Saturday, November 30, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [7] සිතියම් පොත් වලට ඇට්ලස් කියන්නෙ ඇයි?


ඉස්කෝලෙ මහත්තයා - හොදයි එහෙනන් හෙට එනකොට ඇට්ලස් තියෙන අය අරගෙන එන්න ඕන

නිමාලි - මොකක්ද ඇට්ලස් එකක් කියන්නෙ?

නිසල් - සිතියම් පොතටනෙ නිමාලි ඇට්ලස් කියන්නෙ?

නිමාලි - ඇයි සර් ඉතින් සිතියම් පොතට ඇට්ලස් කියල කියන්නෙ?

ඉස්කෝලෙ මහත්තයා - සිතියම් පොතට ඇට්ලස් කියන්නෙ ග්‍රීක මිත්‍යා කථාවක ඉන්න චරිතයක් නිසා. ග්‍රීක මිත්‍යා කථා වල ඉන්නවා ටයිටන්ලා කියලා අමරණීය යෝධ මිනිස්සු කොටසක්. සියුස් පොසයිඩන් වගේ ග්‍රීක දෙවිවරු එන්නත් කලින් ලෝකෙ පාලනය කලා කියන්නෙ මේ ටයිටන්වරු. මෙයින් හිටපු ටයිටන් කෙනෙක් තමා ‘ඇට්ලස්’ කියන්නෙ. ඇට්ලස් ග්‍රීක දෙවිවරුන්ට විරුද්ධව කැරැල්ලක් එති කරපු නිසා දෙවියන්ගෙත් රජ්ජුරුවො උන සියුස් දෙවියො ඇට්ලස්ට දඬුවමක් දෙනවා. අහසෙ තිබ්බ දිව්‍යලෝකය කර උඩ තියාගෙන උස්සගෙන ඉන්න වුන එකයි ඇට්ලස්ට ලැබුනු දඬුවම. මේක කාලයත් එක්ක සමහර පොත් වල ලියවුනා සියුස් ඇට්ලස්ට දුන්න දඬුවම වුනේ පෘථිවිය කර උඩ තියාගෙන ඉන්න කියල. ඇට්ලස් පෘථිවියම කර උඩ තියාගෙන ඉන්න නිසයි සිතියම් පොතට ඇට්ලස් නම ලැබුනෙ.

කමනි - ග්‍රීක මිත්‍යා කථා වල හරි ලස්සන කථා තියෙන්නෙ.

ප්‍රසන්න - ඇට්ලස් කියල කන්දකුත් තියෙනවනේ. ඉස්කෝලෙ භූගෝල විද්‍යාවට කියල දුන්නා මතකයි.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවො මොරොක්කෝ වල තියෙනවා ඇට්ලස් කියල කදු පන්තියක්. ඒකට නම ලැබිලා තියෙන්නෙත් කලින් කිව්ව ඇට්ලස් නිසාම තමා. එක ග්‍රීක මිත්‍යා කථාවක තියෙනව පර්සියස් කියන වීරයා මෙඩූසගේ හිසෙන් ඇට්ලස්ව ගල් කරා කියල. ඇට්ලස් යෝධයෙක් නිසා කාලයත් එක්ක එයා කන්දක් උනා කියලයි කථාවෙ තියෙන්නෙ.

නිසල් - මෙඩූසා කියන්නෙ අර ඔලුව වටේට නයි පෙන තියෙන ගෑනු කෙනානේ

සහන් - ඔව් එයාගෙ ඇස් දෙක දිහා කෙලින් බලන කෙනෙක් ගල් පිළිමයක් වෙනවලු

ඉස්කෝලෙ මහත්තයා - ඔය ළමයි ග්‍රීක මිත්‍යා කථා වලට ආසයි වගේ..

සහන් - මම නම් ගොඩක් ආසයි. ග්‍රීක දෙවිවරු ගැන කථා අහන්න. සර් කැමති ග්‍රීක දෙවි කෙනෙක් ඉන්නවද?

ඉස්කෝලෙ මහත්තයා - ග්‍රීක දෙවිවරුන්ගෙන් මම කැමති දෙවිකෙනෙක් නම් ඉන්නවා. හැබැයි එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙමේ. හැබැයි මම හිතන්නෙ ග්‍රීක දෙවිවරුන්ගෙන් එයා වැදගත්ම කෙනා කියල. එයා තමා ‘හෙස්ටියා’ කියන දේවතාවිය. මෙයා සියුස්ගේ සහෝදරියක්. ඉස්සර කාලෙ හැම ග්‍රීක නගරයකම පාහේ තිබුනා විශේෂ ගිනි මැලයක්. මොනම හේතුවක් නිසාවත් මේ ගිනි මැලය නිවෙන්න දෙන්නෙ නැහැ. නගරෙ ඉන්න මිනිස්සු රෑට මේ ගිනි මැලය ගාවට ඇවිත් එදා දවස ගැන අනිත් අයත් එක්ක කතා කරා. දැකපු පුදුම දේවල්, ඉස්සරහට කරන්න යන දේවල් කතා කරා. එතනදි මේ මිනිස්සු තමන්ට තේරුම්ගන්න බැරි පාලනය කරන්න බැරි දේවල් වලට නමක් දැම්මා ‘දෙවියන්’ කියල. හැම දෙවි කෙනෙක්ගෙම චරිත ලක්ෂන හැඩගැහුනෙ මේ කතාබස් වලින්. මේ ගිනි මැලය සම්බන්ධව හිටිය දේවතාවිය තමා ‘හෙස්ටියා’ කියන්නෙ. පවුලයි සමාජයටයි හෙස්ටියා මුල්තැන දෙන්නෙ.

අද ගත්තොත් පවුලෙ උදවිය එකට එකතු වෙලා කෑමක් ගන්න වෙලාවක්වත් තියෙනවද? පවුලෙ අය දවසට සැරයක් එකතු එලා ‘අද ඔයාගෙ දවස කොහොමද?’ කියල අහනවද? එදා ගිනි මැලයෙ සංස්කෘතිය අද සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා තියෙන්නෙ. ඉතින් එහෙම බලද්දි එදා හෙස්ටියා කලේ සුළු පටු දෙයක් නෙමේ.


8 comments:

  1. 'සිතියම් පොත් වලට ඇට්ලස් කියන්නෙ ඇයි? '

    ඒ ඇට්ලස් කොම්පැනියෙන් සිතියම් පොත් අච්චු ගහන නිසා වෙළද ප්‍රචාරණයක් විදියටනි.

    ReplyDelete
  2. අපේ අම්මගේ මහ ගෙදර ලෝංමන්ගේ සිතියම් පොතක් තිබුනා.

    ReplyDelete
  3. පෝලිම් ලස්
    කරදර ලස්
    වියදම් ලස්
    ඇටිලස්

    ReplyDelete
  4. ආවෙමි, කියෙව්වෙමි, තුතියක් පුදන්නෙමි!

    ReplyDelete
  5. අපේ කශේරුකාව හෙවත් කොඳු ඇට පෙලේ ඉහලින්ම තියෙන අස්තිය හෙවත් ඇටය හඳුන්වන්නේද ඇට්ලස් අස්ථිය යනුවෙනි. එම් ඇට්ලස් අස්ථිය මත තමා ඔලු ගෙඩිය නැත්නම් ඉස්කබල සවිවී තිබෙන්නේ අපේ කොඳු ඇට පෙලේ විතරක් ඇට තිස් තුනක් තියෙනව පහල තියෙන ඇට දෙක නැතුව. ජනාධිපති මැතිවරනයේ ප්‍රතිපල දෙස බැලූ විට පෙනීයන්නේ සමහරුන්ට කශේරුව, ඔලුගෙඩිය පමනක් නොවේ ඇට දෙකත් නැති බවයි..

    ReplyDelete
  6. හෙස්ටියා ඔබ වඩිනු මැන නැවතත්!!!!

    ReplyDelete
  7. තාප්පයක චිත්‍රයක් ඇඳ තිබෙනු දුටුවිට අහේතුක වෛරයක් ඇතිවීම මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ කුමන නමකින්ද?

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...