Tuesday, April 12, 2016

රණශූර වයිකිංවරු

කි‍්‍ර.ව 800 – 1066 කාලය තුළ දී උතුරුකරයේ දැන් නෝර්වේ, ස්වීඩන්, සහ ඩෙන්මාර්ක්, යන ප‍්‍රදේශ වල නොස්වරු ජීවත් වූහ. මෙහි වාසය කළ මිනිසුන් ශක්තිමත්, උස, ලා පැහැකෙස් ඇති, සැඩ සුළඟින් පදම් වූ අය වූහ. රළු මුහුදේ යාත‍්‍රා කිරීමටත් ප‍්‍රීති ගී ගයන්නටත් වෙහෙසන කී‍්‍රඩා කිරීමටත් දැඩි සටන්වලට පි‍්‍රය කළ පුද්ගලයන් පිරිසකි. නෝස්වරුන්ගේ රටවල් මුහුදු තීරයෙහි පිහිටිය. ඔවුන්ගේ ගම්මාන රළ හඬ ඇසෙන තෙක් මානයේ දුරින් පිහිටා තිබුණි. ඉන් බොහෝමයක් (පියොඩ්) හෙවත් උස් බිත්ති ඇති මුහුදු තුඩුවලින් ආරක්ෂා වී තිබුණි. මේ ගම් ප‍්‍රදේශයන් නිසා පියොඩ් හෙවත් වයිකිං වාසීන් යන නම ලැබිණ.
වයිකිංවරු ස්කැනේඩියානු ආක‍්‍රමණිකයන් ලෙස යුරෝපයටත් උතුරු අත්ලාන්තික් ප‍්‍රදේශත් මුහුදු මඟින් ආක‍්‍රමණය කළ බලවත් රණ සූරයන් පිරිසක් හැටියට හැඳීන්විය හැකිය. මුලින්ම වෙළෙන්ඳන් හා ආක‍්‍රමණිකයන් ලෙස පින්ලන්තය, රුසියාව, බයිසෙන්ටියම්, ප‍්‍රංශය, එංගලන්තය, අයිස්ලන්තය, ග‍්‍රින්ලන්තය, හා නෙදර්ලන්තය යන රටවලට පැමිණි ඔහුවු කලක් යන විට එම රටවල පදිංචි වූහ. වසර 800 ත් ශත වර්ෂ ගණනාවක පෙර සිට ස්කැන්ඩිනේවියාවේ විසූ හිමි බ්‍රෙන්ස්, ගොත්ස්, වැන්ඩල්ස්, බර්ගර්සියන්ස් සහ ඒන්ජල්ස් වැනි ගෝති‍්‍රකයන් එම රටින් පිට යාමට ඒමට පටන් ගෙන තිබුණි. නමුත් වයිකිංවරුන් මීට වෙනස් අය වූහ. ඔවුහු උත්පත්තියෙන් මුහුදු  සූරයෝ වූහ. ඔවුන්ට හොඳ ශිෂ්ටාචාරයක් තිබුණි. ඔවුන් ආක‍්‍රමණය කළ රටවල පැවති ශිෂ්ටාචාරයන්ට වඩා ඉහළ ශිෂ්ටාචාරයක් ඔවුන් සතු විය. ස්කැන්ඩිනේවියාවේ ඕනෑතරම් යකඩ තිබුණි. ඒ නිසාම ඔවුහු අන් අයට වඩා ඉහළ ශිෂ්ටාචාරයකට හිමි කම් කීහ. ඒ මෙසේය. ඔවුන්ට තිබූ යකඩ සම්පත නිසාම ඔවුහු විවිධ ආයුධ තැනූහ. ඒවායෙන් කැලෑ එළි පෙහෙළි කළහ. පොළොව හාරා විවිධ ගොවිතැන් කළහ. මේ නිසාම විශාල ජනගහනයක් ඒකරාශි වූහ. “බි‍්‍රකා” “හෙඩබ්” වැනි වෙළෙඳ නගර බිහි විය. දේශීය අධිරාජ්‍යයන් ප‍්‍රධාන මධ්‍යස්ථාන බවට ඒවා පත් විය.
වෙනත් රටවල මිනිසුන් විසින් අතින් පැද යනු ලබන බොට්ටු මෙන් ;නාව, වයිකිංවරුන් ගේ යාත‍්‍රා නැතිනම් නැව් බොහෝ ශක්තිමත් ඒවාය. එහි බඳ පතුල සහ රුවල පහසුවෙන් එහා මෙහා කළ හැකි ඒවා විය. ඔවුන්ට හොඳ ආර්ථික සම්පතක් තිබූ බව ද හොඳ සාහිත්‍යයක් හා කාව්‍ය කරණයක් තිබූූ බව ද කියැවේ. වයිකිං වරුන්ගේ නගර සහ වෙළෙඳ මධ්‍යස්ථාන වලින් ඔවුන් සතුව පැවති නීතිමය පද්ධතිය ද එහි ජනයා එක අරමුණක් කරා මෙහෙයවීමේ ශක්තිය ද මැනවින් පැහැදිලි වේ. වයිකිං වරුන්ට ඉතා නිර්භීත ඒ වගේම බුද්ධිමත් ශිෂ්ටාචාරයක් පැවති බව කියති. 8 වැනි සියවසේ සිට 11 වැනි සියවස දක්වා ඔවුන්ගේ ඉතිහාස කතාව විහිදී පැතිරී පවතී. ඔවුන් මුලදී ස්කැන්ඩිනේවියාවේ ජීවත් වුවත් ඔවුන් පසුව රුසියාවේ සිට ඇමරිකාව දක්වා පදිංචි වූ බව ඉතිහාසය කියති. වසර 1030 දී පමණ ඔවුන් ක‍්‍රිස්තු භක්තිකයන් වූහ. ඔවුන්ට රජවරුන් බොහෝමයකි. ඔවුන්ගේ අන්තිම රජු වාසය කළේ එංගලන්තයේයි. ඔවු “බ්ලබ් ඇක්ස්ය” ඔවුගේ නීතිය ඉතා තදබලය. ඔවුන් එංගලන්තය වසර දහතුනක් තිස්සේ ආක‍්‍රමණය කළ බව ඉතිහාසය කියයි.
වයිකිංවරුන්ට නියම අධිරාජ්‍යයක් තිබුණේ නැත. ඔවුන් මුහුදු යාත‍්‍රා කරුවන් පිරිසක් පමණි. ඔවුන් මේ ප‍්‍රධාන කාරණා නිසා රටවල් සොයා ගිය බව පත පොතෙහි සඳහන් වෙයි.පළමුවන කාරණාව නම් 8 වැනි සියවසේ දී දේපළ අයිතිය පිළිබඳ නීතිය ඒ රටේ වෙනසකට ලක් විය. කලින් තිබුණු නීතිය අනුව යම් ගොවි බිමක හිමි කරුවෙකු මියගිය විට එම දේපළ පුතුන් අතර සම සමව බෙදිය යා යුතුව තිබුණි. නමුත් අලුත් නීතිය අනුව මේ මුළු දේපළ හිමි වූයේ පවුලේ වැඩිමහල් පුතාටයි. මේ නව නීතිය නිසා තම ඉඩකඩම් අහිමි වූ පුතුන් සංඛ්‍යාව අති විශාලය. මේ හේතුව නිසා මෙම පුතුන්ට සිදුවූයේ අලුත් ඉඩකඩම් සොයාගෙන යාමයි. ඔවුන් විවිධ රාජ්‍යයන් කරා යෑමට හේතුව වූයේ ද මෙයයි. දෙවැනි හේතුව වූයේ 8 වැනි සියවසට කලින් ස්කැන්ඩිනේවියා වේ කුඩා රාජ්‍යයන් බොහෝමයක් විය. එම කුඩා රාජ්‍ය සමූහයකින් සෑදුණු එකකි. මේ කුඩා රාජ්‍යවල රජවරු එකිනෙක රාජ්‍ය ආක‍්‍රමණය කරන්නට වූහ. මේ නිසා සිදු වූයේ රජවරුන් නැති කුඩා රාජ්‍ය බොහෝමයක් බිහිවීමයි. මේ කාරණය නිසාත් අලුත් රාජ්‍යයත් සොයා යෑමට මේ කුඩා රාජ්‍යයන් අහිමි වූ පිරිසට සිදු විය.මේ අතර තුර ගොඩබිම් කැලෑවල ජීවත් වූ වයිකිංවරු තැන්පත් ජීවිතයකට පුහුණු වෙමින් සිටියහ. ගිය ගිය තැන එහි සිටි මිනිසුන්ගේ සිරිත් විරිත් ඔවුහු ඉක්මණින් ඉගෙන ගත්හ. තමන් අවට සිටි මිනිසුන්ගේ අලුත් භාෂා ඔවුහු ඉගෙන ගත්හ. වයිකිංවරු කි‍්‍රස්තියානි ආගම වැළඳගන්නට පෙර ඔවුන් ඇදහූ දෙවිවරුන් වූයේ සටන්කාමී ඕඩීන්, අකුණු පාලක තෝර්, රූමත් පර්යා කුමන්ත‍්‍රණකාරී ලෝකි වැනි වීරවරයින්ය.මොවුන් පැරණි ටියුටන්වරුන්ගේ ද දෙවි වරු වූහ. ආදි කාලයේ කඳවුරු වල ගිනිමැලයක් අවට ඔවුන් ගැන කියැවුණු රසවත් පැරණි කතන්දර බොහෝය. අයිස්ලන්තයට පැමිණි නෝස්වරුගේ දෙවිවරු මීට වඩා දීර්ඝ කාලයක් ජීවත් වූහ. නමුත් යුරෝපයේ පැරණි දෙවිවරුන්ගේ කාලය ද අවසාන වී ගියේය. මුහුදු රජවරු ප‍්‍රචණ්ඩව නිදැල්ලේ ගත කළ කාලය අවසන් විය. වයිකිංවරු තැන්පත් ජීවිතයකට පුරුදු වූහ.

පැපිරස් පත්‍රයේ කතාව

ඒ ක්‍රි.පූ. 202 - ක්‍රි.ව. 220 අතර වූ කාලයයි. චීනයට එළඹි තිබුණේ හන් රාජ්‍ය සමයයි. වැදගත් අධිකරණ නිලධාරියකු වූ කායිලුන් අහස උසට ගොඩගැසී ඇති අධිකරණ ලියවිලි දෙස නෙත් යොමාගෙන සිතන්නට ඇත්තේ උණ පතුරු මත ලියෑවුණු මේ ලේඛන මෙයට වඩා පහසු හා බර අඩු ආකාරයෙන් ගබඩා කරන්නේ කෙසේ ද කියා වන්නට ඇත. ක්‍රි.පූ. 1600-1050 දක්‌වා වූ ශැංග් රාජ්‍ය සමයේ මෙන්ම ඉන්පසු රාජ්‍යත්වයට පත් ෂොයු රාජ්‍ය සමයේ ද චීනයේ ලේඛන පවත්වාගෙන ගොස්‌ ඇති බව ද, ඒවා උණ පතුරු මත ලියෑවී ඇති බව ද මේ වන විට ඔබ දන්නවා ඇත. එසේ ම ධනවතුන් "චිහ්" නම් වූ සිල්ක්‌ රෙදි මත ද අකුරු කළ බව මෙහි දී මතක්‌ කළ යුතු කාරණාවක්‌ වන්නේ ය. කායිලුන් විද්වතා අවසානයේ දී පරණ රෙදි කඩමලු, මල්බෙරි ශාක කොටස්‌ එකට තලා, ජලයෙන් අඹරා පල්පයක්‌ වන්නට සකසා, මාළු දැල් මත අතුරා ලෝකයේ පළමු කඩදාසිය ක්‍රි.ව. 105 දී නිර්මාණය කළ බව ඉතිහාසයේ සඳහන් ය. කෙසේ නමුත් ක්‍රි.ව. 2006 දී කරන ලද පුරාවිද්‍යා ගවේෂණවල දී චීනයේ ගන්ෂු ප්‍රදේශයේ µeංග්මැටන්හි දී ක්‍රි.පූ. 179-41 කාලයට අයත් සිතියමක්‌ අඳින ලද කඩදාසි කොටස්‌ හමු වී ඇත. 

දෙවැනි ශතවර්ෂය වන විට කඩදාසි චීනයේ උගතුන් අත නො ව වෙළෙඳුන් අත වූ භාණ්‌ඩයක්‌ වී තිබිණි. එවකට වෙළෙඳාමේ දී භාණ්‌ඩ ඇසිරීමට මෙන්ම එතීමට ද කඩදාසි බෙහෙවින් භාවිත වී තිබිණ. විශේෂයෙන් ම එවකට අධි සුබෝපභෝගී භාණ්‌ඩයක්‌ වූ මුහුණ බලන කණ්‌ණාඩිවල ආරක්‍ෂාව සහතික කිරීම පිණිස චීන වෙළෙන්දොa ඒවා කඩදාසිවල ඔතා ඇසිරීමට පුරුදුව සිටිය හ. දෙවැනි ශත වර්ෂය අවසාන වට විට කඩදාසි මත අකුරු ලිවීම චීනය පුරා වේගයෙන් පැතිර ගියේ ය. තුන්වැනි ශත වර්ෂය වන විට චීනයේ ඈත ගම් නියම්ගම්වල වූ උගතුන් පවා ලේඛනය කිරීම පිණිස කඩදාසි භාවිතාව අරම්භ කර හමාර ය. තවත් ශතවර්ෂ 3ක්‌ ඇවෑමෙන් චීනයේ කඩදාසි, ලේඛන කටයුතු හා ඇසුරුම් කටයුතු සඳහා පමණක්‌ නො ව වැසිකිළි කටයුතු සඳහා ද භාවිත වන්නට විය. ක්‍රි.ව. 851 දී අරාබි සංචාරකයකු චීන ජාතිකයන් ගේ මේ කඩදාසි භාවිතය පිළිබඳව සිය අපුලතාව පළ කරමින් කරන ලද ලේඛනයක්‌ ද වේ. ක්‍රි.ව. 618-907 ටෑංග් රාජ්‍ය සමයේ කඩදාසි භාවිතාව අතිශයින් පුළුල් වී ඇත. විශේෂයෙන් ම කඩදාසි මඟින් විවිධ අරුමෝසම් නිර්මාණ බිහි කිරීමේ ආරම්භය එය වෙයි. එසේ ම තේ කුඩුවල රසය හා සුගන්ධය නො නැසී ඇසිරීම සඳහා ද කඩදාසි ඇසුරුම් භාවිතයට පැමිණෙන්නේ ටැංග් රාජ්‍ය සමයේ දී ය. එසේ ම තේ පානය කිරීම සඳහා අරුමෝසම් කෝප්ප සහ පීරිසි මෙන්ම, අත පිස්‌නාවන් ද කඩදාසි මඟින් නිමැවීමට චීන නිමැවුම්කරුවෝ සමත් වී සිටිය හ. ක්‍රි.ව. 960-1279 යුගයේ චීනයේ ඇති වූ සොංග් රාජ්‍ය යුගයේ ලෝකයේ මුල් ම මුදල් නෝට්‌ටුව කඩදාසිය මත මුද්‍රණය කළ බව මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. මේ අතර ක්‍රි.ව. 610 වන විට චීනයෙන් ඔබ්බට කඩදාසි පිළිබඳ රහස ගලා ගොස්‌ තිබිණි. ඒ චීන බෞද්ධ භික්‍ෂූන් වෙතින් ජපන් භික්‌ෂූන් වෙතට ය.

එසේ ම ක්‍රි.ව. 751 දී චීන හමුදා ටලාස්‌හි දී (අද කීර්ගිස්‌තානය) අරාබි හමුදාවන්ට පරාජය වීමෙන් පසු කඩදාසි පිළිබඳ නැවුම් පුවත් මැදපෙරදිගට දැනගන්නට ලැබිණි. පුරාවෘතයට අනුව අරාබි හමුදා මඟින් අත්අඩංගුවට ගත් චීන සිරකරුවන් දෙදෙනකු මඟින් කඩදාසි නිෂ්පාදනය අරාබිවරුන් දැනගන්නා අතර, ඔවුන් දෙදෙනා ගේ මඟපෙන්වීම මත මුස්‌ලිම්වරු "සමර්කන්ඩ්"හි පළමු කඩදාසි කම්හල පිහිටුවූ හ.

කඩදාසි නිෂ්පාදනයට අරාබිවරුන් සපැමිණීමත් සමග එය වඩාත් ගුණාත්මක කර්මාන්තයක්‌ බවට පත් විය. ඔවුන් විසින් යුද්ධ මඟින් දිනා ගන්නා ලද යුද සිරකරුවන් නිසා ඔවුනට මානව සම්පත ගැටලුවක්‌ නො වී ය. ඒ අනුව මෙතෙක්‌ චීන ජාතිකයන් කඩදාසි පල්පය තනා ගැනීමට භාවිත කළ වංගෙඩි මෝල්ගස්‌ ක්‍රමය සෙක්‌කු ක්‍රමයට පරිවර්තනය කරන්නේ අරාබිවරුන් ය. විශාල ගල් වංගෙඩියකට ඊට ගැලපෙන ප්‍රමාණයේ පාදම විශාල මෝල් ගසක්‌ අතුළු කර එය කරකැවීමෙන් සෙක්‌කු වංගෙඩිය තුළට දමන ශාක කොටස්‌ පල්පයක්‌ බවට පත් කිරීමට අරාබිහු සමත් වූ හ. 9 වැනි ශතවර්ෂය වන විට අරාබි ජාතිකයෝ කඩදාසි මත අකුරු කිරීම අරඹා තිබිණි. ඔවුන් ගේ මුල් ම කඩදාසි ග්‍රන්ථය වන්නේ මුස්‌ලිම් ආගමික ග්‍රන්ථය වන කුරාණයයි. ඉන්පසු ගෙවෙන කෙටි කාලයක්‌ තුළ දී ලියන ලද පොත් සඳහා ඝනකම් කවරයක්‌ නිර්මාණය කිරීම මෙන්ම පොත් බැඳීම ද අරාබිවරුන් විසින් ම ආරම්භ කරන ලදී. 

12 වැනි ශතවර්ෂය වන විට අරාබියෙහි කඩදාසියෙහි මුද්‍රණය කරන ලද ග්‍රන්ථ ඉතා සුලබ විය. 

ලී අච්චුව තීන්තෙහි පොඟවා, කඩදාසි මත මුද්‍රණය කරන ලද පෙත් දහස්‌ ගණනක්‌ අලෙවි කරන පොත් වෙළෙඳසල් සියයකට අධික සංඛ්‍යාවක්‌ මොරොක්‌කෝවේ "කුටුබියන්" නම් වීදියේ වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. කුටුබියන් යන්නෙහි අරුත වන්නේ ද පොත් වෙළෙන්දෝ යන්න ය. 

13 වැනි සියවස වන විට කඩදාසි පිළිබඳ කතිකාවත ඉන්දියාව කරා ඇදී යන්නේ ආරාබි වෙළෙඳුන් මඟින් ය. ඒ අනුව එම සියවසේ දී ම ඉන්දීය විද්වත්හු කඩදාසි නිෂ්පාදනය පටන් ගත් හ. ආසියාව සහ මැදපෙරදිග කඩදාසි විප්ලවය මේ අයුරින් අවුරුදු දහසක්‌ පුරා සිදු වන විට 5 වැනි ශතවර්ෂයේ සිට ඇමෙරිකාවේ මහා ශිෂ්ටාචාරය තුළ කඩදාසි හා සමාන ද්‍රව්‍යයක්‌ ලේඛනය සඳහා භාවිත කර ඇත. ඔවුනට ම ආවේණික ඇතැම් ශාකවල අරටු තම්බා තලා ලේඛනයට හා චිත්‍රණයට සුදුසු පරිදි සිහින් තහඩුවක්‌ බවට පත් කර ගැනීමට මායාවරු සමත් වී සිටිය හ. එහෙත් මේ දැව කඩදාසිය සත්‍ය කඩදාසියක්‌ ලෙස විද්වත්හු නො පිළිගනිති.

යුරෝපය කරා කඩදාසි පැමිණෙන්නේ 11 වැනි ශතවර්ෂයේ දී ය. ඒ ස්‌පාඤ්ඤ මුස්‌ලිම්වරුන් වෙතට ය. ඒ අනුව කඩදාසිය මත ලියෑවුණු මුල් ම යුරෝපීය ලේඛනය වන්නේ ඵධZARAඊ ඵෂීSAඛ ධF Sෂඛධී ය. හණ සහ කඩමලු රෙදි භාවිත කරමින් කඩදාසි පල්පය නිපදවීමට ස්‌පාඤ්ඤ මුස්‌ලිම්වරුන් සමත් වූ අතර ඔවුන් ගේ පළමු කඩදාසි කම්හල සැවිටාහි දී ක්‍රි. ව. 1151 දී ස්‌ථාපිත කරන ලදි. ක්‍රි.ව 1276 දී ඉතාලිය තම පළමු කඩදාසි කම්හල ආරම්භ කළ අතර එතැන් සිට යුරෝපය පුරා ක්‍රමානුකූලව කඩදාසි කම්හල් බිහි වන්නට විය. 

මෙහි දී මතක්‌ කළ යුතු වැදගත් කාරණයක්‌ ප්‍රමාද වී හෝ සටහන් කළ යුතු ය. එනම් කඩදාසිය යන්න ඉංග්‍රීසි භාෂාවෙන් "පේපර්" වූයේ කෙසේ ද යන්න ය. කලකට පෙර ග්‍රීකවරුන් ලේඛනය සඳහා භාවිත කළේ Cහචැරමි ච්චහරමි ශාකයේ පත්‍ර වන පැපිරස්‌ පත්‍ර විය. ඊජිප්තුව මෙන් අනෙක්‌ මධ්‍යධරණී රටවල ද භාවිත වූ ලේඛන පත්‍රය පැපිරස්‌ පත්‍රය වෙයි. එය චීනය කඩදාසි නිපදවීමට බොහෝ කලකට පෙර සිට භාවිත වූ බව ඔබ නො දන්නවා නො වේ. ඒ අනුව පැපිරස්‌ යන්න බිඳී පේපර් යන්න, ලේඛනය සඳහා භාවිත වන පත්‍රයට යොදා ගත් බව විද්වත්හු පැහැදිලි කර දෙති.

අද වන විට ලෝකයට කඩදාසි නොමැති ව හුස්‌ම ගැනීමට පවා නොහැකි තරම් ය. අන්තර්ජාල පහසුකම් ලෝකය හඳුනා ගන්නා විට ඇතැම් විද්වතුන් ගේ මතය වූයේ කඩදාසියේ අවසානය එළඹී ඇති බව ය. එහෙත් එම මතය නිෂේධ කරමින් තවදුරටත් කඩදාසියේ ඉල්ලුම අධික කරන්නට අන්තර්ජාල පහසුකම් ද හේතු වී ඇති බව අද වන විට අපි අවබෝධ කරගෙන සිටින්නෙමු.

දන්ත වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය

දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදව සාක්ෂි බු.ව 5500 යේ සිට 7000 දක්වා ඈත ඉතිහාසය තුළද දක්නට ඇත. දන්ත උපකරණ මගින් සිදු කරන ලද සිදුරු කිරීම් හා සමාන සිදුරු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි මිනිසුන්ගේ දත්වල අන්තර්ගතව තිබුණි. බු.ව 5000 දී රචිත ලේඛණයක් මගින් දත් නරක්වීම සදහා හේතු සාධකවන පණුවකු පිළිබදව විග්‍රහ කර ඇත. මෙම විශ්වාසය සදහා තවදුරටත් සාක්ෂි ඉන්දියාව, ඊජිප්තුව, ජපානය හා චීනයෙහි සොයා ගෙන ඇත.
බු.ව. 17 වන ශතවර්ෂයේදී එඩ්වින් ස්මිත් පැපිරස් විසින් විවිධ දන්ත රෝග සදහා ප්‍රතිකාර ක්‍රමයන් සදහන් කර ඇත. නමුත් බු.ව. 3000 පමණ ඉහත කාලවලදී වුවද ඒ පිළිබදව සදහන්ව තිබිණි. බු.ව 18 වන ශත වර්ෂයේදී හමුරාබි සංග්‍රහයෙහි සදහන් වන අන්දමට දත් ඉගිලීම දඩුවම් ක්‍රමයක් ලෙසට සැලකිණි. අතීත ඊජිප්තු ජාතිකයින් සහ රෝම ජාතිකයින්ගේ සිරුරුවල කොටස් අධ්‍යයනය කිරීමෙන් එකල දන්ත ‍ශල්‍ය විද්‍යාව සහ දන්ත උපකරණ භාවිතය පිළිබදව දරණ ලද උත්සාහයන් පැහැදිලි වේ.
අතීතයේදී නොයෙකුත් ආකාරයේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරනු වස් දත් ඉගිල්ලීම යොදා ගන්නා ලදී. මධ්‍යයතන යුගයේදී සහ 19 වන ශත වර්ෂය පුරාවටම දන්ත වෛද්‍ය විද්‍යාව වෘත්තියක් ලෙසට නොපැවතුණු අතර දත් ඉගිල්ලීමේ ක්‍රියාකාරකම් සිදු කරන ලද්දේ කරණවෑමියන් හෝ සාමාන්‍ය වෛද්‍යවරුන් විසිනි. කරණවෑමිවරුන් විසින් සාමාන්‍යයෙන් දත් ඉගිල්ලීම පමණක් සිදු කළ අතර එමගින් දත්වල වේදනාව සහ දිගුකාලීනව පවතින දන්ත ආසාදනවලට ප්‍රතිකාරයක් ලැබුණි. දත් ඉගිල්ලීම සදහා භාවිතා කරන ලද උපකරණවල භාවිතය ශත වර්ෂ ගණනාවක් තරම් ඈත අතීතයට දිවෙයි. 14 වන ශතවර්ෂයේදී ගයිඩි චෝලියැක් විසින් කරවැල්කොකෙකු හෙවත් පෙලිකන් පක්ෂියෙකුගේ හොටට සමාන හැඩයක් ඇති දන්ත උපකරණයක් නිෂ්පාදනය කළ අතර එය 18 වන ශත වර්ෂයෙහි අගභාගය වන තෙක්ම භාවිතා කරන ලදී. මෙසේ පසුකාලීනව දන්ත සූචී භාවිතා කළ අතර ඉන්පසු 20 වන ශතවර්ෂයේදී නූතන යේදී භාවිතා වන අඩු පරිහරණයට ගැනුණි.
දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදව රචිත මුල්ම ග්‍රන්ථය වූයේ 1530 දී රචනාකරන ලද Artzney Buchlein නම් කෘතිය වන අතර ඉංග්‍රීසි බසින් මුල් වරට දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදව ග්‍රන්ථය වන්නේ 1685 දී චාල්ස් ඇලන් විසින් රචිත Operator For the Teeth නම් කෘතියයි. 17 වන ශතවර්ෂයේ දී ප්‍රංශ වෛද්‍යවරයෙකු වන පියරේ ෆෝචාඩ් නූතනයේදී අප දන්නා දන්ත වෛද්‍ය විද්‍යාව ආරම්භ කළ අතර ඔහු නූතන දන්ත වෛද්‍ය විද්‍යාවෙහි පියා ලෙස හැදින්වේ. ඔහු විසින් නොයෙකුත් ‍ෙසායා ගැනීම් සිදු කරන ලද අතර කෘත්‍රීම දන්ත උපකරණ භාවිතය, දන්ත ව්‍යසනයන් සදහා පිරවුම් කාරක ද්‍රව්‍යය සොයා ගැනීම හා ටාටරික් අම්ලය වැනි සීනිවල ව්‍යුත්පන්නයන් මගින් දන්ත විකාදනය සිදු වන බවත් ඔහු සොයා ගන්නා ලදී.
ප්‍රථම දන්ත වෛද්‍ය විද්‍යාලය 1840 දී මේරිලන්තයෙහි බෝල්ටිමොර්හි ආරම්භ කරන ලද දන්ත ශල්‍ය විද්‍යාව සදහා වූ බෝල්ටිමෝර් විද්‍යාලයයි. විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ කරන ලද ප්‍රථම දන්ත වෛද්‍ය විද්‍යාලය වනුයේ 1867 දී ආරම්භ කළ හාවඩ් දන්ත විද්‍යාලයයි. එංගලන්තයේ 1878 දී ඇති කළ බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය පනත හා 1879 දී ඇති කළ දන්ත වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි ලේඛනය අනුව සීමිත ප්‍රමාණයක් වූ සුදුසුකම් ලත් ‍වෛද්‍යවරුන් පිරිසකට දන්ත වෛද්‍ය හෝ දන්ත ශල්‍ය ‍ෛවද්‍ය යන පත්වීම් ලබාදෙන ලදී. එක්සත් රාජධානිය තුළ දන්ත වෛද්‍ය විද්‍යාව පුහුණු කිරීම 1921 දී ආරම්භ කරන ලද එම ක්ෂේත්‍රයෙහි නියලීම සදහා ලියාපදිංචිවීම සදහා අවශ්‍ය දන්ත වෛද්‍යවරුන්ගේ පනත ආරම්භ වීමත් සමගම සම්පූර්ණ වශයෙන් පාලනයක් ඇතිව ක්‍රියාවට නැංවුණි. 1818 දී සර් ජෝන් ටොම්ස්ගේ සභාපතිත්වයෙන් යුක්තව ආරම්භ කරන ලද බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමය මගින් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් දන්ත වෛද්‍ය ක්‍රම සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කැපීපෙනෙන මෙහෙයක් ඉටු කරන ලදී.

ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය

#ඉතිහාසයේ_දිනක_මෙසේ_සිදු_විය

ක්‍රිපු 133 හා 123 අතර කාලය තුල පුරාතන රෝම ජනරජයේ රාජ මන්ත්‍රණ සභාවට අපුරු සහෝදර යුගලක් තේරී පත්විය. Tiberius හා Gaius Gracchus යන සහෝදරවරුන් හැඳින් වුයේ ග්‍රාච්චි සහෝදරයන් ලෙසය. මේ දෙදෙනාම රාජ මන්ත්‍රණ සභාවට තෝරා පත්කර එවන ලද්දේ ප්ලේබියන් වරු එසේ නැත්නම් එවකට රෝමයේ විසු පීඩිත ජනයා විසිනි. මේ සොහොයුරන් විසින් සභාවට ගෙන ආ පනත් හා යෝජනා වරප්‍රසාධ ලත් රදළයින්ගේ ලේ උණු කිරීමට සමත් විය.

 ධනවතුන් සතුව ඇති මහා පරිමාන ඉඩම් දුගී ජනයා අතර බෙදා දිය යුතු බවට ඔවුන් සභාව තුල හඬ නැගිය. එමෙන්ම ධනවතුන් විසින් ණය බරට ඇද දමන ලද නගර වැසියන්ගේ අනීතික ණය මුදල් කපා හැරිය යුතු බවට යෝජනා කළේය. එවකට තිබු වහල් මෙහෙයට එරෙහිව නව අදහස් හා යෝජනා ගෙන එමෙන්, වහලුන්ට සාමාන්‍ය ජනයා හා සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බවට පාලක රෝමවරුන්ට බල කළේය.

මේ සියලු බලකිරීම් ඉවසා ගත නොහැකි රෝමවරුන් විසින් උදාර ගති පැවතුම් ඇති සොඳුරු සොහොයුරන් දෙපල ඝාතනය කළේය. ඉන් නොනැවතී ඔවුන්ගේ මග ගත ප්ලේබියන් වරුන් දහස් ගණනින් ඝාතනය කරන ලදී. රෝම ජනරජය පසු කලෙක බිඳ වැටීමට මේ දෙදෙනාගේ ඝාතනය හේතු වූ බව ඉතිහාසයේ සඳහන් වේ.

මගේ සහෝදර ඇතැන්ස් වැසියනි

මගේ සහෝදර ඇතන්ස් වැසියනි,

මට එල්ලවී ඇති චෝදනාවන් නිසා ඔබේ සිත් සතන් තුල ඇතිවන වෙනස්කම් මම නොදනිමි. එහෙත් මා සම්බන්දයෙන් ගත් විට එම චෝදනාවෙන් මා කවුද යන්න මටම අමතක වන තත්වයක් උද්ගත වී ඇත. එනම් මාගේ චෝදකයන් විසින් හුවා දක්වන " මම " නිසා මම කවුද යන්න වටහා ගැනීමට මටම දැන් අපහසු වී ඇත. ඇතන්ස් ජනතාව වන ඔබ සිහිකල්පනාවෙන් සිටිය යුතු බවත් නොඑසේනම් මාගේ වාග් චාතුර්යයට ඔබ මුලාවීමට ඉඩ ඇත යනුවෙනුත් ඔවුන් කියා ඇත. මා කතාකරන්නට පටන්ගත් විට වහාම ඔවුන්ගේ සැබෑ ස්වභාවය හෙළිදරව් වන බව නිශ්චිතව දනිති. ඒ නිසා ඔවුන් කියන්නේ මා කතාකරන විට සිදුවන්නේ ඔවුන්ගේ සැබෑ ස්වරුපය හෙළිදරව් වීමක් නොව ඔබ මාගේ වාග් චාතුර්යයේ බලමහිමයට ගොදුරුවීම පමණක් බවය.

මාගේ වාග් චාතුර්යයේ බලමහිමය යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ සත්‍ය වදන් වල බල මහිමය නම් එවන් චාතුර්යයක් මා සතු බව මමද පිලිගනිමි.

ඔවුහු ඇත්ත නොකියති එහෙත් මම ඔබට සපුරා ඇත්ත කියමි. මා කතා කරන්නේ ඔවුන් මෙන් කල් තබා සුදානම් කරගත් අලංකාර වදන් සහ යෙදුම් සහිත සාදාගත් භාෂාවකින් නොවේ. මේ මොහොතේදී මා තුල පහළවන වචන හා අදහස් අනුවය. මක් නිසාද යත් මා කියන්නට යන දෙයෙහි සත්‍යතාවය පිළිබඳව මා තුල කිසිදු සැකයක් නැති බැවිනි.

සහෝදර ඇතන්ස් වැසියනි, මේ අවස්තාවේදී දක්ෂ කථිකයෙකුගේ සාඩම්බර වාග් විලාසය මා වෙතින් බලාපොරොත්තු නොවන්න. කඩපොලේදී මගතොටේදී හෝ වෙනත් කොතැනකදී හෝ මා භාවිතා කරන හුරු පුරුදු වචන භාවිතා කරමින් ඔබ ඇමතීමට මට ඉඩ දෙන්න. මට දැන් වයස හැත්තෑවට වැඩිය. මා මෙවන් අධිකරණයක් හමුවට පැමිණ ඇත්තේ ජීවිතයේ පළමු වතාවටය. ඒ නිසා මේ ස්ථානයේ භාවිතාවන භාෂාවට මම සහමුලින්ම ආගන්තුක වෙමි. එහෙයින් මා ආගන්තුක යැයි සලකා මට හුරු පුරුදු භාෂාවෙන් කතාකිරීමට ඉඩ දෙන්න. මා කථාකරන ශෛලිය හෝ ආකාරය වැදගත් නොවේ. මගේ වචනවල ඇත්ත ගැන පමණක් සිතන්න. එයට සවන් යොමුකරන්න. කතාකරන්නාට අවංකව කතා කිරීමට විනිශ්චයකරුවාට සාධාරණ තීන්දුවක් ගැනීමට ඉඩ දෙන්න.

ගාම්භීර අලංකාර වචන භාවිතා කරමින් ඇත්ත බොරුව කරන, බොරුව ඇත්ත කරන, වරද කරුවන් නිවරදිකරුවන් කරන, නිවැරදි කරුවන් වරද කරුවන් කරන උන්ගේ උසාවිය ඉදිරියේ නිර්මල සත්‍ය වදන් වලට විවෘත වූ ස්ථානයක් බවට පත් කර ගැනීම වෙනුවෙන් සොක්රටීස් අසීරු උත්සාහයක යෙදුනේ එසේය. අවසානයේ සත්‍යයේ නාමයෙන් උන්ගේ වස කෝප්පය ඉතා සතුටින් හා නිර්භයව බී මෙලොවෙන් සමුගත්තේය.

ඊ මේල් හැඩකරන සළකුණ හැදුන හැටි

#ඊමේල්_හැඩකරන_සලකුණ_හැදුණු_හැටි

ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්‍යතන යුගයේ වැසියෝ ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල්වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබේ. සන්නිවේදනය , හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම සටහන් තැබීම සඳහා විවිධ ජ්‍යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත.

එම යුගයේ ස්පාඤ්ඤයේ හා පෘතුග්‍රීසි වැසියෝ ස්කන්ධය නොහොත් බර තීන්දු කිරීම සදහා විශේෂ සලකුණක් හාවිතා කර ඇත. අද සෑම විද්‍යුත් තැපෑලකටම අනිවාර්ය වූ ( @) ”ඇට්” යනුවෙන් හදුන්වන විශේෂ සලකුණ උපත ලබන්නේ එම යුගයේ ස්පාඤ්ඤයේදීය. සීමිත බරක් හැඳින්වීමට ඉහත සලකුණ යොදා ගෙන ඇත. එම බර ප‍්‍රමානය සාමාන්‍යයෙන් කිලෝ ග‍්‍රෑම් 11.3 පමණවේ.

පසු කලකදී විදේශ වෙළඳාමේ ව්‍යාප්තිය සමග ඉංග‍්‍රිසීන් විසින් ඇට් යන වචනයට ඉහත සලකුණ භාවිතා කිරීමට පුරුදු විය. ඉන්පසු ස්ථානයක් හදුන්වන සලකුනක් ලෙස සමාජ ගත වුයේය.  අන්තර්ජාලයේ උපත සමග ඒ හා බැඳුණු විද්යුත් තැපැල් පෙට්ටියක්ද බිහිවිය. 1971දී ඇමෙරිකානු ජාතික පරිගණක විශේෂඥයෙක් වන රේ තොම්ලින්සොන් විසින් ඉහත සලකුණ විද්යුත් තැපෑලට හඳුන්වාදී ඇත්තේය. වර්තමානයේ විද්යුත් තැපෑලක් හිමි සියල්ලෝ ඉහත සලකුණ භාවිතා කරති. අද එම සලකුණ නොමැති විද්යුත් තැපෑලක් නොමැති තරම්ය

Monday, April 11, 2016

මේ ගැන ඔබ දැන සිටියා ද?

#මේ_ගැන_ඔබ_දැන_සිටියා_ද..?

   ඊජිප්තුවේ කෙනෙක් මිය ගිය විට මමීකරණය කරනු ලැබේ. මොළය කෑලි වලට කඩා එලියට අදින්නේ නාස් කුහර වලිනි. ගුද මාර්ගයෙන් ආහාර ජීර්ණ පද්ධතිය, බඩවැල්, අක්මාව, ඇල දිව, වකුගඩු යනාදිය එලියට අදිනු ලැබේ.

    එහෙත් කිසිම හේතුවක් නිසා, ශරීරයෙන් හදවත එලියට නොගනී. එය එසේම තබා ශරීරය මිහිදන් කෙරේ. මක්නිසාදයත්, මේ ජීවිතයෙන් පසු ස්වර්ගයේ ගත කරන දෙවන ජීවිතයට ඔබව සුදුසුද කියා පරීක්ෂා කරන්නේ, ඔබගේ හදවතේ ස්වරූපයෙනි. ඔබේ වාරය එන තුරු, හදවත පමණක් ඇතිව, ස්වර්ගයේ ද්වාරයේ ඔබ පෝලිමේ සිටිය යුතුය. මහා දෙවියා වන 'රා' , ඔහුගේ කීකරු සේවකයා වන නරියා සමඟ තරාදිය දැන් ඔබව පරීක්ෂා කිරීමට සුදානම් ව සිටී.

     දෙවියන්ගේ අණ පරිදි, ඔබ හදවත ගලවා තරාදිය පසක තැබිය යුතුය. තරාදියේ අනෙක් පස ඇත්තේ කුරුළු පිහාටුවකි. යම් හෙයකින් හදවතේ බර කුරුළු පිහාටුවට වඩා වැඩි නම්,  නරියා ඔබගේ හදවත වහා ගිල දමන්නේය. එයින් මතු 'ඔබ' කියා කෙනෙක් නැත. ස්වර්ගයට යෑමට ඔබ වාසනාවන්තයෙක් නම්, හදවත කුරුළු පිහාටුවට වඩා  සැහැල්ලු විය යුතුය. දැන් ඔබට ස්වර්ගයට යෑමට රා දෙවියන්ගේ කරුණාව සහ අනුග්‍රහය ලැබේ.
   
          විකාරයක් මෙන් පෙනුනද, මේ අවරුදු පන්දාහකට වඩා පැරණි ඊජිප්තියානු ඇදහිල්ලේ ගත යුතු දෙයක් ඇත.  හදවත, පිහාටුවකට වඩා සැහැල්ලු නම් පමණක් ඔබ ස්වර්ගයට යෑමට සුදුස්සෙකු වෙනු ඇත. හදවත බර වෙන්නේ, ඕනා කමෙන් වැරදි කලවුන්ගේ පමණි.  ස්වර්ගයට යන්නට නම්, හදවත පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් තබා ගන්න උනන්දු වන්න...

... ස්වර්ගයට යන්නට ඔබට හැකිවේ යයි ඔබ සිතනවාද?...?

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...