Saturday, July 29, 2017

200 වෙනි බ්ලොග් සටහන

මම බ්ලොග් අඩවිය ආරම්භ කලේ 2015 වර්ෂයේ දෙසැම්බර් මාසයේ. ඒත් නියමාකාරව බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2016 වසරේ අප්‍රේල් මාසයේ ඉදන්. දැන් බ්ලොග් ලිපි ලියන්න පටන් අරගෙන අවුරුද්දකට වඩා වැඩියි.

 මම මුලින්ම ලිපි ලියන්න පටන් ගත්තේ ෆේස්බුක් සමාජ ජාලයේ. ඒ 2014 වසරේ අග බාගයේ ඉදන්. මුල් කාලයේදීම ෆේස්බුක් සමූහයකට සම්බන්ධ වෙලා ලිපි ලියන්න ගත්තා. වසරකට වඩා ඒ සමූහයට මම ලිපි 250කට ආසන්න ප්‍රමාණයක් සම්පාදනය කරලා දුන්නා. බ්ලොග් අඩවිය පටන් ගද්දි ඒවයින් 20ක් පමණයි බ්ලොග් අඩවියට ඇතුලත් කලේ. මට ෆේස්බුක් සමාජ ජාලයේ ලිපි ලියන්න කියලා උනන්දු කලේ කෝකිල ගිහාන් විතානතන්ත්‍රී සහෝදරයා. ෆේස්බුක් එකෙන් දැනඅඳුන ගත්ත යාළුවන්ගෙන් පලවෙනියෙන්ම හැබැහින් දැක්කෙ එයාව. ඒ එයාගෙ රාවණා අඩවිය කෘතිය එලිදක්වපු අවස්ථාවේදී. ගිහාන් අයියට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට ලිපි ලියන්න උනන්දු කෙරුවට.

 බ්ලොග් ලියන්න ගත්තම මට ඔය සම්බන්ධව ඒ හැටි දැනුමක් තිබ්බෙ නෑ. මුල්ම කාලයේදී අපේ අටං සහ ගුණසිංහ මහතාගේ උදව් හන්දා මට බ්ලොග් ලියන්න ගොඩක් පහසු වුනා. පස්සෙ මට බ්ලොග් අවකාශයෙන් යාලුවන් ගොඩ දෙනෙක් අඳුනගන්න ලැබුනා. ඒ ගොඩ දෙනෙක්ව හැබැහින් දැකගන්න පුලුවන් උනා 2016 බ්ලොග් සම්මාන උළෙල දී. ඒකෙදි මටත් ඉතිහාස අංශයෙන් තෙවන ස්ථානයට සම්මානයක් ලැබුනා. ඒ අගය කිරීමට මම බෙහෙවින් කෘතඥ වෙනවා.

 බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලය සහ දැන් ගත්තම ගොඩක් දේවල් කාලය සමඟ වෙනස් උනා. මුල් කාලයෙ වුන වැරදි සහ අතපසුවීම් කාලය සමඟ හදාගත්තා. බ්ලොග් ලිවීමෙන් ඇතිවුන සිත් රිදවීම් ඕනතරම් මට තියෙනවා. මට ලියන එකත් නහුතෙටම එපා වුන අවස්ථාත් නැතුවම නෙමේ. ඒත් මම පස්සෙ හිතාගත්තා ලියන එක නතර කරන එකෙන් මම ජයග්‍රහණය බොරුකාරයන්ට ලබා දෙනවා කියලා. කවුරු මොනවා කිව්වත් දැනටත් මගෙ බ්ලොග් එකට හෙන ගහනකන් බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒ අය දිහා අනුකම්පා සහගතව බලනවා හැර මට කරන්න දෙයක් නෑ. මම මගේ ගමන යනවා.

 මගෙ බ්ලොග් අඩවියෙ මුල් කාලෙ නම වාසිතය නෙමේ. සතර අත පැතිර ගිය දැනුම තමා නම. ඒත් මම හිතුවා බ්ලොග් අඩවියට වෙනස්ම විදිහෙ නමක් දාන්න. කවුරුවත් මීට කලින් නොදාපු විදිහෙ එකක්. ඒ අනුව තමා උපාලි කන්නංගර සර් මට මගෙ බ්ලොග් අඩවියට වාසිතය කියලා නම දැම්මෙ. මේ නමේ තේරුම තමා දැනුම.

 වාසිතයෙහි පලවූ ලිපි බොහොමයක් පුවත්පත් සඟරා ආදියෙහි පලවුනා. මව්බිම පුවත්පත, දිවයින පුවත්පත , විජය පුවත්පත සහ සඟරා කිහිපයක පලවුනා.

 මේ බ්ලොග් සටහන තමා වාසිතයෙහි පලවූ 200 වෙනි බ්ලොග් සටහන. මම හිතනවා මම මෙතෙක් කල් ලිව්ව දේවල්වලින් ඔයාලා මොනවම හරි පොඩි දෙයක් හෝ අලුතෙන් ඉගෙනගන්න ඇති කියලා. වාසිතයෙහි ප්‍රධාන පරමාර්ථය දැනුම බෙදාදීම. මෙතුවක් කල් මාත් එක්ක හිටපු පාඨකයන්ට බොහමත්ම ස්තූතියි. ඉදිරියටත් මාත් එක්ක ඉදීවි කියලා විශ්වාස කරනවා. ඔයාලා නොහිටින්නට මම ලත් තැන ලොප් වෙනවා නොඅනුමානයි.

සියලු දෙනාටම ජයවේවා...


47 comments:


  1. නියමයි සහෝ , තවත් දීර්ඝ ගමනකට සුභම සුභපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ... ඔයාව මුණගැහෙන්න ලොකු ආසාවක් තියෙනවා...

      Delete

  2. අදයි දැනගත්තෙ ඔයා වගේ අයටත් තරහකාරයො ඉන්න බව , ඕවෑන් කවදාවත් සැලෙන්න එපා, දිගටම හරවත් රසවත් දේවල් දාන්න. මට නම් ඔයා බ්ලොග් ලෝකෙ තරුවක්

    ReplyDelete
    Replies
    1. අපි අඩියෙන් අඩිය ඉස්සරහට යන්න හදද්දි කකුලෙන් අදින අය කොහෙත් ඉන්නවා...

      Delete
  3. ආ මග කෙටියි යායුතු මග දුරයි
    යමු නොසැලි
    කොළොම්පුරෙන් සුබ පැතුමන් එක්කරන්නෙමි.

    ReplyDelete
    Replies
    1. ඔව් තව ගොඩක් දුර යන්න තියෙනවා... ස්තූතියි අසංග අයියේ...

      Delete
  4. දෙසීයට සුබපැතුම් .නොසැලී ඉදිරියටම යන්න

    ReplyDelete
  5. ඔන්න සුභ පැතුම් හොඳේ.... තවත් දුර යන්න ලැබේවා..!!

    ReplyDelete
  6. සුබ පැතුම්, මිතිල. ඔබ මහන්සි වී කරුණු සොයා ලිපි ලියන කෙනෙක්. එය දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  7. සුබ පැතුම්, මිතිල.

    ReplyDelete
  8. සුබ පැතුම් !! දිගටම යං.

    ReplyDelete
  9. 200 ක් උබ යකෙක් නෙ. නියමයි. වෙන සේවය ගැන කියල වැඩක් නැහැ. බ්ලොග් වලින් එහාටත් මේ කරන සේවය දිගටම කරගෙන යන්න. 2000 කට වත් යන්න ආසිරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්... ඔයාට පින්සිද්ධ වෙන්න ඔය දෙසීය ඇතුලෙ මම ලිව්ව එකම කෙටි කතාවත් තියෙනවා...

      Delete
  10. සුබ පැතුම් මල්ලී. තව ගොඩක් දේවල ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    ReplyDelete
  11. එදා ඇරඹී ටිකෙන් ටික ලිවු දැණුම් ලිපි නම් මහ ගොඩයි
    හදා ගත් වාසිතය නමටම බ්ලොග් ලොවේ තැන ස්ථිරයි
    මුදා හල ඒ දැණුම් සයුරෙන් අප ලැබූ දැණුමත් යසයි
    මෙදා සුපැතුම් තබන්නේ මම දෙසීයට හදවතින්මයි.....

    බාධක අතරින් දිගටම ලිවීමට එදා ගත් තීරණය ගැන සතුටුයි මිතිල. ඉදිරියටත් ලිපිවල ගුණාත්මක බව රඳවාගෙන ලියන්න මගෙන් සුභපැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සනට ලියලා තියෙනවා දුමී වෙනදා වගේම... ස්තූතියි දුමී... ඔයාටත් ජය...

      Delete
  12. ද්විත්ව ශතකයට උණුසුම් සුබ පැතුම් ;-)
    ඉක්මනටම ත්‍රිත්ව ශතකයටත් යමු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනස්ගාත... ත්‍රිත්ව ශතකය මෙ අවුරුද්ද ඇතුලත රැස් කරන්න උපරිම උත්සහ ගන්නවා..

      Delete
  13. සරලවම කියනවා නම් පට්ට බ්ලොග් එකක් ඩියෝන්. මගේ බ්ලොග් රෝල් එකට ඇඩ් කර ගත්තා.
    දිගු ගමනකට සුභ පැතුම් මගෙනුත්...

    ReplyDelete
  14. තවතවත් ලියන්න ශක්තිය ලැබේවා

    ReplyDelete
  15. දෙසීයට සුබ පැතුම්. මගේ කාර්ය බහුලත්වයත් එක්ක මට එකක්වත් බලන්නම ලැබුණේ නෑ අවංකවම කියනවනම්. හෙමිහිට බලන්නම්.

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්නයක් නෑ හෙමිහිට කියවන්න... ස්තූතියි...

      Delete
  16. Mona baadaka awath nathara wenna epa mithila malli, digatama liyanna, oyage paatakayan athara math ekkenek, sathutui oya Gena, suba pathum, digu gamanak yanna lebewa kyala prarthana karanawa🙆

    ReplyDelete
  17. දෙසීයට සුභ පැතුම් මිතිල.....උඹේ ලිපි වලින් අපි ගිඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටා වාසිතය කියන්නෙ ඊට සුදුසුම නම.
    ඔය යන ස්පීඩ් එකෙන්ම ගියොත් 2000 ත් වැඩි ඈතක නෙවෙයි. ජයින් ජයම වේවා....

    ReplyDelete
  18. හරිම සිතුටුයි සුබපැතුම් මිථිල ඔබත් වටිනා සම්පතක් බව පෙන්වා දෙමින් ඉන්නවා සුබපැතුම්

    ReplyDelete
  19. Well done Dyon

    Continue this good work. We are always with you. Don't worry about the haters, everything will be fine soon. Cheers !

    ReplyDelete
  20. My heartiest congratulations! Cheers mate, be bold & stay strong.

    The so called "senior bloggers" will do many stupid things/ conspiracies against this but just be strong. Don't care about those barking dogs.

    You are graced by God to do this much marvellous work.

    God bless you !

    ReplyDelete
  21. උණුසුම් සුබ පැතුම් මිතිල... අවුරුද්දක් වගේ සුලු කාලෙකට ඔයා ගොඩක් දුර ගිහින්. මේ වගේ වටිනා හරවත් ලිපි වලින් අපේ දැනුමට යමක් එකතු කර ගන්න ලැබුන එක ඇත්තටම මටනම් සතුටක්. දිගටම ලියන්න ජය වේවා

    ReplyDelete
  22. සුභපැතුම් !!
    මේ බ්ලොගයේ තමයි මං වැඩියම කැමති විෂයයන් ගැන ලියවෙන්නේ. ස්තුතියි ලියන එකට මිතිල.

    ReplyDelete
    Replies
    1. Dear Pra Jay

      Thank you very much for acting like a gentleman in the last couple of days & hope you continue this good work hereafter. I'm sorry I was much harsh on you last time but it was purposely done in order to safeguard this young blogger. Please take it positive & constructive manner and share your knowledge with other readers as well. Cheers mate.

      Delete
    2. Dear Anonymous,

      It is sad to see you under some sort of misapprehension. I have not and will not ever comment anonymously. I comment for the fun of it. I see no fun in commenting anonymously with hate, envy, fear, distrust and with hidden agenda. I would comment honestly or never. No middle ground.

      Delete
  23. 300 ත් ළඟදීම පහුකරමු.
    විචාරක දියණිය

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...