Tuesday, July 11, 2017

තත්පර 30ක් එහෙ මෙහෙ උනානම්

ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂෝන් ගුලික් සහ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෝගන් යන දෙදෙනා එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් ඉතාමත් කුතුහලය දක්වන කරුණක් සොයාගන්නා ලදි.

 ඩයිනෝසරයන් මිහිමතින් වඳවී යාමට හේතු වූ සැතපුම් නවයක් විශාල ග්‍රාහකය පෘතුවියට කඩා වැටුනේ මීට වසර මිලියන 66කට උඩදීය. මෙය පොලොවට පැමිණි වේගය පැයට කිලෝමීටර් 44,000ක් පමණ වන බව ගණන් බලා ඇති අතර මෙය පතිත වූයේ මෙක්සිකෝවේ යුටාකාන් අර්ධද්වීපයේ සැතපුම් 24ක් පමණ ඈත මුහුදේ ස්ථානයකය.

 මේ හේතුවෙන් විශ්කම්භය සැතපුම් 111ක් හා ගැඹුර සැතපුම් 20ක ආවාටයක් සෑදුනි. මේ පිපිරුම නිසාවෙන් ටොන් බිලියන 100ක පමණ පස්, දූලි හා අළු අහසට විසිවුනි. අඩි සියගණන් උස සුනාමි රළවල් ඇතිවිය. මෙහිදී සිදුවූ කම්පනයෙන් නිද්‍රාගතව තිබූ ගිනි කඳු පවා සක්‍රිය විය.

 මෙම ගැටුම සිදුවූ ස්ථානයේ නොගැඹුරු ජලයේ සල්ෆර් අති විශාල ප්‍රමාණයක් තිබී ඇත. මෙම ගැටුමෙන් අහසට විසි වූ සල්ෆර් මිශ්‍රිත දූලි වලාව වසර 10ක් පමණ අහස වසාගෙන සිටියේය. හිරු එළිය පොලොවට පතිත නොවීමෙන් හිම මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් ඇතිවී ශාක මියයන ලදි. ඉන්පසු ශාක භක්ෂකයින්ද ඊටත් පසු මාංශ භක්ෂකයින්ද මියයන ලදි. පනනල රැක ගත හැකි වූයේ කුඩා ජීවීන් කිහිපයකට පමණි. ඩයිනෝසරයන් ඇතුලු සත්වයන් හා ශාක ප්‍රජාවගෙන් 75%ක් පමණ මිහිමතින් තුරන් වන ලදි.

 මා ඉහත සදහන් කල කුතුහලය දනවන කරුණ නම් මෙම ගැටුම සිදුවූ කාලයයි. මෙම ග්‍රාහකය ගැටෙන්නට තත්පර 30ක් ප්‍රමාද වූවානම් එය වැටෙන්නේ ගැඹුරු පැසිෆික් සාගරයටයි. තව තත්පර 30ක් ඉක්මන්වූවානම් එය වැටෙන්නේ යුටාකාන් අර්ධද්වීපයට සැතපුම් 1000ක් පමණ ඈතින් පිහිටි ගැඹුරු අත්ලාන්තික් සාගරයටයි. මේ දෙකෙන් මොනයම් දෙයක් සුදු වූවානම් සුනාමි රල මඟින් ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වෙන්නට ඉඩ තිබුනත් සල්ෆර් මිශ්‍රිත අළු අහස වසාගන්නේ නැත. එසේ වූවානම් ඩයිනෝසරයන් වඳ වීමට ඉඩ නොතිබුනු අතර අදටත් ඩයිනෝසරයන් මිහිමත ජීවත් වීම දැකගන්නට හැකියාව ලැබෙන්නට තිබුනි.

මූලාශ්‍ර:
1) http://vidya-gaweshana.blogspot.com/?m=1

2) http://www.history.com/news/30-seconds-may-have-made-all-the-difference-for-dinosaurs

24 comments:

  1. හම්මේ....

    මට මැවිලා පේනවා පාරේ යනකොට පාර පනින්න කහ/සුදු ඉර ගාව බල්ලෙක් එක්ක ඩයිනොසරයෙක් හිටගෙන ඉන්නවා...

    ReplyDelete
  2. එහෙම උනාන්ම් මම ඩයිනෝසරයන් ඇති කරයි බල්ලො වෙනුවට

    ReplyDelete
  3. ලංකාව තියෙන තැනට වැෙටන්න තප්පර කීයක් ෙවනස් ෙවන්න ඕනිද?

    ReplyDelete
    Replies
    1. ලංකාව කෙසේවෙතත් දියවන්නාවෙ 225 ඉන්න වෙලාවක ඕකෙන් පොඩි කෑල්ලක් වැටුනනන්...

      Delete
  4. තත්පර තිහක් තව එහෙ මෙහෙ වුණානම්
    විස්තර මොටද එහෙනම් නෑ දූලි දුම්
    ඉස්සර ඩයිනොලා තව දුවපනීවිනම්
    යන්තර මොටද උන්ගෙන් වැඩ ගනීවිනම්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. යන්තර මොටද උන්ගෙන් වැඩ ගනීවිනම්....

      ++++

      Delete
    2. ස්තූතියි දුමී... ලස්සන කවියක්... ඔයාටත් ජය...

      Delete
  5. සමහර විට එහෙම වුණා නම් මිනිස්සු කියන ජාතියක් ඇති නොවෙන්ටත් තිබුණා නේද???
    ඒත් බුද්ධ දර්ශනයට අනුව නම් එතැනත් මත ගැටුමක් එනවාද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට මිනිස්සු ඇති නොවෙන්න තිබුනා...

      Delete
  6. මේ සියල්ල සිදුවුයේ දේව කැමැත්තට මහත්මයා. දැන් ඔබට තේරෙනවා නේද දෙවියන් වහන්සේ මේ සියල්ල මෙහෙයවීම සිදුකල බව. උන්වහන්සේගේ බලය ගැන පැහැදිලි නේද මහත්මයා. උන්වහන්සේ කාරුණිකව අපට ලබා දුන් සුබාරංචි පණිවිඩය ඉදිරියටත් බෙදා හරිමු.

    ReplyDelete
  7. ඩයිනෝසරයන් වඳනොවුනා නම් මිනිසුන් බිහිවීමේ අවස්ථාවත් සෑහෙන්න අඩු වෙනවා.

    ReplyDelete
  8. @ වාසිතය (ඩියෝන් මිතිල ප්‍රනාන්දු) & Ano 7.57 PM,

    දහමකින් බලාපොරොත්තු වන්නේ විශ්වයේ මැවුම්කරු කව්රුන්දැයි නිවැරදිව තේරුම් ගෙන ඔහුගේ අණ පරිදි ක්‍රියා කිරීමට මග පෙන්වීමය. එවැනි දහමක ප්‍රායෝගික ජිවිතයේ ගැටළුවලට නිවැරදි විසඳුම් තිබිය යුතුය. එසේ වන විට ඉන් මිනිසා ප්‍රිය නොකරන යුද්ධ වලට පවා ඉඩ දිය යුතු වන්නේය.

    අනෙක් අතට කිසියම් දහමකින් එදිනෙදා ඇතිවන ප්‍රශ්න වලට විසඳුම් නොදුනහොත් එය ප්‍රයෝගික ජිවිතයෙන් ඈත් වූ දහමක් වනු ඇත. එවැනි දහමක් හුදකලා දිවියකට නම් හොඳින් ගැලපෙන්නේය. තවත් විදියකට කියනවා නම් එය සුදුසු වන්නේ වනයේ ජිවත් වන කෙනෙකුට පමණි. එවිට තමන්ගේ පාඩුවේ හිසිවෙකුට හානියක් නොකර කිසිවෙකුගෙන් තමන්ට ද හානියක් නොමැතිව ජිවත් විය හැකිය.

    දෙවියන් පහළ කල ප්‍රධාන ආහම් සියල්ලම ජනතාවගේ එදිනෙදා ජීවිතය සමග බැඳී ඇත. ඒවායේ ප්‍රධාන අරමුණ මිනිසා සහ ඔහුගේ නිර්මාතෘ අතර සම්භන්ධය ගොඩ නැගීමය. මේ නිසා දෙවියන් පහළ කරන ලද සියළුම දහම්වල එදිනෙදා ජිවිතයේ දී මිනිසුන් සමග කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු නීති රීති මෙන්ම දෙවියන්ට කල යුතු නැමදුම් පෙන්වා දෙන්නේය. මේවා පිලිපැදීමෙන් මෙලොව පමණක් නොව මරණයෙන් පසු ජීවිතයත් ජය ගත හැකිය.

    ලොව පවතින බොහෝ ආගම් මිනිසාගේ අවශ්‍යතා අනුව කාලයෙන් කාලයට වෙනස් වී තිබේ. එහෙත් ඉස්ලාම් දහම පහල වූ මුල් භාෂාවෙන්ම කිසිම වෙනසකින් තොරව අදටත් දැකිය හැකිය. එසේම ඉස්ලාම් දහමේ ඇති විශේෂය වන්නේ දහම දෙසු නබිවරයාගේ සියළුම කියමන් ලේකන ගත වී තිබීමයි. එබැවින් එය ඔහුගේ අනුගාමිකයින් සියළු දෙනාටම පහසුවෙන් අනුගමනය කිරීමට හැකි වී තිබේ.

    ලොව පහල වූ නබිවරුන් අතරින් මුහම්මද් නබිතුමා වෙනස් වන්නේ ඔහු එක් ජන කොට්ටාසයකට පමණක් සීමාවූ නබිවරයෙකු නොවන බැවිනි. ඔහුගේ දහම ලෝකවාසින් සියළු දෙනාටමය.

    “(නබියේ!) අපි ඔබව ලෝකවාසී සියල්ලෝටම කරුණාව දැක්වීමට ඒවා ඇත” (කුරානය 21:107)

    අල්-කුරානයේ තවත් තැනක මෙසේ පවසා ඇත.

    “(නබියේ!) අපි ඔබව සකල ලෝකවාසීන්ටම සුභාරංචි දෙන්නෙකු වශයෙන් ද අනතුරු අන්ගවන්නෙකු වශයෙන්ද ඒවා ඇත්තෙමු. එහෙත් මිනිසුන්ගෙන් වැඩිදෙනෙකු මෙය දැන ගන්නේ නැත” (කුරානය 34:28).

    “අල්ලාහ්වද අවසාන දිනයද ස්ථිරව විස්වාස කරන්නවුන්ට සරිලන අලංකාර වූ පුර්ව ආදර්ශයක් නියත වශයෙන්ම ඔබට අල්ලාහ්ගේ රසුල් වෙතම ඇත්තේය” (කුරානය 33:21).

    ඉහත කරුණු ලෝකවාසීන් සියල්ලෝම අධ්‍යනය කල යුතුව තිබේ. මේ සඳහා අවසාන දේව ග්‍රන්ථය වන අල්-කුරානය හැදෑරීමෙන් දැන ගත හැකිය.

    - ඇහ්මද් නෞෆර් මුහම්මද් ශර්ෆාන්

    ReplyDelete
    Replies
    1. ශර්ෆාන්... අරාබි බාසාවෙන් ජයවේවා කියලා කියන්නෙ කොහොමද...

      Delete
  9. හප්පෙ උන් හිටියනම් අපි කොයි ඉන්නද බන්

    ReplyDelete
  10. කිව්වත් වගේ කුතුහලය අවුස්සන කරුණක්. ස්තූතියි මිතිල

    ReplyDelete
  11. සහස්සී ලෝක ධාතුවක (ඒක මොකක්ද කිය‍ා අහන්න එපා) මනුශ්‍ය ලෝක 1000ක් තියෙනවා.
    හෝමෝ සේපියන් යනු එයින් එක් වර්ගයක් විතරයි. ඩයිනසොරයන් වඳ නොවුනා නම් මේ වනවිට ඔවුන්ද මනුශ්‍යයන් වර්ගයක් වියහැකිව තිබුනා.

    ReplyDelete
  12. කව්ද දන්නෙ ඩෙන්ගු වගේ මාරාන්තික වයිරසයක් ඇවිත් මලාද කියල

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...