Wednesday, July 19, 2017

ඊජිප්තු වැසියො එම්බාම් කලේ කොහොම ද?


මම වැඩියෙන්ම ආස විෂය තමා ඉතිහාසය. ඒකෙනුත් ඊජිප්තු ශිෂ්ටාචාරයට තමා වැඩිමනක්ම කැමති. මේ කැමැත්ත හන්දම මම මේ ශිෂ්ටාචාරය ගැන අනන්තවත් දේවල් කියවලා තියෙනවා. මම ඒ ඉගෙනගත්තුවා ටිකෙක් ටික ඔයාලට කිව්වොත් හොදයි කියලා හිතුනා. ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන මුල ඉදන් කියන්න බලාපොරොත්තුවක්නන් නෑ. තැන් තැන් වලින් විශේෂ දේවල් ටිකක් කියන්නන්.

 හරි දැන් එමු මාතෘකාවට. සාමාන්‍යයෙන් සිරුර එම්බාම් කරන්න දින 70ක් විතර ගත්වෙලා තියෙනවා. මේ ක්‍රියාව කලේ 'ඉබු'කියලා හදුන්වපු වැඩපොලක. මුලින්ම ඇඟ පාම් වයින් වලින් හෝදලා ඊට පස්සෙ නයිල් ගඟේ වතුරෙන් හෝදනවා. කොණ්ඩෙයි රැවුලයි විතරක් තියලා ඇඟේ අනික් හැම මයිලක්ම කපලා අයින් කරනවා.

 ඊට පස්සෙ ඇඟේ වම් පැත්තෙ පොඩි කැපුමක් දාලා අභ්‍යන්තර අවයව සේරෝම ඉලියට අරගන්න්වා. හදවත එලියට ගන්න අවස්ථාත් තියෙනවා ගන්නෙ නැති අවස්ථාත් තියෙනවා. මේකට හේතුව තමා මැරුණට පස්සෙ හදවතේ බර පිහාට්ටක බරට සමානද නැද්ද කියලා බලන බවට ඊජිප්තු ඇදහිල්ලක් තිබ්බ නිසා. ඒ නිසා හදවත විතරක් ඇතුලෙ තියෙනවා.

 සමහර මමීකරණය වුන සිරුරු අධ්‍යනය කරද්දි හොයා ගත්ත දෙයක් තමා නාස් ඇටය බිඳ දාපු එක. නහයෙන් මොළයට කොක්කක් යවලා මොළේ කෑලි  කෑලි වලට කඩලා එලියට අරගෙන තියෙනවා. ඊට පස්සෙ හිස  දුම්මල වලින් පොඟවපු ලී කුඩු වලින් හෝ ශාකමය උකු දුම්මල වලින් පුරවලා තියෙනවා.

 ඊට පස්සෙ සිරුර සෝඩියම් බයිකාබනේට් වලින් වහලා තියෙනවා. ඒ දවස්වල මේ ද්‍රව්‍ය හදුන්වලා තියෙන්නේ 'නේට්‍රොන්' කියලා. මේක කරලා තියෙන්නේ තෙත් වෙච්ච ඇඟ වේලන්න. නේට්‍රොන් පැකට් වල අහුරලා ඇඟ ඇතුලට දාලා තියෙනවා ඇඟ අභ්‍යන්තරය වේලන්න.

 මේවා කරලා දවස් 40කට විතර පස්සෙ ඇඟ වතුරෙන් හෝදලා තෙල් ගල්වනවා. එහෙම කරන්නෙ ඇඟේ ඇදෙනසුලු බාවය වැඩි කරන්න.

 මුලින් මම කිව්වනේ ඇඟ ඇතුලෙ අවයව ඉවත් කරනවා කියලා. ආමාශ, පෙනහළු , අන්ත්‍රය හා අක්මාව කැනොපික් බඳුන් වලා දාලා තියෙනවා. ඒත් සමහර අවධි වලදී මේ ඉවත් කරපු අවයව ආයෙම ඇඟ ඇතුලට දාලා අර බඳුන් හතර මමීකරණය කරපු සිරුර ගාව තියලා තියෙනවා.

 මම මුලදි කිව්ව නේට්‍රොන් ඊජිප්තුවේ සමහර තැන් වල ස්වභාවිකවම හැදෙන ලුණු වර්ගයක්. කාන්තාරවලදි මැරෙන මිනිස්සු සත්තු මමීකරණය වෙන්න මේ සංයෝගය බලපාලා තියෙනවා.

 ඕං ඕකයි කතාව. දැන් ඉතින් මේක කියවලා දැක්කෙ නෑ වගේ යන්න එපා. ඔයාලගෙ පොඩි අදහසක් යටින් ලියන්න.

ප.ලි. මේ පෝස්ට් එක මම බුකියෙ දාපු එකක්. ලියලා තියෙන ආරෙ නන් ටිකක් වෙනස්. හැබැයි ඒක හොදයි කියලා හිතුනා.

25 comments:

  1. වටින තෙොතොරතුරු මල්ලි
    මමීකරණය ගැන වාර්තා වැඩසටහනක් හරි චිත්‍රපටියක් හරි බැලුවා එත් නම මතක නැ දැන්

    ReplyDelete
  2. වැදගත් සටහනක්... මමීකරණය ගැන තොරතුරු දැනගන්න මාත් ගොඩක් කැමතිී.... ප්‍රියකරන මාතෘකාවක් කියුවොත් හරි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ... මගෙත් කැමතිම අංශයක් මේක...

      Delete
  3. thanks .ඉතිහාසය gana tawa post danna

    ReplyDelete
  4. මාත් කැමතිම විෂයය ඉතිහාසය. ඊජිප්තු ඒකෙන් එකක්. ඒකෙනුත් Akhenaten කාලය ගැන කුතුහලය වැඩියි. ඒත් මිතිල Akhenaten ගේ ඇදහීම් ලිව්වොත් මෙතන ආගම් සර්කස් එකක් වෙයිනේ. :-D
    දැනටමත් ආගම් ගැන වැඩියෙන්ම කමෙන්ට් එන්නේ මෙහෙ මං හිතන්නෙ

    මං හුඟාක් ඉස්සර ඇලන් ඩෲරිගේ පලවෙනි පොත කියෙව්වා. ඒක හුඟක් කාලයක් මතක තිබුනා. ලඟදී පොත් දෙකම ගෙන්න ගත්තා
    https://www.goodreads.com/book/show/1542292.A_God_Against_the_Gods
    https://www.goodreads.com/book/show/1246282.Return_To_Thebes

    ReplyDelete
    Replies
    1. ඒ ඇදහිලි ගැන දැම්මනන් වැඩි කල් යන්න කලින් ඒකෙන් ඇනෝ කෙනෙකුත් ඇවිත් මගෙ බ්ලොග් එක බහු ආගමික මධ්‍යස්ථානයක් වෙනවා...

      Delete
  5. උතුරු අත්ලාන්තික් ප්‍රත්‍යාගමනය නිසා ඉංග්‍රීසි ඕඩයේ යාත්‍රා කරනා නාවිකයන්ට සිදුවූ හිරිහැර ගැන ලිපියක් ලියන්න පුංචි මහත්මයා. නාවිකයා කවදාවත් මියන්නේ නෑ, ඔහු කාලය සමග වියැකී යනවා පමණයි.

    ReplyDelete
  6. වටිනා ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  7. මගේ විෂයත් ඉතිහාසය හා පුරාවිද්‍යාව හැබැයි මමත් මමී ගැන මෙතරම් තොරතුරු දන සිටියේ නැහැ . නයිල් ගඟ ඊජිප්තු වැසියන් ඉතා ගෞරවනීය ලෙස සැලකුව දෙයක්. එම නිසා නයිල් ගඟ ඔවුන්ගේ ජීවිතයේ සාම සිදුවීමකම තියනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මම මමී ගැන කලින් ලියලා තියෙනවා... එම්බාම් කරන එක ගැනත් ලිව්වට මේ විදිහට ලිව්වෙ නෑ... ඉතිහාසය ඔයාගෙ විෂය පථය කියලා අහන්න ලැබීම සතුටුයි...

      Delete
  8. ගොඩක් වටිනවා මිතිල. මෙ තොරතුරු හැමදාමත් වගේ දැනගන්නෙ උබෙන්නෙ.මටනම් ස්ටයිල් එකේ ලොකු වෙනසක් තේරෙන්නෙ නෑ. එල බන්,

    ReplyDelete
  9. වැදගත් ලිපියක් මිතිල නැවතත්

    ReplyDelete
  10. ශරීර අභ්‍යන්තර කොටස් අයින් කරන්නේ නරක් වෙන එක වලක්වාගන්න වෙන්න ඇති නේද? අපේ එම්බාම් කිරීමෙන් කරන්නෙත් මේ වගේ දෙයක්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ශරීරය ඇතුලෙ තියාගෙන ආරක්ෂා කරගන්න අමාරුයි... ඒකයි වෙන වෙනම අරගෙන බඳුන්වල දාලා ඒවට බෙහෙත් ගල්වන්නෙ...

      Delete
  11. Egypt history mageth kematima mathrukawak, mula idan liuwath mge Nam akameththak Na mithila,
    Great!!!

    ReplyDelete
    Replies
    1. පුළු පුළුවන් විදිහට ඒවා ගැන ලියන්නම්...

      Delete
  12. වටිනා පෝස්ටුවක් නොදන්න දෙයක් ඉගෙන ගත්තා ඉතිං ළමයෝ මේ කොරනවාවගේලංකාවේ ඉන්න ඔක්කොම දේසපාලු හැත්ත වත් මමී කරණය කොරලා නැත්නම් කරෝල කොරලා අඩු වියදමින් පාර්ලිමේන්තුවේ තියලා උදේ හවස දුං ඇල්ලුවානම් හොදයි කියලා තමයි මගේ නම් අදහස ඔං

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...