Friday, April 15, 2016

27 කල්ලිය

27 කල්ලිය ..නැත්නම් club of 27 කියන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් දුක හිතෙන කතාවක් ...පවුද්ගලිකව මම කලාවට සංගීතයට ගොඩක් ආස නිසයි මේ දේවල් ලියන්නේ ...මං හිතනවා ඔයගොල්ලොත් එහෙම ඇති කියල ...හරි ...club of 27කියන්නේ අවුරුදු 27දී මත්ද්‍රව්‍ය සහ alcohol බාවිතය නිසා අකාලයේ මිය ගිය ලෝකයේ ප්‍රසිද්දියට පත්වුණු සංගීත ශිල්පීන්ගේ එකතුවකට ...මේ club එක ගොඩක් ප්‍රසිද්දයි ...amy winehouse , brian jones , jimi henrix වගේ රසිකයන් පිස්සු වට්ටපු ගායක ගායිකාවෝ රාශියක් මේ club එකට අයිතිවෙනවා ....මේ වගේ club එකක් හදන්න හේතු උනේ මහා පුදුම විදියට සංගීත ශිල්පියෝ සෑහෙන්න ගණනක් අවුරුදු 27දීම අපෙන් සමුගත්ත එකයි ...මත්ද්‍රව්‍ය සහ alcohol නිසා සංගීතයෙන් ලෝකය ලස්සන කරන්න හිටපු ලස්සන මිනිස්සු ටිකක් අයාලයේ මිය ගියේ ඔන්න ඔය විදියට අංක 27 අපේ මතකයේ රඳවලා .
ලිපියේ මුල් කර්තෘ : චරිත් නුවන් පෙරේරා

Thursday, April 14, 2016

හිට්ලර්ගේ වර්ණ චායරූප

#හිට්ලර්ගේ_වර්ණ_චායාරූප

 හිට්ලර් යනු ජර්මනියේ සිටි ඒකාධිපති පාලකයෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. හිට්ලර් හිටපු කාලයේ (1940 ගණන්වල) වර්ණ චායාරූප ඉතාම අල්ප විය. මේ කාලේ ගොඩක්ම තිබ්බෙ කළු සුදු චායාරූප. Hugo Jaeger කියන්නේ හිට්ලර්ගේ පෞද්ගලික චායාරූප ශිල්පියා.. මොහු සෑමවිටම උත්සහ කලේ හිට්ලර් වෙනුවෙන් තිබෙන ජනතා කැමැත්ත චායාරූපයට නැගීමයි.. හිට්ලර්ද හැකි සෑම විටම ඔහුගේ පෞද්ගලික චායාරූප ශිල්පියාගේ උවමනාවන් සොයා බැලු බව පැවසේ..

 පහත දැක්වෙන්නේ Hugo Jaeger විසින් එකල චායාරූපයට නගන ලද දුබල වර්ණ චායාරූප කිහිපයකි..



උරගයින් ගැන වැරදි මත



 #හිකනලුන්
    ශ්‍රී ලංකාවේ පොලොං හීරලුවා නමින් හිකනලෙකු සිටින බවටත් ඔහුගේ විස පොලගාගේ විසට සමාන බවටත් මතයක් පවතියි. නමුත් හිකනලුන් කිසිවෙකු විස සහිත නොවේ.

#කටුස්සන්

   බෝදිලිමා යනු දරුවෙකු ප්‍රසූත කරන අවස්තාවේදී මියගිය ස්ත්‍රියගේ අවතාරයක් බව බොහෝ ගැමියන්ගේ මතයයි. යම්කිසි විටෙක බෝදිලිමා කෑ ගැසුවහොත් නිශ්චිතවම එම ප්‍රදේශයේ මරණයක් සිදුවන බවට විශ්වාසයක් පවතියි. එමෙන්ම යමෙක් බෝදිලිමා මරා දැමුවහොත් බෝදිලිමාගේ අවතාරය පැමින ඌ මැරූ පුද්ගලයාව මරා දමන බවටත් විශ්වාසයක් පවතියි. නමුත් මෙවැනි කතන්දර හුදෙක් ජනප්‍රවාදයන් පමනි. එනම් බෝදිලිමා යනු කිසිදු ශබ්දයක් පිට කල නොහැකි සත්වයෙකි.

#කනැල්ලන්

  මොවුන් රාත්‍රී කාලයට නිදා සිටින් මිනිසුන්ගේ කන තුලට රිංගන බවට විශ්වාස කෙරේ. මෙහි කිසිදු සත්‍යතාවක් නැත. මේ ජනප්‍රවාදයට හේතු වී ඇත්තේ නනැල්ලන් පොලොව යට ගුල් හාරා ජීවත් වන බැවිනි.
   


#දෙපත්_නයා

   දෙපත් නයාට හිස් දෙකක් ඇති බව විශ්වාස කෙරේ. දෙපත් නයා යන නමද භාවිතා වන්නේ එබැවිනි. මේ මතයට පදනම් වී ඇත්තේ උගේ වලිගය පෙදෙස හිස මෙන් පැතලි ස්වභාවයක් ඇති බැවිනි. සැබවින්ම මෙම සත්වයාට වෙනත් හිසක් නොමැත.

#මඩ_පණුවා

  මෙව් සතුන් ජීවිත කාලයෙන් මාස 6ක් ජලයේද තවත් මාස 6ක් ගොඩබිමේ ජීවත් වන බව විශ්වාස කෙරේ. මෙයට හේතුව මෙම සත්වයා කඩොලාන පරිසර ආශ්‍රිතව ජලයේ හා ගොඩබිමේ යන දෙකේම වෙසෙන සර්පයෙක් බැවිනි.

#පිඹුරා

 ගොදුරක් වෙලාගත් පිඹුරෙකු උගේ වලිගයේ ඇති කටුවකින් ගොදුරගේ හිසට ඇන මරණයට පත් කරන බවට විශ්වාස කෙරේ. නමුත් මෙහි කිසිදු සත්‍යතාවක් නැත. එනම් පිඹුරාගේ වලිගඒ තිබෙන කටු දෙක සර්පයින්ගේ පරිනාමීය ක්‍රියාවේදී කෂ්‍ය වී ගිය පාදවලට සම්බන්ද අස්ථි කොටස් දෙකකි. මෙයින් ඌ බොහෝ සේ ප්‍රයෝජන ගන්නා බවක් නොපෙනේ.

  

පාවහන්වත් නොමැතිව මැරතන් දිවීම

ඔලිම්පික්‌ උළෙලකදී රනින් ගෙල සරසා ගත් පළමු අප්‍රිකානුවා වුයේ ඉතියෝපියාවේ අබේබී බිකිලා ය. 1960 දී පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ සත්කාරක රට වුයේ ඉතාලියයි. එම උළෙල ඉතාලියේ රෝම නගරයේ උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය. ඔලිම්පික්‌ උළෙලක දුෂ්කරතම ඉසව්ව වන්නේ සැතපුම් විසිහයක්‌ සහ යාර තුන්සිය අසූපහක්‌ දිවයන මැරතන් ඉසව්වයි. මෙම ඉසව්ව වෙනුවෙන් තරඟ වැදීමට ලොව නන් දෙසින් තරඟකරුවන් රෝමයට පැමිණියේ ඉතා සුඛෝපභෝගී ක්‍රීඩා ආම්පන්න රැගෙනය. එහෙත් ඉතියෝපියාව නියෝජනය කරමින් පැම්ණි අබේබී බිකිලා සතුව පාවහන් යුවලක් හෝ නොතිබුණි.

කුඩා කල තම පියාගේ ගව පට්‌ටියේ නාඹර වස්‌සන් හා කටු අකුල්, ගල් තලා මතින් හා තම උපන් ගම්මානය වූ ජාටෝ හි [Jato] දූවිලි පිරුණු ග්‍රාමීය මාර්ග හරහා දිව ගොස්‌ ඇති ඔහුට සැතපුම් විසිහයක්‌ සහ යාර තුන්සිය අසූපහක්‌ රෝමයේ මග දිගේ තම මව් බිමේ අභිමානය වෙනුවෙන් ධාවනයේ යෙදීමේ අභියෝගය භාර ගැනීමට ඔහුට පාවහන් යුගලක වැදගත් කමක් නොදැනුනි. ඉතිහාසයේ පළමු වරට සියල්ලන් මවිත කරමින් ඔලිම්පික්‌ ධාවකයෙක්‌ පාවහන් නොමැතිව මැරතන් තරගයේ දිව යාම ආරම්භ විය. මැරතන් තරගය ආරම්භ වූයේ ඉතාලියේ මහා සිත්තරා හා ගෘහනිර්මාණ ශිල්පියා වන මයිකල් ආන්ජලෝ [Michel Angelo] විසින් නිර්මාණය කළ කොම්පිඩෝගිලෝ චතුරශ්‍රය [Campidoglio Squre] අසලිනි. අබේබී බිකිලා අප්‍රිකානු කඟවෙනෙකු සේ එකි නෙකා පරයමින් රෝමයේ වීදි දිගේ ඇදී යද්දී අප්‍රිකානු සිහිනය සැබෑ වෙමින් තිබුණි. ඔහු හා කරට කර තරඟයක් දීමට හැකි වූ එකම ක්‍රීඩකයාද පැමිණියේ අප්‍රිකානු කලාපයෙන් වීමද විශේෂයකි. මොරොක්‌කෝවේ රාදී බෙන් අබ්ඩෙස්‌සෙලාම් [Rhadi Ben Abdesselam] රිදී පදක්‌කම සමගින් තරගය අවසන් කළේය. අබේබී බිකිලා රෝම මැරතන් තරඟය පාවහන් නොමැතිව දිවයමින් වාර්තා පොතට එකතු වීමෙන් නොනැවතී එතෙක් පැවති මැරතන් ලෝක වාර්තාවද බිඳ දැමීය.

සුප්‍රසිද්ධ කොලොසියම් [Colosseum] ගොඩනැඟිල්ල අසලදී තම ඉසව්වේ සමාප්තිය සටහන් කළ බිකිලා ඓතිහාසික මැරතන් ගමන් මගට සුවිශේෂී අගයක්‌ එකතු කළ බව අබේබී බිකිලා ඉහළින් අගය කරමින් රෝම නගරාධිපතිවරයා පැවසුවේය. නිරුවත් දෙපයින් දිව ගොස්‌ මෙම සිහින් කළු මිනිසා කළ ඉතිහාස ගත වෙනස නිසාවෙන්, ලෝකයෙන් හුදකලාවී, තමන්ගේ ජීවිත දුගී භාවයෙන් වැළලී තිබූ ඉතියෝපියාවේ වැසියන්ට ජීවිතයේ පළමු වරට ප්‍රීතියෙන් උදම් වීමට කාරණයක්‌ ඇතිවිය. ඔහු තැබූ මැරතන් ඉතිහාසයේ දිගු පියවර මේ තාක් අප්‍රිකානු කලාපයෙන් කිසිවෙකුට උදුරා ගැනීමට නොහැකි වී ඇත.

සුන්දර ජෙරුසලමෙහි සංචාරයක්

කිතුනු බැතිමතුන්ට ශුධවු දිනයක් වන අද , සාමයේ කුමරා උපන් සුන්දර " ජේරැසලම" ගැන තොරතුරැ සොයා බලමු.
English- Jerusalem
Hebrew- Yerushalayim
Arabic- Al Quds
Aramic- Yerushelem

අවුරැදු 6000 කටත් වඩා පැරණි ශුධවූ නගරයක්. 19 වන සියවසේ පාරාවෝ රජ සමයේද මේ නගරය " රැෂාලිමම්" ලෙසද සදහන් වෙනවා.තමන්ගේම නගරයේ තමන්ගේම ආගමික සිද්ධස්ඵාන වන්දනා කිරීමට ජුදා ජාතිකයන්ට එකළ අවස්ඵාවක් නොතිබු යුගයක, මා කළින් සදහන් අසහාය රණකාමියා වූ මොෂේ දයාන් පෙරමුණ ගෙන ක්රියා කළ " සුප්රසිද්ධ දින 6" යුද්ධයෙන් පසු ජේරැසලම නැවත එක්සේසත් විය.
මෙය ලෝකයේ පියකරැ මෙන්ම ඉතාම පැරණි නගරයක් වේ , දැඩි සංචාරක ආකර්ශනයක් ඇති මේ නගරය, එවක තිබූ සංස්කෘතිය හා ගොඩනැගිලිද ආදරයෙන් ආරක්ෂා කර ගනිමින්, එම නගරයේ උදාරත්වය ලෝකයට පෙන්වයි.
මෙහි තිබෙන විශේෂත්වය නම් සුපරසිදු , "ජෙත්සමනිය", (ජේසුස් වහන්සේ කුරැසියේ දිවි පිදීමට පෙර යැදුම් කළ හා ගෝලයන් රාත්රිය ගත කළ තැන) "කල්වාරිය"( අද මහ සිකුරාදා සංකේතය- ගොල්ගොතාව , ජේසුස් වහන්සේ කුරැසියේ දිවි පිදූ ස්ඵානය)"සයෝන්" (දෙවියන්ගේ නගරය, ජේරැසලම හදුන්වන අනිත් නාමය,ඊශ්රායල් සංකේතය Zion  පර්වතය),ආදි ශුධවූ ස්ඵාන රැසකින් මෙය පිරී ඇත.




ආගම් තුනකටම කේන්ද්රස්ඵානය වූ මේ සුවිශේෂ නගරය තූළ ජුදා, ක්රිස්තියානි, අරාබි සිද්ධස්ඵාන එක පොකුරට පිහිටා ඇති බව කියයි.උස්බිමක පිහිටි යේරැසලම් නගරය ඈකට දුඹුරැ මිශ්ර කොළ පැහැයෙන් දිස්වේ, කාන්තාරයට ආසන්නව පිහිටා ඇති බැවින් ස්වාභාවික වියළි ගතියෙන් යුක්තයි. මුහුදක් හෝ ගංගාවක් ළගක නොපිහිටි නගරයක් ලෙසද ප්රසිද්ධය. ප්රසන්න දේශගුණයක් ඇති මෙහි වෙසෙන නාගරිකයෝ නිරෝගි ප්රසන්නය. හීබ්රෑ බසට පසු ඉංගිරිසිය ප්රධාන බසයි.ඉතා දියුණු නගරයකි, අලංකාර ගොඩනැගිලි, දියුණු මංමාවත් සහිත වුවද, එයින් පැරණි නගරයේ පෙනුමට මදක් වත් හානි වී නොමැත.එය හරියට, නව ලොව දියුණු නගරයක් තුළින් ක්රිස්තු පූර්ව යුගයේ පෞරාණික නගරයක් දිස්වීම මෙනි.
ජේරැසලෙම් සත්තු වත්ත ලෝකයේ ප්රධාන පෙළේ සත්තු වත්තකි,දැනගන්නට තියෙන ආකාරයට ශුධවු බයිබලයේ සදහන් සතුන් වර්ග 110 ක් පමණ සංචාරක අවධානයට යොමුකර තිබේලු.මේ නගරය එතරම් සුවිසල් නැත. මුළු ජනගහනය ලක්ෂ පහකට අඩුය.එයින් ලක්ෂ දෙකාමාරකට මදක් අඩුවෙන් ජුදා ජාතිකයින්ද,ඉතිරිය ක්රිස්තියානි , අරාබි සහ වෙනත් ජාතිකයින්ද වෙසේ.නගරයේ අරාබි කොටස් වෙනත් ඕනෑම අරාබි නගරයකට වෙනස් නොවේ."ග්රසෝ" නැමති පලතුරැ බීම හා එළවළු ආහාර විකුණන සාම්ප්රදායික වෙළදපල වල් පිහිටි මේ පැරණි නගරයේ( නවීන නගරය නොව) බොහෝ මාවත් පටුය, ඒවා වක ගැසී කදු පල්ලම් නගිමින් බසිමින් පැරණි ගොඩනැගිලි අතරින් ගමන් කරයි.
මෙහි වැසියන් බොහෝ දෙනෙක් එකිනෙකා අමතන්නෙ පුද්ගලික නමිනි,සමහර විට දේසපාලකයෙක් ගේ නම කියා ඔහුගේ රියැදුරැ ඔහු ඇමතී නම් එය පුදුමයට කරැණක් නොවේ. හීබ්රෑ වැසියන්ගේ මුවග නිතර රැදි වචනයකි" Shalom ", එහි තේරැම " සාමය වේවා!" යන අදහසකි. මෙහි නාගරිකයන් ඉතා සාමකාමිය.
( මාත් මේ සාමකාමි නගරයට සිතින් සංචාරය කරමින් ඔබට ලියුවෙමි)

අපි නැවත මදක් ජේරැසලම් ඉතිහාසයට පිවිසෙමු. ක්රිස්තු පූර්ව 1400 ට ප්රඵම ජේරැසලම ගැන වැදගත් කිසිවක් වාර්තා නොවේ. එකළ එය ඊජිප්තු පාරාවෝ රජවරැන් පාළනය කළ කුඩා කදුකර ගම්මානයකි.ක්රිස්තු පූර්ව 1000දි සුප්රකට ඩේවිඩ් රජ(බයිබලයේ සදහන්) , එනම් " ඊශ්රායලයේ රජු" , ජේරැසලම තම රාජධානිය කරගත්තේලු. හරියට අපේ රටේ කාශ්‍යප රජතුමා වගේ ඔහුත් තම මාළිගය හා රාජධානිය සියොන් පර්වතය ආශ්රිතව පිහිටෙව්ව බව ඉතිහාසය කියනවා.ඉන්පසු ජේරැසලම් ඉතිහාසයට ඈදි ඇති බොහෝ සිදුවීම් අතරින් , මහ ඇලෙක්සැන්ඩර් රජුගේ ආක්රමණය, රෝම විජිතයක් වීම, හෙරොද්ගේ පාලනය, ක්රිස්තුස් වහන්සේගේ මරණය, ආදිය වේ. ඉතිහාස කතා වල සදහන් පරිදි ,ක්රිස්තු වර්ෂ 70 දි ටයිටස් අධිරාජයා ජේරැසලම රෝමයෙන් නිදහස් කරගෙන එය ගිනි තබා විනාශ කළේලු. 
මෙසේ විවිධ හැලහැප්පීම් වලට බදුන් වූ මේ රාජ්‍යයයයට අසලවැසි අරාබි රටවල් එල්ලවූ සතුරැ ආක්රමණ වලට අප්රතිහත ධෛර්යයෙන් මුහුණ දුන් රණකාමි යුදෙව්වන් ඊට සාර්ඵකව මුහුණ දී අද එය ලෝකයේ නම රැන්දු රටක් බවට පත්කර ගත්තෝය. අද ඔවුන්ගේ හමුදා , ඔත්තු සේවා අතිවිශිෂ්ඪය.
ජේරැසලම ජාත්‍යන්තර නගරයක් වූවත් නිසල නගරයකි, පැරණි නගරය රාත්රියේ නිසංසල නිද්රාවකට පත්වෙනවා සේ හැගේ.එසේම ඔවුන්ගේ හෝටල් සම්ප්රදායද අරැමයි. නවීන ඊශ්රායලයේ දැන් දැන් අඩුවී ගෙන යන නමුත් ජුදෙව්වන් මේ නීති රීති පිළිපදින්නට දැඩිව උත්සහ දරයි. යුදෙව්වන්ට ඔවුනගේ ආහාර රටා , ගත නොගත යුතු ආහාර සදහා නීති පද්ධතියක් අඩංගු ග්රන්ඵයකි" කෂ්රත්" (Kashrut),එහි , " කෂර්" (Kosher food- food that may be consumed according to "Halakha- ජුදා නීතිය" , if I say in simple way," fit for consumption ") ආහාර යනුවෙන් වර්ග කර ඇත.(Kosher food/Kosher animals) , හලාකාවට අනුව මේවා සුදුසු නැත. ලෝකයේ ඇති මිළ අධිකම හෝටල් පිහිටි මේ රටේ මේ සම්ප්රදායන් රකින බවද, ඔවුන්ගේ අපූරැ සිරිතකි, මස් සමග එකවිට කිරි ආහාර ලබාදෙන්නේ නැත.උදා: අපි හිතමු, මස් අඩංගු ආහාර වේලකට පසු Ice cream , ඇනවුම් කළ නොහැක., ඒ සදහා වෙනම කොටසක්( මාංශ ආහාර) ඇත.
එසේම සාම්ප්රදායික යුදා කාන්තාවන් ඉතා ශිෂ්ඪ සම්පන්න ඇදුම් අදිති, විශේෂයෙන් දේවස්ඵාන සදහා ඔවුන් අරැමෝසම් අදින්නේම නැති තරම්.සමහර යුදා දේවස්ඵාන අසළ මෙවැනි දැන්වීම් ඇත" කරැණාකර ශිෂ්ඪ ඇදුම් අදින්න!".
මේ ජාත්‍යන්තර සමහර හුදෙකලා ජනකොටස් වලට තවමත් මේ සහස්රවර්ෂය(millennium) උදාවී නොමැත.ජීවිත ඉතා ගැමිය, සරලය. ඔවුන් නවලොව සමග මුසුවන්නේ නැත.හරියට අපේ හද්දා පිටිසර වගේ ඔවුන්ද ඔවුනගේ ඉපැරණි සාම්ප්රදායික ජන ජීවිතය රැකගෙන ජීවත් වෙති.මෙය ඔබට ලියන්නට,මා,මේ අපූරැ වූත්,සුන්දර වූත්, නිසංසල වූත් පෞරාණික නගරයට මොහොතකට මනසින් ගියෙමි. දැන් නිමාවයි😊ඔබත් කැමතිනම් රසවිදින්න.


මෙම ලිපියේ මුල් කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා

Wednesday, April 13, 2016

හචිකෝ

හචිකෝ


සෑම වසරකම අප්‍රේල් මස අට වන දින ජපානයේ ටෝකියෝ නුවර ශිබූයා දුම්රිය ස්ථානය අසල සන්සුන් වූත් ගරු ගාම්භීර වූත් උත්සවයක් පැවැත්වෙයි. ජපානයේ සහ ලොව පුරා වෙසෙන සුනඛයන්ට ආදරය කරන පිරිස් එදිනට මෙම උත්සවයට සහභාගි වන අතර ඔවුන් මෙහි රැස් වී තම ස්වාමියා
ට දැක් වූ අසීමිත හිතවත්කමින් මුළු ලොවම විශ්මයට පත් කල හචිකෝ නම් වූ සුනඛයාගේ ගුණ සමරනු ලබයි.

හචිකෝ යනු ජපානයේ උතුරු කදුකර ආශ්‍රිතව වෙසෙන "අකිතා" වර්ගයේ සුනඛයෙකි.පැහැයෙන් රන්වන් දුඹුරු පැහැයක් ගත් හචිකෝ උපත ලැබූවේ 1923 වසරේ නොවැම්බර් මස 10 වන දින ඕඩාතේ ප්‍රදේශයේ ගොවිපලකදීය.හචිකෝට වයස මාස දෙකක් වන විට ටෝකියෝ සරසවියේ කෘෂිකර්මය පිලිබද මහාචාර්‍යවරයෙක් වන හිඩේසබුරෝ උඑනෝගේ සුරතලා බවට ඔහු පත් වුනා.ඒ අනූව හචිකෝ මහාචාර්‍යවරයා සමග මහාචාර්‍යවරයා ජීවත් වූ ටෝකියෝ නුවර ශිබූයා ප්‍රාන්තයට පැමිණීයා.
මහාචාර්‍යවරයා සහ හචිකෝ අතර මහත් වූ බැදීමක් පැවතුනි.මහාචාර්‍යවරයා සේවයට යාම සදහා භාවිතා කලේ දුම්රියයි.සෑම දිනකම උදෑසන මහාචාර්‍යවරයා සේවයට පිටත් වන විට තම ස්වාමියාව ඇරලවීමට හචිකෝ ශිබූයා දුම්රිය ස්ථානයට ඔහුත් සමග ගිය අතර නැවතත් සවස මහාචාර්‍යවරයා සේවය නිම වී පැමිණෙන වෙලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ ඔහු පැමිණෙන තුරු බලා සිටීමට හචිකෝ පුරුදුව සිටියා.

මහාචාර්‍යවරයාගේ අසල්වාසීන් සහ අනෙක් දුම්රිය මගීන් විශ්මයට පත් කල මොවුන් දෙදෙනාගේ මේ අපූරු දින චර්යාව 1925 වසරේ මැයි මස 21 වන දින බිදී ගියා.එදින සේවය සදහා පිටත් වූ මහාචාර්‍යවරයා යලිත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානයට පැමිණියේ නෑ.ඔහු හෘදයාබාදයක් හේතුවෙන් සරසවියේදීම මෙලොව හැර ගොස් තිබුණා.

මේ වන විට හචිකෝගේ වයස මාස දහ අටක් වූ අතර තම ස්වාමියා හෘදයාබාදයක් හේතුවෙන් මියගිය බව හචිකෝ දැන සිටියේ නෑ.හචිකෝ වෙනදා මෙන් එදිනත් තම ස්වාමියා එනතෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි අතර පසුදිනත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ බලා සිටියා.මේ ආකාරයට නොකඩවා වසර නමයක් හචිකෝ දිනපතා සුපුරුදු වේලාවටම ශිබූයා දුම්රිය ස්ථානය අසලට පැමින තම ආදරණීය ස්වාමියා බලාපොරොත්තුවෙන් බලා සිටියා. අව්ව,වැස්ස,හිම ආදී කිසිවකට හචිකෝව නවතාලීමට හැකි වුනේ නෑ.

මහාචාර්‍ය වරයා සහ හචිකෝ පිලිබදව කලින් දැන සිටි මගීන් හචිකෝට අනුකම්පා කල නමුත් සමහර අවස්ථා වලදී දුම්රිය ස්ථානයේ සේවකයන් ගෙන් හචිකෝට හිරිහැර වුනු අවස්ථාත් නොතිබුනා නොවේ. 1932 වසරේ ඔක්තෝම්බර් මස 4 වන දින හචිකෝ පිලිබදව පුවත්පතක පල වූ ප්‍රථම ලිපිය පල වුනා.එතැන් පටන් හචිකෝ ජපානය පුරා ප්‍රසිද්ධ වුනා.හචිකෝගේ තම ස්වාමියාට ඇති ලැදි කම ජපානයේ මිනිසුන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූ අතර පාසල් වල ළමුන්ට පවා තම ස්වාමියාට අති මහත් ලැදිකමක් දක්වන හචිකෝ පිලිබදව ඉගැන්වූවා.
වසර නමයක් පුරා දිනපතා එකම වේලාවට ශිබූයා දුම්රිය ස්ථානයට පැමිනි හචිකෝ 1935 මාර්තු 8 වෙනිදා දුම්රිය ස්ථානයට පැමිණියේ නෑ.පසුව විපරම් කර බලන විට හචිකෝගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ශිබූයාහි මාවතක තිබූ සොයා ගැනුනා.වසර නමයක් පුරා තම ස්වාමියා එන තෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි හචිකෝ අවසානයේ මෙලොවින් සමුගෙන තිබුනා.
හචිකෝ මෙලොවින් සමුගත්තත් හචිකෝ පිලිබද මතකය මිනිසුන්ගේ සිත් වලින් මැකී ගියේ නෑ.මරණින් පසු පුවත්පත් ගණනාවක පල වූ ලිපි වලින් යෝජනා කර තිබුනේ හචිකෝ සිහි වීම සදහා දුම්රිය ස්ථානය අසල හචිකෝගේ පිළිරුවක් තැනිය යුතු බවයි.ඒ අනූව හචිකෝගේ ලෝකඩ පිළිරුවක් ශිබූයා දුම්රිය ස්ථානය අසල පිහිට වූවත් දෙවණ ලෝක යුධ සමයේ එය විනාශ වී ගියා.පසුව නැවතත් 1948 වසරේදී මුල් ප්‍රථිමාව නිර්මාණය කල කලාකරුවාගේ පුත් අන්දෝ ටකෙෂි විසින් හචිකෝගේ ලෝකඩ පිළිරුවක් එම ස්ථානයේම නිර්මාණය කලා.
පසුව කලෙක හචිකෝ ඇසුරින් Hachiko: A Dog's Story නමින් චිත්‍රපටයක් පවා නිර්මාණය වුනා 
ඔබ අදටත් ශිබූයා දුම් රිය ස්ථානයට ගියහොත් යලි කිසිදා නොපැමිණෙන තම ස්වාමියා එනතෙක් බලා සිටින හචිකෝගේ ලෝකඩ පිලිරුව ඔබට දැකගත හැකි වේවි.

රේඩාර් තුවක්කුව වැඩ කරන්නේ මෙහෙමයි

#රේඩාර්_තුවක්කුව_වැඩ_කරන්නේ_මෙහෙමයි

වේගය ඔබට විපත් ගෙනෙයි. විශේෂයෙන්, පොලිස් මහතෙක් ඔබ රිය පැදවූ අධික වේගය අනාවරණය කරගත් විට ඔබට මහත් අන්තරාවක් සිදුවේ. පොලිස්මහතුන් සතු රේඩාර් තුවක්කුව මගින් වාහනයේ වේගය අනාවරණය කරගැනේ. තුවක්කුව මගින් නිශ්චිත සංඛ්‍යාතයකින් යුත් ක්ෂුද්‍ර‍තරංග නිකුත් කරනු ලැබේ. ගමන් කරන වාහනයක එම තරංග ගැටුණු විට ඒවා පරාවර්තනය වන්නේ සංඛ්‍යාතයේ සුළු වෙනසක් සහිතවයි. මෙය ඩොප්ලර් ආචරණය ලෙස හැදින්වේ. උපකරණය මගින් නිකුත් කරන ලද සංඛ්‍යාතය සහ පරාවර්තිත සංඛ්‍යාතය අතර වෙනස උපයෝගි කරගෙන වාහනයේ වේගය ගණනය කරනු ලබයි.


Speed gets you in trouble.Specially when policemen detect the speed you were driving.They use a handheld radar gun to detect the speed of the vehicle.The gun sends out microwaves at a particular frequency. When these waves hit a moving vehicle, they get reflected with a slight shift in frequency. This is known as the Doppler effect. The device uses the difference between the emitted frequency and the reflected frequency and determines the speed of the vehicle.

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...