Thursday, June 1, 2017

මූගල් අධිරාජ්‍යයේ අවසාන පාලක කවියා "බහදූර් ෂා සෆාර්"


 Abu Zafar Sirajuddin Muhammad Bahadur Shah Zafar හා බහදූර් ෂා [ දෙවන බහදූර් ෂා ] ලෙසද හදුන්වනු ලබන්නේ මෝගල් අධිරාජ්‍යයේ අවසාන අධිරාජ්‍යයාය. එමෙන්ම ඔහු ටිමුරිඩ් රාජවංශයේ අවසාන පාලකයාය. මොහුගේ පියා දෙවන අක්බාර් ෂා වන අතර මව ලාල්බායි විය. දෙවන අක්බාර් ෂා 1838 දී සැප්තැම්බර් 28 දින මිගගිය පසු ඔහුගේ පුත් බහදූර් ෂා මූගල් අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා විය. එනමුත් සැබෑවටම එකල ඉන්දියාව පාලනය කලේ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසිනි. මේ හේතුවෙන් බහදූර් ෂා නාමික පාලකයෙක් විය.
බහදූර් ෂා 1858 දී. දිල්ලි හි නඩු විභාගයෙන් පසු බුරුමයේ රැන්ගූන් නුවරට පිටුවහල් කිරීමට මොහොතකට පෙර ගන්නා ලද ඡායාරූපයකි. මූගල් අධිරාජ්‍යයෙක්ගේ ලබා ගත් එකම ඡායාරූපය මෙය විය හැකියි.


  නීත්‍යානුකූලව බ්‍රිතාන්‍යයන් යනු අධිරාජ්‍යයා යටතේ සේවය කල නියෝජිතයන්ය. අධිරාජ්‍යයාට බලය තිබුනේ දිල්ලි නගරයට පමණි. බ්‍රිතාන්‍යයන් අධිරාජ්‍යයාව "දිල්ලියේ රජු" ලෙස අමතන්නට විය. 1857 දී ඉන්දියානු මහ කැරැල්ලට වරදකරු වී රාජ්‍යද්‍රෝහී චෝදනා නිසා ඔහුව රටින් පිටුවහල් කලේය. 

 බහදූර් ෂා ව සෆාර් ලෙසද හදුන්වයි. ඔහුට පාලකයෙකු වීමට වඩා අවශ්‍ය වූයේ කවියෙකු වීමටයි. එකල සිටි උර්දු කවීන් අතරින් ඉහලින්ම සිටි කවියෙක් ලෙස බහදූර් ෂා නොහොත් සෆාර් ප්‍රකටයි. සමහර විශාරදයන් පවසන අන්දමට එකල සිටි උර්දු කවීන් අතරින් විශිෂ්ටතමයා වන්නේද ඔහුයි.

  දෙවන අලම්ගීර්ගේ [Alamgir 11] සිට මූගල් අධිරාජ්‍යයෙක්ට තම සැබෑ බලය අත්දැකීමට හැකියාවක් ලැබුනේ නැත. දෙවන අලම්ගීර්ද ක්‍රියා කලේ ඇෆ්ගන් රජ කෙනෙක් වූ Ahmad Shah Durrani ගේ රූකඩයක් ලෙසයි. තම බලය සීමිත වුවද ආගම් අතර සහජීවනය නැංවීමට බහදූර් ෂා ක්‍රියා කලේය. ඔහු හින්දු හා මුස්ලිම් අය අතර සමගිය අගය කල අයෙක්. බ්‍රිතාන්‍යයන් තුල තිබූ 'බෙදා පාලනය කිරීම' ක්‍රමයට මෙය පටහැනි විය.

  බහදූර් ෂා අධිරාජ්‍යා වන විට ඔහුගේ වයස අවුරුදු 60 ඉක්මවා තිබුණි. ඔහුගේ බලය රතු බලකොටුවේ සිට කුඩා දුර ප්‍රමාණයක් දක්වා විහිදී තිබුණි. මේ වන විට මූගල් අධිරාජ්‍යයේ දේපලක් වූ ෂා ජහාන්ගේ මොණර ඔටුන්න සහ කොයිනූර් දියමන්තිය තම රටින් ගෙනයන ලදි.

 1857 දී ඉන්දියානු මහ කැරැල්ල ව්‍යාප්ත වූ විට ඔවුන් බහදූර් ෂා ව තම නායකයා ලෙස පත්කර ගත්තේය. ඔවුන් බහදූර් ෂා ව දුටුවේ හින්දු හා මුස්ලිම් ජන කොටස් ඇතුලු සිටලුම ඉන්දියානුවන් එකමුතු කල හැකි නායකයෙක් ලෙසය. එමෙන්ම රාජ්‍යත්වයට ඔහුට අයිතියක්ද තිබුණි. කෙසේ හෝ බහදූර් ෂා මෙම කැරැල්ලේ නායකත්වය සඳහා තම නම ලබාදීමට අවසර ලබා දුන්නේය.

 බහදූර් ෂා ගේ බිරිඳ Zeenat Mahal. [මොහුට බිරින්ඳෑවරු හතර දෙනෙක් සිට ඇත]

 ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ඇතිවූ අතර තමන්ගේ සැබෑ නායකයා දෙවන බහදූර් ෂා ලෙස ඔවුන් පවසන ලදි. වැඩිකල් යන්නට මත්තෙන් බහදූර් ෂාට දක්නට ලැබුනේ පෙර  සාමයෙන් තිබූ නගරයක් නොව ලේ වැගිරුණු නගරයක්ය. බ්‍රිතාන්‍යයන් මෙම කැරැල්ලෙන් ජය ගත් පසු බහදූර් ෂා දිල්ලි නගරයේම සැගවුණි. මේජර් හොඩ්සන් විසින් මෙහෙයවනු ලැබූ බ්‍රිතාන්‍ය හමුදාව බහ්දූර් ෂා ව වටලන ලැබූ පසු යටත් වීමට පවසන ලදි. පවුලේ බොහෝ පිරිමින් මෙහිදී ඝාතනය කල අතර පවුලේ ඉතිරි සියලු දෙනා හිරබාරයට ගෙන රටින් පිටුවහල් කරන ලදි. නඩු විභාගයේදී වරදකරු වූ සෆාර් බුරුමයේ රැන්ගූන් නුවරට පිටුවහල් කරන ලදි. ඔහුත් සමඟම 1858 දී ඔහුගේ බිරිඳ සහ පවුලේ ඉතිරිව සිටි කිහිපදෙනාවත් පිටුවහල් කරන ලදි.
බහදූර් ෂාගේ දරුවන් දෙදෙනෙක්. වමේ - Jawan Bakht. දකුණේ - Mirza Shah Abbas

  ඔහුගේ නඩු විභාගය සාධාරණ එකක් නොවීය. වසර තුන්සීයකට අධික ඉන්දියාවේ මූගල් පාලනයේ අවසානය මෙය වීය. බහදූර් ෂා 1862 නොවැම්බර් 7 වන දින මියයන ලදි. ඔහුව රැන්ගූන් නුවරදීම භූමිදාන කරන ලදි. තම මව්භූමියේදී භූමිදානයක්වත් ඔහුට නොලැබුණි. සෆාර්ගේ බිරිඳ Zinat Mahal 1886 දී මිය ගියේය. දෙවන බහදූර් ෂා නොහොත් සෆාර් දිල්ලියෙන් ඈතට ගිය පලමු අවස්ථාව ලෙස දැක්වෙන්නේ 1858 දී ඔහුව බුරුමයේ රැන්ගූන් නුවරට පිටුවහල් කල අවස්ථාවයි.

මූලාශ්‍ර:

1) http://www.newworldencyclopedia.org/entry/Bahadur_Shah_II#cite_note-0

2) https://en.m.wikipedia.org/wiki/Bahadur_Shah_II

3) http://asidisimaanaya.blogspot.com/2016/12/blog-post_17.html?m=1

මේවටත් උත්තර දුන්නනන්

1)ලොව කෙටිම ජාත්‍යන්තර  ගුවන් ගමනේ කාලය මිනිත්තු කීයද? කොහේ සිට කොහාටද?

2) මාලදිවයිනේ ජාතික ගීයේ තනුව නිර්මාණය කලේ කව් ද?

3)ලතා මංගේෂ්කර් ගැයූ සිංහල ගීතය කුමක් ද?

21 comments:

  1. Tawat mathrukawak Ada liyala tyene itihasaya vishaya yatathe, interesting,,,
    2. Amaradewayan
    3. Jaya boomi Sri lanka

    ReplyDelete
  2. අපූරුයි ලිපිය. ගීතිකා කිව්ව වගේ 2 සහ 3 උත්තර තමයි මම දන්නෙත්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. කවියෙක් නිසා මිනිහා නරක එකෙක් වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔව්... මෙයාට පාලකයෙක් වෙනවට වඩා අවශ්‍ය වුනේ කවියෙක් වෙන්න...

      Delete
  4. මෝගල් එවුන් ඉන්දියාව මොංගල් කළා කියල මට හිතෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. අවුරන්සෙබ්ගෙන් පස්සෙ තමා මෝගල් අධිරාජ්‍යයේ පරිහානිය පටන් ගත්තෙ...

      Delete
  5. ලංකාවේ කවියොන්ට විතරක් නෙවෙයි, යාන්තමට කටේ කලාව ගාගත්ත මිනිස්සු බලය ගන්නකොට/ගත්තහම උන්මන්තක වෙනවනේ... ඒ අතින් ඔහු හොඳයිනේ

    ප්‍රශ්න දෙක හා තුනට උත්තරේ තියෙනවනේ...

    1. තත්පර 47 ක කාලයක් තුල Orkney Islands සහ Westray and Papa Westray අතර ගුවන් ගමනද? ( Scotland)

    ReplyDelete
    Replies
    1. ලිඛිතා මේ අහන්නේ කෙටිම "ජාත්‍යන්තර" ගුවන් ගමන ගැන...

      Delete
  6. මෝගල් කිව්වම මට මතක් වෙන්නෙම ජලාල්වයි ජොදාවයි බැරිද ඒ දෙන්න ගැනත් ලියන්න

    ReplyDelete
  7. ඉන්දීය ඉතිහාසය ගැන ලියන එකට මං මනාපයි...

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ ඉතිහාසය ගැන තවත් ලියන්නම්...

      Delete
  8. මං පලවෙනි වතාව මේ පැත්තෙ ආවෙ.
    ඉතිහාසය කියන්නෙ මගෙ ජීවිතය වගේ පුදුම ආසයි..
    මේ ලිපි වල සාජහන්ගෙ කාලය ගැනත් තියේවිද?
    නැත්තම් ඉදිරියට ලිවුවොත් කියවන්න බොහොම ආසාවෙන් බලන් ඉන්නවා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඉෂානි... සාජහන් ගැන ඉස්සරහට ලියන්නම්... මෙයා ගැනයි ටජ්මහල ගැනයි අනිවාර්යයෙන්ම ලියන්න ඕනෙ කියලයි හිතාන හිටියෙ... මොකද මම කියවලා ඉගෙනගත්තු දේවල් වලින් මට ඔප්පු උනේ, ටජ්මහල ගැන අද සමාජගත වෙලා තියෙන්නෙ වැරදි කරුණු කියන එක... මේ ගැන විස්තර තව එක්කාසු කරලා ලිපියක් ලියන්නම්... ඔබටත් ජය...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...