Friday, April 10, 2020

දකුණු කොරියාව කොරෝනා වෛරසය පාලනය කලේ කෙසේ ද?

ඉතිහාසයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ වෙයි. මෙයත් එවන්ම කාරණාවක්. ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වෛරසය නිසා පීඩා විදිමින් වසා දමා තිබෙන මේ දිනවල දකුණු කොරියානු වැසියන් ක්‍රමයෙන් මාර්ග කරා පැමිනෙන ආකාරය දැකගත හැකියි. පෙබරවාරි මස අවසන් දින කිහිපයේදී දකුණු කොරියාව කොරෝනා ආසාධිතයන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා කරමින් ලෝකයේ කොරෝනා වෛරස් ආසාධිතයන් වැඩිම රටවල් අතර සිටියා. කාලය ගතවන විට අනෙක් රටවල් වල ආසාධිතයන් ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ ගියත් දකුණු කොරියාවේ අසාධිතයන් ප්‍රමාණය ඉහළ නොයා නියතව පවත්වා ගැනීමට ඔවුන් සමත් වුණා. ඒ ඔවුන් මීට පෙර ලත් අත්දැකීම් නිසා කොරෝනා වෛරටසයට කල් ඇතිව මුහුණ දුන් නිසා.

2015 වසරේ මැයි මසදී කොරියානු ව්‍යාපාරිකයෙක් බහරේන් සිට දකුණු කොරියාවේ සියෝල් වෙත පැමිනෙයි. ක්‍රමයෙන් ඔහු රෝගී වූ නිසා ස්ථාන කිහිපයකින් ප්‍රථිකාර ගනියි. මේ අතර ඔහුට නිව්මෝනියා රෝගී තත්ත්වය ඇතිවේ. එහිදී කරනු ලැබූ පරීක්ෂණ වලින් අනාවරණය වූයේ මොහුට MERS [Middle East Respiratory Syndrome] නැමති වෛරසය ආසාධනය වී ඇති බවයි. මෙය කොරෝනා වෛරසයේ තවත් එක් කාණ්ඩයකි.


මෙම වෛරසය මාස දෙකකට කිට්ටු කාලයක් දකුණු කොරියාවේ පැවතුනු අතර 186 දෙනෙක් ආසාධනය වී ඉන් 36 දෙනෙක් මරණයට පත් වුනා. ඒ මැදපෙරදිග නොවන රටකින් වාර්තා වූ වැඩිම මරණ හා ආසාධිතයන් ප්‍රමාණය යි. 2015 වසරේ දී MERS වෛරටසය රටින් තුරන් කළ බව රජය කී අතර එම අත්දැකීමෙන් රෝගීන් පරීක්ෂාවේ වැදගත්කම ඔවුන් හදුනා ගත්තා.

2019 වසරේ දෙසැම්බර් 31 වන දින චීනය තම ප්‍රථම කොරෝනා වෛරස් ආසාධිතයා හමුවූ බව ප්‍රකාශයට පත් කලා. ඉදිරි සති කිහිපය තුල වෛරසය සීග්‍රයෙන් පැතිරෙන්නට පටන් ගත් අතර පෙබරවාරි මස 17 වන දිනට දකුණු කොරියාවේ සිටියේ ආසාධිතයන් 30 දෙනෙක් පමණයි. ඒ wවන ඉට චීනයේ ආසාධිතයන් 72436 දෙනෙක් වාර්තා වුනා. තමන්ගේ රටේ සිටින්නේ ආසාධිතයන් 30 දෙනෙක් වැනි කුඩා ප්‍රමානයක් වුවද එරට රජය අයෝ ටෙක් ආයතනත් සමග එකතු වී නව කොරෝනා වෛරසය [Covid-19] හදුනාගැනීමට අවශ්‍ය උපකරණ දහස් ගනනක් සාදා රටේ සියලුම රෝහල් වලට බෙදා හැරීමට කටයුතු කරයි. පෙබරවාරි මස 29 දිනය වන විට දකුණු කොරියාවේ ආසාධිතයන් ගණන 3150 ලෙස දැක්වූයේ ඔවුන්ව චීනය හැර වෙනත් රටකින් වාර්තා වූ වැඩිම ආසාධිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට ලෙස පත්වෙමින්.

ඩේගු නම් ප්‍රදේශයේ කාන්තාවක් රෝහල්ගත වන්නේ ඇයට උණ රෝගය වැළඳීම හේතුවෙන්. මේ වන විට දකුණු කොරියාවේ සියලුම රෝහල් වෙත කොරෝනා වෛරසය හඳුනාගන්නා උපකරණ ලබා දී තිබුනු බැවින් එම කාන්තාවට කොරෝනා වෛරසය වැළඳී ඇති බව සොයාගනු ලබනවා. ඇයව නම් කරන්නේ 31 වෙනි රෝගියා ලෙසට. මෙම 31 වෙනි රෝගියා රෝහලට පැමිණීමට ප්‍රථම සිය ගනනක් මිනිසුන් යනෙන පල්ලියක් වෙත ගොස් තිබුනු අතර මේ සදහා වෛද්‍යවරුන් වහාම ක්‍රියාත්මක විය. තමන් මුනගැසුනු සියලු දෙනා සොයා ඔවුන්ට රෝගී ලක්ෂණ තිබුනත් නැතත් ඒ සියලුම දෙනාව කොරෝනා වෛරසය සදහා පරීක්ෂා කළේ ය. ඉන් අනාවරණය වූයේ කිහිප දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවයි. ඔවුන්ව තම තමන්ගේ නිවෙස් තුලදීම හෝ රෝහලක් තුල අන් අයගෙන් වෙන් කොට තබා ප්‍රථිකාර කිරීමට කටයුතු කරයි. එපමනක් නොව ඒ ඒ පුද්ගලයන් මුනගැසුනු අයත් සොයා වෛරසය සදහා පරීක්ෂා කලේය. මෙයින් පසු කොරෝනා වෛරස හදුනාගැනීමේ පරීක්ෂාව මුලු රට තුලම ව්‍යාප්ත කල අතර ඒ සදහා රට පුරා ස්ථාන 600 කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කරන ලදි. එමගින් දිනකට මිනිසුන් 20,000 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට හැකියාව ලැබුනි.


නමුත් මේ සියල්ල මිනිසෙකුගෙන් තවත් මිනිසෙක්ට වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට ගත් පියවරවල් ය. වෛරසය වැළදුනු අයෙක් මාර්ගයේ ගමන් කරමින් සිටින විට මාර්ගයේ බොහෝ තැන් ස්පර්ෂ කරමින් යනවා විය හැකියි. එවන් තැනකින් ද වෛරසය තවත් මිනිසෙක්ට බෝ විය හැකියි. මෙය නැවැත්වීමටත් දකුණු කොරියාව පියවර ගත්තේ ය. ආසාධිත අයෙක් ආසාධනය වී සිටි කාලයේ ගමන් ගත් ස්ථාන, ගමන් කල ආකාරය ආදී සියලු තොරතුරු වෙබ් අඩවියකට ඇතුලු කර ප්‍රචාරය කළේය. එමෙන්ම තම ප්‍රදේශයේ අයෙක් රෝගී වුවහොත් එම රෝගියා ගමන් කල තැන් සියලු දේ පිලිබද විස්තරයක් එම ප්‍රදේශයේ වැසියන්ගේ දුරකථන වලට ලැබීමට සැලැස්වූයේ ය. වෙබ් අඩවි සහ මෘදුකාංග රැසක් මෙම තොරතුරු බෙදාහැරීම සදහා දායක විය. නමුත් සාමාන්‍ය නීති යටතේ රටේ යම් වැසියෙකුගේ මෙවන් තොරතුරු බෙදාහැරීම තහනම් නිසා දකුණු කොරියාව එම නීතිය පවා වෛරසය නිසා වෙනස් කලේ ය. එරට රජය පවසන්නේ දකුණු කොරියාව මෙවන් අවස්ථාවක මහජනයාගේ පෞද්ගලිකත්වයට වඩා මහජන සෞඛ්‍යය වඩාත් වැදගත් නිසා මෙවන් දෙයක් සිදු කල බවයි.

මේ සියලු දේ නිසා වෛරසය පැතිරුණු මුල් කාලයේ වෙනත් කිසිදු රටකට වඩා දකුණු කොරියාව පරසය හදුනාගැනීමේ පරීක්ෂාව සිදු කිරීමට සමත් විය. දකුණු කොරියාව පමණක් නොව ඒ අවට රටවල් වූ සිංගප්පූරුව, තායිවානය හා හොං කොං ආදී රටවල් ද වෛරසය හදුනාගැනීමේ පරීක්ෂා වැඩි වශයෙන් කිරීම නිසා මෙය ව්‍යාප්ත වීම අවම කර තබා ගැනීමට සමත් වී සිටිනවා.


7 comments:

  1. 'දකුණු කොරියාව කොරෝනා වෛරසය පාලනය කලේ කෙසේ ද?'

    දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායකධුරන්ධර සෝල්නුවර වැඩමවාසි අක්කරේපත්තුවේ චන්ද්‍රජෝති මහානායක ආදීපාද ස්ථිවරයන් වහන්සේ තුන්වරුවක් රතන සුත්‍රය දේශනා කරලා කොරෝනා බිය දුරු කලේ කොරියාවේ. පුතාත් ආසානං මහන කෙනෙක් වෙන්ඩ එහෙ. ආසාවෙයි පුතාට.

    ReplyDelete
  2. අපි ජය ගන්න හදන්නේ බොරුව රජ කරවලානේ!

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්නෙත් නැහැ මේ රටේ මිනිස්සු....

      Delete
  3. වැදගත් ලිපියක්. රටක් විදියට රෝගය පාලනය කිරිම සඳහා පෙර සූදානම ඇතිව කටයුතු කිරීම ඉතා වටිනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම... දෙයක් වෙලා විදවනවට වඩා වළක්වගන්න එක වටිනවා....

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...