වයස සහ ඔහු අනාගතයේ බ්ලොග් ලිවීමෙන් මෙන්ම පුවත්පත් ආදියට ලිවීමෙන් ලබා ගන්නා ජනප්‍රියතත්වය ගැන කල් තබාම ඉර්ශියා කෙරු ප්‍රාජේ දැන් කරන්නේ විවිද ආගමික දේශනා කරුවන් මෙන් එහි ගොසින් ඇනෝ කොමෙන්ටු දමා මිතල ලියා ඇති දෑ වෙනුවට වෙනත් දෑ කියමින් බ්ලොගය අල කිරීමයි.

      මොහුම විවිද මිෂනාරිකරුවන් මෙන් ඇනෝ කොමෙන්ටු දමා, ඉන්පසු ඔහුව ප්‍රෝෆයිලයෙන් පැමිණ ඒවාට උත්තර බදී. ඇතැම් විටක ප්‍රොෆයිලයෙන් මුලින් පැමිණ කෝ අපේ මිෂනාරියාලුවා, එයා නැතුව මේක වැඩක් නෑ වගේ ඒවා කියා, ටික වෙලාවකින් ඇනෝ පැමිණ මිතිල ලියා ඇති දේට කිසිදු අදාලත්වයක් නැති දෑ කියයි.
      මොහු ඊයේ මිතලගේ බ්ලොගයේ කොමෙන්ටුවක් දමා මිතිලගෙන් අසා සිටින්නේ මිතිල මහන කෙනෙක් වෙන්න කැමති නැත්ද, අහවල් උන්නාන්සේ ලග කියා හිටපු චීවරධාරීයෙකුගේ නමත් කියයි.

      මේ සෙල්ලම දැන් මොහු ඩොක්ටර් රුවන්ගේ බ්ලොගයේත් පටන් ගෙන ඇත. ඇනෝ කොමෙන්ටු සහ ඒවාට ප්‍රාජේ දමා ඇති රිප්ලයි, ඒවායේ වේලාවන් බලනා ඕනෑම අයෙකුට මේවා කාගේ වැඩද කියා තේරුම් යනු ඇත.

      Delete
    8. Ano 12.53 PM

      Well said. I also noticed that. I don't know exactly he (PJ) is doing this but considering the evidences & facts observed, I also had the same thoughts of yours.

      This is another idiot in Sinhala blogs. Thanks for revealing this kind of trollers. Shame on you Mr. PJ.

      @ PJ

      Why you act so cheap & acting like this? Just for entertainment or what else? Please express yourself frankly.

      Act like a man dude, don't be so cheap, please.

      Delete
    9. Wow ! Someone giving me credit for the religious missionary comments!! Flattering !

      Sorry, I cannot accept the compliment, because I don't have the time, in depth knowledge and the inclination for such elaborate religious write-ups.

      Delete
    10. මමත් මේ ගැන දවස් කිහිපයක ඉදලා බලාගෙන හිටියේ. මිතිල මල්ලි එයාගේ ෆේස්බුක් එකෙත් මේ මහණ වෙන්න එන්න කියපු කොමෙන්ට් එක දාලා තිබ්බ. මාත් ඒකට රිප්ලයි එකක් දැම්ම ෆේස්බුක් එකේදී. එයා තම පොඩි වයසක කෙනෙක් නිසා මේකේ ඉන්නා අය ගැන තේරුමක් නැතුව ඇති කියලා මට වැටහුනා.

      කොහොම උනත් උඩ ඇනෝ කියලා තියෙන දේ මටත් හිතුනා. විචාරක ගැන ඇනෝ ඇවිත් කියනා දේවල් ගැන ඔහු දුකින් හිටියා කියලා නම් මම දන්නවා. මොකද මම එතුමාව කිහිප සැරයක් මුණ ගැසිලා කතාබහ කරලා තියෙනවා. අසනීප උනාම පසුත් ගිහිං තියෙනවා බලන්න.

      මොනවා උනත් මිතිල වගේ පාසල් සිසුවෙක්ගේ බ්ලොගය අල කිරීම නං බොහොම කැත වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඔනී නැහැනි.

      Delete
  7. මිතිල පුතේ ඔයා උලමා කෙනෙක් වෙන්න. මුලින්ම කොන කපාගන්න ඔනේ. නිකට යටින් එළු රැවුල එහෙමත් වාවාගන්න පස්සේ පුලුවන්. දෙවියන්ව මතක්කරලා හරකෙක්ගේ බෙල්ල කපනකොට දැනෙන ආස්වාදේ පන පිටින් මක්කම ගියාවගෙයි පුතේ. පුතාට අල්ලාහ් දෙවියන්ගේ සරණයි.

    ReplyDelete
    Replies
    1. උලමෙක් වෙන්න එපා මුල්ලා (Dolphin) කෙනෙක් වෙන්න.

      Delete
    2. අක්කරේපත්තුවේ චන්ද්‍රජෝති මහනායක හිමි ලග මහන කරොත් මොකද? ධාතු වඩම්මවාගන්නත් පුළුවන් රෑට එහෙමට.

      Delete
    3. බිස්මිල්ලාහ්, සුබනාඅල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, ජසාකල්ලාහ් !

      හහ් හහ් හා ! යේක මේ පුලොක් යෙක ලියාන මිතිල බයියා ට අල්ලාහ් තාලා තෙයියාන්කේම පීට තමායි ! ජසාකල්ලාහ් !

      Delete
    4. අල්ලාගේ ගුණ කියනකොට
      "වඩිග ඒමන්තු" කියලා වචනෙකුත් කියනවා.

      Delete
  8. ටූටන්කාමන්ගේ සොහොන නම් එහෙම හමුවුනා.
    හුඟක් සොහොන් ඒවා හදපු කාලෙ ඉඳන්ම නිදන් හොරුන්ට ගොදුරු වුනානෙ.
    ඊජිප්තුවෙ කොයිතරම් සීරියස් විදිහට ඔය සොහොන්ගත කිරීම තිබුනත් ඒ කාලයේ ඉඳන්ම සොහොන්වලින් සොරකම් කිරීමත් ඉන්ඩස්ට්‍රි එකක් ගාණට තිබුනන

    ReplyDelete
    Replies
    1. @ Pra Jay

      We just read this blog & learnt a lot of things. But why are yoi trolling & bullying with this & discouraging the blogger & the viewers?

      Why you act so cheap? Please refer above commenters has exploited your poor behaviour. What's your point? Just for entertainment or what else? Please express yourself frankly.

      Act like a man dude, don't be so cheap, please.

      Delete
    2. @Ano, I will reply once on the assumption (with some doubts, though )that you have written this seriously. If you are not serious, then ..... Ha Ha Ha

      මට එක එක අය එක එක දේට බැනලා තියනවා. ඒත් ඇනෝ ආවයි කියලා කියපු පලමු අවස්ථාව. මට ඇනෝ එන්න ආසාවක්වත් අවශ්‍යතාවයක්වත් කවදාවත් ඇතිවෙලා නෑ. බ්ලොග් කියවීම හා කමෙන්ට් කිරීම මට හුදු විනෝදාංශයක් පමණයිනේ. ඒක සැකෙන් බියෙන් තරහෙන් හොරෙන් ඇනොනිමස් කිරීමෙන් වින්දනයක් ලබන්න බෑනෙ. සැ.‍යු. මේ ඇනෝ කමෙන්ට් දමන අය ගැන විවේචනයක් නෙමෙයි. සමහරු ඉතා විනෝදාත්මක ඒවා දමනවා. මාත් රස විඳිනවා. මං කියන්නේ මට එහෙම කිරීමට අවශ්‍යතාවක් හෝ ආසාවක් ඇතිවී නොමැති බවයි

      P.S. මිතිලගෙ බ්ලොග් එකෙන් නම් මගේ ප්‍රියතම විෂය සාකච්චා කරන නිසා මට දැනුමකුත් ලැබෙනවා. ඉඳලා හිටලා මිෂනාරි ඇනෝලා නිසා ලයිට් රිලීෆ් ලැබෙනවාත් තමයි.

      Delete
  9. ටූටන්කාමන් කිව්වා බයිලා
    ඔහෙලා අපෙන් පැවතෙනවා කියලා
    චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
    වන සත්තු අපි නැවිබත් කරලා

    ReplyDelete
  10. ප්‍රා.ජේ. ඇවිත් ඇනෝ කමෙන්ට් දානවා කියලනන් හිතන්න බෑ... මම බ්ලොග් ලියන්න අරගෙනත් තාම අවුරුද්දනෙ... ඉතින් ඔය ඇනෝලා ගැන මම ඒහැටි දන්නෙ නෑ... ප්‍රා.ජේ. මගෙ ලිපි වලට ගොඩක් උදව් කරලත් තියෙනවා... වැඩි විස්තර හොයන්න ගොඩක් උදව් වෙලත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් අවකාශය කියන්නේ මේ පේනවා වගේ සුන්දර තැනක් නෙමෙයි. මේක ඇවිල්ලා සමාජයේම හරස් කඩක්. මේකේ ඉන්නේ තෙල් බෙහෙත් වෙළෙන්දෝ, තමුන්ට හතේ හතවැදී අනුන්ගේ කේන්දර බලන්න යන සාත්තරකාරයෝ, මෝඩයෝ, නුගත් බාස්සුන්නැහැලා, පල්හොරු, පොලු කාරයෝ, පිං අඩිකාරයෝ, ටැක්සි කාරයෝ... ඔය අතරේ කතන්දර,රාජ්, හැලප වගේ බොහොම සීමිත පිරිසක් ඉන්නවා ප්‍රතිපත්තියක් තියෙන. අන්න ඒ අය නිසා තමයි බ්ලොග් අවකාශය මෙහෙම හරි පවතින්නේ.

      මේකේ ඉන්න බහුතරය නං විශ්වාශ කරන්න එපා. මේ බොහෝ දෙනෙක් විශ්වාශ කරන්න බැරි රැලක්. පොලුකාරයෝ ගැන දැනගන්න ඕනි නං ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු ගෙන් අහගන්න. ආයේ ඉතිං ඔය හොරු ගැන හොදටම කියලා දෙන්න හිටියේ ඔබා මාමා. එයත් අකාලයේ මියගියේ මේ බ්ලොග් අවකාශයේම ඉදන් පොර ටෝක් දෙන හොරෙක්ට අහුවෙලා හිතේ අමාරුවෙන් ඉද්දි තමයි.

      මේකේ ගොඩක් එවුන් බ්ලොග් ලියන්නේ මං පොර කියලා පෙන්නන්න. උන් බහුතරයකගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ තමන්ට නැති සමාජ තත්වයක් මේක හරහා හදාගෙන අනිකාගේ පොකට්ටුවට, ගෑනුන්ට විදීම තමයි.

      මං පොර ජාතකේ නැතිව බ්ලොග් එකක් ලිව්වේ කතන්දර විතරයි. කකා මේකේ ඉන්නවා වගේ බොහොම පරිස්සමෙන් අතේ දුරින් ඉන්න. මුන්ට අහු උනොත් නං උබේ සල්ලි මුදල් ටිකත් නැති වෙලා ඉන්දිකට උනා වගේ හුල්ලන්නයි වෙන්නේ.

      මොකෝ බ්ලොග් ලියන්නෙත් සක්විතිලාය මර්වින් සිල්වලාය රුවන්වැල්ලේ සොභිතලාය ........

      Delete
    2. Anonymous July 21, 2017 at 8:11 PM

      Dear Rasika,

      Why are you doing this to this kid? Dyone is a rarely talented boy who seems having much brighter future as a blogger. He might slightly younger than your son & may be in the same age of your elder child. We just wanna read this and learn something new. Please Don't be so rude & destructive. Both you & PJ exploited your jealousy & cheap personality towards him.

      I humbly request all of those bloggers, please be generous, act like gentlemen. Don't do this to this kid, it's enough that you people had chased many talented people from blogsphere. How many???? Please let this boy to continue. Act like grown & matured men. Please !!!

      Delete
    3. පරකන්දෙණියේ රසික සූරියආරච්චිට ඉන්නේ ගැහැණු ළමයි දෙන්නෙක් නේද? පොටෝස් වලින් නං මට පෙනුනේ එහෙමයි. ගෑනු ළමයි දෙන්නෙක් වගේ.

      Delete
  11. ඇත්තටම බැලුවොත් ගොඩක් කල් වහලා තිබිලා ඕවා විෂබීජ ගුහාවල් වෙලා තියෙන්න ඇති. එයාලට හොඳ තාක්ෂණයකුත් තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙව්වන්දි... හොද තාක්ෂණයක් තිබිලා තියෙනවා...

      Delete
  12. අදයි මේක කියෙව්වෙ. කියෙව්වහම මතක් උනා පුරාවිද්‍යාත්මක විහිළු කතාවක්...

    ටූටන්කාමන්ගෙ මමිය තිබ්බ සකොෆගස් එකේ තිබුණලු පැපිරස් කෑල්ලක්. ටූටා එහා ලෝගෙකට ගෙනියන්න ගත්තු ලියවිල්ලක්... හාවඩ් කාටර් ඒක අමාරුවෙං කියවල බලද්දි, ඒක ටූටගෙ සපත්තුවක් කැඩිල හදන්ඩ දීපු කාර්මිකයෙක් ලියල දීපු රිසිට් එකක්.

    ඒකෙ උඩම තිබුණු හයිරොග්ලිපික් ලෝගො එක, කයිරෝ වල කඩේක ගහල තියෙනව දැක්ක කියල කාටර්ට මතකයි. ඉතිං කයිරෝ ගිය වෙලාවක කාටර් ඒ කඩේට ගියාලු. එතන කවුන්ටරේ හිටපු ළමයට කාටර් මොකුත් නොකියා අර පැපිරස් එක පෙන්නුවලු.

    ඒ ළමය අර පැපිරස් එක අරං ඇතුලට ගියාලු. ගිහිං විනාඩි පහකිං විතර එළියට ඇවිත් ඇහුවලු,

    “අර... පොයින්ටඩ් කර්වි බ්‍රවුන් කලර් ඇන්ෂූටික් ෂූ එක නේද සර්...?“ කියල. කාටර් ඔළුව වැනුවලු ඔව් කියන්ඩ.

    “අනේ එක්ස්ට්‍රීම්ලි සොරි...“ කෙල්ල කිව්වලු... “...තාම රෙපෙයාර් කරල ඉවර නෑ... සර්ට පුළුවනිද තව සතියකිං විතර ඇවිත් බලන්න...?“්‍

    ReplyDelete
  13. අපේ සීය මම ශිෂ්‍යත්වෙ පාස් උන වෙලාවෙ එයා පරිස්සමින් තියන් හිටිය 1950 ගණන් වල සිළුමිණ පත්තරයක් දුන්න ඒකෙ මැදපිටු දෙකක මේ ගැන ආර්ටිකල් එකක් තිබ්බ .. එකත් මේක තනිකර ශාපයක් කියන මත⁣ය උඩට ලිආපු එකක් විදිහට මතක ... අවාසනාවට මුණුපුරාගේ අතින් වැරදාලා අර පත්තරේ පරණ බඩු කඩේකට ගිහිං.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...