Saturday, July 22, 2017

මා කියවූ පොත් - බෞද්ධ මනෝචිකිත්සාව [එච්.එස්.එස්. නිශශංක]

"මිනිසාට විවිධ වූ මානසික රෝග වැලැදෙන්නේ කෙලෙස් නිසාය. කවර ආගමකට ජාතියකට අයත් වුවත් කෙලෙස්වල ස්වභාවය පොදුය. ඒ නිසා කවර යම් ජන කොටසකට අයත් වුවත් මානසික රෝගී සෑම මිනිසාටම සුවය අත්කර දීමේ හැකියාව බෞද්ධ මනෝචිකිත්සාවට තිබේ. මිනිසා මානසික රෝගියෙකු කරවන ක්ලේශ බෞද්ධ මනෝචිකිත්සාවට හසුවෙයි"

මේ පොත ලියලා තියෙන්නෙ  එච්.එස්.එස්. නිශ්ශංක මහතා. මට මේ පොත කියවලා ඉවර කරන්න ගියේ එක දවසයි. හරියටම ගත්තොතින් දවසකුත් නෑ. 

 සාමාන්‍ය පෙළ ලියන අවුරුද්දෙ තමා මම මේක කියෙව්වේ. ඉස්කෝලෙ ඉවරවෙලා ගෙදර එන ගමන් කොටුවෙ ගුණසේන පොත් සාප්පුවට ගොඩ වෙලා තමා මම මේ පොත අරගත්තේ. ඉතින් බස් එකේ එනගමන් එකදිගට මේක කියෙව්වා. ගෙදර ඇවිල්ලත් එකදිගට කියෙව්වා. ඒ තරමටම පොතට ආසා වුනා. මම පොත මිලදී ගද්දි පොතේ මිල රු.280 යි. දැන් ඒ හැටි ලොකු වෙනසක් නැතුව ඇති.

 බෞද්ධ මනෝචිකිත්සාවේ පියවර හයේ ක්‍රමය ගැන මූලිකවම මේ පොතෙන් සාකච්ඡා කෙරෙනවා. පොතේ අවසානයේ මෙම ක්‍රමය මගින් සුවවූ රෝගීන්ගේ ප්‍රථිකාර පිලිබඳ වාර්තා තියෙනවා.[නම් ගම් මොනවත් නෑ. මූලිකවම රෝගය සම්බන්ධව සටහන් තියෙනවා]

 කෙනෙක්ට හිතෙන්න පුලුවන් බෞද්ධ මනෝචිකිත්සාව කියන නම නිසා මේ ක්‍රමය බෞද්ධ අයට විතරක් භාවිතා කල හැකි එකක් කියලා. ඒත් ඒක වැරදියි. ඕනම ජාතියක ඕනම ආගමිකයෙක්ට මේ ක්‍රමය වලංගුයි. මේ පියවර හයේ ක්‍රමයේ අවසානයේදී සුව වූ රෝගියාව ඔහුගේ ආගම වෙත යොමුකරනවා.

 මමත් නීතියෙ හැටියට ක්‍රිස්තියානි කෙනෙක්. ඒ නිසා මට පැහැදිලිව කියන්න පුලුවන් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට වලංගු වෙනවා කියලා. මම නිදහස් මතධාරියෙක්. ඒ නිසා මගෙ ආගම මොකක්ද කියලා හරි එකක් කියන්න බෑ. ඒ නිසයි උඩ නීතියෙ හැටියට කියලා ලිව්වෙ.


ප.ලි. පින්තූරය ක්ලික් කරාම පැහැදිලි රූපයක් පෙනේවි.




11 comments:

  1. නීතියේ හැටියට ක්‍රිස්තියානි කිව්වේ ඇයි මල්ලි? ඒ කාරණේ පැහැදිලි නෑ. ලංකාවේ ආණ්ඩුක‍්‍රම විවස්ථාවේ කොතැනකවත් තියෙනවද පුරවැසියන්ට ආගමක් ඇදහීම අනිවාර්ය හෝ, දෙමාපියන්ගේ (පියාගේ) ආගම දරුවන්ටත් පැමිණෙනවා කියා? මා නම් එවැනි දෙයක් ආසා නැහැ මිතිල මල්ලි.

    දිලිනි සුමනසේකර

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් හිතලා නෙමේ කිව්වේ... සාමාන්‍යයෙන් දෙමව්පියන්ගෙ ආගමනෙ ලමයට එන්නෙ... පස්සෙ ලමයට කැමති දෙයක් අදහන්න හෝ... නොඅදහා ඉන්න පුලුවන්... මම බෞතීස්මය වෙලා තියෙන හන්දා ක්‍රිස්තියානි කෙනෙක්... ඒත් මගේ මතයන්ගෙ හැටියට මම ක්‍රිස්තියානි නෙමේ...

      Delete
    2. ඒක නෙමේ... අක්කත් බ්ලොග් එකක් ලියන්න ගත්තොත් නරකද... අපිත් ආසයි කියවන්න...

      Delete
    3. ඔව් මල්ලි. කැමැත්තෙන් තමයි ඉන්නේ ඒකට නම්. ඒත් කැම්පස් එකේ වැඩ අස්සේ වෙලාව වෙන්කරගන්න එක තමයි ගැටලුව. මං ටියුෂන් ක්ලාස් දෙක තුනකුත් කරලා මල්ලි බෝඩින් පීස්‌ වලට එහෙම වියදම හොයාගන්නේ. කොහොම උනත් මාත් ගොඩක් ආසයි ඉතිහාසය ගැන ලියන්න, ඒ ගැන කියවන්න නම්. හි හී මල්ලි ලියන එව්වම තමයි මටත් ලියන්න වෙන්නේ එහෙමනම්. උත්සහ කරන්නම්කෝ වෙලාව තියෙන විදියට.

      දිලිනි සුමනසේකර

      Delete
  2. මෑතකදී ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක මහතා විසින් ලියන ලද බෞද්ධ මනෝ ප්‍රතිකාරය පිළිබඳව පොතක් කියවීමට ලැබුනි. මේ පොතේ අසාමාන්‍ය චර්‍යාවන් සඳහා හේතු ලෙස ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක සඳහන් කරන්නේ ක්ලේෂයන් ය​. මස්තිෂ්කය සහ ඒ හා බැඳුණු ජීව රසායණික ක්‍රියාදාමය පිළිබඳ ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක මහතා තුල දැණුම නොමැති නිසා ඔහු සියළු අස්වාභාවික චර්‍යා ක්ලේෂ වලට ලඝු කරයි.

    කර්මයන් හෝ ක්ලේෂයන් අසාමාන්‍ය චර්‍යා සඳහා හේතු කාරක වන බව බටහිර මනෝ විද්‍යාව පවසන්නේ නැත​. ඒ සඳහා මස්තිෂ්ක රසායණිකයන් ගේ අව ක්‍රියාකාරීත්වය ඔවුන් පර්‍යේෂණාත්මකව පෙන්වා දෙති.

    අසාමාන්‍ය චර්‍යාවන් පෙන්වන ලද රෝගීන් කිහිප දෙනෙකු මගේ මතකයට නැගේ. ඉන් එක් අයෙකු සොල්දාදුවෙකි. යුද හමුදා රෝහලේ මට හමුවූ මෙම රෝගියා මුලදී ව්‍යාජව රෝග ලක්‍ෂණ පෙන්වන බව වෛද්‍ය නීල් ප්‍රනාන්දුත් මමත් සිතුවෙමු. එම නිසා මොහුව රෝහලේ නවතාගෙන අප ඔහුව අධ්‍යනය කලෙමු.

    කල් යාමේදී මට පෙනී ගියේ මේ රෝගියා අසාමාන්‍ය හැසිරීම් පෙන්වන බවයි. වරක් ඔහු වෙනත් රෝගියෙකුගේ කකුලේ තුවාලයකින් ඉවත් කරන ලද සැරව අඩංගු වූ මණ්ඩාවක් පානය කලේය​. මෙය ඉතා පිළිකුල් උපදවන කටයුත්තක් වූ අතර ඔහු ඒ ගැන වෙනසක් පෙන්වූයේ නැත​. එසේම ඔහු එම ක්‍රියාව කලේ මන්ද කියා හේතුව වත් ඔහුට කියනු නොහැකි විය​. පසුව මෙම රෝගියා භින්නෝන්මාදයෙන් පෙලෙන බවට විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා රෝග නිර්ණය කලේය​. ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය ආරම්භ කිරීමෙන් පසුව ඔහුගේ අසාමාන්‍ය චර්‍යාව නිශේධනය විය​.

    කර්මයන් හෝ ක්ලේෂයන් සංකල්පය මම සහමුලින් ප්‍රතික්ශේප නොකරමි. එහෙත් මගේ ගැටළුව වූයේ කර්මයන් හෝ ක්ලේෂයන් නිසා උක්ත සොල්දාදුවාගේ අසාමාන්‍ය චර්‍යාව හට ගත්තේ නම් එය ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය මගින් නිශේධනය වූයේ කෙසේද ?යන්නයි.
    https://transyl2014.blogspot.ca/2016/08/blog-post_7.html

    ReplyDelete
  3. බුද්ධාගමට අනුව කර්ම වර්ග හතරක් තියෙනවා.
    එනම්
    පින්, පව්, කුසල්, අකුසල්

    යම් සත්වයෙකු යම් කර්මයක විපාකයකට අකැමැති(ගැටීම) නම් එම කර්මය පවක් ලෙසත්
    යම් සත්වයෙකු යම් කර්මයක විපාකයකට කැමැති(ඇලීම) නම් එම කර්මය පිනක් ලෙසත් සැලකෙනවා.
    එනම් පින් පව් යනු තෘෂ්ණාව සමඟ බැඳුනු දේවල් දෙකක්.

    යම් කර්මයක් නිවනට හේතු වෙනවා නම් එය කුසලයක් ලෙසත්
    යම් කර්මයක් නිවනට බාධාවක් වෙනවා නම් එය අකුසලයක් ලෙසත් සැලකෙනවා.

    බුදුදහමට අනුව බෞද්ධයෙක් වීම පිනක් වත්, මිත්‍යා දෘෂ්ඨික වීම පවක් වත් වෙන්නේ නෑ.
    එනම් ආගමක් ඇදහීම හෝ ආගම මාරු කිරීම මත කෙනෙක් දිව්‍ය ලෝකයකට හෝ අපායකට යැවෙන්නේ නෑ.
    නමුත් මිත්‍යා දෘෂ්ඨික වීම අකුසලයක්. බෞද්ධයෙක් වීම කුසලයක්.

    උදාහරනයක් හැටියට දේවදත්ත හාමුදුරුවෝ සම්මා දිඨ්ටික පව්කාරයෙක්.
    කතෝලික සාන්තුවරු මිත්‍යා දෘෂ්ඨික පින්වතුන්. ඔවුන් මේ වනවිට මිත්‍යා දෘෂ්ඨික දෙවිවරු, දිව්‍යාංගනාවො වෙලා ඇති.
    බුදුදහමේ සඳහන් වසවරති මාරයා කියන්නෙත් මිත්‍යා දෘෂ්ඨික දෙවිකෙනෙක්. මම හිතන්නේ එයාට තියෙන්නේ ධානාත්මක චින්තනය වගේ දෙයක් වෙන්න ඇති.

    මිත්‍යා දෘෂ්ඨික පින්වතුන්ට නිවන ගොඩක් දුරයි.

    ReplyDelete
    Replies
    1. අනේ ගොන් මීහරකා පලයන් අoගොඩ.............

      Delete
  4. I don't know whether religions are true or not. Maybe one or some or all are true. I know there is a possibility that they could be true. But, that possibility is not sufficient to make me believe. So, I'm open minded.

    Sorry, no Sinhala font on phone.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හොඳ ලිපියක්.මමත් "සංඛාර" කියලා බ්ලොග් එකක් පටන්ගත්තා.

    https://sankhaara.blogspot.qa/?m=1

    ReplyDelete
  7. E pothath hoyagena kiyawanna ona,

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...