Friday, October 21, 2016

ලින්කන්ගේ මුහුණට උණු කෝපි වලින් දමා ගැසූ ගැහැණිය

ලින්කන් ගැන කතා ගොඩක් අතරෙ ඔහුගේ අති අසාර්ථක පවුල් ජීවිතය ගැන කියන්නයි මේ යන්නෙ. 

ඒබ්‍රහම් ලින්කන් සහ මේරි ඈන් ටොඩ් ඉලිනොයිහි ස්ප්‍රින්ෆීල්ඩ් ප්‍රදේශයේදී විවාහ දිවියට එළබෙන ලදි. ලෝක ඉතිහාසයේ අවාසනාවන්තව විවාහ වලින් එකක් විය. 

 තමන්ගේ විවාහය ගැන ලින්කන් ලිඛිතව සදහන් කල එකම සදහන වූයේ විවාහයෙන් සතියකට පමණ පසු ඔහු විස්න් සැමුවෙල් මාර්ෂන් නම් තැනැත්තාට ලියන ලද රාජකාරි ලිපියේ කොටසකි. මෙය අද චිකාගෝ ඉතිහාස සංගමය භාරයේ ඇත.

 එහි සදහන් කර තිබුනේ, " මටම මහත් පුදුමයක් වී ඇති මගේ විවාහය හැරෙන්නට මෙහි තත්වය සම්බන්ධයෙන් වෙනත් විශේෂ පුවතක් නැත " යන්න යි. 


 ලින්කන් ගැන හොදටම දන්නා පුද්ගලයා වූයේ ඔහුත් සමඟ නිතරම සිටි ඔහුගේ නීති සහයකයා වූ විලියම් එච්. හර්න්ඩන් ය. ඔහු ලින්ලන්ගේ පවුල් ජීවිතය ගැන පැවසුවේ " වසර විස්සක කාලය තුල ලින්කන් සතුටින් සිටි එක දවසක්වත් මා දන්නේ නෑ " යනුවෙනි. ලින්කන්ගේ දොම්නසට බෙහෙවින්ම බලපෑවේ මෙම විවාහය බව හර්න්ඩන් ගේ අදහස විය. 

 ලින්කන් හා මේරි ටොඩ් විවාහ ගිවිසගෙන ටික කලකින්ම තේරුම් ගිය කරුණක් වූයේ ඔවුන් දෙදෙනා සෑම අංශයකින්ම සපුරාම නොගෑපෙන යුවළක් බවයි. 

 උදාහරණ ලෙස මේරි ටොඩ් කෙන්ටකී හී පුහු ආටෝපයකින් යුත් පාසලක ඉගෙනුම ලැබූ තැනැත්තියකි. ඈ ඉලිනොයි හි සිටි ඉතාමත් හොද අධ්‍යාපනයක් ලද තැනැත්තියකි. එහෙත් ලින්කන් තම ජීවිත කාලය තුලම පාසලක් වෙත ගියේ වසරකට අඩු කාලයකි. 


  මේරි තම පවුල් පසුබිම ගැන මහත් පුරාජේරුවෙන් සිටියේ ය. ඒ ගැන මහත් ගෞරවයකින් කතා කලේ ය. එහෙත් ලින්කන්ට තම පවුල් පසුබිම ගැන කිසිදු ආඩම්බරයක් නොවීය. ලින්කන් පවසන අන්දමට තමන් ස්ප්‍රින්ෆීල්ඩ් හි සිටිනා අවධියේ තමන්ව බැලීමට පැමිණියේ එක් නෑදෑයෙක් පමණි. ඉඳල ඉඳලා පැමිණි එම පුද්ගලයාත් නගරයෙන් පිට වන විට සොරකම් චෝදනාවක් එල්ල වූ බව ලින්කන් පවසයි. 

  මේරි ටොඩ් විලාසිතා වලට ඉතාමත් කැමැත්තක් දැක්වූයේ ය. එහෙත් ලින්කන් තම පෙනුම ගැන කිසිදු තැකීමක් සිදු කලේ නැත. ඔහු විටෙක සිය කලිසමේ එක් කකුළක් බූට් සපත්තුවේ ඇතුලට ඔබාගෙන අනෙක් කලිසම් කකුල බූට් සපත්තුව වැසෙන සේ පිටතට දමාගෙන ගමන් කලේ ය. 

  මේරි ඉතාමත් අහංකාර තැනැත්තියක් විට. එහෙත් ලින්කන් ඉතාමත් නිහතමානී නම්‍යශීලී අයෙක් විට. ලින්කන් වෙනත් කාන්තාවක් දෙස බැලුවහිත් මේරි ඉතාමත් විශාල කලබගෑනියක් ඇති කලේ ය. ඇය විටෙක කෝප ගත්තේ අහේතුකවය. 

  මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීමට පෙර තමන් විසින් ඇයට විවාහ වීමට තරම් ආදරය නොකල බව දක්වමින් ලින්කන් ලිපියක් ලිව්වේ ය. ඔහු එම ලිපිය තම මිතුරෙකු වූ ජොෂුවා ස්පීඩ් හට ලබාදුන්නේ එම ලිපිය මේරි වෙත දීමට ය. එහෙත් ජොෂුවා එම ලිපිය ඉරා දමා පැවසුවේ, කියන්න තිබෙන දෙයක් ඇය හා සෘජුව කතා කරගන්නා ලෙසය. එමනිසා ලින්කන් මේරි වෙත ගොස් තමන්ට ඇයව විවාහ කර ගත නොහැකි බව පැවසුවේ ය. එසැනින්ම මේරි හඬා වැටීමට පටන් ගත්තේ ය. ලින්කන්ට කිසිදු කාන්තාවක් ඬනවා බලන් සිටිය නොහැකි විය. එමනිසා ඔහු ඇයව සිපගෙන විවාහ වීමට පොරොන්දු විය. 


 විවාහය 1841 ජනවාරි පලමු වනදා සූදානම් කර තිබුනේ ය. අමුත්තන්, පූජක තුමා, මෙරි ටොඩ් ඇතුලු සියලු දේ එදින විය. එනමුත් එකෙනෙක් එහි නොවීය. එනම් මනාලයා වූ ලින්කන් ය. එදින සිදුවූ දෙය මේරි ටොඩ්ගේ සොහොයුරිය විසින් පසුව එළිදරව් කරන ලදි. ඇය පැවසුවේ " එදා ඔහු සැබවින්ම උන්මත්තකයෙක් ලෙස හැසිරුණේ " ලෙස ය. සැබවින්ම ලින්කන් එදින මානසිකව මෙන්ම ශාරීරිකව ඉතාමත් දරුණු ලෙස ඇද වැටීමනට ලක්ව සිටියේ ය. තමන්ගේ මිතුරන් විසින් ලින්කන්ව සොයා ගන්නා ලද්දේ නගරය මැද විකාර දොඩවමින් සිටියදී ය. ඔහු තමන්ට විවාහ වීමට අවශ්‍ය නොවන බවත් මියයා යුතු බවත් පැවසුවේ ය.  
 විවාහයෙන් පසු ලින්කන් විසින් තමන්ගේ දුක්බරම ලිපිය ලිව්වේ ය. එය ලිව්වේ එවකට කොන්ග්‍රස් මණ්ඩලයේ සිටි තම හිතවත් නීති සඟයාට ය.

 " මම දැන් මිහිපිට ජීවත් වන අභාග්‍ය සම්පන්නම මිනිසා බවට පත්ව ඇත්තෙමි. මට දැනෙන හැඟීම මුළු මානව පවුල අතර සමව බෙදා ගතහොත් මේ පොළොව මත එකදු සතුටු මුහුණක්වත් දකින්නට නැති වනු ඇත. මා යළිත් යථා තත්වයට පත් වේදැ යි කිව නොහැක. මා හට නැවතත් පෙර සිටි තත්වයට පත් වීමට බැරි වේ යැයි මට බියක් දැනේ. මේ තත්වයෙන් පසුවනවාට වඩා මා මියයන්නේ නම් එයින් මට හොදක් වේ යැයි මට නිතරම සිතේ. "

මේරි ටොඩ්


 දිනක් ලින්කන් සහ මේරි විසින් සෙසු බෝඩිම්කරුවන් සමඟ්ද් උදෑසන ආහාරය ගනිමින් සිටියේ ය  එදින ලින්කන් විසින් තම බිරිඳව කෝප ගන්වන දෙයක් සිදු කරන ලදි. එයින් කෝප වූ මේරු ලින්කන්ට උණු කෝපි වලින් මුහුණට දමා ගැසුවේ ය. ඇය මෙසේ කලේ සියල්ලන්ම ඉදිරියේ ය. ගේ හිමි කාන්තාව තුවායක් ගෙන ලින්කන්ගේ මුහුණ හා ඇදුම් පිස දැමූ අතර ලින්කන් නිහඬවම සිටියේ ය.

 ලින්කන් මහත්මිය පසු කලෙක උමතු බවට පත් විය. ඒබ්‍රහම් ලින්කන් වසර 33ක් තිස්සේ එම පවුල් ජීවිතය ගතකලේ දුකින් වුවද ඒ ගැන තම මිතුරාට හැර වෙන කිසිවෙක්ට පැවසුවේ නැත. මෙතරම් ඉවසීමක් වර්තමානයේ සිටින පුද්ගලයන්ට තිබෙනවාද යන්න පැනයකි.

 සියලු දෙනාගේ අදහස් බලාපොරොත්තු වෙමි. 

ලින්කන් ගේ සිරුර සොරකම් කිරීම  ගැන ලියවූ ලිපියක්. - මියගියත් නිදහසක් නැති ලින්කන්

23 comments:

  1. සුපිරි

    ReplyDelete
  2. එල එල , දවසක් ඔය ගෑනු කෙනා දේශපාලන රැස්වීමකට ඇවිල්ල ලින්කන්ව නාවලත් තියෙනව..

    ReplyDelete
    Replies
    1. මාර ගෑනු තමයි... ලින්කන් මේවා ඉවසන් හිටපු එකම ඇති...

      Delete
  3. පව්නේ බං ලිංකන් . ඒයාට ලමයි කි දෙනෙක් හිටියද

    ReplyDelete
  4. නොදැන සිටි කරුණු ගොඩක් මේ පෝස්ට් එකේ තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  5. ඔබ හිතන්නේ අද මෙහෙම ජීවත්වන අය නෑ කියලද?

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ කියනවම නෙමේ... අද පොඩි වැරැද්දක් උනාමත් දික්කසාදෙන් ඉවරවෙන විවාහ ගැන දකිනකොටයි එහෙම හිතුනෙ...

      Delete
  6. මේ වගේ දෙයක් අර ලින්කන් චිත්‍රපටියේ පෙන්නුවද කොහෙද ලියුමත් එක්කම. මේ වගේ මනුස්සයෙක් එහෙම දෙයක් කරගත්තේ අඬනවා බලන් ඉන්න බැරි හින්දමද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ලින්කන් චිත්‍රපටයේ මේ දේවල් තියෙනවා... ලින්කන් කවුරුත් අඬනවා බලන් ඉන්න කැමති නෑ කියලයි කියන්නේ... අඩනවා බලන් ඉන්න බැරිකමට තමා බැඳලා තියෙන්නේ...

      Delete
  7. ලින්කන් බිරිඳත් සොක්‍රටීස්ගෙ ටොල්ස්ටොයිගෙ බිරින්දෑ වරුන් වගේමයි නේද මිථිල

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ... සොක්‍රටීස්ගෙ බිරිඳත් සොක්‍රටීස් වැඩ කර කර ඉද්දි වතුර බාල්දි වලින් ගැහුවා කියලා තමා කියන්නේ...

      Delete
  8. ලින්කන් හිනාවෙලා ඉන්න පින්තූරයක්නන් මම තාම දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. මේක බලන්නකෝ...

      http://www.newyorker.com/wp-content/uploads/2012/11/121203_cn-lincoln-1_p465-NEW.jpg

      Delete
  9. "නොහඳුනන ලින්කන්" පොතේ තියනවා මේරි ටොඩ්ගේ වැඩකිඩ ගොඩක්. :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්... ලින්කන්ගේ ජීවිතයේ රස කතා බෝමයි...

      Delete
  10. "නොහඳුනන ලින්කන්" පොතේ තියනවා මේරි ටොඩ්ගේ වැඩකිඩ ගොඩක්. :)

    ReplyDelete
  11. අදයි මෙහෙම කතාවක් දන්නේ හැබැයි ඉතින් ප්‍රසිද්ද විතරක් නොවෙයි සාමාන්‍ය පිරිමින්ගේ ජිවිතත් ඔහොම තමයි ගැහැණු හැමදේම අඬල දොඩලා කෑ ගහල කිව්වට පිරිමි හැමදේම නිහඬව විඳ දරා ගන්නවා ස්තුතියි බොහොම

    ReplyDelete
    Replies
    1. ඉවසීම තමා මේ පවුල නොකැඩී තියෙන්න හේතු වෙලා තියෙන්නේ.... ලින්කන්ට ඒක උපරිමයෙන්ම තියෙනවා....

      Delete
  12. ඇයි .....එහෙනං.....මේ අපි ජීවත්වෙන්නෙ...ඒත් දන්නවාද , ලින්කන් ජනාධිපති වෙල අවුරුදු හතරයි ඒ තනතුරු දැරුවේ ... දැන් එයා සමාදානෙ සැතපිල අවුරුදු 150 කට වඩා වැඩිවුනත් තාමත් මැරුණෙ නෑ.. තාමත් ජීවත් වෙනව ලින්කන් තවත් අවුරුදු දහස් ගණනක් ජීවත් වේවි.. එයා අමරණීය ය වුනෙ ලෝකයේ නරකම වධක භාර්යාව එයාට ලැබුන් නිසා...ඇයි ඒ...... ලින්කන්මද කාහෙදො කියල තියනව, ඔබ බය නැතිව විවාහ වන්න...ඔබට හොඳ බිරියක් ලැබුනොත් සතුටින් ජීවත් විය හැක. එහෙත් වැරදිලා වත් ඔබට නරක බිරියක් නැත්නම් වධක බාරියාවක් ලැබුනොත් ලැබුනොත් දාර්ශනිකයකු වනු ඇත. ලින්කන්ට වුනෙත් ඒක තමයි. තාමත්ලෝකයාම ලින්කන්ට ආදරේ කරන්නේත් ඒකයි. හැබැයි එයාගෙ බිරිඳ නම් පිළකුල්...පේනව නෙ මාරිගෙ මූ⁣නෙ තියන මූසල පෙනුම...ඒත් මාරි ටොඩ් විල්සනුත් මැරෙන්නෙ නෑ.සදාකාලිකවම දේවදත්ත, වගේ පරභාකරන් වගේ එහෙමත් නැත්නම් හිට්ලර් වගේ සදාකල්ම මිනිසුන්ගේ පිලිකුල ලබමින් ජීවත්වනු ඇත. ඕං ඔබේ බිරියත් එහෙම ජීවත් වේවිද කියල හිතල බලන්න...

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...